අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.2.5.1.

42. සාවත්ථි නිදානං…..

42. සැවැත් නුවරදී…..

තීණිමානි භික්ඛවේ කස්සකස්ස ගහපතිස්ස අච්චායිකානි කරණීයානි.

පින්වත් මහණෙනි, ගොවිතැන් කරන ගෘහපතියෙකුට අත්‍යවශ්‍යම කටයුතු තුනක් තියෙනවා.

කතමානි තීණි?

ඒ කවර තුනක්ද?

ඉධ භික්ඛවේ කස්සකෝ ගහපති සීඝ සීඝං ඛෙත්තං සුකට්ඨං කරෝති සුමතිකතං. සීඝ සීඝං ඛෙත්තං සුකට්ඨං කරිත්වා සුමතිකතං සීඝ සීඝං බීජානි පතිට්ඨාපේති. සීඝ සීඝං බීජානි පතිට්ඨාපෙත්වා සීඝ සීඝං උදකං අභිනේතිපි අපනේතිපි. ඉමානි ඛෝ, භික්ඛවේ තීණි කස්සකස්ස ගහපතිස්ස අච්චායිකානි කරණීයානි.

පින්වත් මහණෙනි, මෙහිලා ගොවිතැන් කරන ගෘහපතියා ලහිලහියේ කුඹුර හොඳට සීසානවා. හොඳට පෝරුගා මට්ටම් කරනවා. ලහිලහියේ කුඹුර හොඳට සීසාලා, හොඳට පෝරුගා මට්ටම් කරලා ලහිලහියේ බීජ වපුරනවා. ලහිලහියේ බීජ වපුරලා, ලහිලහියේ වතුර බැඳීමත්, පිටමං කිරීමත් කරනවා. පින්වත් මහණෙනි, මේ තමයි ගොවිතැන් කරන ගෘහපතියෙකුට අත්‍යවශ්‍යයෙන්ම කරන්න තියෙන කටයුතු තුන.

තස්ස ඛෝ තං භික්ඛවේ කස්සකස්ස ගහපතිස්ස නත්ථි සා ඉද්ධි වා ආනුභාවෝ වා, අජ්ජේව මේ ධඤ්ඤානි ජායන්තු ස්වේව ගබ්භීනි හොන්තු උත්තරස්වේව පච්චන්තූති. අථ ඛෝ භික්ඛවේ හෝති සෝ සමයෝ යං තස්ස කස්සකස්ස ගහපතිස්ස තානි ධඤ්ඤානි උතුපරිණාමීනි ජායන්තිපි ගබ්භීනිපි හොන්ති පච්චන්තිපි.

පින්වත් මහණෙනි, ඒ ගොවිතැන් කරන ගෘහපතියාට, ‘අදම මගේ ධාන්‍ය වැඩේවා! හෙටම බණ්ඩි හැදී කිරි වැදේවා! අනිද්දාම පැසේවා!’ කියා මෙවැනි වූ ඉර්ධියක්වත්, ආනුභාවයක්වත් නෑ. නමුත් පින්වත් මහණෙනි, යම් හෙයකින් ඒ ගොවිතැන් කරන ගෘහපතියා විසින් වපුරන ලද, ඍතු පරිණාමයට අනුව සකස් වෙන ඒ ධාන්‍ය වැඩෙනවා නම්, බණ්ඩි හැදී කිරිවැදෙනවා නම්, පැසෙනවා නම්, එබඳු කාලයක් එනවා.

ඒවමේව ඛෝ භික්ඛවේ තීණිමානි භික්ඛුස්ස අච්චායිකානි කරණීයානි.

අන්න ඒ වගේම පින්වත් මහණෙනි, භික්ෂුවටත් අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු මේ කටයුතු තුනක් තියෙනවා.

කතමානි තීණි?

ඒ කවර තුනක්ද?

අධිසීලසික්ඛාසමාදානං අධිචිත්තසික්ඛාසමාදානං අධිපඤ්ඤාසික්ඛාසමාදානං. ඉමානි ඛෝ භික්ඛවේ තීණි භික්ඛුස්ස අච්චායිකානි කරණීයානි.

අධිශීල ශික්ෂාවේ සමාදන් වීම. අධිචිත්ත ශික්ෂාවේ සමාදන් වීම හා අධිප්‍රඥා ශික්ෂාවේ සමාදන් වීමයි. පින්වත් මහණෙනි, මේ තමයි භික්ෂුවගේ අත්‍යවශ්‍යම කටයුතු තුන.

තස්ස ඛෝ තං භික්ඛවේ භික්ඛුනෝ නත්ථි සා ඉද්ධි වා අනුභාවෝ වා, අජ්ජේව මේ අනුපාදාය ආසවේහි චිත්තං විමුච්චතු ස්වේ වා උත්තරස්වේ වාති. අථ ඛෝ භික්ඛවේ හෝති සෝ සමයෝ, යං තස්ස භික්ඛුනෝ අධිසීලම්පි සික්ඛතෝ අධිචිත්තම්පි සික්ඛතෝ අධිපඤ්ඤම්පි සික්ඛතෝ අනුපාදාය ආසවේහි චිත්තං විමුච්චති.

පින්වත් මහණෙනි, භික්ෂුවට ‘අදම මගේ සිත උපාදාන රහිතව ආශ්‍රවයන්ගෙන් නිදහස් වේවා! හෙටම හෝ අනිද්දාට හෝ එසේ වේවා!’ කියා මෙවැනි වූ ඉර්ධියක්වත්, ආනුභාවයක්වත් නෑ. නමුත් පින්වත් මහණෙනි, ඒ විදිහට අධිශීලයේ හික්මෙන්නා වූ, අධිචිත්තයේ හික්මෙන්නා වූ, අධිප්‍රඥාවේ හික්මෙන්නා වූ ඒ භික්ෂුවගේ සිත උපාදාන රහිතව ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා නම්, එවැනි අවස්ථාවක් උදාවෙනවා.

තස්මාතිහ භික්ඛවේ ඒවං සික්ඛිතබ්බං තිබ්බෝ නෝ ඡන්දෝ භවිස්සති අධිසීලසික්ඛාසමාදානේ. තිබ්බෝ ඡන්දෝ භවිස්සති අධිචිත්තසික්ඛාසමාදානේ. තිබ්බෝ ඡන්දෝ භවිස්සති අධිපඤ්ඤාසික්ඛාසමාදානේති. ඒවං හි වෝ භික්ඛවේ සික්ඛිතබ්බන්ති.

ඒ නිසා පින්වත් මහණෙනි, මේ විදිහට හික්මිය යුතුයි. ‘අධිශීල ශික්ෂා සමාදන් වීම ගැන අප තුළ ඉතා දැඩි වූ කැමැත්තක් ඇතිවෙනවාමයි. අධිචිත්ත ශික්ෂා සමාදන් වීම ගැන අප තුළ ඉතා දැඩි වූ කැමැත්තක් ඇති වෙනවාමයි. අධිප්‍රඥා ශික්ෂා සමාදන් වීම ගැන අප තුළ ඉතා දැඩි වූ කැමැත්තක් ඇතිවෙනවාමයි’ කියලා පින්වත් මහණෙනි, ඔබ විසින් මේ ආකාරයටයි හික්මිය යුත්තේ.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-5-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M