අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.2.3.5.

25. සාවත්ථි නිදානං….

25. සැවැත් නුවරදී….

අථ ඛෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ ආයස්මන්තං ආනන්දං භගවා ඒතදවෝච:

එදා ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩිවුන ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට වදාළා.

යේ ආනන්ද අනුකම්පෙය්‍යාථ යේ ච සෝතබ්බං මඤ්ඤෙය්‍යුං මිත්තා වා අමච්චා වා ඤාතී වා සාලෝහිතා වා, තේ වෝ ආනන්ද තීසු ඨානේසු සමාදපේතබ්බා නිවේසේතබ්බා පතිට්ඨාපේතබ්බා.

පින්වත් ආනන්ද, යම් කෙනෙකු ගැන අනුකම්පා කරනවා නම්, යම් කෙනෙක් ඔබට සවන් දිය යුතුයි කියා සිතනවා නම්, ඔවුන් මිතුරන් වෙන්න පුළුවනි, යහළුවන් වෙන්න පුළුවනි, නෑදෑයින් වෙන්න පුළුවනි, ලේඤාතීන් වෙන්න පුළුවනි, පින්වත් ආනන්ද, තුන් තැනක ඔවුන්ව සමාදන් කරවිය යුතුයි. ඇතුළත් කරවිය යුතුයි. පිහිටුවිය යුතුයි.

කතමේසු තීසු: බුද්ධේ අවෙච්චප්පසාදේ සමාදපේතබ්බා, නිවේසේතබ්බා, පතිට්ඨාපේතබ්බා “ඉතිපි සෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ ….(පෙ)…. බුද්ධෝ භගවා”ති.

කවර තැන් තුනකද? ‘මේ මේ කරුණින් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක, සම්මා සම්බුද්ධ වන සේක, ….(පෙ)…. දෙව් මිනිසුන්ට ශාස්තෘන් වහන්සේ වන සේක, බුද්ධ වන සේක, භගවා වන සේක’ කියලා බුදුරජාණන් වහන්සේ පිළිබඳව නොසැලෙන පැහැදීමෙහි සමාදන් කරවිය යුතුයි. ඇතුළත් කරවිය යුතුයි. පිහිටුවිය යුතුයි.

ධම්මේ අවෙච්චප්පසාදේ සමාදපේතබ්බා, නිවේසේතබ්බා, පතිට්ඨාපේතබ්බා: “ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ ….(පෙ)…. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී”ති.

‘භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රී සද්ධර්මය මැනැවින් දේශනා කරන ලද්දේය. (ඒ ධර්මය) මේ ජීවිතයේදීම අවබෝධ කළ හැකියි. ….(පෙ)…. ඤාණවන්තයින් විසින් තම තම නුවණින් අවබෝධ කළ යුතුයි’ කියා ධර්මය පිළිබඳව නොසැලෙන පැහැදීමෙහි සමාදන් කරවිය යුතුයි. ඇතුළත් කරවිය යුතුයි. පිහිටුවිය යුතුයි.

සංඝේ අවෙච්චප්පසාදේ සමාදපේතබ්බා, නිවේසේතබ්බා, පතිට්ඨාපේතබ්බ: “සුප්පටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ ….(පෙ)…. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සා”ති.

‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්න වන සේක. ….(පෙ)…. ලොවට උතුම් පින්කෙත වන සේක’ කියා ආර්ය සංඝයා පිළිබඳව නොසැලෙන පැහැදීමෙහි සමාදන් කරවිය යුතුයි. ඇතුළත් කරවිය යුතුයි. පිහිටුවිය යුතුයි.

සියා ආනන්ද, චතුන්නං මහාභූතානං අඤ්ඤථත්තං පඨවීධාතුයා ආපෝධාතුයා තේජෝධාතුයා වායෝධාතුයා. නත්වේව බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතස්ස අරියසාවකස්ස සියා අඤ්ඤථත්තං. තත්‍රිදං අඤ්ඤථත්තං: සෝ වතානන්ද බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ අරියසාවකෝ නිරයං වා තිරච්ඡානයෝනිං වා පෙත්තිවිසයං වා උපපජ්ජිස්සතීති නේතං ඨානං විජ්ජති.

පින්වත් ආනන්ද, පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන මේ මහා භූතයන්ගේ වෙනස්වීම සිදුවෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල්වෙන පැහැදීමෙන් යුතු ආර්ය ශ්‍රාවකයාගේ වෙනස්වීමක් වෙන්නේ නෑ. මෙහි ඇති වෙනස මේකයි. සැබැවින්ම පින්වත් ආනන්ද, බුදුරජාණන් වහන්සේ පිළිබඳ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූ ඒ ආර්ය ශ්‍රාවකයා නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේය යන කරුණ සිදුවෙන දෙයක් නම් නොවේ.

සියා ආනන්ද, චතුන්නං මහාභූතානං අඤ්ඤථත්තං පථඨධාතුයා ආපෝධාතුයා තේජෝධාතුයා වායෝධාතුයා. න ත්වේව ධම්මේ ….(පෙ)…. න ත්වේව සංඝේ අවෙච්චප්පසාදේන සමන්නාගතස්ස අරියසාවකස්ස සියා අඤ්ඤථත්තං. තත්‍රිදං අඤ්ඤථත්තං: සෝ වතානන්ද, සංඝේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ අරියසාවකෝ නිරයං වා තිරච්ඡානයෝනිං වා පෙත්තිවිසයං වා උපපජ්ජිස්සතීති නේතං ඨානං විජ්ජති.

පින්වත් ආනන්ද, පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන මේ මහා භූතයන්ගේ වෙනස්වීම සිදුවෙනවා. නමුත් ශ්‍රී සද්ධර්මය ….(පෙ)…. පින්වත් ආනන්ද, පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන මේ මහා භූතයන්ගේ වෙනස්වීම සිදුවෙනවා. නමුත් ආර්ය මහා සංඝරත්නය ගැන නොසෙල්වෙන පැහැදීමෙන් යුතු ආර්ය ශ්‍රාවකයාගේ වෙනස්වීමක් වෙන්නේ නෑ. මෙහි ඇති වෙනස මේකයි. සැබැවින්ම පින්වත් ආනන්ද, බුදුරජාණන් වහන්සේ පිළිබඳ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූ ඒ ආර්ය ශ්‍රාවකයා නිරයෙහි හෝ තිරිසන් යේනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේය යන කරුණ සිදුවෙන දෙයක් නම් නොවේ.

යේ ආනන්ද, අනුකම්පෙය්‍යාථ යේ ච සෝතබ්බං මඤ්ඤෙය්‍යුං මිත්තා වා අමච්චා වා ඤාතී වා සාලෝහිතා වා, තේ වෝ ආනන්ද, ඉමේසු තීසු ඨානේසු සමාදපේතබ්බා, නිවේසේතබ්බා, පතිට්ඨාපේතබ්බාති.

පින්වත් ආනන්ද, යම් කෙනෙකු ගැන අනුකම්පා කරනවා නම්, යම් කෙනෙක් ඔබට සවන් දිය යුතුයි කියා සිතනවා නම්, ඔවුන් මිතුරන් වෙන්න පුළුවනි, යහළුවන් වෙන්න පුළුවනි, නෑදෑයින් වෙන්න පුළුවනි, ලේඤාතීන් වෙන්න පුළුවනි, පින්වත් ආනන්ද, ඔවුන්ව සමාදන් කරවිය යුත්තේ, ඇතුළත් කරවිය යුත්තේ, පිහිටුවිය යුත්තේ මේ තැන් තුන තුළයි.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M