අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.2.2.5.

15. ඒකං සමයං භගවා කෝසලේසු චාරිකං චරමානෝ මහතා භික්ඛුසංඝේන සද්ධිං යේන කේසපුත්තං නාම කාලාමානං නිගමෝ තදවසරි. අස්සෝසුං ඛෝ කේසපුත්තියා කාලාමා සමණෝ ඛලු භෝ ගෝතමෝ සක්‍යපුත්තෝ සක්‍යකුලා පබ්බජිතෝ කේසපුත්තං අනුප්පත්තෝ, තං ඛෝ පන භවන්තං ගෝතමං ඒවං කල්‍යාණෝ කිත්තිසද්දෝ අබ්භුග්ගතෝ: ඉතිපි සෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ ….පෙ…. සාධු ඛෝ පන තථාරූපානං අරහතං දස්සනං හෝතීති.

15. එසමයෙහිදී භාග්‍යවතුන් වහන්සේ මහත් භික්ෂු සංඝයා සමඟ කොසොල් ජනපදයන්හි චාරිකාවේ වැඩම කරමින් සිටිද්දී කේසපුත්ත නම් වූ කාලාමයන්ගේ නියම්ගමෙහි වැඩවාසය කළා. එතකොට කේසපුත්ත නියම් ගම්වාසී කාලාමයන්හට මේ කාථාව අසන්නට ලැබුනා. “භවත්නි, අන්න ශාක්‍යපුත්‍ර වූ ශාක්‍ය කුලයෙන් නික්මී පැවිදි වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කේසපුත්තයට වැඩම කරසිටිනවා. ඒ භවත් ගෞතමයන් වහන්සේ ගැන මෙවැනි වූ කල්‍යාණ කීර්ති ඝෝෂාවක් පැතිර ගොසින් තියෙනවා. ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණින් අරහත් වන සේක! සම්මා සම්බුද්ධ වන සේක! ….(පෙ)…. එබඳු වූ රහතුන් දැකගන්නට ලැබීම කොයිතරම් යහපත් දෙයක්ද” කියලා.

අථ ඛෝ කේසපුත්තියා කාලාමා යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්වා අප්පේකච්චේ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. අප්පේකච්චේ භගවතා සද්ධිං සම්මෝදිංසු, සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදිංසු. අප්පේකච්චේ යේන භගවා තේනඤ්ජලිං පණාමෙත්වා ඒකමන්තං නිසීදිංසු. අප්පේකච්චේ නාමගොත්තං සාවෙත්වා ඒකමන්තං නිසීදිංසු. අප්පේකච්චේ තුණ්හීභූතා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නා ඛෝ කේසපුත්තියා කාලාමා භගවන්තං ඒතදවෝචුං:

එකල්හි කේසපුත්ත නියම්ගම්වාසී කාලාමවරු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටුවුනා. සතුටුවිය යුතු පිළිසඳර කතාබහ නිමකොට එකත්පස්ව වාඩිවුනා. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ ගෞරව දක්වා එකත්පස්ව වාඩිවුනා. ඇතැම් කෙනෙක් නම් ගොත් පවසා එකත්පස්ව වාඩිවුනා. ඇතැම් කෙනෙක් නිශ්ශබ්දව එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩිවුන කේසපුත්ත නියම්ගම්වාසී කාලාමවරු භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පවසා සිටියා.

සන්ති භන්තේ ඒකේ සමණබ්‍රාහ්මණා කේසපුත්තං ආගච්ඡන්ති, තේ සකංයේව වාදං දීපෙන්ති, ජෝතෙන්ති, පරප්පවාදං පන ඛුංසෙන්ති, වම්භෙන්ති, ඕපපක්ඛිං කරොන්ති, පරිභවන්ති. අපරේපි භන්තේ ඒකේ සමණබ්‍රාහ්මණා කේසපුත්තං ආගච්ඡන්ති, තේපි සකංයේව වාදං දීපෙන්ති, ජෝතෙන්ති, පරවාදං පන ඛුංසෙන්ති, වම්භෙන්ති, ඕපපක්ඛිං කරොන්ති, පරිභවන්ති. තේසං නෝ භන්තේ අම්හාකං හෝතේව කංඛා, හෝති විචිකිච්ඡා: කෝ සු නාම ඉමේසං භවන්තානං සමණබ්‍රාහ්මණානං සච්චං ආහ, කෝ මුසාති.

“ස්වාමීනී, කේසපුත්ත නියම්ගමට ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරුන් එනවා. ඒ උදවිය ලොකුවට පෙන්වන්නේ තමන්ගේ මතයමයි. ඒකමයි මතු කරලා කියන්නේ. අන්‍යයන්ගේ විශ්වාසවලට විරුද්ධව කතා කරනවා. හෙලා දකිනවා. බැහැර කරනවා. පරිභව කරනවා. ඒ වගේම ස්වාමීනී, වෙනත් ශ්‍රමණ බ්‍රාහ්මණවරුනුත් එනවා. ඒ උදවිය ලොකුවට පෙන්වන්නෙත් තමන්ගේ මතමයමයි. ඒකමයි මතුකරලා කියන්නේ. අන්‍යයන්ගේ විශ්වාසවලට විරුද්ධව කතා කරනවා. හෙළා දකිනවා. බැහැර කරනවා. පරිභව කරනවා. එතකොට ස්වාමීනී, ඒ අප තුළ සැකයක්මයි ඇතිවෙන්නේ. විචිකිච්ඡාවක්මයි ඇතිවෙන්නේ. මේ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතුරින් ඇත්ත කියන්නේ කවුද? බොරු කියන්නේ කවුද? කියලා.”

අලං හි වෝ කාලාමා කංඛිතුං අලං විචිකිච්ඡිතුං, කංඛනීයේව පන වෝ ඨානේ විචිකිච්ඡා උප්පන්නා, ඒථ තුම්හේ කාලාමා මා අනුස්සවේන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානේන, මා තක්කහේතු, මා නයහේතු, මා ආකාරපරිවිතක්කේන, මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, මා භබ්බරූපතාය, මා සමණෝ නෝ ගරූති. යදා තුම්හේ කාලාමා අත්තනාව ජානෙය්‍යාථ: ඉමේ ධම්මා අකුසලා, ඉමේ ධම්මා සාවජ්ජා, ඉමේ ධම්මා විඤ්ඤුගරහිතා, ඉමේ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්තී: අථ තුම්හේ කාලාමා පජහෙය්‍යාථ.

“පින්වත් කාලාමවරුනි, ඔබ විසින් සැකකරන්නට සුදුසුමයි. විචිකිච්ඡා කරන්නට සුදුසුමයි. සැක කළ යුතු තැනේදීමයි විචිකිච්ඡාව ඇතිවෙලා තියෙන්නේ. කාලාමවරුනි, ඔබ එන්න. කටකතාවෙන් ආවා කියලා ගන්න එපා. පරම්පරාවෙන් ආවා කියලා ගන්න එපා. ඒක මෙහම මෙහෙමයි වුනේ කියලා ගන්න එපා. තම තමන්ගේ දහම් පොත්වල තිබෙනවාය කියා කියූ පමණින් ගන්නත් එපා. තර්කයට ගැලපෙනවාය කියල ගන්නත් එපා. න්‍යායට ගැලපෙනවාය කියල ගන්නත් එපා. කරුණු සලකාගෙන යද්දී ගැලපෙනවාය කියලා ගන්නත් එපා. තමන්ගේ අදහසට සැසඳී යනවාය කියල ගන්නත් එපා. පිළිගත යුතු කෙනෙක් නෙව මෙය කියන්නේ කියල ගන්නත් එපා. මේ ශ්‍රමණයන් වහන්සේ අපගේ ගුරුවරයා නෙව කියල ගන්නත් එපා. පින්වත් කාලාමයෙනි, යම් විටෙක, ‘මේ මේ දේවල් අකුසල්, මේ මේ දේවල් වරදින් යුක්තයි, මේ දේවල් නුවණැත්තන් විසින් ගරහලයි තියෙන්නේ, මේ දේවල් සමාදන් වෙලා පුරුදු කළෝතින් අහිත පිණිස, දුක පිණිසයි පවතින්නේ’ කියලා ඔබටම තමා තුළින් වැටහෙනවා නම්, එතකොට පින්වත් කාලාමවරුනි, ඔබ එය අත්හරින්න.

තං කිං මඤ්ඤථ කාලාමා ලෝභෝ පුරිසස්ස අජ්ඣත්තං උප්පජ්ජමානෝ උප්පජ්ජති හිතාය වා අහිතාය වාති? අහිතාය භන්තේ.

පින්වත් කාලාමවරුනි, මේ ගැන කුමක්ද සිතන්නේ? පුරුෂයාගේ සිත තුළ උපදින්නා වූ ලෝභය උපදින්නේ ඔහුට හිත සුව පිණිසද? අහිත පිණිසද?” “ස්වාමීනී, අහිත පිණිසයි.”

ලුද්ධෝ පනායං කාලාමා පුරිසපුග්ගලෝ ලෝභේන අභිභූතෝ පරියාදින්නචිත්තෝ පාණම්පි හන්ති, අදින්නම්පි ආදියති, පරදාරම්පි ගච්ඡති, මුසාපි භණති, පරම්පි තථත්තාය සමාදපේති, යං ස හෝති දීඝරත්තං අහිතාය දුක්ඛායාති. ඒවං භන්තේ.

“පින්වත් කාලාමයෙනි, මේ ලෝභී වූ පුරුෂ පුද්ගලයා ලෝභයෙන් යට වූ සිතින්, ලෝභය වැළඳගත් සිතින් යුතුව යම් දෙයක් ඔහුට බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස පවතිනවා නම්, එබඳු වූ ප්‍රාණඝාතත් කරනවා. සොරකම්ද කරනවා. පරස්ත්‍රී සේවනයේද යෙදෙනවා. බොරුත් කියනවා. අන් උදවියත් ඒ දුෂ්චරිතයෙහි සමාදන් කරවනවා නේද?” “එසේය ස්වාමීනී.”

තං කිං මඤ්ඤථ කාලාමා දෝසෝ පුරිසස්ස අජ්ඣත්තං උප්පජ්ජමානෝ උප්පජ්ජති හිතාය වා අහිතාය වාති? අහිතාය භන්තේ.

“පින්වත් කාලාමවරුනි, මේ ගැන කුමක්ද සිතන්නේ? පුරුෂයාගේ සිත තුළ උපදින්නා වූ ද්වේෂය උපදින්නේ ඔහුට හිත සුව පිණිසද? අහිත පිණිසද?” “ස්වාමීනී, අහිත පිණිසයි.”

දුට්ඨෝ පනායං කාලාමා පුරිසපුග්ගලෝ දෝසේන අභිභූතෝ පරියාදින්නචිත්තෝ පාණම්පි හනති …පෙ… පරම්පි තථත්තාය සමාදපේති, යං ස හෝති දීඝරත්තං අහිතාය දුක්ඛායාති. ඒවං භන්තේ.

“පින්වත් කාලාමයෙනි, මේ දුෂ්ට වූ පුරුෂ පුද්ගලයා ද්වේෂයෙන් යට වූ සිතින්, ද්වේෂය වැළඳගත් සිතින් යුතුව යම් දෙයක් ඔහුට බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස පවතිනවා නම්, එබඳු වූ ප්‍රාණඝාතත් කරනවා. ….(පෙ)…. අන් උදවියත් ඒ දුෂ්චරිතයෙහි සමාදන් කරවනවා නේද?” “එසේය ස්වාමීනී.”

තං කිං මඤ්ඤථ කාලාමා මෝහෝ පුරිසස්ස අජ්ඣත්තං උප්පජ්ජමානෝ උප්පජ්ජති හිතාය වා අහිතාය වාති? අහිතාය භන්තේ.

“පින්වත් කාලාමවරුනි, මේ ගැන කුමක්ද සිතන්නේ? පුරුෂයාගේ සිත තුළ උපදින්නා වූ මෝහය උපදින්නේ ඔහුට හිත සුව පිණිසද? අහිත පිණිසද?” “ස්වාමීනී, අහිත පිණිසයි.”

මූළ්හෝ පනායං කාලාමා පුරිසපුග්ගලෝ මෝහේන අභිභූතෝ පරියාදින්නචිත්තෝ පාණම්පි හනති, අදින්නම්පි ආදියති, පරදාරම්පි ගච්ඡති, මුසාපි භණති, පරම්පි තථත්තාය සමාදපේති, යං ස හෝති දීඝරත්තං අහිතාය දුක්ඛායාති. ඒවං භන්තේ.

“පින්වත් කාලාමයෙනි, මේ මුළා වූ පුරුෂ පුද්ගලයා මෝහයෙන් යට වූ සිතින්, මෝහය වැළඳගත් සිතින් යුතුව යම් දෙයක් ඔහුට බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස පවතිනවා නම්, එබඳු වූ ප්‍රාණඝාතත් කරනවා. සොරකම්ද කරනවා. පරස්ත්‍රී සේවනයේද යෙදෙනවා. බොරුත් කියනවා. අන් උදවියත් ඒ දුෂ්චරිතයෙහි සමාදන් කරවනවා නේද?” “එසේය ස්වාමීනී.”

තං කිං මඤ්ඤථ කාලාමා ඉමේ ධම්මා කුසලා වා අකුසලා වාති? අකුසලා භන්තේ.

“පින්වත් කාලාමවරුනි, ඔය දේවල් කුසල්ද? නැත්නම් අකුසල්ද?”

“ස්වාමීනී, අකුසල්.”

සාවජ්ජා වා අනවජ්ජා වාති? සාවජ්ජා. භන්තේ.

“වරදින් යුක්තයිද? වරදින් තොරයිද?” “ස්වාමීනී, වරදින් යුක්තයි.”

විඤ්ඤුගරහිතා වා විඤ්ඤුප්පසත්ථා වාති? විඤ්ඤුගරහිතා භන්තේ.

“නුවණැත්තන් විසින් ගරහපු දේවල්ද? නුවණැත්තන් විසින් ප්‍රශංසා කළ දේවල්ද?” “ස්වාමීනී, නුවණැත්තන් විසින් ගරහල තියෙන්නේ.”

සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති නෝ වා කථං වා හෙත්ථ හෝතීති. සමත්තා භන්තේ සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්තීති. ඒවං නෝ හෙත්ථ හෝතීති.

“ඔය දේවල් සමාදන් වෙලා, පුරුදු කළොත් අහිත පිණිස, දුක් පිණිස පවතීද? නැත්නම් එහෙම නොපවතීද? මෙහිලා ඔබ සිතන්නේ කුමක්ද?” “ස්වාමීනී, ඔය දේවල් සමාදන් වෙලා, පුරුදු කළොත් අහිත පිණිස, දුක් පිණිස පවතිනවා කියලයි ඔය ගැන අපට සිතෙන්නේ.”

ඉති ඛෝ කාලාමා යං තං අවෝචුම්හ. ඒථ තුම්හේ කාලාමා මා අනුස්සවේන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානේන, මා තක්කහේතු, මා නයහේතු, මා ආකාරපරිවිතක්කේන, මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, මා භබ්බරූපතාය, මා සමණෝ නෝ ගරූති. යදා තුම්හේ කාලාමා අත්තනාව ජානෙය්‍යාථ: ඉමේ ධම්මා අකුසලා, ඉමේ ධම්මා සාවජ්ජා, ඉමේ ධම්මා විඤ්ඤුගරහිතා, ඉමේ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්තීති. අථ තුම්හේ කාලාමා පජහෙය්‍යාථාති ඉති යං තං වුත්තං ඉදමේතං පටිච්ච වුත්තං.

ඉතින් පින්වත් කාලාමවරුනි, දැන් ඔය අකුසල් ගැන යමක් පැවසුවා නේද, පින්වත් කාලාමවරුනි, ඔබ එන්න. කටකතාවෙන් ආවා කියලා ගන්න එපා. පරම්පරාවෙන් ආවා කියලා ගන්න එපා. ඒක මෙහම මෙහෙමයි වුනේ කියලා ගන්න එපා. තම තමන්ගේ දහම් පොත්වල තිබෙනවාය කියා කියූ පමණින් ගන්නත් එපා. තර්කයට ගැලපෙනවාය කියල ගන්නත් එපා. න්‍යායට ගැලපෙනවාය කියල ගන්නත් එපා. කරුණු සලකාගෙන යද්දී ගැලපෙනවාය කියලා ගන්නත් එපා. තමන්ගේ අදහසට සැසඳී යනවාය කියල ගන්නත් එපා. පිළිගත යුතු කෙනෙක් නෙව මෙය කියන්නේ කියල ගන්නත් එපා. මේ ශ්‍රමණයන් වහන්සේ අපගේ ගුරුවරයා නෙව කියල ගන්නත් එපා. පින්වත් කාලාමයෙනි, යම් විටෙක, ‘මේ මේ දේවල් අකුසල්, මේ මේ දේවල් වරදින් යුක්තයි, මේ දේවල් නුවණැත්තන් විසින් ගරහලයි තියෙන්නේ, මේ දේවල් සමාදන් වෙලා පුරුදු කළෝතින් අහිත පිණිස, දුක පිණිසයි පවතින්නේ කියලා ඔබටම තමා තුළින් වැටහෙනවා නම්, එතකොට පින්වත් කාලාමවරුනි, ඔබ එය අත්හරින්න’ කියලා මා පැවසුවේ යම් කරුණක් ගැනද, ඒ ඔන්න ඔය කරුණ ගැනයි.

ඒථ තුම්හේ කාලාමා මා අනුස්සවේන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානේන, මා තක්කහේතු, මා නයහේතු, මා ආකාරපරිවිතක්කේන, මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, මා භබ්බරූපතාය, මා සමණෝ නෝ ගරූති. යදා තුම්හේ කාලාමා අත්තනාව ජානෙය්‍යාථ, ඉමේ ධම්මා කුසලා, ඉමේ ධම්මා අනවජ්ජා, ඉමේ ධම්මා විඤ්ඤුප්පසත්ථා, ඉමේ ධම්මා සමත්තා සමාදින්නා හිතාය සුඛාය සංවත්තන්තීති. අථ තුම්හේ කාලාමා උපසම්පජ්ජ විහරෙය්‍යාථ.

පින්වත් කාලාමවරුනි, ඔබ එන්න. කටකතාවෙන් ආවා කියලා ගන්න එපා. පරම්පරාවෙන් ආවා කියලා ගන්න එපා. ඒක මෙහම මෙහෙමයි වුනේ කියලා ගන්න එපා. තම තමන්ගේ දහම් පොත්වල තිබෙනවාය කියා කියූ පමණින් ගන්නත් එපා. තර්කයට ගැලපෙනවාය කියල ගන්නත් එපා. න්‍යායට ගැලපෙනවාය කියල ගන්නත් එපා. කරුණු සලකාගෙන යද්දී ගැලපෙනවාය කියලා ගන්නත් එපා. තමන්ගේ අදහසට සැසඳී යනවාය කියල ගන්නත් එපා. පිළිගත යුතු කෙනෙක් නෙව මෙය කියන්නේ කියල ගන්නත් එපා. මේ ශ්‍රමණයන් වහන්සේ අපගේ ගුරුවරයා නෙව කියල ගන්නත් එපා. පින්වත් කාලාමයෙනි, යම් විටෙක, ‘මේ මේ දේවල් කුසල්, මේ මේ දේවල් වරදින් තොරයි, මේ දේවල් නුවණැත්තන් විසින් ප්‍රශංසා කරලයි තියෙන්නේ, මේ දේවල් සමාදන් වෙලා පුරුදු කළෝතින් හිත පිණිස, සැප පිණිසයි පවතින්නේ’ කියලා ඔබටම තමා තුළින් වැටහෙනවා නම්, එතකොට පින්වත් කාලාමවරුනි, එය ඔබ තුළ ඇතිකරගෙන වාසය කරන්න.

තං කිං මඤ්ඤථ කාලාමා අලෝභෝ පුරිසස්ස අජ්ඣත්තං උප්පජ්ජමානෝ උප්පජ්ජති හිතාය වා අහිතාය වාති: හිතාය භන්තේ.

පින්වත් කාලාමවරුනි, මේ ගැන කුමක්ද සිතන්නේ? පුරුෂයාගේ සිත තුළ උපදින්නා වූ අලෝභය උපදින්නේ ඔහුට හිත සුව පිණිසද? අහිත පිණිසද?” “ස්වාමීනී, හිත පිණිසයි.”

අලුද්ධෝ පනායං කාලාමා පුරිසපුග්ගලෝ ලෝභේන අනභිභූතෝ අපරියාදින්නචිත්තෝ නේව පාණං හනති, න අදින්නං ආදියති, න පරදාරං ගච්ඡති, න මුසා භණති, න පරම්පි තථත්තාය සමාදපේති, යං ස හෝති දීඝරත්තං හිතාය සුඛායාති. ඒවං භන්තේ.

“පින්වත් කාලාමයෙනි, මේ අලෝභී වූ පුරුෂ පුද්ගලයා ලෝභයෙන් යට නොවූ සිතින්, ලෝභය නොවැළඳගත් සිතින් යුතුව යම් දෙයක් ඔහුට බොහෝ කාලයක් හිත පිණිස, සැප පිණිස පවතිනවා නම්, ඒ නිසා ප්‍රාණඝාතත් කරන්නේ නෑ. සොරකම්ද කරන්නේ නෑ. පරස්ත්‍රී සේවනයේද යෙදෙන්නේ නෑ. බොරු කියන්නෙත් නෑ. අන් උදවියත් ඒ සුචරිතයෙහි සමාදන් කරවනවා නේද?” “එසේය ස්වාමීනී.”

තං කිං මඤ්ඤථ කාලාමා අදෝසෝ පුරිසස්ස අජ්ඣත්තං උප්පජ්ජමානෝ උප්පජ්ජති හිතාය වා අහිතාය වාති: හිතාය භන්තේ.

“පින්වත් කාලාමවරුනි, මේ ගැන කුමක්ද සිතන්නේ? පුරුෂයාගේ සිත තුළ උපදින්නා වූ අද්වේෂය උපදින්නේ ඔහුට හිත සුව පිණිසද? අහිත පිණිසද?” “ස්වාමීනී, හිත පිණිසයි.”

අදුට්ඨෝ පනායං කාලාමා පුරිසපුග්ගලෝ දෝසේන අනභිභූතෝ අපරියාදින්නචිත්තෝ නේව පාණං හනති …පෙ… න මුසා භණති, න පරම්පි තථත්තාය සමාදපේති, යං ස හෝති දීඝරත්තං හිතාය සුඛායාති. ඒවං භන්තේ.

“පින්වත් කාලාමයෙනි, මේ දුෂ්ට නො වූ පුරුෂ පුද්ගලයා ද්වේෂයෙන් යට නොවූ සිතින්, ද්වේෂය නොවැළඳගත් සිතින් යුතුව යම් දෙයක් ඔහුට බොහෝ කාලයක් හිත පිණිස, සැප පිණිස පවතිනවා නම්, එනිසා ප්‍රාණඝාතත් කරන්නේ නෑ. ….(පෙ)…. බොරු කියන්නෙත් නෑ. අන් උදවියත් ඒ සුචරිතයෙහි සමාදන් කරවනවා නේද?” “එසේය ස්වාමීනී.”

තං කිං මඤ්ඤථ කාලාමා අමෝහෝ පුරිසස්ස අජ්ඣත්තං උප්පජ්ජමානෝ උප්පජ්ජති හිතාය වා අහිතාය වාති? හිතාය භන්තේ.

“පින්වත් කාලාමවරුනි, මේ ගැන කුමක්ද සිතන්නේ? පුරුෂයාගේ සිත තුළ උපදින්නා වූ අමෝහය උපදින්නේ ඔහුට හිත සුව පිණිසද? අහිත පිණිසද?” “ස්වාමීනී, හිත පිණිසයි.”

අමූල්හෝ පනායං කාලාමා පුරිසපුග්ගලෝ මෝහේන අනභිභූතෝ අපරියාදින්නචිත්තෝ නේව පාණං හනති, න අදින්නං ආදියති, න පරදාරං ගච්ඡති, න මුසා භණති, න පරම්පි තථත්තාය සමාදපේති, යං ස හෝති දීඝරත්තං හිතාය සුඛායාති. ඒවං භන්තේ.

“පින්වත් කාලාමයෙනි, මේ මුළා නොවූ පුරුෂ පුද්ගලයා මෝහයෙන් යට නොවූ සිතින්, මෝහය නොවැළඳගත් සිතින් යුතුව යම් දෙයක් ඔහුට බොහෝ කාලයක් හිත පිණිස, සැප පිණිස පවතිනවා නම්, ඒ නිසා ප්‍රාණඝාතත් කරන්නේ නෑ. සොරකම්ද කරන්නේ නෑ. පරස්ත්‍රී සේවනයේද යෙදෙන්නේ නෑ. බොරු කියන්නෙත් නෑ. අන් උදවියත් ඒ සුචරිතයෙහි සමාදන් කරවනවා නේද?” “එසේය ස්වාමීනී.”

තං කිං මඤ්ඤථ කාලාමා ඉමේ ධම්මා කුසලා වා අකුසලා වාති? කුසලා භන්තේ.

“පින්වත් කාලාමවරුනි, ඔය දේවල් කුසල්ද? නැත්නම් අකුසල්ද?”

“ස්වාමීනී, කුසල්.”

සාවජ්ජා වා අනවජ්ජා වාති? අනවජ්ජා භන්තේ.

“වරදින් යුක්තයිද? වරදින් තොරයිද?” “ස්වාමීනී, වරදින් තොරයි.”

විඤ්ඤුගරහිතා වා විඤ්ඤුප්පසත්ථා වාති? විඤ්ඤුප්පසත්ථා භන්තේ.

“නුවණැත්තන් විසින් ගරහපු දේවල්ද? නුවණැත්තන් විසින් ප්‍රශංසා කළ දේවල්ද?” “ස්වාමීනී, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරලයි තියෙන්නේ.”

සමත්තා සමාදින්නා හිතාය සුඛාය සංවත්තන්ති නෝ වා කථං වා හෙත්ථ හෝතීති? සමත්තා භන්තේ සමාදින්නා හිතාය සුඛාය සංවත්තන්ති ඒවං නෝ හෙත්ථ හෝතීති.

“ඔය දේවල් සමාදන් වෙලා, පුරුදු කළොත් අහිත පිණිස, දුක් පිණිස පවතීද? නැත්නම් එහෙම නොපවතීද? මෙහිලා ඔබ සිතන්නේ කුමක්ද?” “ස්වාමීනී, ඔය දේවල් සමාදන් වෙලා, පුරුදු කළොත් හිත පිණිස, සැප පිණිස පවතිනවා කියලයි ඔය ගැන අපට සිතෙන්නේ.”

ඉති ඛෝ කාලාමා යං තං අවෝචුම්හ: ඒථ තුම්හේ කාලාමා මා අනුස්සවේන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානේන, මා තක්කහේතු, මා නයහේතු, මා ආකාරපරිවිතක්කේන, මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, මා භබ්බරූපතාය, මා සමණෝ නෝ ගරූති. යදා තුම්හේ කාලාමා අත්තනාව ජානෙය්‍යාථ: ඉමේ ධම්මා කුසලා, ඉමේ ධම්මා අනවජ්ජා, ඉමේ ධම්මා විඤ්ඤුප්පසත්ථා, ඉමේ ධම්මා සමත්තා සමාදින්නා හිතාය සුඛාය සංවත්තන්තීති. අථ තුම්හේ කාලාමා උපසම්පජ්ජ විහරෙය්‍යාථාති, ඉති යං තං වුත්තං ඉදමේතං පටිච්ච වුත්තං.

ඉතින් පින්වත් කාලාමවරුනි, දැන් ඔය කුසල් ගැන යමක් පැවසුවා නේද, පින්වත් කාලාමවරුනි, ඔබ එන්න. කටකතාවෙන් ආවා කියලා ගන්න එපා. පරම්පරාවෙන් ආවා කියලා ගන්න එපා. ඒක මෙහම මෙහෙමයි වුනේ කියලා ගන්න එපා. තම තමන්ගේ දහම් පොත්වල තිබෙනවාය කියා කියූ පමණින් ගන්නත් එපා. තර්කයට ගැලපෙනවාය කියල ගන්නත් එපා. න්‍යායට ගැලපෙනවාය කියල ගන්නත් එපා. කරුණු සලකාගෙන යද්දී ගැලපෙනවාය කියලා ගන්නත් එපා. තමන්ගේ අදහසට සැසඳී යනවාය කියල ගන්නත් එපා. පිළිගත යුතු කෙනෙක් නෙව මෙය කියන්නේ කියල ගන්නත් එපා. මේ ශ්‍රමණයන් වහන්සේ අපගේ ගුරුවරයා නෙව කියල ගන්නත් එපා. පින්වත් කාලාමයෙනි, යම් විටෙක, ‘මේ මේ දේවල් කුසල්, මේ මේ දේවල් වරදින් තොරයි, මේ දේවල් නුවණැත්තන් විසින් ප්‍රශංසා කරලයි තියෙන්නේ, මේ දේවල් සමාදන් වෙලා පුරුදු කළෝතින් හිත පිණිස, සැප පිණිසයි පවතින්නේ කියලා ඔබටම තමා තුළින් වැටහෙනවා නම්, එතකොට පින්වත් කාලාමවරුනි, එය ඔබ තුළ ඇතිකරගෙන වාසය කරන්න’ කියලා මා පැවසුවේ යම් කරුණක් ගැනද, ඒ ඔන්න ඔය කරුණ ගැනයි.

ස ඛෝ සෝ කාලාමා, අරියසාවකෝ ඒවං විගතාභිජ්ඣෝ විගතබ්‍යාපාදෝ අසම්මූළ්හෝ සම්පජානෝ පතිස්සතෝ මෙත්තාසහගතේන චේතසා …පෙ… කරුණාසහගතේන චේතසා ….පෙ…. මුදිතාසහගතේන චේතසා ….පෙ…. උපෙක්ඛාසහගතේන චේතසා ඒකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං – තථා තතියං – තථා චතුත්ථිං – ඉති උද්ධමධෝ තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං උපෙක්ඛාසහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමාණේන අවේරේන අබ්‍යාපජ්ඣනේ ඵරිත්වා විහරති.

පින්වත් කාලාමවරුනි, ඒ ආර්ය ශ්‍රාවකයින් ඔය අයුරින් බැහැර කළ ලෝභය ඇතිව, බැහැර කළ ද්වේෂය ඇතිව, බැහැර කළ මෝහය ඇතිව, මනා නුවණින් යුතුව, මනා සිහියෙන් යුතුව, මෛත්‍රී සහගත සිතින් ….(පෙ)…. කරුණා සහගත සිතින් ….(පෙ)…. මුදිතා සහගත සිතින් ….(පෙ)…. උපෙක්ඛා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරනවා. ඒ වගේම දෙවෙනි දිශාවටත්, තුන්වෙනි දිශාවටත්, හතරවෙනි දිශාවටත් පතුරුවා වාසය කරනවා. ඒ වගේම උඩ, යට, හරහට සියලු තැනම, සියලු අයුරින් තමා හා සමකොට සකල ලෝකයටම විපුල වූ ප්‍රදේශ වශයෙන් පුළුල් වූ ප්‍රමාණ රහිත වූ වෛර නැති තරහ නැති උපේක්ෂා සිත පතුරුවා වාසය කරනවා.

ස ඛෝ සෝ කාලාමා අරියසාවකෝ ඒවං අවේරචිත්තෝ ඒවං අබ්‍යාපජ්ඣචිත්තෝ ඒවං අසංකිලිට්ඨචිත්තෝ ඒවං විසුද්ධචිත්තෝ තස්ස දිට්ඨේව ධම්මේ චත්තාරෝ අස්සාසා අධිගතා හොන්ති:

පින්වත් කාලාමවරුනි, ඒ ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් අවෛරී සිතින් යුතුව, ඔය අයුරින් නිදුක් සිතින් යුතුව, ඔය අයුරින් නොකිලිටි සිතින් යුතුව, පිරිසිදු සිතින් යුතුව සිටිනා විට මේ ජීවිතය තුළදීම සැනසිලි හතරක් ඇති කරගත්තා වෙනවා.

සචේ ඛෝ පන අත්ථි පරෝ ලෝකෝ අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ, ඨානමහං කායස්ස භේදා පරං මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජිස්සාමීති, අයමස්ස පඨමෝ අස්සාසෝ අධිගතෝ හෝති.

‘යම් හෙයකින් පරලොවක් තිබෙනවා නම්, හොඳ නරක කර්මයන්ගේ ඵලවිපාක තිබෙනවා නම්, මම කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි තමයි උපදින්නේ’ කියල මේ පළමුවෙනි අස්වැසිල්ල ඇතිකරගත්තා වෙනවා.

‘සචේ ඛෝ පන නත්ථි පරෝ ලෝකෝ, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ, ඉධාහං දිට්ඨේව ධම්මේ අවේරං අබ්‍යාපජ්ඣං අනීඝං සුඛං අත්තානං පරිහරාමීති, අයමස්ස දුතියෝ අස්සාසෝ අධිගතෝ හෝති.

‘යම් හෙයකින් පරලොවක් නැත්නම්, හොඳ නරක කර්මයන්ගේ ඵලවිපාක නැත්නම්, මම මා මේ ජීවිතය තුළම වෛර නැති, තරහ නැති, නිදුක් වූ, සුවපත් වූ, ජීවිතයක් පරිහරණය කරනවා නොවේද?’ කියල මේ දෙවෙනි අස්වැසිල්ල ඇතිකරගත්තා වෙනවා.

සචේ ඛෝ පන කරෝතෝ කරීයති පාපං, න ඛෝ පනාහං කස්සචි පාපං චේතේමි, අකරොන්තං ඛෝ පන මං පාපං කම්මං කුතෝ දුක්ඛං ඵුසිස්සතීති අයමස්ස තතියෝ අස්සාසෝ අධිගතෝ හෝති.

‘යම් හෙයකින් පව් කරන කෙනාට තමයි ඒ පව්වලට විපාක විඳින්න තියෙන්නේ. නමුත් මම කිසිවෙකුට හෝ පවක් කරන්නට සිතන්නේ නෑ. ඉතින් පාප කර්ම නොකරන්නා වූ මා කවර කරුණකට නම් දුකක් ස්පර්ශ කරන්නද?’ කියල මේ තුන්වෙනි අස්වැසිල්ල ඇතිකරගත්තා වෙනවා.

සචේ ඛෝ පන කරෝතෝ න කරීයති පාපං ඉධාහං උභයේනේව විසුද්ධං අත්තානං සමනුපස්සාමීති අයමස්ස චතුත්ථෝ අස්සාසෝ අධිගතෝ හෝති.

‘යම් හෙයකින් පව් කරන කෙනාට ඒ පව්වලට විපාක විඳින්නට නැතිනම්, මෙහිදීම මම පව් කිරීමත්, විපාක විඳීමත් යන දෙපැත්තෙන්ම පිරිසිදු ජීවිතයක් තමයි දකින්නේ’ කියල මේ සිව්වෙනි අස්වැසිල්ල ඇතිකරගත්තා වෙනවා.

ස ඛෝ සෝ කාලාමා අරියසාවකෝ ඒවං අවේරචිත්තෝ ඒවං අබ්‍යාපජ්ඣචිත්තෝ ඒවං අසංකිලිට්ඨචිත්තෝ, ඒවං විසුද්ධචිත්තෝ තස්ස දිට්ඨේව ධම්මේ ඉමේ චත්තාරෝ අස්සාසා අධිගතා හොන්තීති?

පින්වත් කාලාමවරුනි, ඒ ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් අවෛරී සිතින් යුතුව, ඔය අයුරින් නිදුක් සිතින් යුතුව, ඔය අයුරින් නොකිලිටි සිතින් යුතුව, පිරිසිදු සිතින් යුතුව සිටිනා විට මේ ජීවිතය තුළදීම ඔය සැනසිලි හතර ඇති කරගත්තා වෙනවා නේද?”

ඒවමේතං භගවා ඒවමේතං සුගත, ස ඛෝ සෝ භන්තේ අරියසාවකෝ ඒවං අවේරචිත්තෝ ඒවං අබ්‍යාපජ්ඣචිත්තෝ ඒවං අසංකිලිට්ඨචිත්තෝ ඒවං විසුද්ධචිත්තෝ තස්ස දිට්ඨේව ධම්මේ චත්තාරෝ අස්සාසා අධිගතා හොන්ති. සචේ ඛෝ පන අත්ථි පරෝ ලෝකෝ, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ, ඨානමහං කායස්ස භේදා පරං මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජිස්සාමීති, අයමස්ස පඨමෝ අස්සාසෝ අධිගතෝ හෝති.

“භාග්‍යවතුන් වහන්ස, එය එසේමයි. සුගතයාණන් වහන්ස, එය සේමයි. ස්වාමීනී, ඒ ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් අවෛරී සිතින් යුතුව, ඔය අයුරින් නිදුක් සිතින් යුතුව, ඔය අයුරින් නොකිලිටි සිතින් යුතුව, පිරිසිදු සිතින් යුතුව සිටිනා විට මේ ජීවිතය තුළදීම සැනසිලි හතරක් ඇති කරගත්තා වෙනවාමයි.

‘යම් හෙයකින් පරලොවක් තිබෙනවා නම්, හොඳ නරක කර්මයන්ගේ ඵලවිපාක තිබෙනවා නම්, මම කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි තමයි උපදින්නේ’ කියල මේ පළමුවෙනි අස්වැසිල්ල ඇතිකරගත්තා වෙනවාමයි.

සචේ ඛෝ පන නත්ථි පරෝ ලෝකෝ, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ. ඉධාහං දිට්ඨේව ධම්මේ අවේරං අබ්‍යාපජ්ඣං අනීඝං සුඛං අත්තානං පරිහරාමීති, අයමස්ස දුතියෝ අස්සාසෝ අධිගතෝ හෝති.

‘යම් හෙයකින් පරලොවක් නැත්නම්, හොඳ නරක කර්මයන්ගේ ඵලවිපාක නැත්නම්, මම මා මේ ජීවිතය තුළම වෛර නැති, තරහ නැති, නිදුක් වූ, සුවපත් වූ, ජීවිතයක් පරිහරණය කරනවා නොවේද?’ කියල මේ දෙවෙනි අස්වැසිල්ල ඇතිකරගත්තා වෙනවාමයි.

සචේ ඛෝ පන කරෝතෝ කරීයති පාපං, න ඛෝ පනාහං කස්සචි පාපං චේතේමි, අකරොන්තං ඛෝ පන මං පාපං කම්මං කුතෝ දුක්ඛං ඵුසිස්සතීති අයමස්ස තතියෝ අස්සාසෝ අධිගතෝ හෝති.

‘යම් හෙයකින් පව් කරන කෙනාට තමයි ඒ පව්වලට විපාක විඳින්න තියෙන්නේ. නමුත් මම කිසිවෙකුට හෝ පවක් කරන්නට සිතන්නේ නෑ. ඉතින් පාප කර්ම නොකරන්නා වූ මා කවර කරුණකට නම් දුකක් ස්පර්ශ කරන්නද?’ කියල මේ තුන්වෙනි අස්වැසිල්ල ඇතිකරගත්තා වෙනවාමයි.

චේ ඛෝ පන කරෝතෝ න කරීයති පාපං, ඉධාහං උභයේනේව විසුද්ධං අත්තානං සමනුපස්සාමීති අයමස්ස චතුත්ථෝ අස්සාසෝ අධිගතෝ හෝති.

‘යම් හෙයකින් පව් කරන කෙනාට ඒ පව්වලට විපාක විඳින්නට නැතිනම්, මෙහිදීම මම පව් කිරීමත්, විපාක විඳීමත් යන දෙපැත්තෙන්ම පිරිසිදු ජීවිතයක් තමයි දකින්නේ’ කියල මේ සිව්වෙනි අස්වැසිල්ල ඇතිකරගත්තා වෙනවාමයි.

ස ඛෝ සෝ භන්තේ අරියසාවකෝ ඒවං අවේරචිත්තෝ ඒවං අබ්‍යාපජ්ඣචිත්තෝ ඒවං අසංකිලිට්ඨචිත්තෝ ඒවං විසුද්ධචිත්තෝ තස්ස දිට්ඨේව ධම්මේ ඉමේ චත්තාරෝ අස්සාසා අධිගතා හොන්තීති.

ස්වාමීනී, ඒ ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් අවෛරී සිතින් යුතුව, ඔය අයුරින් නිදුක් සිතින් යුතුව, ඔය අයුරින් නොකිලිටි සිතින් යුතුව, පිරිසිදු සිතින් යුතුව සිටිනා විට මේ ජීවිතය තුළදීම සැනසිලි හතරක් ඇති කරගත්තා වෙනවාමයි.

අභික්කන්තං භන්තේ ….පෙ…. ඒතේ මයං භන්තේ භගවන්තං සරණං ගච්ඡාම ධම්මඤ්ච භික්ඛුසංඝඤ්ච. උපාසකේ නෝ භන්තේ භගවා ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතේ සරණං ගතේති.

භවත් ගෞතමයන් වහන්ස, ඉතා සුන්දරයි! ….(පෙ)…. ස්වාමීනී, මේ අපිත් භාග්‍යවතුන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත්, ආර්ය මහා සංඝරත්නයත් සරණ යනවා. භාග්‍යවතුන් වහන්සේ අපි ගැන අද පටන් දිවි තිබෙන තුරාවටම තෙරුවන් සරණ ගිය උපාසකයන් ලෙස සලකන සේක්වා!

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M