අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.2.5.3.

44. සෙය්‍යථාපි භික්ඛවේ සරදසමයේ විද්ධේ විගතවලාහකේ දේවේ ආදිච්චෝ නභං අබ්භුස්සක්කමානෝ සබ්බං ආකාසගතං තමගතං අභිවිහච්ච භාසතේ ච තපතේ ච විරෝචති ච.

44. පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. සරත් ඍතුවේ, වළාවන්ගෙන් තොර වූ අහසේ හිරු නැග එද්දී, ආකාශගත වූ සකල ඝනාන්ධකාරයම දුරුවෙලා බබලන්න ගන්නවා. රැස් විහිදුවනවා. දීප්තිමත් වෙනවා.

ඒවමේව ඛෝ භික්ඛවේ යතෝ අරියසාවකස්ස විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි. සහදස්සනුප්පාදා භික්ඛවේ අරියසාවකස්ස තීණි සංයෝජනානි පහීයන්ති, සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසෝ.

අන්න ඒ වගේම තමයි පින්වත් මහණෙනි, යම් කලෙක ආර්ය ශ්‍රාවකයා හට කෙලෙස් රජස් රහිත වූ, අවිද්‍යා මල රහිත වූ දහම් ඇස පහළ වෙනවාද, පින්වත් මහණෙනි, ඒ චතුරාර්ය සත්‍යය අවබෝධය සත්‍යය ඤාණ වශයෙන් ඇතිවීමත් සමඟම ආර්ය ශ්‍රාවකයා හට සංයෝජන තුනක් ප්‍රහාණය වෙලා යනවා. සක්කාය දිට්ඨියත්, විචිකිච්ඡාවත්, සීලබ්බත පරාමාසයත්.

අථාපරං ද්වීහි ධම්මේහි නිය්‍යාති අභිජ්ඣාය ච බ්‍යාපාදේන ච. සෝ විවිච්චේව කාමේහි …පෙ… පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. තස්මිං භික්ඛවේ සමයේ අරියසාවකෝ කාලං කරෙය්‍ය, නත්ථි තං සංයෝජනං, යේන සංයෝජනේන සංයුත්තෝ අරියසාවකෝ පුන ඉමං ලෝකං ආගච්ඡෙය්‍යාති.

ඉන්පසු ඔහු අභිධ්‍යාවත්, ව්‍යාපාදයත් යන මේ අනෙක් කාරණා දෙකෙනුත් ඉවත් වෙනවා. ඔහු කාමයන්ගෙන් වෙන්වෙලා ….(පෙ)…. පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන එයට පැමිණ වාසය කරනවා. පින්වත් මහණෙනි, ඒ ආර්ය ශ්‍රාවකයා ඒ කාලයේදී කළුරිය කළොත්, යම් සංයෝජනයකින් යුක්ත වූ ආර්ය ශ්‍රාවකයා නැවතත් මේ ලෝකයට පැමිණෙනවාද, ඒ ආකාරයේ සංයෝජනයක් ඔහුට හිටින්නේ නෑ.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-5-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M