අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.2.5.2.

43. තීණිමානි භික්ඛවේ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා පවිවේකානි පඤ්ඤාපෙන්ති.

43. පින්වත් මහණෙනි, අන්‍යාගමික පිරිවැජියන් මේ හුදෙකලා විවේක තුන පණවනවා.

කතමානි තීණි ?

ඒ කවර තුනක්ද?

චීවරපවිවේකං පිණ්ඩපාතපවිවේකං සේනාසනපවිවේකං.

චීවර විවේකය, පිණ්ඩපාත විවේකය හා සේනාසන විවේකයයි.

තත්‍රිදං භික්ඛවේ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා චීවරපවිවේකස්මිං පඤ්ඤාපෙන්තිඃ සාණානිපි ධාරෙන්ති, මසාණානිපි ධාරෙන්ති, ඡවදුස්සානිපි ධාරෙන්ති, පංසුකූලානිපි ධාරෙන්ති, තිරීටකානිපි ධාරෙන්ති, අජිනානිපි ධාරෙන්ති, අජිනක්ඛිපම්පි ධාරෙන්ති, කුසචීරම්පි ධාරෙන්ති, වාකචීරම්පි ධාරෙන්ති, ඵලකචීරම්පි ධාරෙන්ති, කේසකම්බලම්පි ධාරෙන්ති, වාලකම්බලම්පි ධාරෙන්ති, උලූකපක්ඛිකම්පි ධාරෙන්ති. ඉදං ඛෝ භික්ඛවේ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා චීවරපවිවේකස්මිං පඤ්ඤාපෙන්ති.

පින්වත් මහණෙනි, අන්‍යාගමික පිරිවැජියන් මේ චීවර විවේකය පණවන්නේ මේ විදිහටයි. හණවැහැරිත් දරනවා. හණවැහැරි මිශ්‍ර වස්ත්‍රත් දරනවා. ඉවත් කළ කඩමලුත් දරනවා. මිනියෙන් බැහැර කළ රෙදිත් දරනවා. පොතුසුඹුළුවලින් කළ වස්ත්‍රත් දරනවා. අඳුන් දිවිසමත් දරනවා. මැදින් පැලූ අඳුන් දිවිසමත් දරනවා. කුසතණින් ගෙතූ වස්ත්‍රත් දරනවා. නියඳ වැහැරිත් දරනවා. එළුලොමින් කළ වස්ත්‍රත් දරනවා. මිනිස් කෙස්වලින් කළ වස්ත්‍රත් දරනවා. අස්ලොමින් කළ වස්ත්‍රත් දරනවා. බකමූණු පියාපතින් කළ වස්ත්‍රත් දරනවා. පින්වත් මහණෙනි, අන්‍යාගමික පිරිවැජියන් ‘චීවර විවේකය’ වශයෙන් පණවන්නේ මෙයයි.

තත්‍රිදං භික්ඛවේ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා පිණ්ඩපාතපවිවේකස්මිං පඤ්ඤාපෙන්තිඃ සාකභක්ඛාපි හොන්ති, සාමාකභක්ඛාපි හොන්ති, නීවාරභක්ඛාපි හොන්ති, දද්දුලභක්ඛාපි හොන්ති, හටභක්ඛාපි හොන්ති, කණභක්ඛාපි හොන්ති, ආචාමභක්ඛාපි හොන්ති, පිඤ්ඤාකභක්ඛාපි හොන්ති, තිණභක්ඛාපි හොන්ති, ගෝමයභක්ඛාපි හොන්ති, වනමූලඵලාහාරා යාපෙන්ති පවත්තඵලභෝජී. ඉදං ඛෝ භික්ඛවේ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා පිණ්ඩපාතපවිවේකස්මිං පඤ්ඤාපෙන්ති.

පින්වත් මහණෙනි, අන්‍යාගමික පිරිවැජියන් මේ පිණ්ඩපාත විවේකය පණවන්නේ මේ විදිහටයි. කොළ වර්ගත් අමුවෙන් අනුභව කරනවා. ගස් බොඩත් අනුභව කරනවා. හූරු වැල් වීත් අනුභව කරනවා. සම් තැම්බූ කහට වතුරත් අනුභව කරනවා. ලහටු දියසෙවලත් අනුභව කරනවා. සහල් කුඩුත් අනුභව කරනවා. දන්කුඩත් අනුභව කරනවා. මුරුවටත් අනුභව කරනවා. තණකොළත් අනුභව කරනවා. ගොමත් අනුභව කරනවා. වනමුල් ගෙඩිත් අනුභව කරනවා. ගස්වලින් වැටුණු ගෙඩි පමණකුත් අනුභව කරනවා. පින්වත් මහණෙනි, අන්‍යාගමික පිරිවැජියන් ‘පිණ්ඩපාත විවේකය’ වශයෙන් පණවන්නේ මෙයයි.

තත්‍රිදං භික්ඛවේ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා සේනාසනපවිවේකස්මිං පඤ්ඤාපෙන්තිඃ අරඤ්ඤං, රුක්ඛමූලං. සුසානං, වනපත්ථං, අබ්භෝකාසං, පලාලපුඤ්ජං, භුසාගාරං. ඉදං ඛෝ භික්ඛවේ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා සේනාසනපවිවේකස්මිං පඤ්ඤාපෙන්ති. ඉමානි ඛෝ භික්ඛවේ තීණි අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා පවිවේකානි පඤ්ඤාපෙන්ති.

පින්වත් මහණෙනි, අන්‍යාගමික පිරිවැජියන් මේ සේනාසන විවේකය පණවන්නේ මේ විදිහටයි. අරණ්‍යය, රුක් සෙවන, සොහොන, මහා වනය, එළිමහන, පිදුරු ගෙවල්, පැල්පත යන මේවායි. පින්වත් මහණෙනි,

අන්‍යාගමික පිරිවැජියන් ‘සේනාසන විවේකය’ වශයෙන් පණවන්නේ මෙයයි. පින්වත් මහණෙනි, අන්‍යාගමික පිරිවැජියන් පණවන්නේ ඔය විවේක තුනයි.

තීණි ඛෝ පනිමානි භික්ඛවේ ඉමස්මිං ධම්මවිනයේ භික්ඛුනෝ පවිවේකානි.

පින්වත් මහණෙනි, මේ ධර්ම විනයේ (ශාසනයේ) භික්ෂුවට හුදෙකලා විවෙක තුනක් තියෙනවා.

කතමානි තීණි?

ඒ තුන මොනවාද?

ඉධ භික්ඛවේ භික්ඛු සීලවා ච හෝති. දුස්සීල්‍යඤ්චස්ස පහීනං හෝති, තේන ච විවිත්තෝ හෝති. සම්මාදිට්ඨිකෝ හෝති, මිච්ඡාදිට්ඨි චස්ස පහීනා හෝති, තාය ච විවිත්තෝ හෝති. ඛීණාසවෝ ච හෝති, ආසවා චස්ස පහීනා හොන්ති, තේහි ච විවිත්තෝ හෝති.

පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව සිල්වත් වෙනවා. එතකොට ඔහුගේ දුස්සීලබව ප්‍රහාණය වෙලා යනවා. ඒ හේතුවෙන් හුදෙකලා විවේකයෙන් යුක්තයි. සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. එතකොට ඔහුගේ මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය වෙලා යනවා. ඒ හේතුවෙනුත් හුදෙකලා විවේකයෙන් යුතු වෙනවා. ක්ෂීණාශ්‍රවයන් වහන්සේ නමක් වෙනවා. එතකොට ඔහුගේ ආශ්‍රවයන් ප්‍රහාණය වෙලා යනවා. ඒ හේතුවෙනුත් හුදෙකලා විවේකයෙන් යුක්තයි.

යතෝ ඛෝ භික්ඛවේ භික්ඛු සීලවා හෝති, දුස්සීල්‍යඤ්චස්ස පහීනං හෝති, තේන ච විවිත්තෝ හෝති. සම්මාදිට්ඨිකෝ හෝති, මිච්ඡාදිට්ඨි චස්ස පහීනා හෝති, තාය ච විවිත්තෝ හෝති. ඛීණාසවෝ ච හෝති, ආසවා චස්ස පහීනා හොන්ති, තේහි ච විවිත්තෝ හෝති. අයං වුච්චති භික්ඛවේ භික්ඛු අග්ගප්පත්තෝ සාරප්පත්තෝ සුද්ධෝ සාරේ පතිට්ඨිතෝ.

පින්වත් මහණෙනි, යම් කලෙක භික්ෂුව සිල්වත් වෙනවාද, ඔහුගේ දුස්සීලබව ප්‍රහාණය වෙලා යනවාද, ඒ හේතුවෙන් හුදෙකලා විවේකයෙන් යුක්ත වෙනවාද, ඒ වගේම සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවාද, ඔහුගේ මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය වෙලා යනවාද, ඒ හේතුවෙනුත් හුදෙකලා විවේකයෙන් යුක්ත වෙනවාද, ඒ වගේම ක්ෂීණාශ්‍රවයන් වහන්සේ නමක් වෙනවාද, ඔහුගේ ආශ්‍රවයන් ප්‍රහාණය වෙලා යනවාද, ඒ හේතුවෙනුත් හුදෙකලා විවේකයෙන් යුක්ත වෙනවාද, පින්වත් මහණෙනි, ත්‍රිවිධ විවේකයෙහි අග්‍රප්‍රාප්ත වුනා කියල කියන්නෙත්, සාරවත් බවට පත්වුනා කියන්නෙත්, පිරිසිදුව සාරයෙහි පිහිටියා කියන්නෙත් මෙන්න මේ භික්ෂුවටයි.

සෙය්‍යථාපි භික්ඛවේ කස්සකස්ස ගහපතිස්ස සම්පන්නං සාලික්ඛෙත්තං, තමේනං කස්සකෝ ගහපති සීඝ සීඝං වාපාපෙය්‍ය. සීඝ සීඝං වාපාපෙත්වා සීඝ සීඝං සංඝරාපෙය්‍ය. සීඝ සීඝං සංඝරපෙත්වා සීඝ සීඝං උබ්බහාපෙය්‍ය. සීඝ සීඝං උබ්බහාපෙත්වා සීඝ සීඝං පුඤ්ජං කාරාපෙය්‍ය. සීඝ සීඝං පුඤ්ජං කාරාපෙත්වා සීඝ සීඝං මද්දාපෙය්‍ය. සීඝ සීඝං මද්දාපෙත්වා සීඝ සීඝං පලාලානි උද්ධරාපෙය්‍ය. සීඝ සීඝං පලාලානි උද්ධරාපෙත්වා සීඝ සීඝං භුසිකං උද්ධරාපෙය්‍ය. සීඝ සීඝං භුසිකං උද්ධරාපෙත්වා සීඝ සීඝං ඕපුනාපෙය්‍ය. සීඝ සීඝං ඕපුනාපෙත්වා සීඝ සීඝං අතිහරාපෙය්‍ය. සීඝ සීඝං අතිහරාපෙත්වා සීඝ සීඝං කොට්ටාපෙය්‍ය. සීඝ සීඝං කොට්ටාපෙත්වා සීඝ සීඝං ථුසානි උද්ධරාපෙය්‍ය. ඒවමස්සු තානි භික්ඛවේ කස්සකස්ස ගහපතිස්ස තානි ධඤ්ඤානි අග්ගප්පත්තානි සාරප්පත්තානි සුද්ධානි සාරේ පතිට්ඨිතානි.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. ගොවිතැන් කරන ගෘහපතියෙකුට හොඳ හැල් කෙතක් තියෙනවා. ගොවිතැන් කරන ගෘහපතියා ඒ කෙත ලහිලහියේ වපුරවනවා නම්, ලහිලහියේ වපුරවලා, ලහිලහියේ ගොයම කපලා, එකතු කරවනවා නම්, ලහිලහියේ එකතු කරවලා, ලහිලහියේ කමතට රැස් කරවනවා නම්, ලහිලහියේ කමතට ගොඩගස්සවලා, ලහිලහියේ කොළ බන්ඳවනවා නම්, ලහිලහියේ කොළ බන්ඳවලා, ලහිලහියේ ගොයම පාගවනවා නම්, ලහිලහියේ ගොයම පාගවලා, ලහිලහියේ පිදුරු අස් කරවනවා නම්, ලහි ලහියේ පිදුරු අස්කරවලා, ලහිලහියේ බොල් පොළවනවා නම්, ලහිලහියේ බොල් පොළවලා, ලහිලහියේ හුළං කරනවා නම්, ලහිලහියේ හුළං කරවලා, ලහිලහියේ අටුවට යවනවා නම්, ලහිලහියේ අටුවට යවලා, ලහිලහියේ කොටවනවා නම්, ලහිලහියේ කොටවලා, ලහිලහියේ දහයියා ඉවත් කරවනවා නම්, පින්වත් මහණෙනි, එතකොට මේ අයුරින් ඒ ගොවිතැන් කරන ගෘහපතියාගේ ධාන්‍යය ඇල් සහලින් අගතැන්පත් වෙනවා. සාරවත් බවට පත්වෙනවා. ශුද්ධ බවට පත්වෙනවා. සාරයේ පිහිටියා වෙනවා.

ඒවමේව ඛෝ භික්ඛවේ භික්ඛු සීලවා ච හෝති, දුස්සීල්‍යඤ්චස්ස පහීනං හෝති, තේන ච විවිත්තෝ හෝති. සම්මාදිට්ඨිකෝ ච හෝති, මිච්ඡාදිට්ඨි චස්ස පහීනා හෝති, තාය ච විවිත්තෝ හෝති. ඛීණාසවෝ ච හෝති, ආසවා චස්ස පහීනා හොන්ති, තේහි ච විවිත්තෝ හෝති. අයං වුච්චති භික්ඛවේ භික්ඛු අග්ගප්පත්තෝ සාරප්පත්තෝ සුද්ධෝ සාරේ පතිට්ඨිතෝති.

අන්න ඒ වගේම තමයි පින්වත් මහණෙනි, භික්ෂුව සිල්වත් වෙනවාද, ඔහුගේ දුස්සීලබව ප්‍රහාණය වෙලා යනවාද, ඒ හේතුවෙන් හුදෙකලා විවේකයෙන් යුක්ත වෙනවාද, ඒ වගේම සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවාද, ඔහුගේ මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය වෙලා යනවාද, ඒ හේතුවෙනුත් හුදෙකලා විවේකයෙන් යුක්ත වෙනවාද, ඒ වගේම ක්ෂීණාශ්‍රවයන් වහන්සේ නමක් වෙනවාද, ඔහුගේ ආශ්‍රවයන් ප්‍රහාණය වෙලා යනවාද, ඒ හේතුවෙනුත් හුදෙකලා විවේකයෙන් යුක්ත වෙනවාද, පින්වත් මහණෙනි, ත්‍රිවිධ විවේකයෙහි අග්‍රප්‍රාප්ත වුනා කියල කියන්නෙත්, සාරවත් බවට පත්වුනා කියන්නෙත්, පිරිසිදුව සාරයෙහි පිහිටියා කියන්නෙත් මෙන්න මේ භික්ෂුවටයි.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-5-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M