අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.2.3.2.

22. ඒකං සමයං ආයස්මා ආනන්දෝ කෝසම්බියං විහරති ඝෝසිතාරාමේ. අථ ඛෝ අඤ්ඤතරෝ ආජීවකසාවකෝ ගහපති යේනායස්මා ආනන්දෝ තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ සෝ ආජීවකසාවකෝ ගහපති ආයස්මන්තං ආනන්දං ඒතදවෝච: කේසං නෝ භන්තේ ආනන්ද ධම්මෝ ස්වාක්ඛාතෝ, කේ ලෝකේ සුප්පටිපන්නා, කේ ලෝකේ සුගතාති?

22. ඒ දිනවල ආයුෂ්මත් ආනන්ද තෙරුන් වැඩවාසය කළේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ. එදා ආජීවකශ්‍රාවක වූ එක්තරා ගෘහපතියෙක් ආයුෂ්මත් ආනන්ද තෙරුන් වෙත පැමිණියා. පැමිණ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩිවුන ආජීවශ්‍රාවක වූ ගෘහපතියා ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට මේ විදිහට කිව්වා. “පින්වත් ආනන්දයන් වහන්ස, කාගේ ධර්මයද මැනැවින් දේශනා කොට තිබෙන්නේ? ලෝකයෙහි මනා වූ ප්‍රතිපත්තියකට පිළිපන් සුපටිපන්න අය කවුද? ලෝකයෙහි සුගත අය කවුද?”

තේන හි ගහපති තඤ්ඤේවෙත්ථ පටිපුච්ඡිස්සාමි, යථා තේ ඛමෙය්‍ය, තථා නං ව්‍යාකරෙය්‍යාසි. තං කිං මඤ්ඤසි ගහපති යේ රාගස්ස පහානාය ධම්මං දේසෙන්ති, දෝසස්ස පහානාය ධම්මං දේසෙන්ති, මෝහස්ස පහානාය ධම්මං දේසෙන්ති. තේසං ධම්මෝ ස්වාක්ඛාතෝ නෝ වා, කථං වා තේ එත්ථ හෝතීති? යේ භන්තේ රාගස්ස පහානාය ධම්මං දේසෙන්ති. දෝසස්ස ….(පෙ)…. මෝහස්ස පහානාය ධම්මං දේසෙන්ති. තේසං ධම්මෝ ස්වාක්ඛාතෝ, ඒවං මේ එත්ථ හෝතීති.

“එහෙනම් ගෘහපතිය, ඒ ගැන මම ඔබගෙන්ම විමසන්නම්. යම් විදිහකට නම් ඔබ කැමැති ඒක ඒ විදිහට ප්‍රකාශ කරන්න. පින්වත් ගෘහපතිය, මේ ගැන ඔබ මොකද හිතන්නේ? යමෙක් රාගයේ ප්‍රහාණය පිණිස ධර්මය දේශනා කරනවා නම්, ද්වේෂයේ ප්‍රහාණය පිණිස ධර්මය දේශනා කරනවා නම්, මෝහයේ ප්‍රහාණය පිණිස ධර්මය දේශනා කරනවා නම්, ඉතින් ඒ ඔවුන්ගේ ධර්මය මැනැවින් දේශනා කළ දෙයක්ද? නැද්ද? ඒ ගැන ඔබට කොහොමද හිතෙන්නේ?” “ස්වාමීනී, යමෙක් රාගයේ ප්‍රහාණය පිණිස ධර්මය දේශනා කරනවා නම්, ද්වේෂයේ ප්‍රහාණය පිණිස ධර්මය දේශනා කරනවා නම්, මෝහයේ ප්‍රහාණය පිණිස ධර්මය දේශනා කරනවා නම්, ඒ ඔවුන්ගේ ධර්මය මැනැවින් දේශනා කළ දෙයක්මයි. ඔය විදිහටයි ඒ ගැන මට හිතෙන්නේ.”

තං කිං මඤ්ඤසි ගහපති, යේ රාගස්ස පහානාය පටිපන්නා, දෝසස්ස ….(පෙ)…. මෝහස්ස පහානාය පටිපන්නා, තේ ලෝකේ සුප්පටිපන්නා, නෝ වා කථං වා තේ එත්ථ හෝතීති? යේ භන්තේ රාගස්ස පහානාය පටිපන්නා, දෝසස්ස පහානාය පටිපන්නා, මෝහස්ස පහානාය පටිපන්නා, තේ ලෝකේ සුපටිපන්නා. ඒවං මේ එත්ථ හෝතීති.

“පින්වත් ගෘහපතිය, මේ ගැන ඔබ මොකද හිතන්නේ? යමෙක් රාගයේ ප්‍රහාණය පිණිස ප්‍රතිපත්තියට පැමිණුනා නම්, ද්වේෂයේ ප්‍රහාණය පිණිස ප්‍රතිපත්තියට පැමිණුනා නම්, මෝහයේ ප්‍රහාණය පිණිස ප්‍රතිපත්තියට පැමිණුනා නම්, ඔවුන් ලෝකයේ සුපටිපන්නද? නැද්ද? ඒ ගැන ඔබට කොහොමද හිතෙන්නේ?” “ස්වාමීනී, යමෙක් රාගයේ ප්‍රහාණය පිණිස ප්‍රතිපත්තියට පැමිණුනා නම්, ද්වේෂයේ ප්‍රහාණය පිණිස ප්‍රතිපත්තියට පැමිණුනා නම්, මෝහයේ ප්‍රහාණය පිණිස ප්‍රතිපත්තියට පැමිණුනා නම්, ඒ ඔවුන් ලෝකයේ සුපටිපන්නමයි. ඔය විදිහටයි ඒ ගැන මට හිතෙන්නේ.”

තං කිං මඤ්ඤසි ගහපති, යේසං රාගෝ පහීනෝ උච්ඡින්නමූලෝ තාලාවත්ථුකතෝ අනභාවංකතෝ ආයතිං අනුප්පාදධම්මෝ, යේසං දෝසෝ පහීනෝ ….(පෙ)…. උච්ඡින්නමූලෝ තාලාවත්ථුකතෝ අනභාවකතෝ ආයතිං අනුප්පාදධම්මෝ, තේ ලෝකේ සුගතා, නෝ වා කථං වා තේ එත්ථ හෝතීති. යේසං භන්තේ රාගෝ පහීනෝ උච්ඡින්නමූලෝ තාලාවත්ථුකතෝ අනභාවංකතෝ ආයතිං අනුප්පාදධම්මෝ, යේසං දෝසෝ පහීනෝ ….(පෙ)…. මෝහෝ පහීනෝ උච්ඡින්නමූලෝ තාලාවත්ථුකතෝ අනභාවංකතෝ ආයතිං අනුප්පාදධම්මෝ, තේ ලෝකේ සුගතා. ඒවං මේ එත්ථ හෝතීති.

“පින්වත් ගෘහපතිය, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? යමෙකුගේ රාගය ප්‍රහාණය වුනා නම්, මුලින්ම උදුරලා දමලා නම්, තල්ගසක කරටිය කැඩීම වගේ කරලා නම්, අභාවයට පත්කරලා නම්, නැවත උපදින්නේ නැති ස්වභාවයට පත්කරලා නම්, යමෙකුගේ ද්වේෂය ….(පෙ)…. යමෙකුගේ මෝහය ප්‍රහාණය වුනා නම්, මුලින්ම උදුරලා දමලා නම්, තල්ගසක කරටිය කැඩීම වගේ කරලා නම්, අභාවයට පත්කරලා නම්, නැවත උපදින්නේ නැති ස්වභාවයට පත්කරලා නම්, අන්න ඒ අය ලෝකයෙහි සුගතද? නැද්ද? ඒ ගැන ඔබට කොහොමද සිතෙන්නේ?” “ස්වාමීනී, යමෙකුගේ රාගය ප්‍රහාණය වුනා නම්, මුලින්ම උදුරලා දමලා නම්, තල්ගසක කරටිය කැඩීම වගේ කරලා නම්, අභාවයට පත්කරලා නම්, නැවත උපදින්නේ නැති ස්වභාවයට පත්කරලා නම්, යමෙකුගේ ද්වේෂය ප්‍රහාණය වුනා නම් ….(පෙ)…. යමෙකුගේ මෝහය ප්‍රහාණය වුනා නම්, මුලින්ම උදුරලා දමලා නම්, තල්ගසක කරටිය කැඩීම වගේ කරලා නම්, අභාවයට පත්කරලා නම්, නැවත උපදින්නේ නැති ස්වභාවයට පත්කරලා නම්, අන්න ඒ අය ලෝකයෙහි සුගතමයි. ඔය විදිහටයි ඒ ගැන මට සිතෙන්නේ.”

ඉති ඛෝ ගහපති තයා වේතං ව්‍යාකතං. යේ භන්තේ රාගස්ස පහානාය ධම්මං දේසෙන්ති, දෝසස්ස ….(පෙ)…. මෝහස්ස පහානාය ධම්මං දේසෙන්ති, තේසං ධම්මෝ ස්වාක්ඛාතෝති, තයාවේතං ව්‍යාකතං. යේ භන්තේ රාගස්ස පහානාය පටිපන්නා, දෝසස්ස ….(පෙ)…. මෝහස්ස පහානාය පටිපන්නා, තේ ලෝකේ සුප්පටිපන්නාති. තයාවේතං ව්‍යාකතං. යේසං භන්තේ රාගෝ පහීනෝ උච්ඡින්නමූලෝ තාලාවත්ථුකතෝ අනභාවකතෝ ආයතිං අනුප්පාදධම්මෝ, යේසං දෝසෝ පහීනෝ ….(පෙ)…. මෝහෝ පහීනෝ උච්ඡින්නමූලෝ තාලාවත්ථුකතෝ අනභාවකතෝ ආයතිං අනුප්පාදධම්මෝ, තේ ලෝකේ සුගතාති.

“පින්වත් ගෘහපති, ඉතින් ඔබ විසින්ම මේ විදිහට ඒ ප්‍රශ්නය විසඳුවා නෙව. ඒ කියන්නේ ‘ස්වාමීනී, යමෙක් රාගයේ ප්‍රහාණය පිණිස ධර්මය දේශනා කරනවා නම්, ද්වේෂයේ ….(පෙ)…. යමෙක් මෝහයේ ප්‍රහාණය පිණිස ධර්මය දේශනා කරනවා නම් ඔවුන්ගේ ධර්මය ස්වාක්ඛාතයි’ කියලා. ඒ වගේම ඔබ විසින්ම අනෙක් ප්‍රශ්නයත් විසඳුවා නෙව. ඒ කියන්නේ, ‘ස්වාමීනී, යමෙක් රාගයේ ප්‍රහාණය පිණිස ප්‍රතිපත්තියට පැමිණුනා නම්, ද්වේෂයේ ….(පෙ)…. මෝහයේ ප්‍රහාණය පිණිස ප්‍රතිපත්තියට පැමිණුනා නම්, ඔවුන් ලෝකයෙහි සුපටිපන්නයි’ කියලා. ඒ වගේම ඔබ විසින්ම ඊළඟ ප්‍රශ්නයත් විසඳුවා නෙව. ඒ කියන්නේ ‘ස්වාමීනී, යමෙකුගේ රාගය ප්‍රහාණය වුනා නම්, මුලින්ම උදුරලා දමලා නම්, තල් ගසක කරටිය කැඩීම වගේ කරලා නම්, අභාවයට පත්කරලා නම්, නැවත උපදින්නේ නැති ස්වභාවයට පත්කරලා නම්, යමෙකුගේ ද්වේෂය ප්‍රහාණය වුනා නම්, ….(පෙ)…. යමෙකුගේ මෝහය ප්‍රහාණය වුනා නම්, මුලින්ම උදුරලා දමලා නම්, තල් ගසක කරටිය කැඩීම වගේ කරලා නම්, අභාවයට පත්කරලා නම්, නැවත උපදින්නේ නැති ස්වභාවයට පත්කරලා නම්, ඒ අය ලෝකයෙහි සුගතයි’ කියලා.”

අච්ඡරියං භන්තේ, අබ්භුතං භන්තේ, න චේව නාම සධම්මුක්කංසනා භවිස්සති, න ච පරධම්මාපසාදනා, ආයතනේව ධම්මදේසනා. අත්ථෝ ච වුත්තෝ. අත්තා ච අනුපනීතෝ.

“ස්වාමීනී, ආශ්චර්යයි! ස්වාමීනී, පුදුම සහගතයි! තමන්ගේ ධර්මය හුවාදැක්වීමත් කළෙත් නෑ. අනුන්ගේ ධර්මය හෙලා දැක්කෙත් නෑ. වුවමනා කරන කරුණු පිණිසම ධර්මය දේශනා කළා. අර්ථයත් ප්‍රකාශ කළා. තමන්ව හුවා දැක්වුවෙත් නෑ.

තුම්හේ භන්තේ ආනන්ද රාගස්ස පහානාය ධම්මං දේසේථ, දෝසස්ස පහානාය ධම්මං දේසේථ, මෝහස්ස පහනාය ධම්මං දේසේථ. තුම්හාකං භන්තේ ආනන්ද ධම්මෝ ස්වාක්ඛාතෝ. තුම්හේ භන්තේ ආනන්ද රාගස්ස පහානාය පටිපන්නා, දෝසස්ස ….(පෙ)…. මෝහස්ස පහානාය පටිපන්නා. තුම්හේ භන්තේ ලෝකේ සුප්පටිපන්නා. තුම්හාකං භන්තේ ආනන්ද රාගෝ පහීනෝ උච්ඡින්නමූලෝ තාලාවත්ථුකතෝ අනභාවංකතෝ ආයතිං අනුප්පාදධම්මෝ. තුම්හාකං දෝසෝ ….(පෙ)…. තුම්හාකං මෝහෝ පහීනෝ උච්ඡින්නමූලෝ තාලාවත්ථුකතෝ අනභාවංකතෝ ආයතිං අනුප්පාදධම්මෝ. තුම්හේ ලෝකේ සුගතා.

ස්වාමීනී, පින්වත් ආනන්දයන් වහන්ස, ඔබවහන්සේලා රාගය ප්‍රහාණය කිරීම පිණිසයි ධර්මය දේශනා කරන්නේ. ද්වේෂය ප්‍රහාණය කිරීම පිණිසයි ධර්මය දේශනා කරන්නේ. මෝහය ප්‍රහාණය කිරීම පිණිසයි ධර්මය දේශනා කරන්නේ. ස්වාමීනී, ආනන්දයන් වහන්ස, ඔබවහන්සේලාගේ ධර්මය ස්වාක්ඛාතයි. ස්වාමීනී, ආනන්දයන් වහන්ස, ඔබවහන්සේලා ප්‍රතිපත්තියට පැමිණ සිටින්නේ රාගය ප්‍රහාණය කිරීම පිණිසයි. ද්වේෂය ….(පෙ)…. මෝහය ප්‍රහාණය කිරීම පිණිසයි. ඔබවහන්සේලා ලෝකයෙහි සුපටිපන්නයි. ස්වාමීනී, ආනන්දයන් වහන්ස, ඔබවහන්සේලාගේ රාගය ප්‍රහීණයි. මුලින්ම උදුරා දමලයි තියෙන්නේ. තල් ගසක කරටිය සිඳ දැම්මා වගේ කරලයි තියෙන්නේ. අභාවයට පත්කරලයි තියෙන්නේ. නැවත නූපදින ස්වභාවයට පත්කරලයි තියෙන්නේ. ඔබවහන්සේලාගේ ද්වේෂය ….(පෙ)…. ඔබවහන්සේලාගේ මෝහය ප්‍රහීණයි. මුලින්ම උදුරා දමලයි තියෙන්නේ. තල් ගසක කරටිය සිඳ දැම්මා වගේ කරලයි තියෙන්නේ. අභාවයට පත්කරලයි තියෙන්නේ. නැවත නූපදින ස්වභාවයට පත්කරලයි තියෙන්නේ. ඔබවහන්සේලා ලෝකයෙහි සුගතයි.

අභික්කන්තං භන්තේ, අභික්කන්තං භන්තේ. සෙය්‍යථාපි භන්තේ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරෙය්‍ය චක්ඛුමන්තෝ රූපානි දක්ඛන්තීති. ඒවමේවං අය්‍යේන ආනන්දේන අනේකපරියායේන ධම්මෝ පකාසිතෝ.

ස්වාමීනී, ඉතා සුන්දරයි! ස්වාමීනී, ඉතා සුන්දරයි! යටට හරවා තිබූ දෙයක් උඩු අතට හැරෙව්වා වගෙයි. මං මුලාවූවන්ට නියම මග පෙන්වා දෙනවා වගෙයි. ඇස් ඇති උදවියට රූප දකින්න අඳුරෙහි තෙල් පහනක් දරාසිටිනවා වගෙයි. ඔය විදිහට ආර්ය වූ ආනන්දයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ශ්‍රී සද්ධර්මය වදාළා.

ඒසාහං භන්තේ ආනන්ද තං භගවන්තං සරණං ගච්ඡාමි, ධම්මඤ්ච භික්ඛුසංඝඤ්ච. උපාසකං මං අය්‍යෝ ආනන්දෝ ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතං සරණං ගතන්ති.

ආනන්දයන් වහන්ස, මේ මමත් භාග්‍යවතුන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත් ආර්ය මහා සංඝරත්නයත් සරණ යනවා. ආර්ය වූ ආනන්දයන් වහන්සේ, මං ගැන අද පටන් දිවි තිබෙන තුරාවටම තෙරුවන් සරණ ගිය උපාසකයෙක් ලෙස සළකන සේක්වා!

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M