අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.2.5.7.

48. තීහි භික්ඛවේ අංගේහි සමන්නාගතෝ රඤ්ඤෝ භද්‍රෝ අස්සාජානීයෝ රාජාරහෝ හෝති රාජභොග්ගෝ රඤ්ඤෝ අංගන්තේව සංඛයං ගච්ඡති.

48. පින්වත් මහණෙනි, ගුණාංග තුනකින් යුතු රාජකීය වූ යහපත් ආජානීය අශ්වයා රජුට සුදුසු වෙනවා. රජුගේ පරිහරණයට සුදුසු වෙනවා. රජුගේ රාජාංගයක් හැටියට සම්මත වෙනවා.

කතමේහි තීහි?

කවර ගුණාංග තුනක්ද?

ඉධ භික්ඛවේ රඤ්ඤෝ භද්‍රෝ අස්සාජානීයෝ වණ්ණසම්පන්නෝ ච හෝති බලසම්පන්නෝ ච ජවසම්පන්නෝ ච. ඉමේහි ඛෝ භික්ඛවේ තීහි අංගේහි සමන්නාගතෝ රඤ්ඤෝ භද්‍රෝ අස්සාජානීයෝ රාජාරහෝ හෝති රාජභොග්ගෝ රඤ්ඤෝ අංගන්තේව සංඛ්‍යං ගච්ඡති.

පින්වත් මහණෙනි, මෙහිලා රාජකීය වූ යහපත් ආජානීය අශ්වයා වර්ණසම්පත්තියෙන් යුක්තයි, බලසම්පන්නයි, ජවසම්පන්නයි. පින්වත් මහණෙනි, මේ ගුණාංග තුනෙන් යුක්ත වූ රාජකීය වූ යහපත් ආජානීය අශ්වයා රජුට සුදුසු වෙනවා. රජුගේ පරිහරණයට සුදුසු වෙනවා. රජුගේ රාජාංගයක් හැටියට සම්මත වෙනවා.

ඒවමේව ඛෝ භික්ඛවේ තීහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛු ආහුනෙය්‍යෝ හෝති …පෙ… අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස.

අන්න ඒ වගේ තමයි පින්වත් මහණෙනි, කාරණා තුනකින් සමන්විත භික්ෂුව ආහුනෙය්‍ය වෙනවා, ….(පෙ)…. ලොවට උතුම් පින්කෙත වෙනවා.

කතමේහි තීහි?

කවර කරුණු තුනකින්ද?

ඉධ භික්ඛවේ භික්ඛු වණ්ණසම්පන්නෝ ච හෝති බලසම්පන්නෝ ච ජවසම්පන්නෝ ච.

පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව වර්ණසම්පන්නයි, බලසම්පන්නයි, ජවසම්පන්නයි.

කථඤ්ච භික්ඛවේ භික්ඛු වණ්ණසම්පන්නෝ හෝති?

පින්වත් මහණෙනි, භික්ෂුව වර්ණ සම්පන්න වෙන්නේ කොයි ආකාරයෙන්ද?

ඉධ භික්ඛවේ භික්ඛු සීලවා හෝති …පෙ… සමාදාය සික්ඛති සික්ඛාපදේසු. ඒවං ඛෝ භික්ඛවේ භික්ඛු වණ්ණසම්පන්නෝ හෝති.

පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව සිල්වත් වෙනවා. ….(පෙ)…. ශික්ෂාපදවල සමාදන් වී හික්මෙනවා. පින්වත් මහණෙනි, මේ ආකාරයටයි භික්ෂුව වර්ණසම්පන්න වෙන්නේ.

කථඤ්ච භික්ඛවේ භික්ඛු බලසම්පන්නෝ හෝති?

පින්වත් මහණෙනි, කොයි විදිහටද භික්ෂුව බලසම්පන්න වෙන්නේ?

ඉධ භික්ඛවේ භික්ඛු ආරද්ධවිරියෝ විහරති …පෙ… ථාමවා දළ්හපරක්කමෝ අනික්ඛිත්තධුරෝ කුසලේසු ධම්මේසු. ඒවං ඛෝ භික්ඛවේ භික්ඛු බලසම්පන්නෝ හෝති.

පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව අකුසල් ප්‍රහාණය කිරීම පිණිස, කුසල් දහම් උපදවා ගැනීම පිණිස පටන්ගත් වීරියෙන් යුතුව, දැඩි ස්ථාවරයෙන් යුතුව, දැඩි වීරියෙන් යුතුව, කුසල්දහම් වඩා ගැනීමේ වැඩපිළිවෙල අත්නොහැර වාසය කරනවා. පින්වත් මහණෙනි, මේ ආකාරයටයි භික්ෂුව බලසම්පන්න වෙන්නේ.

කථඤ්ච භික්ඛවේ භික්ඛු ජවසම්පන්නෝ හෝතිඃ ඉධ භික්ඛවේ භික්ඛු ආසවානං ඛයා …පෙ… සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. ඒවං ඛෝ භික්ඛවේ භික්ඛු ජවසම්පන්නෝ හෝති. ඉමේහි ඛෝ භික්ඛවේ තීහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛු ආහුනෙය්‍යෝ හෝති ….පෙ…. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති.

පින්වත් මහණෙනි, කොයි විදිහටද භික්ෂුව ජවසම්පන්න වෙන්නේ? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් අනාශ්‍රව වූ චේතෝ විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම තමා විසින්ම විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කොට, එයට පැමිණ වාසය කරනවා. පින්වත් මහණෙනි, මේ ආකාරයටයි භික්ෂුව ජවසම්පන්න වෙන්නේ.

පින්වත් මහණෙනි, මේ කාරණා තුනෙන් සමන්විත භික්ෂුව ආහුනෙය්‍යයි. ….(පෙ)…. ලොවට උතුම් පින්කෙත වෙනවා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-5-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M