අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.2.2.3.

13. ඒකං සමයං භගවා කෝසලේසු චාරිකං චරමානෝ මහතා භික්ඛුසංඝේන සද්ධිං යේන වේනාගපුරං නාම කෝසලානං බ්‍රාහ්මණගාමෝ තදවසරි. අස්සෝසුං ඛෝ වේනාගපුරිකා බ්‍රාහ්මණගහපතිකා: සමණෝ ඛලු භෝ ගෝතමෝ සක්‍යපුත්තෝ සක්‍යකුලා පබ්බජිතෝ වේනාගපුරං අනුප්පත්තෝ “තං ඛෝ පන භවන්තං ගෝතමං ඒවං කල්‍යාණෝ කිත්තිසද්දෝ අබ්භුග්ගතෝ: ඉතිපි සෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණසම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්මසාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා. සෝ ඉමං ලෝකං සදේවකං සමාරකං සබ්‍රහ්මකං සස්සමණබ්‍රාහ්මණිං පජං සදේවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදේති, සෝ ධම්මං දේසේති ආදිකල්‍යාණං මජ්ඤෙධ්කල්‍යාණං පරියෝසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේති. සාධු ඛෝ පන තථාරූපානං අරහතං දස්සනං හෝතී”ති.

13. එසමයේදී භාග්‍යවතුන් වහන්සේ මහත් භික්ෂු සංඝයා සමඟ කොසොල් ජනපදයන්හි චාරිකාවේ වැඩම කරමින් සිටිද්දී කොසොල් ජනපදයට අයත් වේනාගපුර නම් වූ බ්‍රාහ්මණ ගමෙහි වැඩවාසය කළා. එතකොට වේනාගපුරවාසී බ්‍රාහ්මණ ගෘහපතියන් හට මේ කථාව අසන්නට ලැබුනා. ‘භවත්නි, අන්න ශාක්‍ය පුත්‍ර වූ, ශාක්‍ය කුලයෙන් නික්මී පැවිදි වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වේනාගපුරයට වැඩම කරසිටිනවා. ඒ භවත් ගෞතමයන් වහන්සේ ගැන මෙවැනි වූ කල්‍යාණ කීර්ති ඝෝෂාවක් පැතිර ගොසින් තිබෙනවා. ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණින් අරහත් වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තර පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක. උන්වහන්සේ දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණ බමුණන් සහිත වූ දෙව්මිනිස් ප්‍රජාවෙන් යුතු මේ ලෝකය තමා විසින් උපදවා ගත් විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කරලා ලෝකයට කියා දෙනවා. උන්වහන්සේ දහම් දෙසනවා. ආරම්භය කල්‍යාණ වූත්, මැද කල්‍යාණ වූත්, අවසානය කල්‍යාණ වූත්, අර්ථ සහිත වූත්, පැහැදිලි ප්‍රකාශනවලින් යුතු වූත්, මුළුමනින්ම පිරිපුන් බඹසර ප්‍රකාශ කරනවා. එබඳු වූ රහතුන් දැකගන්නට ලැබීම කොයිතරම් යහපත් දෙයක්ද?’ කියලා.

අථ ඛෝ වේනාගපුරිකා බ්‍රාහ්මණගහපතිකා යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්වා අප්පේකච්චේ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. අප්පේකච්චේ භගවතා සද්ධිං සම්මෝදිංසු. සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදිංසු. අප්පේකච්චේ යේන භගවා තේනඤ්ජලිං පණාමෙත්වා ඒකමන්තං නිසීදිංසු. අප්පේකච්චේ නාමගොත්තං සාවෙත්වා ඒකමන්තං නිසීදිංසු. අප්පේකච්චේ තුණ්හීභූතා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නෝ ඛෝ වේනාගපුරිකෝ වච්ඡගොත්තෝ බ්‍රාහ්මණෝ භගවන්තං ඒතදවෝච:

එකල්හි වේනාගපුර බ්‍රාහ්මණ ගෘහපතිවරු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කතාබහ නිම කොට එකත්පස්ව වාඩිවුනා. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ ගෞරව දක්වා එකත්පස්ව වාඩිවුනා. ඇතැම් කෙනෙක් නම් ගොත් පවසා එකත්පස්ව වාඩිවුනා. ඇතැම් කෙනෙක් නිශ්ශබ්දව එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩිවුන වේනාගපුරවැසි වච්ඡගොත්ත බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පවසා සිටියා.

“අච්ඡරියං භෝ ගෝතම, අබ්භුතං භෝ ගෝතම, යාවඤ්චිදං භෝතෝ ගෝතමස්ස විප්පසන්නානි ඉන්ද්‍රියානි, පරිසුද්ධෝ ඡවිවණ්ණෝ පරියෝදාතෝ.

“භවත් ගෞතමයන් වහන්ස, ඉතා ආශ්චර්යයි! භවත් ගෞතමයන් වහන්ස, ඉතා පුදුම සහගතයි! භවත් ගෞතමයන් වහන්සේගේ ඇස්, කන් ආදී ඉන්ද්‍රියයන් අතිශයින්ම පැහැපත්. සමෙහි පැහැයත් පාරිශුද්ධයි. බබලනවා.”

සෙය්‍යථාපි භෝ ගෝතම සාරදං බදරපණ්ඩුං පරිසුද්ධං හෝති පරියෝදාතං. ඒවමේවං භෝතෝ ගෝතමස්ස විප්පසන්නානි ඉන්ද්‍රියානි, පරිසුද්ධෝ ඡවිවණ්ණෝ පරියෝදාතෝ. සෙය්‍යථාපි භෝ ගෝතම තාලපක්කං සම්පති බන්ධනා පවුත්තං පරිසුද්ධං හෝති පරියෝදාතං. ඒවමේව භෝතෝ ගෝතමස්ස විප්පසන්නානි ඉන්ද්‍රියානි, පරිසුද්ධෝ ඡවිවණ්ණෝ පරියෝදාතෝ.”

“භවත් ගෞතමයන් වහන්ස, එය මෙවැනි දෙයක්. සරත් කාලයෙහි හටගත් ලපටි ඩෙබර ගෙඩිය පිරිසිදුව දිළිසෙනවා වගෙයි. අන්න ඒ වගේම භවත් ගෞතමයන් වහන්සේගේ ඇස්, කන් ආදී ඉන්ද්‍රියයන් අතිශයින්ම පැහැපත්. සමෙහි පැහැයත් පාරිශුද්ධයි. බබලනවා. භවත් ගෞතමයන් වහන්ස, එය මෙවැනි දෙයක්. නටුවෙන් ගිලිහී ගිය ගමන් වැටුණු තල් ගෙඩිය පිරිසිදුව දිළිසෙනවා වගෙයි. අන්න ඒ වගේම භවත් ගෞතමයන් වහන්සේගේ ඇස්, කන් ආදී ඉන්ද්‍රියයන් අතිශයින්ම පැහැපත්. සමෙහි පැහැයත් පාරිශුද්ධයි. බබලනවා.

“සෙය්‍යථාපි භෝ ගෝතම නෙක්ඛං ජම්බෝනදං දක්ඛකම්මාරපුත්තසුපරිකම්මකතං උක්කාමුඛේ සුකුසලසම්පහට්ඨං පණ්ඩුකම්බලේ නික්ඛිත්තං භාසතේ ච තපතේ ච විරෝචති ච. ඒවමේව භෝතෝ ගෝතමස්ස විප්පසන්නානි ඉන්ද්‍රියානි, පරිසුද්ධෝ ඡවිවණ්ණෝ පරියෝදාතෝ.

භවත් ගෞතමයන් වහන්ස, එය මෙවැනි දෙයක්. දක්ෂ රන්කරු දරුවෙක් ඉතාම හොඳින් සැකසූ, කෝවෙහි දමා ඉතාමත් හොඳින් තලා පෙලා සැකසූ, දඹරන් නිකක් රත් පළසක් මත තිබෙද්දී ලස්සනට බබලනවා. දිළිසෙනවා.

රැස් විහිදෙනවා. අන්න ඒ වගේම භවත් ගෞතමයන් වහන්සේගේ ඇස්, කන් ආදී ඉන්ද්‍රියයන් අතිශයින්ම පැහැපත්. සමෙහි පැහැයත් පාරිශුද්ධයි. බබලනවා.

යානි නූන තානි භෝ ගෝතම උච්චාසයනමහාසයනානි. සෙය්‍යථිදං: ආසන්දි පල්ලංකෝ ගෝනකෝ චිත්තකා පටිකා පටලිකා තූලිකා විකතිකා උද්දලෝමී ඒකන්තලෝමී කට්ටිස්සං කෝසෙය්‍යං කුත්තකං හත්ථත්ථරං අස්සත්ථරං රථත්ථරං අජිනප්පවේණී කදලිමිගපවරපච්චත්ථරණං සඋත්තරච්ඡදං උභතෝලෝහිතකූපධානං. ඒවරූපානං නූන භවං ගෝතමෝ උච්චාසයනමහාසයනානං නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභී”ති.

භවත් ගෞතමයන් වහන්ස, යම් මේ උසස් ආසන, මහා ආසන තියෙනවා නෙව. ඒ කියන්නේ, දිග හාන්සි පුටු, කවිච්චි, ලොකු පලස් යෙදූ ආසන, විසිතුරු ගෙත්තම් කළ එළු ලොම් ඇතිරිලි, සුදු එළු ලොමින් කළ ඇතිරිලි, මල් යෙදූ එළු ලොමින් කළ ඇතිරිලි, පුළුන් යෙදූ මෙට්ට, සත්ව රූපවලින් සැරසූ එළු ලොම් ඇතිරිලි, මුළුමනින්ම එළු ලොමින් කළ ඇතිරිලි, රන් නූලෙන් සැරසූ කලාල, පට නූලෙන් කළ කලාල, නාටිකාංගනාවන් ඒ මත නැටිය හැකි එළු ලොමින් කළ කලාල, ඇතුන් පිට යොදන ඇතිරිලි, අසුන් පිට යොදන ඇතිරිලි, රථවල යොදන ඇතිරිලි, අඳුන් දිවි සමෙන් කළ ඇතිරිලි, කදලි මුව සමින් කළ කලාල, හිස දෙපැත්තට රතු විල්ලුද කොට්ට තබා රතු උඩුවියන් බැඳ සෑදූ වටිනා යහන් ආදියයි. ඉතින් මෙබඳු වූ උසස් ආසන, මහා ආසන භවත් ගෞතමයන් වහන්සේ කැමැති විදිහට ලබනවා ඇති, නිදුකින් ලබනවා ඇති, බොහෝ සෙයින් ලබනවා ඇති.”

(භගවා)

(භාග්‍යවතුන් වහන්සේ:)

යානි ඛෝ පන තානි බ්‍රාහ්මණ උච්චාසයනමහාසයනානි. සෙය්‍යථිදං: ආසන්දි පල්ලංකෝ ගෝනකෝ චිත්තකා පටිකා පටලිකා තූලිකා විකතිකා උද්දලෝමී ඒකන්තලෝමී කට්ටිස්සං කෝසෙය්‍යං කුත්තකං හත්ථත්ථරං අස්සත්ථරං රථත්ථරං අජිනප්පවේණී කදලිමිගපවරපච්චත්ථරණං සඋත්තරච්ඡදං උභතෝලෝහිතකූපධානං. දුල්ලභානි තානි පබ්බජිතානං, ලද්ධා ච පන න කප්පන්ති.

“පින්වත් බ්‍රාහ්මණය, ඔය කියපු උසස් ආසන, මහා ආසන තියෙනවා තමයි. ඒ කියන්නේ, දිග හාන්සි පුටු, කවිච්චි, ලොකු පලස් යෙදූ ආසන, විසිතුරු ගෙත්තම් කළ එළු ලොම් ඇතිරිලි, සුදු එළු ලොමින් කළ ඇතිරිලි, මල් යෙදූ එළු ලොමින් කළ ඇතිරිලි, පුළුන් යෙදූ මෙට්ට, සත්ව රූපවලින් සැරසූ එළු ලොම් ඇතිරිලි, මුළුමනින්ම එළු ලොමින් කළ ඇතිරිලි, රන් නූලෙන් සැරසූ කලාල, පට නූලෙන් කළ කලාල, නාටිකාංගනාවන් ඒ මත නැටිය හැකි එළු ලොමින් කළ කලාල, ඇතුන් පිට යොදන ඇතිරිලි, අසුන් පිට යොදන ඇතිරිලි, රථවල යොදන ඇතිරිලි, අඳුන් දිවි සමෙන් කළ ඇතිරිලි, කදලි මුව සමින් කළ කලාල, හිස දෙපැත්තට රතු විල්ලුද කොට්ට තබා රතු උඩුවියන් බැඳ සෑදූ වටිනා යහන් ආදියයි. නමුත් ඒවා පැවිද්දන් හට දුර්ලභයි. ලැබුනත් කැප නෑ.

තීණි ඛෝ ඉමානි බ්‍රාහ්මණ උච්චාසයනමහාසයනානි, යේසාහං ඒතරහි නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභී. කතමානි තීණි: දිබ්බං උච්චාසයනමහාසයනං බ්‍රහ්මං උච්චාසයනමහාසයනං, අරියං උච්චාසයනමහාසයනං. ඉමානි ඛෝ බ්‍රාහ්මණ තීණි උච්චාසයනමහාසයනානි, යේසාහං ඒතරහි නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභීති.

පින්වත් බ්‍රාහ්මණය, යම් මේ උසස් ආසන, මහා ආසන තුනක් තියෙනවා. අන්න ඒ උසස් ආසන, මහා ආසන නම් දැන් මම කැමැති විදිහට ලබනවා. නිදුකින් ලබනවා. බොහෝ සෙයින් ලබනවා. ඒ කවර ආසන තුනක්ද යත්; දිව්‍ය වූ උච්චාසයන මහාසයනයි. බ්‍රහ්ම වූ උච්චාසයන මහාසයනයි. ආර්ය වූ උච්චාසයන මහාසයනයි. පින්වත් බ්‍රාහ්මණය, දැන් මා යම්බඳු වූ උච්චාසයන මහාසයනයක් කැමැති සේ ලබනවා නම්, නිදුකින් ලබනවා නම්, බොහෝ සෙයින් ලබනවා නම්, මේ ඒ උච්චාසයන මහාසයන තුනයි.”

(බ්‍රාහ්මණෝ)

(බ්‍රාහ්මණයා:)

කතමං පන තං භෝ ගෝතම, දිබ්බං උච්චාසයනමහාසයනං, යස්ස භවං ගෝතමෝ ඒතරහි නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභී?ති.

“භවත් ගෞතමයන් වහන්ස, දැන් භවත් ගෞතමයන් වහන්සේ යම් ආසනයක් රිසි සේ ලබනවා නම්, නිදුකින් ලබනවා නම්, බොහෝ සෙයින් ලබනවා නම්, ඒ දිව්‍ය වූ උච්චාසයන මහාසයනය කුමක්ද?”

(භගවා)

(භාග්‍යවතුන් වහන්සේ:)

ඉධාහං බ්‍රාහ්මණ යං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරාමි, සෝ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය තමේව ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසාමි. සෝ පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තෝ වනන්තඤ්ඤේව පවිසාමි, සෝ යදේව තත්ථ හොන්ති තිණානි වා පණ්ණානි වා තානි ඒකජ්ඣං සංහරිත්වා නිසීදාමි, පල්ලංකං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.

“පින්වත් බ්‍රාහ්මණය, මෙහි මා යම් ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කොට ගෙන වාසය කරනවා නම්, ඒ මම උදේ වරුවේ සිවුරු හැඳ පොරවාගෙන පාසිවුරු ගෙන ඒ ගමට වේවා, නියම්ගමට වේවා පිණ්ඩපාතය වඩිනවා. ඒ මම දානෙ වැළඳුවාට පස්සේ වනාන්තරයට පිවිසෙනවා. ඒ මම වනාන්තරයේදී තණ වේවා, වැටී තිබෙන කොළ රොඩු වේවා, යම් දෙයක් ඇත්නම් ඒවා එකතු කොට (ඒ මත දෙපට සිවුර අතුරා) ඒ මත පළඟක් බැඳගෙන, කය ඍජු කොට තබාගෙන, භාවනා අරමුණෙහි සිහිය පිහිටුවා ගෙන වාඩිවෙනවා.

සෝ විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරාමි. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරාමි. පීතියා ච විරාගා උපෙක්ඛකෝ ච විහරාමි සතෝ ච සම්පජානෝ සුඛඤ්ච කායේන පටිසංවේදේමි, යං තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකෝ සතිමා සුඛවිහාරීති තතියං ඣානං උපසම්පජ්ජ විහරාමි. සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බේව සෝමනස්සදෝමනස්සානං අත්ථංගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරාමි.

ඒ මම කාමයන්ගෙන් වෙන්ව, අකුසලයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. ඒ වගේම විතක්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ආධ්‍යාත්මිකව පැහැදීම ඇතිව සිතෙහි මනා එකඟ බවෙන් යුතුව විතර්ක රහිත, විචාර රහිත, සමාධියෙන් හටගත්, ප්‍රීති සුඛය ඇති දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. ඒ වගේම ප්‍රීතියටද නොඇලීමෙන් උපේක්ෂාවෙන් යුතුව වාසය කරනවා. සිහියෙන් නුවණින් යුතුව කයෙන් සැපයක්ද විඳිනවා. ආර්යයන් වහන්සේලා යම් ධ්‍යානයකට උපේක්ෂා සහගත සිහිය ඇති සැප විහරණය යැයි පවසනවාද, ඒ තුන්වන ධ්‍යානයත් උපදවාගෙන වාසය කරනවා. ඒ වගේම සැපයද ප්‍රහාණය කිරීමෙන්, දුකද ප්‍රහාණය කිරීමෙන් කලින්ම සොම්නස් දොම්නස් දෙක ඉක්මයෑමෙන් දුක් සැප රහිත වූ පාරිශුද්ධ උපේක්ෂා සහගත සතිය ඇති සතර වෙනි ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා.

සෝ චේ අහං බ්‍රාහ්මණ ඒවංභූතෝ චංකමාමි, දිබ්බෝ මේ ඒසෝ තස්මිං සමයේ චංකමෝ හෝති. සෝ චේ අහං බ්‍රාහ්මණ, ඒවංභූතෝ තිට්ඨාමි, දිබ්බං මේ ඒතං තස්මිං සමයේ ඨානං හෝති. සෝ චේ අහං බ්‍රාහ්මණ, ඒවංභූතෝ නිසීදාමි, දිබ්බං මේ ඒතං තස්මිං සමයේ ආසනං හෝති. සෝ චේ අහං බ්‍රාහ්මණ, ඒවංභූතෝ සෙය්‍යං කප්පේමි, දිබ්බං මේ ඒතං තස්මිං සමයේ උච්චාසයනමහාසයනං හෝති. ඉදං ඛෝ තං බ්‍රාහ්මණ දිබ්බං උච්චාසයනමහාසයනං, යස්සාහං ඒතරහි නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභීති.

පින්වත් බ්‍රාහ්මණය, ඉදින් එබඳු විහරණයකින් යුතු ඒ මම සක්මන් කරනවා නම්, ඒ වෙලාවේදී ඒ මාගේ සක්මන දිව්‍ය සක්මනක්. පින්වත් බ්‍රාහ්මණය, එබඳු විහරණයකින් යුතු ඒ මම සිටගෙන සිටිනවා නම්, ඒ වෙලාවේදී මා සිටින්නේ දිව්‍යමය වූ සිටීමකයි. පින්වත් බ්‍රාහ්මණය, එබඳු විහරණයකින් යුතු ඒ මම වාඩි වී සිටිනවා නම්, ඒ වෙලාවේදී මා සිටින්නේ දිව්‍යමය වූ හිඳීමකයි. පින්වත් බ්‍රාහ්මණය, එබඳු විහරණයකින් යුතු ඒ මම සැතපී සිටිනවා නම්, ඒ වෙලාවේදී මා සිටින්නේ දිව්‍යමය වූ සැතපීමකයි. ඒ වෙලාවේදී තිබෙන්නේ මාගේ දිව්‍යමය වූ උච්චාසයන මහාසයනයයි. පින්වත් බ්‍රාහ්මණය, යමක් දැන් මා කැමැති සේ ලබනවාද, නිදුකින් ලබනවාද, බොහෝ සෙයින් ලබනවාද, මේ තමයි ඒ දිව්‍යමය වූ උච්චාසයන මහාසයනය.”

(බ්‍රාහ්මණෝ)

(බ්‍රාහ්මණයා:)

අච්ඡරියං භෝ ගෝතම, අබ්භුතං භෝ ගෝතම, කෝ චඤ්ඤෝ ඒවරූපස්ස දිබ්බස්ස උච්චාසයනමහාසයනස්ස නිකාමලාභී භවිස්සති අකිච්ඡලාභී අකසිරලාභී, අඤ්ඤත්‍ර භෝතා ගෝතමේන.

“භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්යයි! භවත් ගෞතමයන් වහන්ස, පුදුම සහගතයි! භවත් ගෞතමයන් වහන්සේ හැරුණු කොට මෙබඳු වූ දිව්‍යමය උච්චාසයන මහාසයනයක් අන් කවරෙකු නම් රිසි සේ ලබාවිද? නිදුකින් ලබාවිද? බොහෝ සෙයින් ලබාවිද?

කතමං පන තං භෝ ගෝතම බ්‍රහ්මං උච්චාසයනමහාසයනං, යස්ස භවං ගෝතමෝ ඒතරහි නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභීති?

භවත් ගෞතමයන් වහන්ස, දැන් භවත් ගෞතමයන් වහන්සේ යම් ආසනයක් රිසි සේ ලබනවා නම්, නිදුකින් ලබනවා නම්, බොහෝ සෙයින් ලබනවා නම්, ඒ බ්‍රහ්ම වූ උච්චාසයන මහාසයනය කුමක්ද?”

(භගවා)

(භාග්‍යවතුන් වහන්සේ:)

ඉධාහං බ්‍රාහ්මණ යං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරාමි, සෝ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය තමේව ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසාමි, සෝ පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තෝ වනන්තඤ්ඤේව පවිසාමි.

“පින්වත් බ්‍රාහ්මණය, මෙහි මා යම් ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කොට ගෙන වාසය කරනවා නම්, ඒ මම උදේ වරුවේ සිවුරු හැඳ පොරවාගෙන පාසිවුරු ගෙන ඒ ගමට වේවා, නියම්ගමට වේවා පිණ්ඩපාතය වඩිනවා. ඒ මම දානෙ වැළඳුවාට පස්සේ වනාන්තරයට පිවිසෙනවා.

සෝ යදේව තත්ථ හොන්ති තිණානි වා, පණ්ණානි වා තානි ඒකජ්ඣං සංහරිත්වා නිසීදාමි, පල්ලංකං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සෝ මෙත්තාසහගතේන චේතසා ඒකං දිසං ඵරිත්වා විහරාමි. තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං, ඉති උද්ධමධෝ තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං මෙත්තාසහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමාණේන අවේරේන අබ්‍යාපජ්ඣනේ ඵරිත්වා විහරාමි. කරුණාසහගතේන චේතසා ….පෙ…. මුදිතාසහගතේන චේතසා ….පෙ…. උපෙක්ඛාසහගතේන චේතසා ඒකං දිසං ඵරිත්වා විහරාමි. තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං. ඉති උද්ධමධෝ තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං උපෙක්ඛාසහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමාණේන අවේරේන අබ්‍යාපජ්ඣනේ ඵරිත්වා විහරාමි.

ඒ මම වනාන්තරයේදී තණ වේවා, වැටී තිබෙන කොළ රොඩු වේවා, යම් දෙයක් ඇත්නම් ඒවා එකතු කොට (ඒ මත දෙපට සිවුර අතුරා) ඒ මත පළඟක් බැඳගෙන, කය ඍජු කොට තබාගෙන, භාවනා අරමුණෙහි සිහිය පිහිටුවා ගෙන වාඩිවෙනවා.

ඒ මම මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරනවා. ඒ වගේම දෙවෙනි දිශාවටත්, තුන්වෙනි දිශාවටත්, හතරවෙනි දිශාවටත් පතුරුවා වාසය කරනවා. ඒ වගේම උඩ, යට, හරහට සියලු තැනම, සියලු අයුරින් තමා හා සමකොට සකල ලෝකයටම විපුල වූ ප්‍රදේශ වශයෙන් පුළුල් වූ ප්‍රමාණ රහිත වූ වෛර නැති තරහ නැති මෙත් සිත පතුරුවා වාසය කරනවා. ….(පෙ)…. කරුණා සහගත සිතින් ….(පෙ)…. මුදිතා සහගත සිතින් ….(පෙ)…. උපෙක්ඛා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරනවා. ඒ වගේම දෙවෙනි දිශාවටත්, තුන්වෙනි දිශාවටත්, හතරවෙනි දිශාවටත් පතුරුවා වාසය කරනවා. ඒ වගේම උඩ, යට, හරහට සියලු තැනම, සියලු අයුරින් තමා හා සමකොට සකල ලෝකයටම විපුල වූ ප්‍රදේශ වශයෙන් පුළුල් වූ ප්‍රමාණ රහිත වූ වෛර නැති තරහ නැති උපේක්ෂා සිත පතුරුවා වාසය කරනවා.

සෝ චේ අහං බ්‍රාහ්මණ ඒවංභූතෝ චංකමාමි, බ්‍රහ්මෝ මේ ඒසෝ තස්මිං සමයේ චංකමෝ හෝති. සෝ චේ අහං බ්‍රාහ්මණ ඒවමභූතෝ තිට්ඨාමි – නිසීදාමි – සෙය්‍යං කප්පේමි, බ්‍රහ්මං මේ ඒතං තස්මිං සමයේ උච්චාසයනමහාසයනං හෝති. ඉදං ඛෝ තං බ්‍රාහ්මණ බ්‍රහ්මං උච්චාසයනමහාසයනං, යස්සාහං ඒතරහි නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභීති.

පින්වත් බ්‍රාහ්මණය, ඉදින් එබඳු විහරණයකින් යුතු ඒ මම සක්මන් කරනවා නම්, ඒ වෙලාවේදී ඒ මාගේ සක්මන බ්‍රහ්ම සක්මනක්. පින්වත් බ්‍රාහ්මණය, එබඳු විහරණයකින් යුතු ඒ මම සිටගෙන සිටිනවා නම්, ….(පෙ)…. මම වාඩි වී සිටිනවා නම්, ….(පෙ)…. පින්වත් බ්‍රාහ්මණය, ඉදින් එබඳු විහරණයකින් යුතු ඒ මම සැතපී සිටිනවා නම්, ඒ වෙලාවේදී මා සිටින්නේ බ්‍රහ්ම වූ සැතපීමකයි. ඒ වෙලාවේදී තිබෙන්නේ මාගේ බ්‍රහ්ම වූ උච්චාසයන මහාසයනයයි. පින්වත් බ්‍රාහ්මණය, යමක් දැන් මා කැමැති සේ ලබනවාද, නිදුකින් ලබනවාද, බොහෝ සෙයින් ලබනවාද, මේ තමයි ඒ බ්‍රහ්ම වූ උච්චාසයන මහාසයනය.”

(බ්‍රාහ්මණෝ)

(බ්‍රාහ්මණයා:)

අච්ඡරියං භෝ ගෝතම, අබ්භුතං භෝ ගෝතම, කෝ චඤ්ඤෝ ඒවරූපස්ස බ්‍රහ්මස්ස උච්චාසයනමහාසයනස්ස නිකාමලාභී භවිස්සති අකිච්ඡලාභී අකසිරලාභී අඤ්ඤත්‍ර භෝතා ගෝතමේන.

“භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්යයි! භවත් ගෞතමයන් වහන්ස, පුදුම සහගතයි! භවත් ගෞතමයන් වහන්සේ හැරුණු කොට මෙබඳු වූ බ්‍රහ්ම උච්චාසයන මහාසයනයක් අන් කවරෙකු නම් රිසි සේ ලබාවිද? නිදුකින් ලබාවිද? බොහෝ සෙයින් ලබාවිද?

කතමං පන තං භෝ ගෝතම අරියං උච්චාසයනමහාසයනං, යස්ස භවං ගෝතමෝ ඒතරහි නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභීති?

භවත් ගෞතමයන් වහන්ස, දැන් භවත් ගෞතමයන් වහන්සේ යම් ආසනයක් රිසි සේ ලබනවා නම්, නිදුකින් ලබනවා නම්, බොහෝ සෙයින් ලබනවා නම්, ඒ ආර්ය වූ උච්චාසයන මහාසයනය කුමක්ද?”

(භගවා)

(භාග්‍යවතුන් වහන්සේ:)

ඉධාහං බ්‍රාහ්මණ යං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරාමි. සෝ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය තමේව ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසාමි. සෝ පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තෝ වනන්තඤ්ඤේව පවාරයාමි. සෝ යදේව තත්ථ හොන්ති තිණානි වා පණ්ණානි වා, තානි ඒකජ්ඣං සංහරිත්වා නිසීදාමි පල්ලංකං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.

“පින්වත් බ්‍රාහ්මණය, මෙහි මා යම් ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කොට ගෙන වාසය කරනවා නම්, ඒ මම උදේ වරුවේ සිවුරු හැඳ පොරවාගෙන පාසිවුරු ගෙන ඒ ගමට වේවා, නියම්ගමට වේවා පිණ්ඩපාතය වඩිනවා. ඒ මම දානෙ වැළඳුවාට පස්සේ වනාන්තරයට පිවිසෙනවා. ඒ මම වනාන්තරයේදී තණ වේවා, වැටී තිබෙන කොළ රොඩු වේවා, යම් දෙයක් ඇත්නම් ඒවා එකතු කොට (ඒ මත දෙපට සිවුර අතුරා) ඒ මත පළඟක් බැඳගෙන, කය ඍජු කොට තබාගෙන, භාවනා අරමුණෙහි සිහිය පිහිටුවා ගෙන වාඩිවෙනවා.

සෝ ඒවං පජානාමි. රාගෝ මේ පහීනෝ: උච්ඡින්නමූලෝ තාලාවත්ථුකතෝ අනභාවකතෝ ආයතිං අනුප්පාදධම්මෝ. දෝසෝ මේ පහීනෝ …පෙ… මෝහෝ මේ පහීනෝ උච්ඡින්නමූලෝ තාලාවත්ථුකතෝ අනභාවකතෝ ආයතිං අනුප්පාදධම්මෝ.

ඒ මම මේ විදිහට දැනගන්නවා. මගේ රාගය ප්‍රහාණය වෙලා තියෙන්නේ. මුලින්ම උදුරා දමලයි තියෙන්නේ. කරටිය සිඳුණු තල්ගසක් මෙන් කරලයි තියෙන්නේ. අභාවයට පත්කරලයි තියෙන්නේ යළි හට නොගන්නා ස්වභාවයෙන් යුතුවයි තියෙන්නේ. මගේ ද්වේෂය ප්‍රහාණය වෙලා තියෙන්නේ ….(පෙ)…. මගේ මෝහය ප්‍රහාණය වෙලා තියෙන්නේ. මුලින්ම උදුරා දමලයි තියෙන්නේ. කරටිය සිඳුණු තල්ගසක් මෙන් කරලයි තියෙන්නේ. අභාවයට පත්කරලයි තියෙන්නේ. යළි හට නොගන්නා ස්වභාවයෙන් යුතුවයි තියෙන්නේ.

සෝ චේ අහං බ්‍රාහ්මණ ඒවංභූතෝ චංකමාමි, අරියෝ මේ ඒසෝ තස්මිං සමයේ චංකමෝ හෝති. සෝ චේ අහං, බ්‍රාහ්මණ, ඒවංභූතෝ තිට්ඨාමි – නිසීදාමි – සෙය්‍යං කප්පේමි. අරියං මේ ඒතං තස්මිං සමයේ උච්චාසයනමහාසයනං හෝති. ඉදං ඛෝ තං බ්‍රාහ්මණ අරියං උච්චාසයනමහාසයනං, යස්සාහං ඒතරහි නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභීති.

පින්වත් බ්‍රාහ්මණය, ඉදින් එබඳු විහරණයකින් යුතු ඒ මම සක්මන් කරනවා නම්, ඒ වෙලාවේදී ඒ මාගේ සක්මන ආර්ය සක්මනක්. පින්වත් බ්‍රාහ්මණය, එබඳු විහරණයකින් යුතු ඒ මම සිටගෙන සිටිනවා නම්, ….(පෙ)…. මම වාඩි වී සිටිනවා නම්, ….(පෙ)…. පින්වත් බ්‍රාහ්මණය, ඉදින් එබඳු විහරණයකින් යුතු ඒ මම සැතපී සිටිනවා නම්, ඒ වෙලාවේදී මා සිටින්නේ ආර්ය වූ සැතපීමකයි. ඒ වෙලාවේදී තිබෙන්නේ මාගේ ආර්ය වූ උච්චාසයන මහාසයනයයි. පින්වත් බ්‍රාහ්මණය, යමක් දැන් මා කැමැති සේ ලබනවාද, නිදුකින් ලබනවාද, බොහෝ සෙයින් ලබනවාද, මේ තමයි ඒ ආර්ය වූ උච්චාසයන මහාසයනය.”

(බ්‍රාහ්මණෝ)

(බ්‍රාහ්මණයා:)

අච්ඡරියං භෝ ගෝතම, අබ්භුතං භෝ ගෝතම, කෝ චඤ්ඤෝ ඒවරූපස්ස අරියස්ස උච්චාසයනමහාසයනස්ස නිකාමලාභී භවිස්සති අකිච්ඡලාභී අකසිරලාභී අඤ්ඤත්‍ර භෝතා ගෝතමේන.

“භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්යයි! භවත් ගෞතමයන් වහන්ස, පුදුම සහගතයි! භවත් ගෞතමයන් වහන්සේ හැරුණු කොට මෙබඳු වූ ආර්ය උච්චාසයන මහාසයනයක් අන් කවරෙකු නම් රිසි සේ ලබාවිද? නිදුකින් ලබාවිද? බොහෝ සෙයින් ලබාවිද?

අභික්කන්තං භෝ ගෝතම, අභික්කන්තං භෝ ගෝතම, සෙය්‍යථාපි භෝ ගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරෙය්‍ය, චක්ඛුමන්තෝ රූපානි දක්ඛන්තීති. ඒවමේවං ඛෝ භෝතා ගෝතමේන අනේකපරියායේන ධම්මෝ පකාසිතෝ. ඒතේ මයං භවන්තං ගෝතමං සරණං ගච්ඡාම, ධම්මඤ්ච භික්ඛුසංඝඤ්ච. උපාසකේ නෝ භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතේ සරණං ගතේති.

භවත් ගෞතමයන් වහන්ස, ඉතා සුන්දරයි! භවත් ගෞතමයන් වහන්ස, ඉතා සුන්දරයි! යටට හරවා තිබූ දෙයක් උඩු අතට හැරෙව්වා වගෙයි. වහලා තිබුණු දෙයක් විවෘත කළා වගෙයි. මං මුලාවූවන්ට නියම මග පෙන්වා දෙනවා වගෙයි. ඇස් ඇති උදවියට රූප දකින්න අඳුරෙහි තෙල් පහනක් දල්වාගෙන දරාසිටිනවා වගෙයි. ඔය විදිහට භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ශ්‍රී සද්ධර්මය වදාළා. ස්වාමීනී, මේ මමත් භවත් ගෞතමයන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත් ආර්ය මහා සංඝරත්නයත් සරණ යනවා. භවත් ගෞතමයන් වහන්ස, මා අද පටන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් පිළිගෙන වදාරණ සේක්වා!

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M