අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.2.4.5.

35. සැවැත් නුවරදී ……………..

එදා එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. ….(පෙ)…. එකත්පස්ව වාඩිවුන ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ හට මේ විදිහට කිව්වා. “ස්වාමීනී, ‘සේඛ, සේඛ’ කියලා කියනවා. ස්වාමීනී, කොපමණකින්ද සේඛ වෙන්නේ?”

“පින්වත් භික්ෂුව, ‘හික්මෙනවා’ය යන අර්ථයෙන් තමයි ‘සේඛ’ කියලා කියන්නේ. හික්මෙන්නේ කවර දේවල්වලද? අධිශීලයෙත් හික්මෙනවා. අධිචිත්තයෙත් හික්මෙනවා. අධිප්‍රඥාවෙත් හික්මෙනවා. පින්වත් භික්ෂුව, ‘හික්මෙනවා’ය යන අර්ථයෙන් තමයි ‘සේඛ’ කියලා කියන්නේ.”

37. නිවනට ඇති ඍජු මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ගමන් කරන්නා වූ ත්‍රිශික්ෂාවෙහි හික්මෙනවා වූ ඒ සේඛ පුද්ගලයා හට පළමුව ඇතිවෙන්නේ ආශ්‍රවයන් ක්ෂය වීම පිළිබඳ ඤාණයයි. අරහත්ඵල ඤාණය ඇතිවෙන්නේ ඉන් අනතුරුවයි.

38. එසේ අරහත්ඵල විමුක්තියෙන් යුතු අටලෝ දහමින් කම්පා නොවන තාදී ගුණැති ශ්‍රාවකයා හට ඒකාන්තයෙන්ම ඤාණයක් තියෙනවා. එනම් ‘භව බන්ධන ක්ෂය වීම තුළින් ලැබූ මාගේ චේතෝ විමුක්තිය නොපිරිහෙන දෙයක්’ කියලා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-4-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M