අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.2.3.3.

23. ඒකං සමයං භගවා සක්කේසු විහරති කපිලවත්ථුස්මිං නිග්‍රෝධාරාමේ. තේන ඛෝ පන සමයේන භගවා ගිලානාවුට්ඨිතෝ හෝති අචිරවුට්ඨිතෝ ගේලඤ්ඤා. අථ ඛෝ මහානාමෝ සක්කෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ මහානාමෝ සක්කෝ භගවන්තං ඒතදවෝච: දීඝරත්තාහං භන්තේ භගවතා ඒවං ධම්මං දේසිතං ආජානාමි: සමාහිතස්ස ඤාණං, නෝ අසමාහිතස්සාති. සමාධි නු ඛෝ භන්තේ පුබ්බේ, පච්ඡා ඤාණං. උදාහු ඤාණං පුබ්බේ, පච්ඡා සමාධීති?

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ ශාක්‍ය ජනපදයේ කපිලවස්තු පුරයේ නිග්‍රෝධාරාමයේ. ඒ වන විට භාග්‍යවතුන් වහන්සේ ගිලන් බවින් සුවපත් වෙලා, ගිලන් බවින් නැගී සිට වැඩි කලක් ගත වුනේ නෑ. එදා මහානාම ශාක්‍ය කුමාරයා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩිවුන මහානාම ශාක්‍යයා භාග්‍යවතුන් වහන්සේගෙන් මේ විදිහට ඇහුවා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් බොහෝ කලක් තිස්සේ මේ ආකාර වූ ධර්මයක් වදාරණ ලද බව මා තේරුම්ගෙන සිටිනවා. ඒ කියන්නේ ‘සමාහිත සිත් ඇති කෙනාටයි ඤාණය තියෙන්නේ. සමාහිත සිත් නැති කෙනාට නොවෙයි’ කියලා. ස්වාමීනී, එතකොට කලින්ම සමාධිය ඇතිවෙලා පස්සේ ඤාණය ඇතිවෙනවාද? නැත්නම් ඤාණය කලින් ඇතිවෙලා පසුව සමාධිය ඇතිවෙනවාද?”

අථ ඛෝ ආයස්මතෝ ආනන්දස්ස ඒතදහෝසි. භගවා ඛෝ ගිලානවුට්ඨිතෝ අචිරවුට්ඨිතෝ ගේලඤ්ඤා. අයඤ්ච මහානාමෝ සක්කෝ භගවන්තං අතිගම්භීරං පඤ්හං පුච්ඡති. යංනූනාහං මහානාමං සක්කං ඒකමන්තං අපනෙත්වා ධම්මං දේසෙය්‍යන්ති.

ඒ මොහොතේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් හට මේ අදහස ඇතිවුනා. ‘භාග්‍යවතුන් වහන්සේ ගිලන් බවින් සුවපත් වෙලා, ගිලන් බවින් නැගී සිට වැඩි කලක් ගත වුනේ නෑ. නමුත් මේ මහානාම ශාක්‍ය කුමාරයා භාග්‍යවතුන් වහන්සේගෙන් අතිගම්භීර වූ ප්‍රශ්නයක් අහනවා. ඉතින් මම මහානාම ශාක්‍ය කුමාරයාව එකත්පසෙකට කැඳවලා ධර්මය දේශනා කළොත් තමයි හොඳ’ කියලා.

අථ ඛෝ ආයස්මා ආනන්දෝ මහානාමං සක්කං බාහාය ගහෙත්වා ඒකමන්තං අපනෙත්වා මහානාමං සක්කං ඒතදවෝච: සේඛම්පි ඛෝ මහානාම සීලං වුත්තං භගවතා, අසේඛම්පි සීලං වුත්තං භගවතා, සේඛෝපි සමාධි වුත්තෝ භගවතා , අසේඛෝපි සමාධි වුත්තෝ භගවතා, සේඛාපි පඤ්ඤා වුත්තා භගවතා, අසේඛාපි පඤ්ඤා වුත්තා භගවතා.

ඉතින් ආයුෂ්මත් ආනන්ද තෙරුන් මහානාම ශාක්‍ය කුමාරයාව අතින් අල්ලාගෙන එකත්පසෙකට කැඳවාගෙන ගිහින්, මහානාම ශාක්‍ය කුමාරයාට මේ විදිහට පැවසුවා. “පින්වත් මහානාම, භාග්‍යවතුන් වහන්සේ විසින් සේඛ සීලය ගැනත් වදාරලා තියෙනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ විසින් අසේඛ සීලය ගැනත් වදාරලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ විසින් සේඛ සමාධිය ගැනත් වදාරලා තියෙනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ විසින් අසේඛ සමාධිය ගැනත් වදාරලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ විසින් සේඛ ප්‍රඥාව ගැනත් වදාරලා තියෙනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ විසින් අසේඛ ප්‍රඥාව ගැනත් වදාරලා තියෙනවා.

කතමඤ්ච මහානාම සේඛං සීලං: ඉධ මහානාම භික්ඛු සීලවා හෝති පාතිමොක්ඛසංවරසංවුතෝ විහරති ….(පෙ)…. සමාදාය සික්ඛති සික්ඛාපදේසු ඉදං වුච්චති මහානාම සේඛං සීලං. කතමෝ ච මහානාම සේඛෝ සමාධි: ඉධ මහානාම භික්ඛු විවිච්චේව කාමේහි ….(පෙ)…. චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති මහානාම සේඛෝ සමාධි.

පින්වත් මහානාම, සේඛ සීලය යනු කුමක්ද? පින්වත් මහානාම, මෙහිලා භික්ෂුව සිල්වත් වෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවර වෙලා ….(පෙ)…. ශික්ෂා පදවල සමාදන් වෙලා හික්මෙනවා. පින්වත් මහානාම මේකට තමයි සේඛ සීලය කියලා කියන්නේ. පින්වත් මහානාම, සේඛ සමාධිය කුමක්ද? පින්වත් මහානාම, මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව ….(පෙ)…. සතරවන ධ්‍යානයත් ලබාගෙන වාසය කරනවා. පින්වත් මහානාම, මේකට තමයි සේඛ සමාධිය කියලා කියන්නේ.

කතමා ච මහානාම සේඛා පඤ්ඤා: ඉධ මහානාම භික්ඛු ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති ….(පෙ)…. අයං දුක්ඛනිරෝධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. අයං වුච්චති මහානාම සේඛා පඤ්ඤා.

පින්වත් මහානාම, සේඛ ප්‍රඥාව යනු කුමක්ද? පින්වත් මහානාම, මෙහිලා භික්ෂුව ‘මෙය තමයි දුක’ කියලා ඇතිසැටියෙන්ම දැනගන්නවා. ….(පෙ)…. ‘මෙය තමයි දුක් නැතිකිරීම පිණිස පවතින ප්‍රතිපදාව’ කියලා ඇති සැටියෙන්ම දැනගන්නවා. පින්වත් මහානාම, මේකට තමයි සේඛ ප්‍රඥාව කියලා කියන්නේ.

ස ඛෝ සෝ මහානාම අරියසාවකෝ ඒවං සීලසම්පන්නෝ ඒවං සමාධිසම්පන්නෝ ඒවං පඤ්ඤාසම්පන්නෝ ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.

පින්වත් මහානාම, ඔය විදිහට සීලසම්පන්න වූ, ඔය විදිහට සමාධි සම්පන්න වූ, ඔය විදිහට ප්‍රඥාසම්පන්න වූ ඒ ආර්ය ශ්‍රාවකයා ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන්. අනාශ්‍රව වූ චේතෝ විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම තමන් විසින්ම උපදවාගත් විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කරලා එයට පැමිණ වාසය කරනවා.

ඒවං ඛෝ මහානාම සේඛම්පි සීලං වුත්තං භගවතා, අසේඛම්පි සීලං වුත්තං භගවතා, සේඛෝපි සමාධි වුත්තෝ භගවතා, අසේඛෝපි සමාධි වුත්තෝ භගවතා, සේඛාපි පඤ්ඤා වුත්තා භගවතා, අසේඛාපි පඤ්ඤා වුත්තා භගවතාති.

පින්වත් මහානාම, භාග්‍යවතුන් වහන්සේ විසින් සේඛ සීලය ගැන වදාරණ ලද්දේත්, භාග්‍යවතුන් වහන්සේ විසින් අසේඛ සීලය ගැන වදාරණ ලද්දේත්, භාග්‍යවතුන් වහන්සේ විසින් සේඛ සමාධි ගැන වදාරණ ලද්දේත්, භාග්‍යවතුන් වහන්සේ විසින් අසේඛ සමාධිය ගැන වදාරණ ලද්දේත්, භාග්‍යවතුන් වහන්සේ විසින් සේඛ ප්‍රඥාව ගැන වදාරණ ලද්දේත්, භාග්‍යවතුන් වහන්සේ විසින් අසේඛ ප්‍රඥාව ගැන වදාරණ ලද්දේත් ඔය විදිහටයි.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M