අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.2.2.6.

16. ඒවං මේ සුතං: ඒකං සමයං ආයස්මා නන්දකෝ සාවත්ථියං විහරති පුබ්බාරාමේ මිගාරමාතුපාසාදේ. අථ ඛෝ සාළ්හෝ ච මිගාරනත්තා රෝහණෝ ච පේඛුණියනත්තා යේනායස්මා නන්දකෝ තේනුපසංකමිත්වා ආයස්මන්තං නන්දකං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නං ඛෝ සාළ්හං මිගාරනත්තාරං ආයස්මා නන්දකෝ ඒතදවෝච:

16. මා විසින් මෙසේ අසන ලදී. ඒ දිනවල ආයුෂ්මත් නන්දක තෙරුන් වැඩසිටියේ සැවැත් නුවර මිගාරමාතු ප්‍රාසාදය නම් වූ පූර්වාරාමයෙහිය. එදා මිගාර මහසිටුහුගේ මුණුපුරා වන සාළ්හත්, පේඛුනිය සිටුහුගේ මුණුපුරා වන රෝහණත් ආයුෂ්මත් නන්දක තෙරුන් වෙත පැමිණුනා. පැමිණ ආයුෂ්මත් නන්දක තෙරුන්ට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩිවුන මිගාර මහසිටුහුගේ මුණුපුරා වන සාළ්හයන් හට ආයුෂ්මත් නන්දක තෙරුන් මෙකරුණ පැවසුවා.

ඒථ තුම්හේ සාළ්හා මා අනුස්සවේන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානේන, මා තක්කහේතු, මා නයහේතු, මා ආකාරපරිවිතක්කේන, මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, මා භබ්බරූපතාය, මා සමණෝ නෝ ගරූති. යදා තුම්හේ සාළ්හා අත්තනාව ජානෙය්‍යාථ: ඉමේ ධම්මා අකුසලා, ඉමේ ධම්මා සාවජ්ජා, ඉමේ ධම්මා විඤ්ඤුගරහිතා, ඉමේ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්තීති. අථ තුම්හේ සාළ්හා පජහෙය්‍යාථ.

“පින්වත් සාළ්හයෙනි, ඔබ එන්න. කටකතාවෙන් ආවා කියලා ගන්න එපා. පරම්පරාවෙන් ආවා කියලා ගන්න එපා. ඒක මෙහෙම මෙහෙමයි වුනේ කියලා ගන්න එපා. තම තමන්ගේ දහම් පොත්වල තිබෙනවාය කියා කියූ පමණින් ගන්නත් එපා. තර්කයට ගැලපෙනවාය කියල ගන්නත් එපා. න්‍යායට ගැලපෙනවාය කියල ගන්නත් එපා. කරුණු සලකාගෙන යද්දී ගැලපෙනවාය කියලා ගන්නත් එපා. තමන්ගේ අදහසට සැසඳී යනවාය කියල ගන්නත් එපා. පිළිගත යුතු කෙනෙක් නෙව මෙය කියන්නේ කියල ගන්නත් එපා. මේ ශ්‍රමණයන් වහන්සේ අපගේ ගුරුවරයා නෙව කියල ගන්නත් එපා. පින්වත් සාළ්හයෙනි, යම් විටෙක, ‘මේ මේ දේවල් අකුසල්, මේ මේ දේවල් වරදින් යුක්තයි, මේ දේවල් නුවණැත්තන් විසින් ගරහලයි තියෙන්නේ, මේ දේවල් සමාදන් වෙලා පුරුදු කළෝතින් අහිත පිණිස, දුක පිණිසයි පවතින්නේ’ කියලා ඔබටම තමා තුළින් වැටහෙනවා නම්, එතකොට පින්වත් සාළ්හයෙනි, ඔබ එය අත්හරින්න.

තං කිං මඤ්ඤථ සාළ්හා අත්ථි ලෝභෝති? ඒවං භන්තේ, අභිජ්ඣාති ඛෝ අහං සාළ්හා ඒතමත්ථං වදාමි.

පින්වත් සාළ්හයෙනි, මේ ගැන කුමක්ද සිතන්නේ? ලෝභය තියෙනවා නේද?” “එසේය, ස්වාමීනී.” “පින්වත් සාළ්හයෙනි, මා ඕකෙ තේරුම හැටියට කියන්නේ අභිධ්‍යාව කියලයි.

ලුද්ධෝ ඛෝ අයං සාළ්හා අභිජ්ඣාලු පාණම්පි හනති, අදින්නම්පි ආදියති, පරදාරම්පි ගච්ඡති, මුසාපි භණති, පරම්පි තථත්තාය සමාදපේති, යං ස හෝති දීඝරත්තං අහිතාය දුක්ඛායාති? ඒවං භන්තේ.

පින්වත් සාළ්හයෙනි, මේ ලෝභී වූ පුරුෂ පුද්ගලයා ලෝභයෙන් යට වූ සිතින්, ලෝභය වැළඳගත් සිතින් යුතුව යම් දෙයක් ඔහුට බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස පවතිනවා නම්, එබඳු වූ ප්‍රාණඝාතත් කරනවා. සොරකම්ද කරනවා. පරස්ත්‍රී සේවනයේද යෙදෙනවා. බොරුත් කියනවා. අන් උදවියත් ඒ දුෂ්චරිතයෙහි සමාදන් කරවනවා නේද?” “එසේය ස්වාමීනී.”

තං කිං මඤ්ඤථ සාළ්හා අත්ථි දෝසෝති? ඒවං භන්තේ. බ්‍යාපාදෝති ඛෝ අහං සාළ්හා ඒතමත්ථං වදාමි.

“පින්වත් සාළ්හයෙනි, මේ ගැන කුමක්ද සිතන්නේ? ද්වේෂය තියෙනවා නේද?” “එසේය, ස්වාමීනී” “පින්වත් සාළ්හයෙනි, මා ඕකෙ තේරුම හැටියට කියන්නේ ව්‍යාපාදය කියලයි.

දුට්ඨෝ ඛෝ අයං සාළ්හා බ්‍යාපන්නචිත්තෝ පාණම්පි හනති …පෙ… මුසාපි භණති, පරම්පි තථත්තාය සමාදපේති, යං ස හෝති දීඝරත්තං අහිතාය දුක්ඛායාති, ඒවං භන්තේ.

“පින්වත් සාළ්හයෙනි, මේ දුෂ්ට වූ පුරුෂ පුද්ගලයා ද්වේෂයෙන් යට වූ සිතින්, ද්වේෂය වැළඳගත් සිතින් යුතුව යම් දෙයක් ඔහුට බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස පවතිනවා නම්, එබඳු වූ ප්‍රාණඝාතත් කරනවා. ….(පෙ)…. අන් උදවියත් ඒ දුෂ්චරිතයෙහි සමාදන් කරවනවා නේද?” “එසේය ස්වාමීනී.”

තං කිං මඤ්ඤථ සාළ්හා අත්ථි මෝහෝති? ඒවං භන්තේ. අවිජ්ජාති ඛෝ අහං, සාළ්හා ඒතමත්ථං වදාමි.

“පින්වත් සාළ්හයෙනි, මේ ගැන කුමක්ද සිතන්නේ? මෝහය තියෙනවා නේද?” “එසේය, ස්වාමීනී.” “පින්වත් සාළ්හයෙනි, මා ඕකෙ තේරුම හැටියට කියන්නේ අවිද්‍යාව කියලයි.

මූළ්හෝ ඛෝ අයං සාළ්හා අවිජ්ජාගතෝ පාණම්පි හනති, අදින්නම්පි ආදියති, පරදාරම්පි ගච්ඡති, මුසාපි භණති, පරම්පි තථත්තාය සමාදපේති, යං ස හෝති දීඝරත්තං අහිතාය දුක්ඛායාති. ඒවං භන්තේ.

“පින්වත් සාළ්හයෙනි, මේ මුළා වූ පුරුෂ පුද්ගලයා මෝහයෙන් යට වූ සිතින්, මෝහය වැළඳගත් සිතින් යුතුව යම් දෙයක් ඔහුට බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස පවතිනවා නම්, එබඳු වූ ප්‍රාණඝාතත් කරනවා. සොරකම්ද කරනවා. පරස්ත්‍රී සේවනයේද යෙදෙනවා. බොරුත් කියනවා. අන් උදවියත් ඒ දුෂ්චරිතයෙහි සමාදන් කරවනවා නේද?” “එසේය, ස්වාමීනී.”

තං කිං මඤ්ඤථ සාළ්හා, ඉමේ ධම්මා කුසලා වා අකුසලා වති? අකුසලා භන්තේ. සාවජ්ජා වා අනවජ්ජා වාති? සාවජ්ජා භන්තේ. විඤ්ඤුගරහිතා වා විඤ්ඤුප්පසත්ථා වාති? විඤ්ඤුගරහිතා භන්තේ. සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති නෝ වා කථං වා එත්ථ හෝතීති? සමත්තා භන්තේ සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්තීති? ඒවං නෝ එත්ථ හෝතීති.

“පින්වත් සාළ්හයෙනි, ඒ ගැන ඔබ කුමක්ද සිතන්නේ? ඔය දේවල් කුසල්ද? නැත්නම් අකුසල්ද?” “ස්වාමීනී, අකුසල්.” “වරදින් යුක්තයිද? වරදින් තොරයිද?” “ස්වාමීනී, වරදින් යුක්තයි.” “නුවණැත්තන් විසින් ගරහපු දේවල්ද? නුවණැත්තන් විසින් ප්‍රශංසා කළ දේවල්ද?” “ස්වාමීනී, නුවණැත්තන් විසින් ගරහල තියෙන්නේ.” “ඔය දේවල් සමාදන් වෙලා, පුරුදු කළොත් අහිත පිණිස, දුක් පිණිස පවතීද? නැත්නම් එහෙම නොපවතීද? මෙහිලා ඔබ සිතන්නේ කුමක්ද?” “ස්වාමීනී, ඔය දේවල් සමාදන් වෙලා, පුරුදු කළොත් අහිත පිණිස, දුක් පිණිස පවතිනවා කියලයි ඔය ගැන අපට සිතෙන්නේ.”

ඉති ඛෝ සාළ්හා යං තං අවෝචුම්හ: ඒථ තුම්හේ සාළ්හා මා අනුස්සවේන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානේන, මා තක්කහේතු, මා නයහේතු, මා ආකාරපරිවිතක්කේන, මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, මා භබ්බරූපතාය, මා සමණෝ නෝ ගරූති. යදා තුම්හේ සාළ්හා අත්තනාව ජානෙය්‍යාථ, ඉමේ ධම්මා අකුසලා, ඉමේ ධම්මා සාවජ්ජා, ඉමේ ධම්මා විඤ්ඤුගරහිතා, ඉමේ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්තීති. අථ තුම්හේ සාළ්හා පජහෙය්‍යාථාති ඉති යං තං වුත්තං ඉදමේතං පටිච්ච වුත්තං.

ඉතින් පින්වත් සාළ්හයෙනි, දැන් ඔය අකුසල් ගැන යමක් පැවසුවා නේද, ‘පින්වත් සාළ්හයෙනි, ඔබ එන්න. කටකතාවෙන් ආවා කියලා ගන්න එපා. පරම්පරාවෙන් ආවා කියලා ගන්න එපා. ඒක මෙහෙම මෙහෙමයි වුනේ කියලා ගන්න එපා. තම තමන්ගේ දහම් පොත්වල තිබෙනවාය කියා කියූ පමණින් ගන්නත් එපා. තර්කයට ගැලපෙනවාය කියල ගන්නත් එපා. න්‍යායට ගැලපෙනවාය කියල ගන්නත් එපා. කරුණු සලකාගෙන යද්දී ගැලපෙනවාය කියලා ගන්නත් එපා. තමන්ගේ අදහසට සැසඳී යනවාය කියල ගන්නත් එපා. පිළිගත යුතු කෙනෙක් නෙව මෙය කියන්නේ කියල ගන්නත් එපා. මේ ශ්‍රමණයන් වහන්සේ අපගේ ගුරුවරයා නෙව කියල ගන්නත් එපා. පින්වත් සාළ්හයෙනි, යම් විටෙක, ‘මේ මේ දේවල් අකුසල්, මේ මේ දේවල් වරදින් යුක්තයි, මේ දේවල් නුවණැත්තන් විසින් ගරහලයි තියෙන්නේ, මේ දේවල් සමාදන් වෙලා පුරුදු කළෝතින් අහිත පිණිස, දුක පිණිසයි පවතින්නේ කියලා ඔබටම තමා තුළින් වැටහෙනවා නම්, එතකොට පින්වත් සාළ්හයෙනි, ඔබ එය අත්හරින්න’ කියලා මා පැවසුවේ යම් කරුණක් ගැනද, ඒ ඔන්න ඔය කරුණ ගැනයි.

ඒථ තුම්හේ සාළ්හා මා අනුස්සවේන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානේන, මා තක්කහේතු, මා නයහේතු, මා ආකාරපරිවිතක්කේන, මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, මා භබ්බරූපතාය, මා සමණෝ නෝ ගරූති. යදා තුම්හේ, සාළ්හා අත්තනාව ජානෙය්‍යාථ ඉමේ ධම්මා කුසලා, ඉමේ ධම්මා අනවජ්ජා, ඉමේ ධම්මා විඤ්ඤුප්පසත්ථා, ඉමේ ධම්මා සමත්තා සමාදින්නා හිතාය සුඛාය සංවත්තන්තීති. අථ තුම්හේ සාළ්හා උපසම්පජ්ජ විහරෙය්‍යාථ.

පින්වත් සාළ්හයෙනි, ඔබ එන්න. කටකතාවෙන් ආවා කියලා ගන්න එපා. පරම්පරාවෙන් ආවා කියලා ගන්න එපා. ඒක මෙහෙම මෙහෙමයි වුනේ කියලා ගන්න එපා. තම තමන්ගේ දහම් පොත්වල තිබෙනවාය කියා කියූ පමණින් ගන්නත් එපා. තර්කයට ගැලපෙනවාය කියල ගන්නත් එපා. න්‍යායට ගැලපෙනවාය කියල ගන්නත් එපා. කරුණු සලකාගෙන යද්දී ගැලපෙනවාය කියලා ගන්නත් එපා. තමන්ගේ අදහසට සැසඳී යනවාය කියල ගන්නත් එපා. පිළිගත යුතු කෙනෙක් නෙව මෙය කියන්නේ කියල ගන්නත් එපා. මේ ශ්‍රමණයන් වහන්සේ අපගේ ගුරුවරයා නෙව කියල ගන්නත් එපා. පින්වත් සාළ්හයෙනි, යම් විටෙක, ‘මේ මේ දේවල් කුසල්, මේ මේ දේවල් වරදින් තොරයි, මේ දේවල් නුවණැත්තන් විසින් ප්‍රශංසා කරලයි තියෙන්නේ, මේ දේවල් සමාදන් වෙලා පුරුදු කළෝතින් හිත පිණිස, සැප පිණිසයි පවතින්නේ’ කියලා ඔබටම තමා තුළින් වැටහෙනවා නම්, එතකොට පින්වත් සාළ්හයෙනි, එය ඔබ තුළ ඇතිකරගෙන වාසය කරන්න.

තං කිං මඤ්ඤථ සාළ්හා අත්ථි අලෝභෝති? ඒවං භන්තේ. අනභිජ්ඣාති ඛෝ අහං සාළ්හා ඒතමත්ථං වදාමි.

පින්වත් සාළ්හයෙනි, මේ ගැන කුමක්ද සිතන්නේ? අලෝභය තියෙනවා නේද?” “එසේය, ස්වාමීනී.” “පින්වත් සාළ්හයෙනි, මා ඕකෙ තේරුම හැටියට කියන්නේ අභිධ්‍යාව නැතිබව කියලයි.

අලුද්ධෝ ඛෝ අයං සාළ්හා අනභිජ්ඣාලු නේව පාණං හනති, න අදින්නං ආදියති, න පරදාරං ගච්ඡති, න මුසා භණති, පරම්පි න තථත්තාය සමාදපේති යං ස හෝති දීඝරත්තං හිතාය සුඛායාති? ඒවං භන්තේ.

පින්වත් සාළ්හයෙනි, මේ අලෝභී වූ පුරුෂ පුද්ගලයා ලෝභයෙන් යට නොවූ සිතින්, ලෝභය නොවැළඳගත් සිතින් යුතුව යම් දෙයක් ඔහුට බොහෝ කාලයක් හිත පිණිස, සැප පිණිස පවතිනවා නම්, ඒ නිසා ප්‍රාණඝාතත් කරන්නේ නෑ. සොරකම්ද කරන්නේ නෑ. පරස්ත්‍රී සේවනයේද යෙදෙන්නේ නෑ. බොරු කියන්නෙත් නෑ. අන් උදවියත් ඒ සුචරිතයෙහි සමාදන් කරවනවා නේද?”

“එසේය ස්වාමීනී.”

තං කිං මඤ්ඤථ සාළ්හා අත්ථි අදෝසෝති? ඒවං භන්තේ. අබ්‍යාපාදෝති ඛෝ අහං සාළ්හා ඒතමත්ථං වදාමි.

“පින්වත් සාළ්හයෙනි, මේ ගැන කුමක්ද සිතන්නේ? අද්වේෂය තියෙනවා නේද?” “එසේය, ස්වාමීනී.” “පින්වත් සාළ්හයෙනි, මා ඕකෙ තේරුම හැටියට කියන්නේ ව්‍යාපාදය නැතිබව කියලයි.

අලුද්ධෝ ඛෝ අයං සාළ්හා අබ්‍යාපන්නචිත්තෝ නේව පාණං හනති, …පෙ… න මුසා භණති, පරම්පි තථත්තාය සමාදපේති, යං ස හෝති දීඝරත්තං හිතාය සුඛායාති?

“පින්වත් සාළ්හයෙනි, මේ දුෂ්ට නො වූ පුරුෂ පුද්ගලයා ද්වේෂයෙන් යට නොවූ සිතින්, ද්වේෂය නොවැළඳගත් සිතින් යුතුව යම් දෙයක් ඔහුට බොහෝ කාලයක් හිත පිණිස, සැප පිණිස පවතිනවා නම්, එනිසා ප්‍රාණඝාතත් කරන්නේ නෑ. ….(පෙ)…. බොරු කියන්නෙත් නෑ. අන් උදවියත් ඒ සුචරිතයෙහි සමාදන් කරවනවා නේද?”

ඒවං භන්තේ.

“එසේය ස්වාමීනී.”

තං කිං මඤ්ඤථ සාළ්හා අත්ථි අමෝහෝති? ඒවං භන්තේ. විජ්ජාති ඛෝ අහං සාළ්හා ඒතමත්ථං වදාමි.

පින්වත් සාළ්හයෙනි, මේ ගැන කුමක්ද සිතන්නේ? අමෝහය තියෙනවා නේද?” “එසේය, ස්වාමීනී.” “පින්වත් සාළ්හයෙනි, මා ඕකෙ තේරුම හැටියට කියන්නේ විද්‍යාව කියලයි.

අමූළ්හෝ ඛෝ අයං සාළ්හා විජ්ජාගතෝ නේව පාණං හනති, …පෙ… න මුසා භණති, පරම්පි තථත්තාය සමාදපේති, යං ස හෝති දීඝරත්තං හිතාය සුඛායාති? ඒවං භන්තේ.

“පින්වත් සාළ්හයෙනි, මේ මුළා නොවූ පුරුෂ පුද්ගලයා මෝහයෙන් යට නොවූ සිතින්, මෝහය නොවැළඳගත් සිතින් යුතුව යම් දෙයක් ඔහුට බොහෝ කාලයක් හිත පිණිස, සැප පිණිස පවතිනවා නම්, ඒ ප්‍රාණඝාතත් කරන්නේ නෑ. ….(පෙ)…. බොරු කියන්නෙත් නෑ. අන් උදවියත් ඒ සුචරිතයෙහි සමාදන් කරවනවා නේද?” “එසේය, ස්වාමීනී.”

තං කිං මඤ්ඤථ සාළ්හා ඉමේ ධම්මා කුසලා වා අකුසලා වාති? කුසලා භන්තේ.

“පින්වත් සාළ්හයෙනි, ඒ ගැන ඔබ කුමක්ද සිතන්නේ? ඔය දේවල් කුසල්ද? නැත්නම් අකුසල්ද?” “ස්වාමීනී, කුසල්.”

සාවජ්ජා වා අනවජ්ජා වාති? අනවජ්ජා භන්තේ. විඤ්ඤුගරහිතා වා විඤ්ඤුප්පසත්ථා වාති? විඤ්ඤුප්පසත්ථා භන්තේ.

“වරදින් යුක්තයිද? වරදින් තොරයිද?” “ස්වාමීනී, වරදින් තොරයි” “නුවණැත්තන් විසින් ගරහපු දේවල්ද? නුවණැත්තන් විසින් ප්‍රශංසා කළ දේවල්ද?” “ස්වාමීනී, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරලයි තියෙන්නේ.”

සමත්තා සමාදින්නා හිතාය සුඛාය සංවත්තන්ති, නෝ වා කථං වා හෙත්ථ හෝතීති? සමත්තා භන්තේ සමාදින්නා හිතාය සුඛාය සංවත්තන්ති, ඒවං නෝ හෙත්ථ හෝතීති.

“ඔය දේවල් සමාදන් වෙලා, පුරුදු කළොත් අහිත පිණිස, දුක් පිණිස පවතීද? නැත්නම් එහෙම නොපවතීද? මෙහිලා ඔබ සිතන්නේ කුමක්ද?” “ස්වාමීනී, ඔය දේවල් සමාදන් වෙලා, පුරුදු කළොත් හිත පිණිස, සැප පිණිස පවතිනවා කියලයි ඔය ගැන අපට සිතෙන්නේ.”

ඉති ඛෝ සාළ්හා යං තං අවෝචුම්හා: ඒථ තුම්හේ සාළ්හා, මා අනුස්සවේන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානේන, මා තක්කහේතු, මා නයහේතු, මා ආකාරපරිවිතක්කේන, මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, මා භබ්බරූපතාය, මා සමණෝ නෝ ගරූති. යදා තුම්හේ, සාළ්හා, අත්තනාව ජානෙය්‍යාථ, ඉමේ ධම්මා කුසලා, ඉමේ ධම්මා අනවජ්ජා, ඉමේ ධම්මා විඤ්ඤුප්පසත්ථා, ඉමේ ධම්මා සමත්තා සමාදින්නා හිතාය සුඛාය සංවත්තන්තීති, අථ තුම්හේ සාළ්හා උපසම්පජ්ජ විහරෙය්‍යාථාති, ඉති යං තං වුත්තං ඉදමේතං පටිච්ච වුත්තන්ති.

ඉතින් පින්වත් සාළ්හයෙනි, දැන් ඔය කුසල් ගැන යමක් පැවසුවා නේද, ‘පින්වත් සාළ්හයෙනි, ඔබ එන්න. කටකතාවෙන් ආවා කියලා ගන්න එපා. පරම්පරාවෙන් ආවා කියලා ගන්න එපා. ඒක මෙහම මෙහෙමයි වුනේ කියලා ගන්න එපා. තම තමන්ගේ දහම් පොත්වල තිබෙනවාය කියා කියූ පමණින් ගන්නත් එපා. තර්කයට ගැලපෙනවාය කියල ගන්නත් එපා. න්‍යායට ගැලපෙනවාය කියල ගන්නත් එපා. කරුණු සලකාගෙන යද්දී ගැලපෙනවාය කියලා ගන්නත් එපා. තමන්ගේ අදහසට සැසඳී යනවාය කියල ගන්නත් එපා. පිළිගත යුතු කෙනෙක් නෙව මෙය කියන්නේ කියල ගන්නත් එපා. මේ ශ්‍රමණයන් වහන්සේ අපගේ ගුරුවරයා නෙව කියල ගන්නත් එපා. පින්වත් සාළ්හයෙනි, යම් විටෙක, ‘මේ මේ දේවල් කුසල්, මේ මේ දේවල් වරදින් තොරයි, මේ දේවල් නුවණැත්තන් විසින් ප්‍රශංසා කරලයි තියෙන්නේ, මේ දේවල් සමාදන් වෙලා පුරුදු කළෝතින් හිත පිණිස, සැප පිණිසයි පවතින්නේ කියලා ඔබටම තමා තුළින් වැටහෙනවා නම්, එතකොට පින්වත් සාළ්හයෙනි, එය ඔබ තුළ ඇතිකරගෙන වාසය කරන්න’ කියලා මා පැවසුවේ යම් කරුණක් ගැනද, ඒ ඔන්න ඔය කරුණ ගැනයි.

ස ඛෝ සෝ සාළ්හා අරියසාවකෝ ඒවං විගතාභිජ්ඣෝ විගතබ්‍යාපාදෝ අසම්මූළ්හෝ සම්පජානෝ පතිස්සතෝ මෙත්තාසහගතේන චේතසා ….පෙ…. කරුණා – මුදිතා – උපෙක්ඛාසහගතේන චේතසා ඒකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං – තථා තතියං – තථා චතුත්ථං, ඉති උද්ධමධෝ තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං උපෙක්ඛාසහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමාණේන අවේරේන අබ්‍යාපජ්ඣේන ඵරිත්වා විහරති.

පින්වත් සාළ්හයෙනි, ඒ ආර්ය ශ්‍රාවකයින් ඔය අයුරින් බැහැර කළ ලෝභය ඇතිව, බැහැර කළ ද්වේෂය ඇතිව, බැහැර කළ මෝහය ඇතිව, මනා නුවණින් යුතුව, මනා සිහියෙන් යුතුව, මෛත්‍රී සහගත සිතින් ….(පෙ)…. කරුණා සහගත සිතින් ….(පෙ)…. මුදිතා සහගත සිතින් ….(පෙ)…. උපෙක්ඛා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරනවා. ඒ වගේම දෙවෙනි දිශාවටත්, තුන්වෙනි දිශාවටත්, හතරවෙනි දිශාවටත් පතුරුවා වාසය කරනවා. ඒ වගේම උඩ, යට, හරහට සියලු තැනම, සියලු අයුරින් තමා හා සමකොට සකල ලෝකයටම විපුල වූ ප්‍රදේශ වශයෙන් පුළුල් වූ ප්‍රමාණ රහිත වූ වෛර නැති තරහ නැති උපේක්ෂා සිත පතුරුවා වාසය කරනවා.

සෝ ඒවං පජානාති, අත්ථි ඉදං, අත්ථි හීනං, අත්ථි පණීතං, අත්ථි ඉමස්ස සඤ්ඤාගතස්ස උත්තරිං නිස්සරණන්ති.

එතකොට ඔහු මෙහෙම දැනගන්නවා. ‘මෙය තියෙනවා. හීන දෙයත් තියෙනවා. ප්‍රණීත (උසස්) දෙයත් තියෙනවා. මේ සඤ්ඤාවකින් දැනගන්නා දෙයට එහා මෙයින් නිදහස් වීමකුත් තියෙනවා’ කියලා.

තස්ස ඒවං ජානතෝ ඒවං පස්සතෝ කාමාසවාපි චිත්තං විමුච්චති, භවාසවාපි චිත්තං විමුච්චති, අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හෝති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති.

ඔය ආකාරයෙන් දන්නා වූ, ඔය ආකාරයෙන් දක්නා වූ ඔහුගේ සිත කාමාශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා. භවාශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා. අවිජ්ජාශ්‍රාවයන්ගෙන් නිදහස් වෙනවා. ආශ්‍රවයන්ගෙන් නිදහස් වූ විට නිදහස් වුනා යන අවබෝධය ඇතිවෙනවා. ඉපදීම ක්ෂය වී ගියා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුතු දෙය කළා. අරහත්වය පිණිස කළ යුතු වෙන කිසිවක් නැතැයි දැනගන්නවා.

සෝ ඒවං පජානාති. අහු පුබ්බේ ලෝභෝ, තදහු අකුසලං, සෝ ඒතරහි නත්ථි, ඉච්චේතං කුසලං. අහු පුබ්බේ දෝසෝ ….පෙ…. අහු පුබ්බේ මෝහෝ, තදහු අකුසලං, සෝ ඒතරහි නත්ථි, ඉච්චේතං කුසලන්ති.

එතකොට ඔහු මෙහෙම දැනගන්නවා. ඉස්සර ලෝභය තිබුනා. ඒක අකුසලයක්ව තිබුනේ. දැන් ඒ අකුසලය නෑ. මේකමයි කුසලය. ඉස්සර ද්වේෂය තිබුනා. ….(පෙ)…. ඉස්සර මෝහය තිබුනා. ඒක අකුසලයක්ව තිබුනේ. දැන් ඒ අකුසලය නෑ. මේකමයි කුසලය.

ඉති සෝ දිට්ඨේව ධම්මේ නිච්ඡාතෝ නිබ්බුතෝ සීතිභූතෝ සුඛප්පටිසංවේදී බ්‍රහ්මභූතේන අත්තනා විහරතීති.

මේ ආකාරයෙන් ඔහු මේ ජීවිතයේදීම තෘෂ්ණා රහිත වෙලා, නිවී ගිහින්, සිහිල් වෙලා, ශ්‍රේෂ්ඨ වූ ජීවිතයකින් යුතුව, සැප විඳිමින් වාසය කරනවා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M