අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.2.2.2.

12. තීණිමානි භික්ඛවේ අමාතාපුත්තිකානි භයානීති අස්සුතවා පුථුජ්ජනෝ භාසති. කතමානි තීණි: හෝති සෝ භික්ඛවේ සමයෝ, යං මහාඅග්ගිඩාහෝ වුට්ඨාති. මහාඅග්ගිඩාහේ ඛෝ පන භික්ඛවේ වුට්ඨිතේ තේන ගාමාපි ඩය්හන්ති නිගමාපි ඩය්හන්ති නගරාපි ඩය්හන්ති. ගාමේසුපි ඩය්හමානේසු නිගමේසුපි ඩය්හමානේසු නගරේසුපි ඩය්හමානේසු තත්ථ මාතාපි පුත්තං නප්පටිලභති, පුත්තෝපි මාතරං නප්පටිලභති. ඉදං භික්ඛවේ පඨමං අමාතාපුත්තිකං භයන්ති අස්සුතවා පුථුජ්ජනෝ භාසති.

12. පින්වත් මහණෙනි, මව්පියන්ට දරුවනුත්, දරුවන්ට දෙමව්පියන්වත් අහිමි වීමේ භය නම් වූ මේ අමාතාපුත්තික භය තුනක් අශ්‍රැතවත් පෘථග්ජනයා කියනවා. ඒ කවර තුනක්ද? පින්වත් මහණෙනි, යම් කලෙක මහා ගින්නක් හටගන්නවා නම්, එබඳු කාලයක් තිබෙනවා තමයි. පින්වත් මහණෙනි, මහා ගින්නක් හටගත් කල්හි එයින් ගම් ගිනිගන්නවා. නියම්ගම්ද ගිනිගන්නවා. නගරත් ගිනිගන්නවා. ගම් ගිනිගනිද්දී, නියම්ගම් ගිනිගනිද්දී, නගර ගිනි ගනිද්දී එහි මවට දරුවා නොලැබී යනවා. දරුවටත් මව නොලැබී යනවා. පින්වත් මහණෙනි, මෙය පළමුවෙනි අමාතාපුත්තික භය කියලයි අශ්‍රැතවත් පෘථග්ජනයා කියන්නේ.

පුන ච පරං භික්ඛවේ හෝති සෝ සමයෝ යං මහාමේඝෝ වුට්ඨාති, මහාමේඝේ ඛෝ පන භික්ඛවේ වුට්ඨිතේ මහාඋදකවාහකෝ සඤ්ජායතිල මහාඋදකවාහකේ ඛෝ පන භික්ඛවේ සඤ්ජාතේ තේන ගාමාපි වුය්හන්තිල නිගමාපි වුය්හන්තිල නගරාපි වුය්හන්තිග ගාමේසුපි වුය්හමානේසු නිගමේසුපි වුය්හමානේසු නගරේසුපි වුය්හමානේසු තත්ථ මාතාපි පුත්තං නප්පටිලභති, පුත්තෝපි මාතරං නප්පටිලභති. ඉදං භික්ඛවේ දුතියං අමාතාපුත්තිකං භයන්ති අස්සුතවා පුථුජ්ජනෝ භාසති.

පින්වත් මහණෙනි, තවදුරටත් කියනවා නම්, යම් කලෙක මහා වැසි හටගන්නවා නම්, එබඳු කාලයක් තිබෙනවා තමයි. පින්වත් මහණෙනි, මහා වැසි හටගත් කල්හි මහා ගංවතුර හටගන්නවා. මහා ගංවතුරක් පැතිරී යන විට ගම් ගසාගෙන යනවා. නියම්ගම්ද ගසාගෙන යනවා. නගරත් ගසාගෙන යනවා. ගම් ගසාගෙන යද්දී, නියම්ගම් ගසාගෙන යද්දී, නගර ගසාගෙන යද්දී එහි මවට දරුවා නොලැබී යනවා. දරුවටත් මව නොලැබී යනවා. පින්වත් මහණෙනි, මෙය දෙවෙනි අමාතාපුත්තික භය කියලයි අශ්‍රැතවත් පෘථග්ජනයා කියන්නේ.

පුන ච පරං භික්ඛවේ හෝති සෝ සමයෝ, යං භයං හෝති අටවිසංකෝපෝ චක්කසමාරුළ්හා ජානපදා පරියායන්ති. භයේ ඛෝ පන භික්ඛවේ සති අටවිසංකෝපේ චක්කසමාරුළ්හේසු ජානපදේසු පරියායන්තේසු තත්ථ මාතාපි පුත්තං නප්පටිලභති, පුත්තෝපි මාතරං නප්පටිලභතිල ඉදං භික්ඛවේ තතියං අමාතාපුත්තිකං භයන්ති අස්සුතවා පුථුජ්ජනෝ භාසති. ඉමානි ඛෝ භික්ඛවේ තීණි අමාතාපුත්තිකානි භයානීති අස්සුතවා පුථුජ්ජනෝ භාසති.

පින්වත් මහණෙනි, තවදුරටත් කියනවා නම්, යම් කලෙක සොරසතුරු උවදුරක් ඇතිවෙනවා නම්, ජනපද වැසියන් බියෙන් තැතිගෙන කරත්තවල නැගී හිස් ලූ ලූ අත පලායනවා නම්, එබඳු කාලයක් තිබෙනවා තමයි. පින්වත් මහණෙනි, සොරසතුරු උවදුරක් ඇතිවෙද්දී, ජනපද වැසියන් බියෙන් තැතිගෙන කරත්තවල නැගී හිස් ලූ ලූ අත පලායද්දී, එහි මවට දරුවා නොලැබී යනවා. දරුවටත් මව නොලැබී යනවා. පින්වත් මහණෙනි, මෙය තුන්වෙනි අමාතාපුත්තික භය කියලයි අශ්‍රැතවත් පෘථග්ජනයා කියන්නේ. පින්වත් මහණෙනි, මේවාට තමයි අමාතාපුත්තික තුන් භය කියලා අශ්‍රැතවත් පෘථග්ජනයා කියන්නේ.

තානි ඛෝ පනිමානි භික්ඛවේ තීණි සමාතාපුත්තිකානියේව භයානි අමාතාපුත්තිකානි භයානීති අස්සුතවා පුථුජ්ජනෝ භාසති. කතමානි තීණි: හෝති සෝ භික්ඛවේ, සමයෝ යං මහාඅග්ගිඩාහෝ වුට්ඨාති. මහාඅග්ගිඩාහේ ඛෝ පන භික්ඛවේ වුට්ඨිතේ තේන ගාමාපි …පෙ…. නගරාපි ඩය්හන්ති. ගාමේසුපි ඩය්හමානේසු නිගමේසුපි ඩය්හමානේසු නගරේසුපි ඩය්හමානේසු හෝති සෝ සමයෝ, යං කදාචි කරහචි මාතාපි පුත්තං පටිලභති, පුත්තෝපි මාතරං පටිලභති. ඉදං භික්ඛවේ පඨමං සමාතාපුත්තිකංයේව භයං අමාතාපුත්තිකං භයන්ති අස්සුතවා පුථුජ්ජනෝ භාසති.

පින්වත් මහණෙනි, මව් සහිතවම, දරුවන් සහිතවම ඇතිවන සමාතාපුත්තික භය වන ඒ තුන් බියටයි අශ්‍රැතවත් පෘථග්ජනයා අමාතාපුත්තික භය කියල කියන්නේ. ඒ කවර තුනක්ද? පින්වත් මහණෙනි, යම් කලෙක මහා ගින්නක් හටගන්නවා නම්, එබඳු කාලයක් තිබෙනවා තමයි. පින්වත් මහණෙනි, මහා ගින්නක් හටගත් කල්හි එයින් ගම් ගිනිගන්නවා. ….(පෙ)…. නගරත් ගිනි ගන්නවා. ගම් ගිනිගනිද්දී, නියම්ගම් ගිනිගනිද්දී, නගර ගිනිගනිද්දී යම් කලෙක මවට දරුවා මුණගැසෙනවා නම්, දරුවාටද මව මුණගැසෙනවා නම්, එබඳු කාලයක් තියෙනවා. පින්වත් මහණෙනි, මව් සහිතවම දරුවන් සහිතවම ඇතිවෙන මේ පළමුවෙනි භයට තමයි අශ්‍රැතවත් පෘථග්ජනයා අමාතාපුත්තික භය කියල කියන්නේ.

පුන ච පරං භික්ඛවේ හෝති සෝ සමයෝ, යං මහාමේඝෝ වුට්ඨාති. මහාමේඝේ ඛෝ පන භික්ඛවේ වුට්ඨිතේ මහාඋදකවාහකෝ සඤ්ජායති, මහාඋදකවාහකේ ඛෝ පන භික්ඛවේ සඤ්ජාතේ තේන ගාමාපි වුය්හන්ති, නිගමාපි වුය්හන්ති, නගරාපි වුය්හන්ති. ගාමේසුපි වුය්හමානේසු නිගමේසුපි වුය්හමානේසු නගරේසුපි වුය්හමානේසු හෝති සෝ සමයෝ, යං කදාචි කරහචි මාතාපි පුත්තං පටිලභති, පුත්තෝපි මාතරං පටිලභති, ඉදං භික්ඛවේ දුතියං සමාතාපුත්තිකංයේව භයං අමාතාපුත්තිකං භයන්ති අස්සුතවා පුථුජ්ජනෝ භාසති.

පින්වත් මහණෙනි, තවදුරටත් කියනවා නම්, යම් කලෙක මහා වැසි හටගන්නවා නම්, එබඳු කාලයක් තිබෙනවා තමයි. පින්වත් මහණෙනි, මහා වැසි හටගත් කල්හි මහා ගංවතුර හටගන්නවා. මහා ගංවතුරක් පැතිරී යන විට ගම් ගසාගෙන යනවා. නියම්ගම්ද ගසාගෙන යනවා. නගරත් ගසාගෙන යනවා. ගම් ගසාගෙන යද්දී, නියම්ගම් ගසාගෙන යද්දී, නගර ගසාගෙන යද්දී යම් කලෙක මවට දරුවා මුණගැසෙනවා නම්, දරුවාටද මව මුණගැසෙනවා නම්, එබඳු කාලයක් තියෙනවා. පින්වත් මහණෙනි, මව් සහිතවම දරුවන් සහිතවම ඇතිවෙන මේ දෙවෙනි භයට තමයි අශ්‍රැතවත් පෘථග්ජනයා අමාතාපුත්තික භය කියල කියන්නේ.

පුන ච පර භික්ඛවේ හෝති සෝ සමයෝ, යං භයං හෝති අටවිසංකෝපෝ, චක්කසමාරුළ්හා ජානපදා පරියායන්ති. භයේ ඛෝ පන භික්ඛවේ සති අටවිසංකෝපේ චක්කසමාරුළ්හේසු ජානපදේසු පරියායන්තේසු හෝති සෝ සමයෝ, යං කදාචි කරහචි මාතාපි පුත්තං පටිලභති. පුත්තෝපි මාතරං පටිලභති. ඉදං භික්ඛවේ තතියං සමාතාපුත්තිකංයේව භයං අමාතාපුත්තිකං භයන්ති අස්සුතවා පුථුජ්ජනෝ භාසති. ඉමානි ඛෝ භික්ඛවේ තීණි සමාතාපුත්තිකානියේව භයානි අමාතාපුත්තිකානි භයානීති අස්සුතවා පුථුජ්ජනෝ භාසති.

පින්වත් මහණෙනි, තවදුරටත් කියනවා නම්, යම් කලෙක සොරසතුරු උවදුරක් ඇතිවෙනවා නම්, ජනපද වැසියන් බියෙන් තැතිගෙන කරත්තවල නැගී හිස් ලූ ලූ අත පලායනවා නම්, එබඳු කාලයක් තිබෙනවා තමයි. පින්වත් මහණෙනි, සොරසතුරු උවදුරක් ඇතිවෙද්දී, ජනපද වැසියන් බියෙන් තැතිගෙන කරත්තවල නැගී හිස් ලූ ලූ අත පලායද්දී, යම් කලෙක මවට දරුවා මුණ ගැසෙනවා නම්, දරුවාටද මව මුණගැසෙනවා නම්, එබඳු කාලයක් තියෙනවා. පින්වත් මහණෙනි, මව් සහිතවම දරුවන් සහිතවම ඇතිවෙන මේ තුන්වෙනි භයට තමයි අශ්‍රැතවත් පෘථග්ජනයා අමාතාපුත්තික භය කියල කියන්නේ.

තීණිමානි භික්ඛවේ අමාතාපුත්තිකානි භයානි. කතමානි තීණි: ජරාභයං, ව්‍යාධිභයං, මරණභයං. න භික්ඛවේ මාතා පුත්තං ජීරමානං ඒවං ලභති: අහං ජීරාමි, මා මේ පුත්තෝ ජීරීති. පුත්තෝ වා පන මාතරං ජීරමානං න ඒවං ලභති, අහං ජීරාමි, මා මේ මාතා ජීරීති.

පින්වත් මහණෙනි, මව්පියන්ට දරුවනුත්, දරුවන්ට මව්පියනුත් අහිමි වීමේ භය නම් වූ මේ අමාතාපුත්තික භය තුනක් තියෙනවා. ඒ කවර භය තුනක්ද? ජරා භය, රෝග භය හා මරණ භයයි. පින්වත් මහණෙනි, ජරාවට පත්වෙමින් සිටින දරුවා දකින මවට ‘මම පමණක් දිරම්වා! මගේ දරුවා නම් දිරන්නට එපා!’ යන මෙය ලබන්නට බෑ. පින්වත් මහණෙනි, ජරාවට පත්වෙමින් සිටින මව දකින දරුවාට ‘මම පමණක් දිරම්වා! මගේ මව නම් දිරන්න එපා!’ යන මෙය ලබන්න බෑ.

න භික්ඛවේ මාතා පුත්තං ව්‍යාධියමානං ඒවං ලභති: අහං ව්‍යාධියාමි, මා මේ පුත්තෝ බ්‍යාධියීති, පුත්තෝ වා පන මාතරං ව්‍යාධියමානං න ඒවං ලභති: අහං ව්‍යාධියාමි, මා මේ මාතා බ්‍යාධියීති.

පින්වත් මහණෙනි, රෝගී වෙමින් සිටින දරුවා දකින මවට ‘මම පමණක් රෝගී වෙම්වා! මගේ දරුවා නම් රෝගී වෙන්න එපා!’ යන මෙය ලබන්නට බෑ. පින්වත් මහණෙනි, රෝගී වෙමින් සිටින මව දකින දරුවාට ‘මම පමණක් රෝගී වෙම්වා! මගේ මව නම් රෝගී වෙන්න එපා!’ යන මෙය ලබන්න බෑ.

න භික්ඛවේ මාතා පුත්තං මීයමානං ඒවං ලභති: අහං මීයාමි, මා මේ පුත්තෝ මීයීති, පුත්තෝ වා පන මාතරං මීයමානං න ඒවං ලභති: අහං මීයාමි, මා මේ මාතා මීයීති. ඉමානි ඛෝ භික්ඛවේ තීණි අමාතාපුත්තිකානි භයානීති.

පින්වත් මහණෙනි, මරණයට පත්වෙමින් සිටින දරුවා දකින මවට ‘මම පමණක් මරණයට පත්වෙම්වා! මගේ දරුවා නම් මරණයට පත්වෙන්න එපා!’ යන මෙය ලබන්නට බෑ. පින්වත් මහණෙනි, මරණයට පත්වෙමින් සිටින මව දකින දරුවාට ‘මම පමණක් මරණයට පත්වෙම්වා! මගේ මව නම් මරණයට පත්වෙන්න එපා!’ යන මෙය ලබන්න බෑ.

අත්ථි භික්ඛවේ මග්ගෝ, අත්ථි පටිපදා, ඉමේසඤ්ච තිණ්ණං සමාතාපුත්තිකානං භයානං, ඉමේසඤ්ච තිණ්ණං අමාතාපුත්තිකානං භයානං පහානාය සමතික්කමාය සංවත්තති: කතමෝ ච භික්ඛවේ මග්ගෝ: කතමා ච පටිපදා: ඉමේසඤ්ච තිණ්ණං සමාතාපුත්තිකානං භයානං: ඉමේසඤ්ච තිණ්ණං අමාතාපුත්තිකානං භයානං පහානාය සමතික්කමාය සංවත්තති: අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ, සෙය්‍යථිදං: සම්මාදිට්ඨි …පෙ… සම්මාසමාධි. අයං ඛෝ භික්ඛවේ මග්ගෝ, අයං පටිපදා, ඉමේසඤ්ච තිණ්ණං සමාතාපුත්තිකානං භයානං, ඉමේසඤ්ච තිණ්ණං අමාතාපුත්තිකානං භයානං පහානාය සමතික්කමාය සංවත්තතීති.

පින්වත් මහණෙනි, මව සහිතවම, දරුවන් සහිතවම උපදින සමාතාපුත්තික භය තුනත්, මවට දරුවා නොලැබීමෙන්, දරුවාට මව නොලැබීමෙන් උපදින අමාතාපුත්තික භය තුනත් ප්‍රහාණය වීම පිණිස, ඉක්මවා යෑම පිණිස පවතින්නා වූ මාර්ගයක් තියෙනවා. ප්‍රතිපදාවක් තියෙනවා. පින්වත් මහණෙනි, සමාතාපුත්තික තුන් බියද, අමාතාපුත්තික තුන් බියද ප්‍රහාණය වීම පිණිස පවතින, ඉක්මවා යෑම පිණිස පවතින ඒ මාර්ගය කුමක්ද? ඒ ප්‍රතිපදාව කුමක්ද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමය. එනම් සම්මා දිට්ඨි ….(පෙ)…. සම්මා සමාධි යන මෙයයි. පින්වත් මහණෙනි, සමාතාපුත්තික තුන් බියද, අමාතාපුත්තික තුන් බියද ප්‍රහාණය වීම පිණිස පවතින, ඉක්මවා යෑම පිණිස පවතින මාර්ගය නම් මෙයයි. ප්‍රතිපදාව නම් මෙයයි.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M