අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.2.3.8.

28. එදා ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. ….(පෙ)…. එකත්පස්ව වාඩිවුන ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට වදාළා.

“පින්වත් ආනන්ද, උපස්ථාන සාර ඇති, සිල්වත් වූ සෑම බඹසර ජීවිතයක්ම ඵල සහිතද?”

“ස්වාමීනී, ඔය කරුණ පිළිබඳව එකඑල්ලේම ‘එසේය’ කියල කියන්න අමාරුයි.”

“එසේ වේ නම් පින්වත් ආනන්ද, විග්‍රහ කොට දක්වන්න.”

“ස්වාමීනී, උපස්ථාන සාරයෙන් යුතු, සිල්වත් වූ යම් බඹසර ජීවිතයක් සේවනය කරද්දී අකුසල් වැඩෙනවා නම්, කුසල් දහම් පිරිහෙනවා නම්, මෙබඳු වූ උපස්ථාන සාරයෙන් යුතු සිල්වත් වූ බඹසර ජීවිතය ඵල රහිතයි.

ස්වාමීනී, උපස්ථාන සාරයෙන් යුතු, සිල්වත් වූ යම් බඹසර ජීවිතයක් සේවනය කරද්දී කුසල් දහම් වැඩෙනවා නම්, අකුසල් පිරිහෙනවා නම්, මෙබඳු වූ උපස්ථාන සාරයෙන් යුතු සිල්වත් වූ බඹසර ජීවිතය ඵල සහිතයි.”

ආයුෂ්මත් ආනන්ද තෙරුන් ඔය කරුණ පැවසුවා. ශාස්තෘන් වහන්සේ එය අනුමත කොට වදාළා. එතකොට ආයුෂ්මත් ආනන්ද තෙරුන් ‘ශාස්තෘන් වහන්සේ මා පැවසූ දෙය අනුමත කළ සේක’යි හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට, පැදකුණු කොට පිටත්ව ගියා.

එවිට ආනන්ද තෙරුන් පිටත්ව ගිය නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා වදාළා.

“පින්වත් මහණෙනි, ආනන්දයන් සේඛ භික්ෂුවක්. නමුත් ප්‍රඥාවෙන් ඔහුට සමසම වූ කෙනෙක් සුලභ නෑ.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M