අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.2.3.6.

26. අථ ඛෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා ….(පෙ)…. භගවන්තං ඒතදවෝච: ‘භවෝ භවෝ’ති භන්තේ වුච්චති. කිත්තාවතා නු ඛෝ භන්තේ භවෝ හෝතීති?

26. එදා ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණ ….(පෙ)…. භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. “ස්වාමීනී, ‘භවය, භවය’ කියලා කියනවා. ස්වාමීනී, කවර කරුණක් මතද ‘භවය’ වෙන්නේ?”

කාමධාතුවේපක්කඤ්ච ආනන්ද, කම්මං නාභවිස්ස අපි නු ඛෝ කාමභවෝ පඤ්ඤායේථාති?

“පින්වත් ආනන්ද, කාම ධාතුවෙහි (ලෝකයේ) විපාක දීම පිණිස අදාළ වූ කර්මයක් නැත්නම් එකල්හී ‘කාමභවය’ කියා දෙයක් පැණවෙනවාද?”

නෝ හේතං භන්තේ.

“ස්වාමීනී, එය එසේ නොවේ.”

ඉති ඛෝ ආනන්ද, කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා ස්නේහෝ. අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයෝජනානං හීනාය ධාතුයා විඤ්ඤාණං පතිට්ඨිතං. ඒවං ආයති පුනබ්භවාභිනිබ්බත්ති හෝති.

“පින්වත් ආනන්ද, මේ ආකාරයට කර්මය තමයි කුඹුර. විඤ්ඤාණය තමයි බීජය. තණ්හාව තමයි ජලය. අවිද්‍යාවෙන් වැසී ගිය, තණ්හාවෙන් බැඳී ගිය සත්වයාගේ විඤ්ඤාණය හීන ධාතුවෙහි (කාම භවයේ) පිහිටියා වෙනවා. මත්තෙහි පුනර්භවයකින් ඉපදීමක් ඇතිවන්නේ ඔය ආකාරයටයි.

රූපධාතුවේපක්කඤ්ච ආනන්ද, කම්මං නාභවිස්ස, අපි නු ඛෝ රූපභවෝ පඤ්ඤායේථා? ති.

පින්වත් ආනන්ද, රූප ධාතුවෙහි (ලෝකයේ) විපාක දීම පිණිස අදාළ වූ කර්මයක් නැත්නම් එකල්හී ‘රූපභවය’ කියා දෙයක් පැණවෙනවාද?”

නෝ හේතං භන්තේ. ඉති ඛෝ ආනන්ද, කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා සිනේහෝ. අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයෝජනානං මජ්ඣිමාය ධාතුයා විඤ්ඤාණං පතිට්ඨිතං. ඒවං ආයති පුනබ්භවාභිනිබ්බත්ති හෝති.

“ස්වාමීනී, එය එසේ නොවේ.”

“පින්වත් ආනන්ද, මේ ආකාරයට කර්මය තමයි කුඹුර. විඤ්ඤාණය තමයි බීජය. තණ්හාව තමයි ජලය. අවිද්‍යාවෙන් වැසී ගිය, තණ්හාවෙන් බැඳී ගිය සත්වයාගේ විඤ්ඤාණය මධ්‍යම ධාතුවෙහි (රූප භවයේ) පිහිටියා වෙනවා. මත්තෙහි පුනර්භවයකින් ඉපදීමක් ඇතිවන්නේ ඔය ආකාරයටයි.

අරූපධාතුවේපක්කඤ්ච ආනන්ද, කම්මං නාභවිස්ස, අපි නු ඛෝ අරූපභවෝ පඤ්ඤායේථා? ති.

පින්වත් ආනන්ද, අරූප ධාතුවෙහි (ලෝකයේ) විපාක දීම පිණිස අදාළ වූ කර්මයක් නැත්නම් එකල්හී ‘අරූපභවය’ කියා දෙයක් පැණවෙනවාද?”

නෝ හේතං භන්තේ. ඉති ඛෝ ආනන්ද, කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා සිනේහෝ. අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයෝජනානං පණීතාය ධාතුයා විඤ්ඤාණං පතිට්ඨිතං. ඒවං ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති හෝති. ඒවං ඛෝ ආනන්ද, භවෝ හෝතීති.

“ස්වාමීනී, එය එසේ නොවේ.”

“පින්වත් ආනන්ද, මේ ආකාරයට කර්මය තමයි කුඹුර. විඤ්ඤාණය තමයි බීජය. තණ්හාව තමයි ජලය. අවිද්‍යාවෙන් වැසී ගිය, තණ්හාවෙන් බැඳී ගිය සත්වයාගේ විඤ්ඤාණය උසස් ධාතුවෙහි (අරූප භවයේ) පිහිටියා වෙනවා. මත්තෙහි පුනර්භවයකින් ඉපදීමක් ඇතිවන්නේ ඔය ආකාරයටයි.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M