අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.2.3.7.

27. එදා ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. ….(පෙ)…. එකත්පස්ව වාඩිවුන ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. “ස්වාමීනී, ‘භවය, භවය’ කියලා කියනවා. ස්වාමීනී, කවර කරුණක් මතද ‘භවය’ වෙන්නේ?”

“පින්වත් ආනන්ද, කාම ධාතුවෙහි (ලෝකයේ) විපාක දීම පිණිස අදාළ වූ කර්මයක් නැත්නම් එකල්හී ‘කාමභවය’ කියා දෙයක් පැණවෙනවාද?”

“ස්වාමීනී, එය එසේ නොවේ.”

“පින්වත් ආනන්ද, මේ ආකාරයට කර්මය තමයි කුඹුර. විඤ්ඤාණය තමයි බීජය. තණ්හාව තමයි ජලය. අවිද්‍යාවෙන් වැසී ගිය, තණ්හාවෙන් බැඳී ගිය සත්වයාගේ චේතනාව හීන ධාතුවෙහි (කාම භවයේ) පිහිටියා වෙනවා. පැතුම පිහිටියා වෙනවා. මත්තෙහි පුනර්භවයකින් ඉපදීමක් ඇතිවන්නේ ඔය ආකාරයටයි.

පින්වත් ආනන්ද, රූප ධාතුවෙහි (ලෝකයේ) විපාක දීම පිණිස අදාළ වූ කර්මයක් නැත්නම් එකල්හී ‘රූපභවය’ කියා දෙයක් පැණවෙනවාද?”

“ස්වාමීනී, එය එසේ නොවේ.”

“පින්වත් ආනන්ද, මේ ආකාරයට කර්මය තමයි කුඹුර. විඤ්ඤාණය තමයි බීජය. තණ්හාව තමයි ජලය. අවිද්‍යාවෙන් වැසී ගිය, තණ්හාවෙන් බැඳී ගිය සත්වයාගේ චේතනාව මධ්‍යම ධාතුවෙහි (රූප භවයේ) පිහිටියා වෙනවා. පැතුම පිහිටියා වෙනවා. මත්තෙහි පුනර්භවයකින් ඉපදීමක් ඇතිවන්නේ ඔය ආකාරයටයි.

පින්වත් ආනන්ද, අරූප ධාතුවෙහි (ලෝකයේ) විපාක දීම පිණිස අදාළ වූ කර්මයක් නැත්නම් එකල්හී ‘අරූපභවය’ කියා දෙයක් පැණවෙනවාද?”

“ස්වාමීනී, එය එසේ නොවේ.”

“පින්වත් ආනන්ද, මේ ආකාරයට කර්මය තමයි කුඹුර. විඤ්ඤාණය තමයි බීජය. තණ්හාව තමයි ජලය. අවිද්‍යාවෙන් වැසී ගිය, තණ්හාවෙන් බැඳී ගිය සත්වයාගේ චේතනාව උසස් ධාතුවෙහි (අරූප භවයේ) පිහිටියා වෙනවා. පැතුම පිහිටියා වෙනවා. මත්තෙහි පුනර්භවයකින් ඉපදීමක් ඇතිවන්නේ ඔය ආකාරයටයි.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M