අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.2.2.7.

17. තීණිමානි භික්ඛවේ කථාවත්ථූනි. කතමානි තීණි: අතීතං වා භික්ඛවේ අද්ධානං ආරබ්භ කථං කථෙය්‍ය ඒවං අහෝසි අතීතමද්ධානන්ති, අනාගතං වා භික්ඛවේ අද්ධානං ආරබ්භ කථං කථෙය්‍ය ඒවං භවිස්සති අනාගතමද්ධානන්ති, ඒතරහි වා භික්ඛවේ පච්චුප්පන්නං අද්ධාන ආරබ්භ කථං කථෙය්‍ය ඒවං ඒතරහි පච්චුප්පන්නන්ති.

17. පින්වත් මහණෙනි, මේ කථාවට මූලික වන කාරණා තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? පින්වත් මහණෙනි, “අතීත කාලයේ මේ විදිහට වුනා” කියලා. අතීත කාලය අරභයා කථා කරනවා. “අනාගත කාලයේ මේ විදිහට වෙනවා” කියලා අනාගත කාලය අරභයා කතා කරනවා. “දැන් මේ කාලේ පවතින්නේ මේ විදිහට” කියලා මේ පවතින වර්තමාන කාලය අරභය කතා කරනවා.

කථාසම්පයෝගේන භික්ඛවේ පුග්ගලෝ වේදිතබ්බෝ, යදි වා කච්ඡෝ, යදි වා අකච්ඡෝති. සචායං භික්ඛවේ පුග්ගලෝ පඤ්හං පුට්ඨෝ සමානෝ ඒකංසව්‍යාකරණීයං පඤ්හං න ඒකංසේන ව්‍යාකරෝති, විභජ්ජව්‍යාකරණීයං පඤ්හං න විභජ්ජ ව්‍යාකරෝති, පටිපුච්ඡාව්‍යාකරණීයං පඤ්හං න පටිපුච්ඡා ව්‍යාකරෝති, ඨපනීයං පඤ්හං න ඨපේති, ඒවං සන්තායං භික්ඛවේ පුග්ගලෝ අකච්ඡෝ හෝති.

පින්වත් මහණෙනි, කථාවට සුදුසුද, එහෙම නැත්නම් කථාවට සුදුසු නැද්ද කියලා කථාවේ යෙදිලා තමයි දැනගත යුත්තේ. පින්වත් මහණෙනි, ඉදින් ප්‍රශ්න විමසූ කල්හී මේ පුද්ගලයා එක එල්ලේම විසඳිය යුතු ප්‍රශ්නය එක එල්ලේම විසඳන්නේ නැත්නම්, බෙදා විසඳිය යුතු ප්‍රශ්නය බෙදා විසඳන්නේ නැත්නම්, ප්‍රතිප්‍රශ්න ඇසීමෙන් විසඳිය යුතු ප්‍රශ්න ප්‍රතිප්‍රශ්න ඇසීමෙන් විසඳන්නේ නැත්නම්, පසෙකින් තැබිය යුතු ප්‍රශ්නය පසෙකින් තබන්නේ නැත්නම්, පින්වත් මහණෙනි, මෙසේ ඇති කල්හී මේ පුද්ගලයා කථාවට සුදුසු නෑ.

සචේ පනායං භික්ඛවේ පුග්ගලෝ පඤ්හං පුට්ඨෝ සමානෝ ඒකංසව්‍යාකරණීයං පඤ්හං ඒකංසේන ව්‍යාකරෝති, විභජ්ජව්‍යාකරණීයං පඤ්හං විභජ්ජ ව්‍යාකරෝති, පටිපුච්ඡාව්‍යාකරණීයං පඤ්හං පටිපුච්ඡා ව්‍යාකරෝති, ඨපනීයං පඤ්හං ඨපේති, ඒවං සන්තායං භික්ඛවේ පුග්ගලෝ කච්ඡෝ හෝති.

පින්වත් මහණෙනි, ඉදින් ප්‍රශ්න විමසූ කල්හී මේ පුද්ගලයා එක එල්ලේම විසඳිය යුතු ප්‍රශ්නය එක එල්ලේම විසඳනවා නම්, බෙදා විසඳිය යුතු ප්‍රශ්නය බෙදා විසඳනවා නම්, ප්‍රතිප්‍රශ්න ඇසීමෙන් විසඳිය යුතු ප්‍රශ්න ප්‍රතිප්‍රශ්න ඇසීමෙන් විසඳනවා නම්, පසෙකින් තැබිය යුතු ප්‍රශ්නය පසෙකින් තබනවා නම්, පින්වත් මහණෙනි, මෙසේ ඇති කල්හී මේ පුද්ගලයා කථාවට සුදුසුයි.

කථාසම්පයෝගේන භික්ඛවේ පුග්ගලෝ වේදිතබ්බෝ යදි වා කච්ඡෝ, යදි වා අකච්ඡෝති. සචායං භික්ඛවේ පුග්ගලෝ පඤ්හං පුට්ඨෝ සමානෝ ඨානාඨානේ න සණ්ඨාති, පරිකප්පේ න සණ්ඨාති, අඤ්ඤවාදේ න සණ්ඨාති, පටිපදාය න සණ්ඨාති, ඒවං සන්තායං භික්ඛවේ පුග්ගලෝ අකච්ඡෝ හෝති.

පින්වත් මහණෙනි, කථාවට සුදුසුද, එහෙම නැත්නම් කථාවට සුදුසු නැද්ද කියලා කථාවේ යෙදිලා තමයි දැනගත යුත්තේ. පින්වත් මහණෙනි, ඉදින් ප්‍රශ්න විමසූ කල්හී මේ පුද්ගලයා කරුණු කාරණාවල පිහිටන්නේ නැත්නම්, අදහස් කරන්නා වූ කරුණු තුළ පිහිටන්නේ නැත්නම්, දැනගෙන සිටි දෙය තුළ පිහිටන්නේ නැත්නම්, ප්‍රතිපත්තියේ පිහිටන්නේ නැත්නම් පින්වත් මහණෙනි, මෙසේ ඇති කල්හී මේ පුද්ගලයා කථාවට නුසුදුසුයි.

සචේ පනායං භික්ඛවේ පුග්ගලෝ පඤ්හං පුට්ඨෝ සමානෝ ඨානාඨානේ සණ්ඨාති, පරිකප්පේ සණ්ඨාති, අඤ්ඤවාදේ සණ්ඨාති, පටිපදාය සණ්ඨාති ඒවං සන්තායං භික්ඛවේ පුග්ගලෝ කච්ඡෝ හෝති.

පින්වත් මහණෙනි, ඉදින් ප්‍රශ්න විමසූ කල්හී මේ පුද්ගලයා කරුණු කාරණාවල පිහිටනවා නම්, අදහස් කරන්නා වූ කරුණු තුළ පිහිටනවා නම්, දැනගෙන සිටි දෙය තුළ පිහිටනවා නම්, ප්‍රතිපත්තියේ පිහිටනවා නම් පින්වත් මහණෙනි, මෙසේ ඇති කල්හී මේ පුද්ගලයා කථාවට සුදුසුයි.

‘කථාසම්පයෝගේන භික්ඛවේ පුග්ගලෝ වේදිතබ්බෝ යදි වා කච්ඡෝ යදි වා අකච්ඡෝති. සචායං භික්ඛවේ පුග්ගලෝ පඤ්හං පුට්ඨෝ සමානෝ අඤ්ඤේනඤ්ඤං පටිචරති, බහිද්ධා කථං අපනාමේති, කෝපඤ්ච දෝසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරෝති, ඒවං සන්තායං, භික්ඛවේ, පුග්ගලෝ අකච්ඡෝ හෝති.

පින්වත් මහණෙනි, කථාවට සුදුසුද, එහෙම නැත්නම් කථාවට සුදුසු නැද්ද කියලා කථාවේ යෙදිලා තමයි දැනගත යුත්තේ. පින්වත් මහණෙනි, ඉදින් ප්‍රශ්න විමසූ කල්හී මේ පුද්ගලයා වෙන කථාවකින් අනෙක් කථාව වහලා දානවා නම්, බාහිර කථාවක් ඇදලා ගන්නවා නම්, කෝපයත්, ද්වේෂයත්, නොසතුටත් පළ කරනවා නම්, පින්වත් මහණෙනි, මෙසේ ඇති කල්හී මේ පුද්ගලයා කථාවට සුදුසු නෑ.

සචේ පනායං භික්ඛවේ පුග්ගලෝ පඤ්හං පුට්ඨෝ සමානෝ නාඤ්ඤේනාඤ්ඤං පටිචරති. න බහිද්ධා කථං අපනාමේති, න කෝපඤ්ච දෝසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරෝති, ඒවං සන්තායං භික්ඛවේ පුග්ගලෝ කච්ඡෝ හෝති.

පින්වත් මහණෙනි, ඉදින් ප්‍රශ්න විමසූ කල්හී මේ පුද්ගලයා වෙන කථාවකින් අනෙක් කථාව වහලා දාන්නේ නැත්නම්, බාහිර කථාවක් ඇදලා ගන්නේ නැත්නම්, කෝපයත්, ද්වේෂයත්, නොසතුටත් පළ කරන්නේ නැත්නම්, පින්වත් මහණෙනි, මෙසේ ඇති කල්හී මේ පුද්ගලයා කථාවට සුදුසුයි.

කථාසම්පයෝගේන භික්ඛවේ පුග්ගලෝ වේදිතබ්බෝ යදි වා කච්ඡෝ, යදි වා අකච්ඡෝති.

පින්වත් මහණෙනි, කථාවට සුදුසුද, එහෙම නැත්නම් කථාවට සුදුසු නැද්ද කියලා කථාවේ යෙදිලා තමයි දැනගත යුත්තේ.

සචායං භික්ඛවේ පුග්ගලෝ පඤ්හං පුට්ඨෝ සමානෝ අභිහරති, අභිමද්දති, අනුපජග්ඝත ඛලිතං ගණ්හාති. ඒවං සන්තායං භික්ඛවේ පුග්ගලෝ අකච්ඡෝ හෝති.

පින්වත් මහණෙනි, ඉදින් ප්‍රශ්න විමසූ කල්හී මේ පුද්ගලයා අදාළ නැති දේ ඇදගනිමින් බාධා කරනවා නම්, බණිමින් මැඩ පවත්වනවා නම්, විහිළුවට ලක්කරනවා නම්, වැරදි විදිහට ගන්නවා නම්, පින්වත් මහණෙනි, මෙසේ ඇතිකල්හි මේ පුද්ගලයා කථාවට සුදුසු නෑ.

සචේ පනායං භික්ඛවේ පුග්ගලෝ පඤ්හං පුට්ඨෝ සමානෝ න අභිහරති, න අභිමද්දති, න අනුපජග්ඝති, න ඛලිතං ගණ්හාති. ඒවං සන්තායං භික්ඛවේ පුග්ගලෝ කච්ඡෝ හෝති.

පින්වත් මහණෙනි, ඉදින් ප්‍රශ්න විමසූ කල්හී මේ පුද්ගලයා අදාළ නැති දේ ඇදගනිමින් බාධා කරන්නේ නැත්නම්, බනිමින් මැඩ පවත්වන්නේ නැත්නම්, විහිළුවට ලක්කරන්නේ නැත්නම්, වැරදි විදිහට ගන්නේ නැත්නම්, පින්වත් මහණෙනි, මෙසේ ඇතිකල්හි මේ පුද්ගලයා කථාවට සුදුසුයි.

කථාසම්පයෝගේන භික්ඛවේ පුග්ගලෝ වේදිතබ්බෝ යදි වා සඋපනිසෝ යදි වා අනුපනිසෝති.

පින්වත් මහණෙනි. පුද්ගලයා හේතු සම්පත්වලින් යුක්තයිද, හේතු සම්පත් නැද්ද කියලා දැනගන්න තියෙන්නේ කථාවේ යෙදිලාමයි.

අනෝහිතසෝතෝ භික්ඛවේ අනුපනිසෝ හෝති. ඕහිතසෝතෝ සඋපනිසෝ හෝති. සෝ සඋපනිසෝ සමානෝ අභිජානාති ඒකං ධම්මං පරිජානාති ඒකං ධම්මං, පජහති ඒකං ධම්මං, සච්ඡිකරෝති ඒකං ධම්මං. සෝ අභිජානන්තෝ ඒකං ධම්මං, පරිජානන්තෝ ඒකං ධම්මං, පජහන්තෝ ඒකං ධම්මං, සච්ඡිකරොන්තෝ ඒකං ධම්මං සම්මාවිමුත්තිං ඵුසති. ඒතදත්ථා භික්ඛවේ කථා, ඒතදත්ථා මන්තනා, ඒතදත්ථා උපනිසා, ඒතදත්ථං සෝතාවධානං යදිදං අනුපාදා චිත්තස්ස විමොක්ඛෝති.

පින්වත් මහණෙනි. ධර්මශ්‍රවණය පිණිස අවධානයෙන් යුතුව සවන් යොමු නොකරන කෙනා හේතු සම්පත් රහිතයි. ධර්මශ්‍රවණය පිණිස අවධානයෙන් යුතුව සවන් යොමු කරන කෙනා හේතු සම්පත් සහිතයි. ඔහු හේතු සම්පත් සහිත නිසා එක් ධර්මයක් දැනගන්නවා. එක් ධර්මයක් පිරිසිඳ දැනගන්නවා. එක් ධර්මයක් අත්හරිනවා. එක් ධර්මයක් සාක්ෂාත් කරනවා. ඔහු එක ධර්මයක් දැනගනිමින්, එක ධර්මයක් පිරිසිඳ දැනගනිමින්, එක් ධර්මයක් අත්හරිමින්, එක් ධර්මයක් සාක්ෂාත් කරමින් සම්මා විමුක්තිය නම් වූ නිවන ස්පර්ශ කරනවා.

පින්වත් මහණෙනි, උපාදාන රහිතව ඇතිවෙන සිතේ යම් මේ අරහත්ඵල විමුක්තියක් ඇද්ද, කථාව තිබෙන්නේ ඔය අර්ථයටමය. සාකච්ඡාව තිබෙන්නේ ඔය අර්ථයටමය. හේතු සම්පත් තිබෙන්නේ ඔය අර්ථයටමය. ධර්ම ශ්‍රවණයට සවන් යොමු කිරීම තිබෙන්නේ ඔය අර්ථයටමය.

23. යේ විරුද්ධා සල්ලපන්ති විනිවිට්ඨා සමුස්සිතා,
අනරියගුණමාසජ්ජ අඤ්ඤමඤ්ඤවිවරේසිනෝ.

23. යම් කෙනෙක් ද්වේෂයෙන් යුක්තව, අධික මාන්නයෙහි බැසගෙන, විරුද්ධව කතා කරයි නම්, එකිනෙකාගේ සිදුරු සොය සොයා ගුණ නසමින් අනාර්ය වූ කථාව කරයි නම්,

24. දුබ්භාසිතං වික්ඛලිතං සම්පමෝහං පරාජයං,
අඤඤමඤ්ඤස්සාභිනන්දන්ති තදරියෝ කථනාචරේ.

24. එබඳු පුද්ගලයා එකිනෙකාගේ දුර්භාෂිතයන්, අසභ්‍ය කථා, අඩුපාඩු, පරාජය ආදිය හුවා දක්වමින් සතුටු වෙනවා. නමුත් ආර්ය පුද්ගලයා එවැනි දේ කියන්න යන්නේ නෑ.

25. සචේ චස්ස කථාකාමෝ කාලමඤ්ඤාය පණ්ඩිතෝ,
ධම්මට්ඨපටිසංයුත්තා යා අරියාචරිතා කථා.

25. ඉදින් නුවණැති පුද්ගලයා කථාබස් කරන්න කැමැති වන්නේ නම්, එයට කල්දන්නවා. ධර්මයෙහි පිහිටි, ධර්මානුකූල බවෙන් යුතු වූ, ආර්ය වූ යම් කථා මාර්ගයක් ඇද්ද,

26. තං කථං කථයේ ධීරෝ අවිරුද්ධෝ අනුස්සිතෝ,
අනුපාදින්නේන මනසා අපළාසෝ අසාහසෝ.

26. ඒ ප්‍රඥාවන්තයා කරන්නේ අන්න එවැනි කථාවෙහි යෙදීමයි. එහි විරුද්ධ දේවල් නැහැ. හුවාදැක්වීම් නැහැ. කෙලෙස්වලට බැඳීමුත් නෑ. හෙළා දැකීම් නෑ. එකට එක කීම් නෑ.

27. අනුසූයායමානෝ සෝ සම්මදඤ්ඤාය භාසති,
සුභාසිතං අනුමෝදෙය්‍ය දුබ්භට්ඨේ නාපසාදයේ

27. ඒ නුවණැති සත්පුරුෂයන් ඊර්ෂ්‍යා රහිත වූ සිතින් ඉතා හොඳ අවබෝධයකින් යුක්තවමයි කථා කරන්නේ. සුභාෂිත අනුමෝදන් වෙනවා. දුර්භාෂිත බැසගන්නේ නෑ.

28. උපාරම්භං න සික්ඛෙය්‍ය ඛලිතඤ්ච න ගාහයේ,
නාභිහරේ නාභිමද්දේ න වාචං පයුතං භණේ.

28. ඇද සොයමින් කථා කිරීමට නොපුරුදු විය යුතුයි. අඩුපාඩු අල්ල ගන්නේ නෑ. අදාළ නැති දේ ඇදගන්නේ නෑ. බාහිර දේ කියමින් මඬින්නේ නෑ. ඇත්ත නැත්ත පටලවලා කියන්නේ නෑ.

29. අඤ්ඤාතත්ථං පසාදත්ථං සතං වේ හෝති මන්තනා,
ඒවං ඛෝ අරියා මන්තෙන්ති ඒසා අරියාන මන්තනා,
ඒතදඤ්ඤාය මේධාවී න සමුස්සෙය්‍ය මන්තයේති.

29. සත්පුරුෂයින්ගේ සාකච්ඡාව අවබෝධය පිණිසත්, ප්‍රසාදය පිණිසත් ඒකාන්තයෙන්ම හේතු වෙනවා. ආර්යයන් වහන්සේලා ඒ විදිහටයි සාකච්ඡා කරන්නේ. මෙය තමයි ආර්යයන් වහන්සේලාගේ සාකච්ඡාව. ඒ ප්‍රඥාවන්ත සත්පුරුෂයන් මේ අර්ථය දැනගෙන අවබෝධයෙන්ම සාකච්ඡා කරද්දී තමන්ව හුවාදක්වන්නේ නෑ.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M