අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.2.2.8.

18. සචේ භික්ඛවේ අඤ්ඤතිත්ථථියා පරිබ්බාජකා ඒවං පුච්ඡෙය්‍යුං: තයෝ, මේ ආවුසෝ ධම්මා: කතමේ තයෝ: රාගෝ දෝසෝ මෝහෝ. ඉමේ ඛෝ ආවුසෝ තයෝ ධම්මා. ඉමේසං ආවුසෝ තිණ්ණං ධම්මානං කෝ විසේසෝ, කෝ අධිප්පායෝ, කිං නානාකරණන්ති? ඒවං පුට්ඨා තුම්හේ භික්ඛවේ තේසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං කින්ති බ්‍යාකරෙය්‍යාථාති?

18. “ඉදින් පින්වත් මහණෙනි, අන්‍ය ආගමික වූ පරිබ්‍රාජකයින් මේ විදිහට ඇහුවොත් ‘එම්බා ආයුෂ්මතුනි, මේ ධර්මයන් තුනක් තියෙනවා නෙව. ඒ තුන මොනවාද? රාගයත්, ද්වේෂයත්, මෝහයත්ය. එම්බා ආයුෂ්මතුනි, මේ තමයි ඒ ධර්ම තුන. ඉතින් එම්බා ආයුෂ්මතුනි, ඔය ධර්ම තුනෙහි ඇති විශේෂත්වය කුමක්ද? මූලිකව අදහස් කරන දෙය කුමක්ද? වෙනස්කම කුමක්ද?’ කියලා. පින්වත් මහණෙනි, මේ විදිහට ඇසූ කල්හි ඒ අන්‍ය ආගමික වූ පරිබ්‍රාජකයින්ට ඔබ පිළිතුරු දෙන්නේ කොයි විදිහටද?”

භගවංමූලකා නෝ භන්තේ ධම්මා භගවංනෙත්තිකා භගවංපටිසරණා. සාධු වත භන්තේ භගවන්තංයේව පටිභාතු ඒතස්ස භාසිතස්ස අත්ථෝ: භගවතෝ සුත්වා භික්ඛූ ධාරෙස්සන්තීති.

“ස්වාමීනී, අපගේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ මුල්කරගෙනමයි තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ ගුරුකොටගෙනයි තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොටගෙනයි තියෙන්නේ. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේටම මේ වදාළ කරුණෙහි අර්ථය වැටෙහන සේක්නම් මැනැවි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූන් වහන්සේලා එය ධාරණය කරගනීවි.”

තේන හි භික්ඛවේ සුණාථ …පෙ… භගවා ඒතදවෝච:

“එසේ නම් පින්වත් මහණෙනි, සවන් දෙන්න. ….(පෙ)…. භාග්‍යවතුන් වහන්සේ මෙම දෙසුම වදාළා.

සචේ භික්ඛවේ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා ඒවං පුච්ඡෙය්‍යුං තයෝ, මේ ආවුසෝ ධම්මා: කතමේ තයෝ: රාගෝ දෝසෝ මෝහෝ. ඉමේ ඛෝ ආවුසෝ තයෝ ධම්මා. ඉමේසං ආවුසෝ තිණ්ණං ධම්මානං කෝ විසේසෝ, කෝ අධිප්පායෝ කිං නානාකරණන්ති? ඒවං පුට්ඨා තුම්හේ භික්ඛවේ තේසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ඒවං බ්‍යාකරෙය්‍යාථ: රාගෝ ඛෝ ආවුසෝ අප්පසාවජ්ජෝ දන්ධවිරාගී, දෝසෝ මහාසාවජ්ජෝ ඛිප්පවිරාගී, මෝහෝ මහාසාවජ්ජෝ දන්ධවිරාගීති.

“ඉදින් පින්වත් මහණෙනි, අන්‍ය ආගමික වූ පරිබ්‍රාජකයින් මේ විදිහට ඇහුවොත් ‘එම්බා ආයුෂ්මතුනි, මේ ධර්මයන් තුනක් තියෙනවා නෙව. ඒ තුන මොනවාද? රාගයත්, ද්වේෂයත්, මෝහයත්ය. එම්බා ආයුෂ්මතුනි, මේ තමයි ඒ ධර්ම තුන. ඉතින් එම්බා ආයුෂ්මතුනි, ඔය ධර්ම තුනෙහි ඇති විශේෂත්වය කුමක්ද? මූලිකව අදහස් කරන දෙය කුමක්ද? වෙනස්කම කුමක්ද?’ කියලා. පින්වත් මහණෙනි, මේ විදිහට ඇසූ කල්හි ඒ අන්‍ය ආගමික වූ පරිබ්‍රාජකයින්ට ඔබ මේ ආකාරයෙන් පිළිතුරු දෙන්න. ‘එම්බා ආයුෂ්මතුනි, රාගය වනාහී අල්ප සාවද්‍යයි. නැති වෙලා යන්නේ හෙමිහිටයි. ද්වේෂය වනාහී මහා සාවද්‍යයි. ඉක්මනින් නැතිවෙලා යනවා. මෝහය වනාහී මහා සාවද්‍යයි. හෙමින් තමයි නැතිවෙලා යන්නේ’ කියලා.

කෝ පනාවුසෝ හේතු කෝ පච්චයෝ යේන අනුප්පන්නෝ වා රාගෝ උප්පජ්ජති, උප්පන්නෝ වා රාගෝ භිය්‍යෝභාවාය වේපුල්ලාය සංවත්තතීති? සුභනිමිත්තන්තිස්ස වචනීයං.

‘එම්බා ආයුෂ්මතුනි, එතකොට යම් හෙයකින් නූපන් රාගය උපදිනවා නම්, උපන් රාගය වැඩිවීම පිණිසත්, විපුල බවට පත්වීම පිණිසත් පවතින්නා වූ හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක්ද? එයට හේතුව වශයෙන් කිව යුත්තේ සුභ නිමිත්ත කියලයි.’

තස්ස සුභනිමිත්තං අයෝනිසෝ මනසි කරෝතෝ අනුප්පන්නෝ චේව රාගෝ උප්පජ්ජති. උප්පන්නෝ ච රාගෝ භිය්‍යෝභාවාය වේපුල්ලාය සංවත්තති. අයං ඛෝ ආවුසෝ හේතු, අයං පච්චයෝ, යේන අනුප්පන්නෝ වා රාගෝ උප්පජ්ජති, උප්පන්නෝ වා රාගෝ භිය්‍යෝභාවාය වේපුල්ලාය සංවත්තතීති.

සුභ නිමිත්ත නුවණින් තොරව සිහි කරන ඔහුට නූපන් රාගය වුනත් උපදිනවා. උපන් රාගයද වැඩිවීම පිණිසත්, විපුලබවට පත්වීම පිණිසත් හේතු වෙනවා. එම්බා ආයුෂ්මතුනි, යම් හෙයකින් නූපන් රාගය උපදිනවා නම්, උපන් රාගය වැඩිවීම පිණිසත්, විපුල බවට පත්වීම පිණිසත්, පවතින්නා වූ හේතුව මෙයයි. ප්‍රත්‍යය මෙයයි.

කෝ පනාවුසෝ හේතු කෝ පච්චයෝ, යේන අනුප්පන්නෝ වා දෝසෝ උප්පජ්ජති, උප්පන්නෝ වා දෝසෝ භිය්‍යෝභාවාය වේපුල්ලාය සංවත්තතීති? පටිඝනිමිත්තං තිස්ස වචනීයං. තස්ස පටිඝනිමිත්තං අයෝනිසෝ මනසි කරෝතෝ අනුප්පන්නෝ චේව දෝසෝ උප්පජ්ජති, උප්පන්නෝ ච දෝසෝ භිය්‍යෝභාවාය වේපුල්ලාය සංවත්තති. අයං ඛෝ ආවුසෝ හේතු, අයං පච්චයෝ, යේන අනුප්පන්නෝ වා දෝසෝ උප්පජ්ජති, උප්පන්නෝ වා දෝසෝ භිය්‍යෝභාවාය වේපුල්ලාය සංවත්තතීති.

එම්බා ආයුෂ්මතුනි, එතකොට යම් හෙයකින් නූපන් ද්වේෂය උපදිනවා නම්, උපන් ද්වේෂය වැඩිවීම පිණිසත්, විපුල බවට පත්වීම පිණිසත් පවතින්නා වූ හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක්ද? එයට හේතුව වශයෙන් කිව යුත්තේ පටිඝ නිමිත්ත කියලයි.’

පටිඝ නිමිත්ත නුවණින් තොරව සිහි කරන ඔහුට නූපන් ද්වේෂය වුනත් උපදිනවා. උපන් ද්වේෂයද වැඩිවීම පිණිසත්, විපුලබවට පත්වීම පිණිසත් හේතු වෙනවා. එම්බා ආයුෂ්මතුනි, යම් හෙයකින් නූපන් ද්වේෂය උපදිනවා නම්, උපන් ද්වේෂය වැඩිවීම පිණිසත්, විපුල බවට පත්වීම පිණිසත්, පවතින්නා වූ හේතුව මෙයයි. ප්‍රත්‍යය මෙයයි.

කෝ පනාවුසෝ හේතු, කෝ පච්චයෝ, යේන අනුප්පන්නෝ වා මෝහෝ උප්පජ්ජති, උප්පන්නෝ වා මෝහෝ භිය්‍යෝභාවාය වේපුල්ලාය සංවත්තතීති? අයෝනිසෝ මනසිකාරෝ තිස්ස වචනීයං. තස්ස අයෝනිසෝ මනසි කරෝතෝ අනුප්පන්නෝ චේව මෝහෝ උප්පජ්ජති, උප්පන්නෝ ච මෝහෝ භිය්‍යෝභාවාය වේපුල්ලාය සංවත්තති. අයං ඛෝ ආවුසෝ හේතු අයං පච්චයෝ, යේන අනුප්පන්නෝ වා මෝහෝ උප්පජ්ජති, උප්පන්නෝ වා මෝහෝ භිය්‍යෝභාවාය වේපුල්ලාය සංවත්තතීති.

එම්බා ආයුෂ්මතුනි, එතකොට යම් හෙයකින් නූපන් මෝහය උපදිනවා නම්, උපන් මෝහය වැඩිවීම පිණිසත්, විපුල බවට පත්වීම පිණිසත් පවතින්නා වූ හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක්ද? එයට හේතුව වශයෙන් කිව යුත්තේ අයෝනිසෝ මනසිකාරය කියලයි.

නුවණින් තොරව සිහි කරන ඔහුට නූපන් මෝහය වුනත් උපදිනවා. උපන් මෝහයද වැඩිවීම පිණිසත්, විපුලබවට පත්වීම පිණිසත් හේතු වෙනවා. එම්බා ආයුෂ්මතුනි, යම් හෙයකින් නූපන් මෝහය උපදිනවා නම්, උපන් මෝහය වැඩිවීම පිණිසත්, විපුල බවට පත්වීම පිණිසත්, පවතින්නා වූ හේතුව මෙයයි. ප්‍රත්‍යය මෙයයි.

කෝ පනාවුසෝ හේතු, කෝ පච්චයෝ, යේන අනුප්පන්නෝ වා රාගෝ නුප්පජ්ජති උප්පන්නෝ වා රාගෝ පහීයතීති? අසුභනිමිත්තන්තිස්ස වචනීයං.

එම්බා ආයුෂ්මතුනි, එතකොට යම් හෙයකින් නූපන් රාගය නූපදිනවා නම්, උපන් රාගය ප්‍රහාණය වෙනවා නම් එයට හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක්ද? එයට හේතුව වශයෙන් කිව යුත්තේ අසුභ නිමිත්ත කියලයි.

තස්ස අසුභනිමිත්තං යෝනිසෝ මනසි කරෝතෝ අනුප්පන්නෝ චේව රාගෝ නුප්පජ්ජති, උප්පන්නෝ ච රාගෝ පහීයති. අයං ඛෝ ආවුසෝ හේතු අයං පච්චයෝ, යේන අනුප්පන්නෝ වා රාගෝ නුප්පජ්ජති, උප්පන්නෝ ච රාගෝ පහීයතීති.

අසුභ නිමිත්ත නුවණින් යුක්තව සිහි කරන ඔහුට නූපන් රාගය උපදින්නේ නෑ. උපන් රාගය වුනත් ප්‍රහාණය වෙලා යනවා. එම්බා ආයුෂ්මතුනි, යම් හෙයකින් නූපන් රාගය නූපදිනවා නම්, උපන් රාගය ප්‍රහාණය වෙලා යනවා නම්, එයට හේතුව මෙයයි. ප්‍රත්‍යය මෙයයි.

කෝ පනාවුසෝ හේතු, කෝ පච්චයෝ, යේන අනුප්පන්නෝ වා දෝසෝ නුප්පජ්ජති, උප්පන්නෝ ච දෝසෝ පහීයතීති? මෙත්තා චේතෝවිමුත්තී තිස්ස වචනීයං.

එම්බා ආයුෂ්මතුනි, එතකොට යම් හෙයකින් නූපන් ද්වේෂය නූපදිනවා නම්, උපන් ද්වේෂය ප්‍රහාණය වෙනවා නම් එයට හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක්ද? එයට හේතුව වශයෙන් කිව යුත්තේ මෛත්‍රී චිත්ත විමුක්තිය කියලයි.

තස්ස මෙත්තං චේතෝවිමුත්තිං යෝනිසෝ මනසි කරෝතෝ අනුප්පන්නෝ චේව දෝසෝ නුප්පජ්ජති, උප්පන්නෝ ච දෝසෝ පහීයති. අයං ඛෝ ආවුසෝ හේතු අයං පච්චයෝ. යේන අනුප්පන්නෝ වා දෝසෝ නුප්පජ්ජති උප්පන්නෝ වා දෝසෝ පහීයතීති.

මෛත්‍රී චිත්ත විමුක්තිය නුවණින් යුක්තව සිහි කරන ඔහුට නූපන් ද්වේෂය උපදින්නේ නෑ. උපන් ද්වේෂය වුනත් ප්‍රහාණය වෙලා යනවා. එම්බා ආයුෂ්මතුනි, යම් හෙයකින් නූපන් ද්වේෂය නූපදිනවා නම්, උපන් ද්වේෂය ප්‍රහාණය වෙලා යනවා නම්, එයට හේතුව මෙයයි. ප්‍රත්‍යය මෙයයි.

කෝ පනාවුසෝ හේතු, කෝ පච්චයෝ, යේන අනුප්පන්නෝ වා මෝහෝ නුප්පජ්ජති, උප්පන්නෝ වා මෝහෝ පහීයතීති? යෝනිසෝමනසිකාරෝ තිස්ස වචනීයං.

එම්බා ආයුෂ්මතුනි, එතකොට යම් හෙයකින් නූපන් මෝහය නූපදිනවා නම්, උපන් මෝහය ප්‍රහාණය වෙනවා නම් එයට හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක්ද? එයට හේතුව වශයෙන් කිව යුත්තේ යෝනිසෝ මනසිකාරය කියලයි.

තස්ස යෝනිසෝ මනසි කරෝතෝ අනුප්පන්නෝ චේව මෝහෝ නුප්පජ්ජති, උප්පන්නෝ ච මෝහෝ පහීයති, අයං ඛෝ ආවුසෝ හේතු, අයං පච්චයෝ. යේන අනුප්පන්නෝ වා මෝහෝ නුප්පජ්ජති, උප්පන්නෝ ච මෝහෝ පහීයතීති.

නුවණින් යුක්තව සිහි කරන ඔහුට නූපන් මෝහය උපදින්නේ නෑ. උපන් මෝහය වුනත් ප්‍රහාණය වෙලා යනවා. එම්බා ආයුෂ්මතුනි, යම් හෙයකින් නූපන් මෝහය නූපදිනවා නම්, උපන් මෝහය ප්‍රහාණය වෙලා යනවා නම්, එයට හේතුව මෙයයි. ප්‍රත්‍යය මෙයයි.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M