21. සැවැත් නුවරදී…..
එදා ඡන්න පරිබ්‍රාජකයා ආයුෂ්මත් ආනන්ද තෙරුන් ළඟට පැමිණුනා. පැමිණ ආයුෂ්මත් ආනන්ද තෙරුන් සමඟ පිළිසඳර කතා බහෙන් සතුටුවුනා. සතුටුවිය යුතු සිහිකළ යුතු ඒ කතාබහ අවසන් කරලා එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩිවුන ඡන්න පරිබ්‍රාජකයා ආයුෂ්මත් ආනන්ද තෙරුන්ගෙන් මෙකරුණ විමසුවා.
ආයුෂ්මත් ආනන්ද, ඔබවහන්සේලාත් රාගයේ ප්‍රහාණය පණවනවා නෙව. ද්වේෂයේ ….(පෙ)…. මෝහයේ ප්‍රහාණය පණවනවා නෙව. ඉතින් ආයුෂ්මතුනි, අපිත් රාගයේ ප්‍රහාණය පණවනවා. ද්වේෂයේ ….(පෙ)…. මෝහයේ ප්‍රහාණය පණවනවා.
ආයුෂ්මතුනි, ඔබ මොන විදිහේ ආදීනව දැකලද රාගයේ ප්‍රහාණය පණවන්නේ? මොන විදිහේ ආදීනව දැකලද ද්වේෂයේ ….(පෙ)…. මොන විදිහේ ආදීනව දැකලද මෝහයේ ප්‍රහාණය පණවන්නේ?
එම්බා ආයුෂ්මතුනි, රාගයෙන් ඇලී ගිය විට, රාගයට යට වූ, රාගයෙන් වෙළාගත් සිත් ඇති කෙනා තමන්ට අයහපත පිණිසත් සිතනවා. අනුන්ට ….(පෙ)…. දෙපැත්තටම අයහපත පිණිස සිතනවා. මානසිකවත් දුක් දොම්නස් විඳිනවා. නමුත් රාගය ප්‍රහාණය වූ විට තමන්ට අයහපත පිණිස සිතන්නේ නෑ. අන් අයට ….(පෙ)…. දෙපැත්තේම අයට අයහපත පිණිස සිතන්නේ නෑ. මානසිකව දුක් දොම්නස් විඳින්නෙත් නෑ. එම්බා ආයුෂ්මතුනි, රාගයෙන් ඇලී ගිය විට, රාගයට යට වූ, රාගයෙන් වෙළාගත් සිත් ඇති කෙනා කයෙන් දුසිරිතේ හැසිරෙනවා. වචනයෙන් ….(පෙ)…. මනසින් දුසිරිතේ හැසිරෙනවා. නමුත් රාගය ප්‍රහාණය වූ විට කයින් දුසිරිතේ හැසිරෙන්නේ නෑ. වචනයෙන් ….(පෙ)…. මනසින් දුසිරිතේ හැසිරෙන්නේ නෑ. එම්බා ආයුෂ්මතුනි, රාගයෙන් ඇලී ගිය විට, රාගයට යට වූ, රාගයෙන් වෙළාගත් සිත් ඇති කෙනා තමන්ගේ යහපත ගැන ඇති සැටියෙන් දන්නේ නෑ. අනුන්ගේ ….(පෙ)…. දෙපැත්තේම යහපත ගැන ඇති සැටියෙන් දන්නේ නෑ. නමුත් රාගය ප්‍රහාණය වූ විට තමාගේ යහපතත් ඇතිසැටියෙන්ම දන්නවා. අනුන්ගේ ….(පෙ)…. දෙපැත්තේම යහපත ඇතිසැටියෙන්ම දන්නවා. එම්බා ආයුෂ්මතුනි, රාගය කියන්නේ සත්වයාව අන්ධ කරවන දෙයක්. ඇස් නැතිකරවන දෙයක්. දුක් පැත්තට ඇද දමන දෙයක්. කෙලෙස් නැති නොවීම පිණිසත් හේතු වෙනවා.
එම්බා ආයුෂ්මතුනි, ද්වේෂයෙන් දුෂ්ට වූ විට ….(පෙ)…. එම්බා ආයුෂ්මතුනි, මෝහයෙන් මුලා වූ විට, මෝහයට යට වූ, මෝහයෙන් වෙළාගත් සිත් ඇති කෙනා තමන්ට අයහපත පිණිසත් සිතනවා. අනුන්ට ….(පෙ)…. දෙපැත්තටම අයහපත පිණිස සිතනවා. මානසිකවත් දුක් දොම්නස් විඳිනවා. නමුත් මෝහය ප්‍රහාණය වූ විට තමන්ට අයහපත පිණිස සිතන්නේ නෑ. අන් අයට ….(පෙ)…. දෙපැත්තේම අයට අයහපත පිණිස සිතන්නේ නෑ. මානසිකව දුක් දොම්නස් විඳින්නෙත් නෑ.
එම්බා ආයුෂ්මතුනි, මෝහයෙන් මුලා වූ විට, මෝහයට යට වූ, මෝහයෙන් වෙළාගත් සිත් ඇති කෙනා කයෙන් දුසිරිතේ හැසිරෙනවා. වචනයෙන් ….(පෙ)…. මනසින් දුසිරිතේ හැසිරෙනවා. නමුත් මෝහය ප්‍රහාණය වූ විට කයින් දුසිරිතේ හැසිරෙන්නේ නෑ. වචනයෙන් ….(පෙ)…. මනසින් දුසිරිතේ හැසිරෙන්නේ නෑ. එම්බා ආයුෂ්මතුනි, මෝහයෙන් මුලා වූ විට, මෝහයට යට වූ, මෝහයෙන් වෙළාගත් සිත් ඇති කෙනා තමන්ගේ යහපත ගැන ඇති සැටියෙන් දන්නේ නෑ. අනුන්ගේ ….(පෙ)…. දෙපැත්තේම යහපත ගැන ඇති සැටියෙන් දන්නේ නෑ. නමුත් මෝහය ප්‍රහාණය වූ විට තමාගේ යහපතත් ඇතිසැටියෙන්ම දන්නවා. අනුන්ගේ ….(පෙ)…. දෙපැත්තේම යහපත ඇතිසැටියෙන්ම දන්නවා. එම්බා ආයුෂ්මතුනි, මෝහය කියන්නේ සත්වයාව අන්ධ කරවන දෙයක්. ඇස් නැතිකරවන දෙයක්. දුක් පැත්තට ඇද දමන දෙයක්. කෙලෙස් නැති නොවීම පිණිසත් හේතු වෙනවා.
එම්බා ආයුෂ්මතුනි, අපි රාගයෙහි පවතින මෙන්න මේ ආදීනවය දැකලා තමයි රාගය ප්‍රහාණය පණවන්නේ. ද්වේෂයෙහි පවතින මෙන්න මේ ආදීනවය දැකලා තමයි ද්වේෂයේ ප්‍රහාණය පණවන්නේ. මෝහයෙහි පවතින මෙන්න මේ ආදීනවය දැකලා තමයි මෝහයේ ප්‍රහාණය පණවන්නේ.”
“ආයුෂ්මතුනි, මේ රාගයේ, ද්වේෂයේ, මෝහයේ ප්‍රහාණය පිණිස මාර්ගයක් තියෙනවාද? ප්‍රතිපදාවක් තියෙනවාද?” “එසේය ආයුෂ්මතුනි. මේ රාගයේ, ද්වේෂයේ, මෝහයේ ප්‍රහාණය පිණිස මාර්ගයක් තියෙනවාමයි. ප්‍රතිපදාවක් තියෙනවාමයි. ඉතින් ආයුෂ්මතුනි, මේ රාගයේ, ද්වේෂයේ, මෝහයේ ප්‍රහාණය පිණිස තියෙන මාර්ගය කුමක්ද? ප්‍රතිපදාව කුමක්ද? ඒක තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මෙයයි. ආයුෂ්මතුනි, ඔය රාගයේ, ද්වේෂයේ, මෝහයේ ප්‍රහාණය පිණිස තියෙන මාර්ගය මේක තමයි. ප්‍රතිපදාවත් මේක තමයි.” “ආයුෂ්මතුනි, මේ රාගයේ, ද්වේෂයේ, මෝහයේ ප්‍රහාණයට හේතු වන ඒ මාර්ගයත් හරිම සුන්දරයි. ප්‍රතිපදාවත් හරිම සුන්දරයි. ඒ නිසා ආයුෂ්මත් ආනන්දයෙනි, අප්‍රමාදී වෙන්නමයි සුදුසු.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M