අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.2.2.4.

14. ඒවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහරති ගිජ්ඣකූටේ පබ්බතේ. තේන ඛෝ පන සමයේන සරභෝ නාම පරිබ්බාජකෝ අචිරපක්කන්තෝ හෝති ඉමස්මා ධම්මවිනයා. සෝ රාජගහේ පරිසතිං ඒවං වාචං භාසති: අඤ්ඤාතෝ මයා සමණානං සක්‍යපුත්තිකානං ධම්මෝ. අඤ්ඤාය ච පනාහං සමණානං සක්‍යපුත්තිකානං ධම්මං ඒවාහං තස්මා ධම්මවිනයා අපක්කන්තෝති.

14. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහනුවර ගිජ්ඣකූට පර්වතයේ. ඒ කාලයේම සරභ නම් වූ පිරිවැජියා මේ සසුනෙන් බැහැරව ගිහින් එතරම් කාලයක් වුනේ නෑ. නමුත් ඔහු රජගහනුවර පිරිස මැද මේ විදිහේ වචනයක් කියාගෙන යනවා. ‘මා ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණයන්ගේ ධර්මය අවබෝධ කරගෙනයි ඉන්නේ. මං ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණයන්ගේ ධර්මය අවබෝධ කරගෙන තමයි මේ විදිහට ඒ ශාසනයෙන් නික්ම සිවුරු හැර ගියේ.’

අථ ඛෝ සම්බහුලා භික්ඛූ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පවිසිංසු. අස්සෝසුං ඛෝ තේ භික්ඛූ සරභස්ස පරිබ්බාජකස්ස රාජගහේ පරිසතිං ඒවං වාචං භාසමානස්ස: අඤ්ඤාතෝ මයා සමණානං සක්‍යපුත්තිකානං ධම්මෝ, අඤ්ඤාය ච පනාහං සමණානං සක්‍යපුත්තිකානං ධම්මං ඒවාහං තස්මා ධම්මවිනයා අපක්කන්තෝති.

එදා බොහෝ භික්ෂූන් වහන්සේලා පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවාගෙන, පා සිවුරු ගෙන රජගහනුවර පිඬුසිඟා වැඩම කළා. ඉතින් ඒ භික්ෂූන් වහන්සේලාට රජගහනුවර පිරිස මැද මෙබඳු වූ වචනයක් කියමින් සිටින සරභ පිරිවැජියාගේ කථාව අසන්නට ලැබුනා. ‘මා ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණයන්ගේ ධර්මය අවබෝධ කරගෙනයි ඉන්නේ. මං ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණයන්ගේ ධර්මය අවබෝධ කරගෙන තමයි මේ විදිහට ඒ ශාසනයෙන් නික්ම සිවුරු හැර ගියේ’ කියලා.

අථ ඛෝ තේ භික්ඛූ රාජගහේ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නා ඛෝ තේ භික්ඛූ භගවන්තං ඒතදවෝචුං:

ඉතින් ඒ භික්ෂූන් වහන්සේලා රජගහනුවර පිණ්ඩපාතේ වැඩම කරලා, දානය වළඳා අවසන් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩිවුන ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළකර සිටියා.

සරභෝ නාම භන්තේ පරිබ්බාජකෝ අචිරපක්කන්තෝ ඉමස්මා ධම්මවිනයා සෝ රාජගහේ පරිසතිං ඒවං වාචං භාසති. අඤ්ඤාතෝ මයා සමණානං සක්‍යපුත්තිකානං ධම්මෝ. අඤ්ඤාය ච පනාහං සමණානං සක්‍යපුත්තිකානං ධම්මං ඒවාහං තස්මා ධම්මවිනයා අපක්කන්තෝති. සාධු භන්තේ භගවා යේන සප්පිනිකාතීරං පරිබ්බාජකාරාමෝ, යේන සරභෝ පරිබ්බාජකෝ, තේනුපසංකමතු අනුකම්පං උපාදායාති. අධිවාසේසි භගවා තුණ්හීභාවේන.

“ස්වාමීනී, ළඟදී මේ සසුනෙන් සිවුරුහැර බැහැර වූ සරභ කියන පිරිවැජියා රජගහනුවර පිරිස මැද මෙන්න මේ විදිහේ වචනයක් කියනවා නෙව. ‘මා ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණයන්ගේ ධර්මය අවබෝධ කරගෙනයි ඉන්නේ. මං ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණයන්ගේ ධර්මය අවබෝධ කරගෙන තමයි මේ විදිහට ඒ ශාසනයෙන් නික්ම සිවුරු හැර ගියේ’ කියලා. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, සප්පීනිකා නදී තෙර පිරිවැජි ආරාමයේ ඉන්න සරභ පිරිවැජියා කරා අනුකම්පාවෙන් වැඩමකරන සේක්වා!” භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව සිටීමෙන් ඒ ඇරයුම පිළිගත්තා.

අථ ඛෝ භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතෝ යේන සප්පිනිකාතීරං පරිබ්බාජකාරාමෝ යේන සරභෝ පරිබ්බාජකෝ තේනුපසංකමි, උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදි. නිසජ්ජ ඛෝ භගවා සරභං පරිබ්බාජකං ඒතදවෝච: සච්චං කිර ත්වං සරභ ඒවං වදේසි: අඤ්ඤාතෝ මයා සමණානං සක්‍යපුත්තියානං ධම්මෝ, අඤ්ඤාය ච පනාහං සමණානං සක්‍යපුත්තිකානං ධම්මං ඒවාහං තස්මා ධම්මවිනයා අපක්කන්තෝති? ඒවං වුත්තේ සරභෝ පරිබ්බාජකෝ තුණ්හී අහෝසි.

එදා භාග්‍යවතුන් වන්සේ භාවනාවෙන් නැගිට සවස් වරුවේ සප්පීනිකා නදී තෙර පිරිවැජි අරමෙහි සිටිනා සරභ පිරිවැජියා කරා වැඩම කළා. වැඩම කොට පණවන ලද ආසනයෙහි වැඩසිටියා. වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ සරභ පිරිවැජියා හට මෙකරුණ වදාළා. “එම්බා සරභ, ඔබ මෙවැනි වූ වචනයක් කියනවා කියන්නේ සැබෑද? ඒ කියන්නේ ‘මා ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණයන්ගේ ධර්මය අවබෝධ කරගෙනයි ඉන්නේ. මං ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණයන්ගේ ධර්මය අවබෝධ කරගෙන තමයි මේ විදිහට ඒ ශාසනයෙන් නික්ම සිවුරු හැර ගියේ’ කියලා.” එසේ විමසූ විට සරභ පිරිවැජියා නිශ්ශබ්ද වුනා.

දුතියම්පි ඛෝ භගවා සරභං පරිබ්බාජකං ඒතදවෝච: වදේහි සරභ, කින්ති තේ අඤ්ඤාතෝ සමණානං සක්‍යපුත්තිකානං ධම්මෝ: සචේ තේ අපරිපූරං භවිස්සති, අහං පරිපූරෙස්සාමි, සචේ පන තේ පරිපූරං භවිස්සති. අහං අනුමෝදිස්සාමීති. දුතියම්පි ඛෝ සරභෝ පරිබ්බාජකෝ තුණ්හී අහෝසි.

දෙවෙනි වතාවටත් භාග්‍යවතුන් වහන්සේ සරභ පිරිවැජියා හට මෙකරුණ වදාළා. “එම්බා සරභ, කියන්න. ඔබ ශාක්‍යපුත්‍ර ශ්‍රමණයන්ගේ කවර ධර්මයක්ද අවබෝධ කරන ලද්දේ? ඉදින් ඔබේ අවබෝධය අසම්පූර්ණ නම්, මා එය සම්පූර්ණ කරන්නම්. ඉදින් ඔබේ අවබෝධය සම්පූර්ණ නම්, මා එය අනුමෝදන් වෙන්නම්.” දෙවෙනි වතාවටත් සරභ පිරිවැජියා නිශ්ශබ්ද වුනා.

තතියම්පි ඛෝ භගවා සරභං පරිබ්බාජකං ඒතදවෝච: වදේහි සරභ, කින්ති තේ අඤ්ඤාතෝ සමණානං සක්‍යපුත්තිකානං ධම්මෝ, සචේ තේ අපරිපූරං භවිස්සති, අහං පරිපූරෙස්සාමි. සචේ පන තේ පරිපූරං භවිස්සති, අහං අනුමෝදිස්සාමීති. තතියම්පි ඛෝ සරභෝ පරිබ්බාජකෝ තුණ්හී අහෝසි.

තුන්වෙනි වතාවටත් භාග්‍යවතුන් වහන්සේ සරභ පිරිවැජියා හට මෙකරුණ වදාළා. “එම්බා සරභ, කියන්න. ඔබ ශාක්‍යපුත්‍ර ශ්‍රමණයන්ගේ කවර ධර්මයක්ද අවබෝධ කරන ලද්දේ? ඉදින් ඔබේ අවබෝධය අසම්පූර්ණ නම්, මා එය සම්පූර්ණ කරන්නම්. ඉදින් ඔබේ අවබෝධය සම්පූර්ණ නම්, මා එය අනුමෝදන් වෙන්නම්.” තුන්වෙනි වතාවටත් සරභ පිරිවැජියා නිශ්ශබ්ද වුනා.

අථ ඛෝ තේ පරිබ්බාජකා සරභං පරිබ්බාජකං ඒතදවෝචුං: “යදේව ඛෝ ත්වං ආවුසෝ සරභ, සමණං ගෝතමං යාචෙය්‍යාසි. තදේව තේ සමණෝ ගෝතමෝ පවාරේති. වදේහාවුසෝ සරභ, කින්ති තේ අඤ්ඤාතෝ සමණානං සක්‍යපුත්තිකානං ධම්මෝ, සචේ තේ අපරිපූරං භවිස්සති. සමණෝ ගෝතමෝ පරිපූරෙස්සති. සචේ පන තේ පරිපූරං භවිස්සති. සමණෝ ගෝතමෝ අනුමෝදිස්සතී”ති. ඒවං වුත්තේ සරභෝ පරිබ්බාජකෝ තුණ්හීභූතෝ මංකුභූතෝ පත්තක්ඛන්ධෝ අධෝමුඛෝ පජ්ඣායන්තෝ අප්පටිභානෝ නිසීදි.

එතකොට ඒ පිරිවැජියෝ සරභ පිරිවැජියාට මෙය කියා සිටියා. “එම්බා ආයුෂ්මත් සරභය, ඔබ ශ්‍රමණ ගෞතමයන්ගෙන් යමක් ඉල්ලා සිටිය යුතු නම්, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ එයම ඔබට පවරනවා නෙව. එම්බා ආයුෂ්මත් සරභය, කියන්න. ඔබ ශාක්‍යපුත්‍ර ශ්‍රමණයන්ගේ කවර ධර්මයක්ද අවබෝධ කරන ලද්දේ? ඉදින් ඔබේ අවබෝධය අසම්පූර්ණ නම්, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සම්පූර්ණ කර දේවි. ඉදින් ඔබේ අවබෝධය සම්පූර්ණ නම්, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ එය අනුමෝදන් වේවි.” මෙසේ කී විට සරභ පිරිවැජියා නිශ්ශබ්ද වුනා. තෙද රහිතව සිටියා. කරබාගෙන සිටියා. මුහුණ යටට හරවාගෙන සිටියා. වැටහීම් රහිතව සිටියා.

අථ ඛෝ භගවා සරභං පරිබ්බාජකං තුණ්හීභූතං මංකුභූතං පත්තක්ඛන්ධං අධෝමුඛං පජ්ඣායන්තං අප්පටිභානං විදිත්වා තේ පරිබ්බාජකේ ඒතදවෝච:

එතකොට නිශ්ශබ්දව, තෙද රහිතව, කරබාගෙන, මුහුණ යටට හරවාගෙන, වැටහීම් රහිතව සිටින සරභ පිරිවැජියා දැන, අර පිරිවැජියන් හට භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ වදාළා.

යෝ ඛෝ මං පරිබ්බාජකා ඒවං වදෙය්‍ය. සම්මාසම්බුද්ධස්ස තේ පටිජානතෝ ඉමේ ධම්මා අනභිසම්බුද්ධාති, තමහං තත්ථ සාධුකං සමනුයුඤ්ජෙය්‍යං, සමනුගාහෙය්‍යං සමනුභාසෙය්‍යං. සෝ වත මයා සාධුකං සමනුයුඤ්ජියමානෝ සමනුගාහියමානෝ සමනුභාසියමානෝ අට්ඨානමේතං අනවකාසෝ, යං සෝ තිණ්ණං ඨානානං නාඤ්ඤතරං ඨානං නිගච්ඡෙය්‍ය අඤ්ඤේන වා අඤ්ඤං පටිචරිස්සති, බහිද්ධා කථං අපනාමෙස්සති, කෝපඤ්ච දෝසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරිස්සති. තුණ්හීභූතෝ වා මංකුභූතෝ පත්තක්ඛන්ධෝ අධෝමුඛෝ පජ්ඣායන්තෝ අප්පටිභානෝ නිසීදිස්සති. සෙය්‍යථාපි සරභෝ පරිබ්බාජකෝ.

“එම්බා පිරිවැජියනි, ‘සම්මා සම්බුද්ධ කියා ලොවට ප්‍රතිඥා දෙන ඔබ මේ මේ ධර්මයන් අවබෝධ කරල නැහැ නෙව’ කියා යම් කෙනෙක් මා හට ඔය අයුරින් පවසනවා නම්, මා ඔහුගෙන් මනාකොට ප්‍රශ්න කරනවා. කරුණු විමසනවා. පැහැදිලිව කියා සිටිනවා. ඉතින් මා විසින් මනාකොට ප්‍රශ්න කරද්දී, කරුණු විමසද්දී, පැහැදිලිව කියා සිටිද්දී ඒ තැනැත්තා මේ කරුණු තුනෙන් එක්තරා කාරණාවකට නොවැටෙනවා යන්න සිදු නොවන දෙයකි. නොවිය හැකි දෙයකි. එක්කෝ වෙන කතාවක් ඇදලා අරගෙන අර කතාව බැහැර කරනවා. එක්කෝ කෝපයත්, ද්වේෂයත්, නොසතුටත් පහළ කරනවා. එහෙමත් නැත්නම් මේ සරභ පිරිවැජියා වගේ නිශ්ශබ්දව ඉන්නවා. තෙද රහිතව ඉන්නවා. කරබාගෙන ඉන්නවා. මුහුණ යටට හරවාගෙන ඉන්නවා. වැටහීම් රහිතව ඉන්නවා.

යෝ ඛෝ මං පරිබ්බාජකා ඒවං වදෙය්‍ය: ඛීණාසවස්ස තේ පටිජානතෝ ඉමේ ආසවා අපරික්ඛීණාති, තමහං තත්ථ සාධුකං සමනුයුඤ්ජෙය්‍යං සමනුගාහෙය්‍යං සමනුභාසෙය්‍යං. සෝ වත මයා සාධුකං සමනුයුඤ්ජියමානෝ සමනුගාහියමානෝ සමනුභාසියමානෝ අට්ඨානමේතං අනවකාසෝ යං සෝ තිණ්ණං ඨානානං නාඤ්ඤතරං ඨානං නිගච්ඡෙය්‍ය, අඤ්ඤේන වා අඤ්ඤං පටිචරිස්සති, බහිද්ධා කථං අපනාමෙස්සති, කෝපඤ්ච දෝසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරිස්සති. තුණ්හීභූතෝ මංකුභූතෝ පත්තක්ඛන්ධෝ අධෝමුඛෝ පජ්ඣායන්තෝ අප්පටිභානෝ නිසීදිස්සති, සෙය්‍යථාපි සරභෝ පරිබ්බාජකෝ.

එම්බා පිරිවැජියනි, ‘ක්ෂය කරන ලද ආශ්‍රව ඇති රහතන් වහන්සේ නමක්ය කියල ප්‍රතිඥා දෙන ඔබ මේ මේ ආශ්‍රවයන් ක්ෂය කරල නැහැ නෙව’ කියා යම් කෙනෙක් මා හට ඔය අයුරින් පවසනවා නම්, මා ඔහුගෙන් මනාකොට ප්‍රශ්න කරනවා. කරුණු විමසනවා. පැහැදිලිව කියා සිටිනවා. ඉතින් මා විසින් මනාකොට ප්‍රශ්න කරද්දී, කරුණු විමසද්දී, පැහැදිලිව කියා සිටිද්දී ඒ තැනැත්තා මේ කරුණු තුනෙන් එක්තරා කාරණාවකට නොවැටෙනවා යන්න සිදු නොවන දෙයකි. නොවිය හැකි දෙයකි. එක්කෝ වෙන කතාවක් ඇදලා අරගෙන අර කතාව බැහැර කරනවා. එක්කෝ කෝපයත්, ද්වේෂයත්, නොසතුටත් පහළ කරනවා. එහෙමත් නැත්නම් මේ සරභ පිරිවැජියා වගේ නිශ්ශබ්දව ඉන්නවා. තෙද රහිතව ඉන්නවා. කරබාගෙන ඉන්නවා. මුහුණ යටට හරවාගෙන ඉන්නවා. වැටහීම් රහිතව ඉන්නවා.

යෝ ඛෝ මං පරිබ්බාජකා ඒවං වදෙය්‍ය: යස්ස ඛෝ පන තේ අත්ථාය ධම්මෝ දේසිතෝ, සෝ න නිය්‍යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායාති. තමහං තත්ථ සාධුකං සමනුයුඤ්ජෙය්‍යං, සමනුගාහෙය්‍යං, සමනුභාසෙය්‍යං. සෝ වත මයා සාධුකං සමනුයුඤ්ජියමානෝ සමනුගාහියමානෝ සමනුභාසියමානෝ අට්ඨානමේතං අනවකාසෝ යං සෝ තිණ්ණං ඨානානං නාඤ්ඤතරං ඨානං නිගච්ඡෙය්‍ය අඤ්ඤේන වා අඤ්ඤං පටිචරිස්සති, බහිද්ධා කථං අපනාමෙස්සති, කෝපඤ්ච දෝසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරිස්සති. තුණ්හීභූතෝ මංකුභූතෝ පත්තක්ඛන්ධෝ අධෝමුඛෝ පජ්ඣායන්තෝ අප්පටිභානෝ නිසීදිස්සති, සෙය්‍යථාපි සරභෝ පරිබ්බාජකෝති.

එම්බා පිරිවැජියනි, ‘යම් මාර්ගඵල අවබෝධයක් ලබාදීම පිණිස ඔබ විසින් ධර්මය දේශනා කරන ලද්දේද, ඒ අනුව හැසිරෙන කෙනෙකුට මනාකොට දුක් ක්ෂය වෙන්නේ නැත’ කියා යම් කෙනෙක් මා හට ඔය අයුරින් පවසනවා නම්, මා ඔහුගෙන් මනාකොට ප්‍රශ්න කරනවා. කරුණු විමසනවා. පැහැදිලිව කියා සිටිනවා. ඉතින් මා විසින් මනාකොට ප්‍රශ්න කරද්දී, කරුණු විමසද්දී, පැහැදිලිව කියා සිටිද්දී ඒ තැනැත්තා මේ කරුණු තුනෙන් එක්තරා කාරණාවකට නොවැටෙනවා යන්න සිදු නොවන දෙයකි. නොවිය හැකි දෙයකි. එක්කෝ වෙන කතාවක් ඇදලා අරගෙන අර කතාව බැහැර කරනවා. එක්කෝ කෝපයත්, ද්වේෂයත්, නොසතුටත් පහළ කරනවා. එහෙමත් නැත්නම් මේ සරභ පිරිවැජියා වගේ නිශ්ශබ්දව ඉන්නවා. තෙද රහිතව ඉන්නවා. කරබාගෙන ඉන්නවා. මුහුණ යටට හරවාගෙන ඉන්නවා. වැටහීම් රහිතව ඉන්නවා.”

අථ ඛෝ භගවා සිප්පිනිකාතීරේ පරිබ්බාජකාරාමේ තික්ඛත්තුං සීහනාදං නදිත්වා වේහාසං පක්කාමි.

ඉතින් භාග්‍යවතුන් වහන්සේ සප්පිනිකා නදී තෙර පිරිවැජි අරමේදී මේ අයුරින් තුන්වරක් සීහනාද පවත්වා අහසට නැගී වැඩි සේක.

අථ ඛෝ තේ පරිබ්බාජකා අචිරපක්කන්තස්ස භගවතෝ සරභං පරිබ්බාජකං සමන්තතෝ වාචාසත්තිතෝදකේන සඤ්ජම්භරිංඅකංසු: සෙය්‍යථාපි ආවුසෝ සරභ බ්‍රහාරඤ්ඤේ ජරසිංගාලෝ සීහනාදං නදිස්සාමීති සේගාලකඤ්ඤේව නදති, භේරණ්ඩකඤ්ඤේව නදති. ඒවමේව ඛෝ ත්වං ආවුසෝ සරභ අඤ්ඤත්‍රේව සමණේන ගෝතමේන සීහනාදං නදිස්සාමී’ති සේගාලකඤ්ඤේව නදසි, භේරණ්ඩකඤ්ඤේව නදසි. සෙය්‍යථාපි ආවුසෝ සරභ අම්බකමද්දරී ඵුස්සකරවිතං රවිස්සාමීති අම්බකමද්දරී රවිතංයේව රවති. ඒවමේව ඛෝ ත්වං ආවුසෝ සරභ අඤ්ඤත්‍රේව සමණේන ගෝතමේන ඵුස්සකරවිතං රවිස්සාමීති අම්බකමද්දරී රවිතංයේව රවසි. සෙය්‍යථාපි ආවුසෝ සරභ උසභෝ සුඤ්ඤාය ගෝසාලාය ගම්භීරං නදිතබ්බං මඤ්ඤති. ඒවමේව ඛෝ ත්වං ආවුසෝ සරභ අඤ්ඤත්‍රේව සමණේන ගෝතමේන ගම්භීරං නදිතබ්බං මඤ්ඤසීති. අථ ඛෝ තේ පරිබ්බාජකා සරභං පරිබ්බාජකං සමන්තතෝ වාචායසන්නිතෝදකේන සඤ්ජම්භරිංඅකංසූති.

භාග්‍යවතුන් වහන්සේ වැඩම කොට නොබෝ වේලාවකින් අර පිරිවැජියෝ සරභ පිරිවැජියාව හාත්පස වටකරගෙන වචන නැමැති සැත්වලින් හොඳ හැටියට පහර දුන්නා. “එම්බා ආයුෂ්මත් සරභ, මහවනයේ දිරා ගිය හිවලෙක් ‘සීහනාද කරන්නෙමි’යි කියලා සිවල් හඬමයි නගන්නේ. බිරුම් හඬමයි නගන්නේ. නුඹත් අන්න ඒ වගේ කෙනෙක් තමයි. එම්බා ආයුෂ්මත් සරභ, නුඹ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ හැරුණු කොට ‘සීහනාද කරන්නෙමි’යි කියල හිවල් හඬමයි නගන්නේ. බිරුම් හඬමයි නගන්නේ. එම්බා ආයුෂ්මත් සරභ, චූටි කිකිළියක් ‘මහා කුකුළෙකුගේ හඬ නගන්නෙමි’යි කියල කුඩා කිකිළියගේ හඬමයි නගන්නේ. නුඹත් අන්න ඒ වගේ කෙනෙක් තමයි. එම්බා ආයුෂ්මත් සරභ, නුඹ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ හැරුණුකොට සිංහනාද කරන්නෙමි’ යි කියා කුඩා කිකිළියකගේ හඬ ම යි නගන්නේ. එම්බා ආයුෂ්මත් සරභ, හරකෙක් හිස් වූ ගව මඩුවක වෘෂභ රාජයෙකුගේ ගම්භීර නාදයෙන් නද දීමට සිතයි නම්, නුඹත් අන්න ඒ වගේ කෙනෙක් තමයි. එම්බා ආයුෂ්මත් සරභ, නුඹ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ හැරුණු කොට ගම්භීර හඬකින් කෑගසන්නට සිතුවා නේද?” කියලා අර පිරිවැජියෝ සරභ පිරිවැජියාව හාත්පස වටකරගෙන වචන නැමැති සැත්වලින් හොඳ හැටියට පහර දුන්නා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M