අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.2.1.7.

අථ ඛෝ වච්ඡගොත්තෝ පරිබ්බාජකෝ යේන භගවා තේනුපසංකමි ….(පෙ)…. ඒකමන්තං නිසින්නෝ ඛෝ වච්ඡගොත්තෝ පරිබ්බාජකෝ භගවන්තං ඒතදවෝච: ‘සුතං මේතං භෝ ගෝතම,’ සමණෝ ගෝතමෝ ඒවමාහ: ‘මය්හමේව දානං දාතබ්බං, නාඤ්ඤේසං දානං දාතබ්බං; මය්හමේව සාවකානං දානං දාතබ්බං, නාඤ්ඤේසං සාවකානං දානං දාතබ්බං, මය්හමේව දින්නං මහප්ඵලං, නාඤ්ඤේසං දින්නං මහප්ඵලං, මය්හමේව සාවකානං දින්නං මහප්ඵලං, නාඤ්ඤේසං සාවකානං දින්නං මහප්ඵලන්ති.’

07. එදා වච්ඡගොත්ත පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. ….(පෙ)…. එකත්පස්ව වාඩිවුන වච්ඡගොත්ත පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “භවත් ගෞතමයන් වහන්ස, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ විදිහට කියනවා කියලා මං අසා තියෙනවා. ඒ කියන්නේ ‘මටමයි දන් දිය යුත්තේ. අන් අයට දානය නොදිය යුතුයි. මගේ ශ්‍රාවකයින්ටමයි දන් දිය යුත්තේ. අන් අයගේ ශ්‍රාවකයින්ට දානය නොදිය යුතුයි. මට දුන් දෙයමයි මහත්ඵල වන්නේ. අනුන්ට දුන් දෙය මහත්ඵල වන්නේ නෑ. මගේ ශ්‍රාවකයින්ට දුන් දානයමයි මහත්ඵල වන්නේ. අනුන්ගේ ශ්‍රාවකයින්ට දුන් දෙය මහත්ඵල වෙන්නේ නෑ’ කියලා.

යේ තේ භෝ ගෝතම, ඒවමාහංසු: ‘සමණෝ ගෝතමෝ ඒවමාහ: ‘මය්හමේව දානං දාතබ්බං, නාඤ්ඤේසං දානං දාතබ්බං ….(පෙ)…. මය්හමේව සාවකානං දින්නං මහප්ඵලං, නාඤ්ඤේසං සාවකානං දින්නං මහප්ඵලන්ති, කච්චි තේ භෝතෝ ගෝතමස්ස වුත්තවාදිනෝ? න ච භවන්තං ගෝතමං අභූතේන අබ්භාචික්ඛන්ති? ධම්මස්ස චානුධම්මං ව්‍යාකරොන්ති? න ච කෝචි සහධම්මිකෝ වාදානුපාතෝ ගාරය්හං ඨානං ආගච්ඡති? අනබ්භක්ඛාතුකාමා හි මයං භවන්තං ගෝතම’න්ති.

භවත් ගෞතමයන් වහන්ස, යම් කෙනෙක් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙහෙම කියනවාය කියල මේ විදිහට කිව්වොත්, ‘මටමයි දන් දිය යුත්තේ. අන් අයට දානය නොදිය යුතුයි. ….(පෙ)…. මගේ ශ්‍රාවකයින්ට දුන් දානමයි මහත්ඵල වන්නේ. අනුන්ගේ ශ්‍රාවකයන්ට දුන් දෙය මහත්ඵල වන්නේ නෑ’ කියලා. කිම, ඔවුන් ඒ පවසන්නේ භවත් ගෞතමයන් වහන්සේ වදාළ දෙයක්ද? නැත්නම් භවත් ගෞතමයන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීමක්ද? ධර්මයට අනුකූල වූ කතා කිරීමක්ද? නැත්නම් කවුරුන් හෝ කරුණු සහිතව වාද නංවා ගැරහිය යුතු තැනට නොයන දෙයක්ද? අපි නම් භවත් ගෞතමයන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන්නට කැමැති නෑ.”

යේ තේ වච්ඡ, ඒවමාහංසු: ‘සමණෝ ගෝතමෝ ඒවමාහ: මය්හමේව දානං දාතබ්බං – පෙ- නාඤ්ඤේසං සාවකානං දින්නං මහප්ඵල’න්ති, න මේ තේ වුත්තවාදිනෝ, අබ්භාචික්ඛන්ති ච පන මං තේ අසතා අභූතේන. යෝ ඛෝ වච්ඡ, පරං දානං දදන්තං වාරේති, සෝ තිණ්ණං අන්තරායකරෝ හෝති, තිණ්ණං පාරිපන්ථිකෝ. කතමේසං තිණ්ණං? දායකස්ස පුඤ්ඤන්තරායකරෝ හෝති, පටිග්ගාහකානං ලාභන්තරායකරෝ හෝති. පුබ්බේව ඛෝ පනස්ස අත්තා ඛතෝ ච හෝති උපහතෝ ච. යෝ ඛෝ වච්ඡ, පරං දානං දදන්තං වාරේති, සෝ ඉමේසං තිණ්ණං අන්තරායකරෝ හෝති, තිණ්ණං පාරිපන්ථිකෝ.

“පින්වත් වච්ඡ, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පවසනවායැයි කියලා යමෙක් මෙහෙම කියනවා නම්, ‘මටමයි දන් දිය යුත්තේ. අන් අයට දානය නොදිය යුතුයි. ….(පෙ)…. මගේ ශ්‍රාවකයින්ට දුන් දානමයි මහත්ඵල වන්නේ. අනුන්ගේ ශ්‍රාවකයන්ට දුන් දෙය මහත්ඵල වන්නේ නෑ’ කියලා. ඔවුන් ඒ පවසන්නේ මා විසින් වදාළ දෙයක් නොවෙයි. ඔවුන් අසත්‍ය වූ, අභූත වූ කරුණින් මට චෝදනා කරනවා.

පින්වත් වච්ඡ, යම් කෙනෙක් අනුන් දෙන දානය වළක්වනවා නම්, ඔහු තුන් දෙනෙකුට අනතුරු කරන කෙනෙක්. තුන් දෙනෙකුගේ දේ පැහැර ගන්නා කෙනෙක්. කවර තුන් දෙනෙකුටද? දන් දෙන තැනැත්තාගේ පිනට අන්තරාය කරනවා. දන් පිළිගන්නා උදවියගේ ලාභයට අන්තරාය කරනවා. ඊට කලින්ම තමන් තුළ තිබෙන්නා වූ ගුණ සාරාගෙන, වනසාගත් කෙනෙක් වෙනවා. පින්වත් වච්ඡ, යම් කෙනෙක් අනුන් දෙන දානය වළක්වනවා නම්, ඔහු ඔය තුන් දෙනාට අන්තරායකර වෙනවා. ඔය තුන් දෙනාව පැහැර ගන්නා සොරෙක් වෙනවා.

අහං ඛෝ පන වච්ඡ, ඒවං වදාමි: ‘යේ පි තේ චන්දනිකාය වා ඕලිගල්ලේ වා පාණා, තත්‍රපි යෝ ථාලිධෝවනං වා සරාවධෝවනං වා ඡඩ්ඩේති. යේ තත්ථ පාණා, තේ තේන යාපෙන්තූ’ති. තතෝ නිදානම්පහං වච්ඡ, පුඤ්ඤස්ස ආගමං වදාමි. කෝ පන වාදෝ මනුස්සභූතේ. අපි චාහං වච්ඡ, සීලවතෝ දින්නං මහප්ඵලං වදාමි, නෝ තථා දුස්සීලේ. සෝ ච හෝති පඤ්චංගවිප්පහීණෝ පඤ්චංගසමන්නාගතෝ. කතමානි පඤ්චංගානි පහීණානි හොන්ති? කාමච්ඡන්දෝ පහීණෝ හෝති, ව්‍යාපාදෝ පහීණෝ හෝති , ථිනමිද්ධං පහීණං හෝති, උද්ධච්චකුක්කුච්චං පහීණං හෝති, විචිකිච්ඡා පහීණා හෝති. ඉමානි පඤ්චංගානි පහීණානි හොන්ති.

පින්වත් වච්ඡ, මේ විදිහටයි මා කියා සිටින්නේ. ‘ගවර වලක හෝ ඉඳුල් දාන වලක හෝ යම් ප්‍රාණීන් ඉන්නවා නම්, එහිලා යම් කෙනෙක් හැලි සෝදන වතුර වේවා, වෙනත් ඉඳුල් භාජන සෝදන වතුර වේවා, ‘මෙහි යම් ප්‍රාණීන් වෙත්නම්, ඔවුන් මේ ඉඳුල් දියෙන් යැපෙත්වා!’ කියලා එය දමනවා නම්, පින්වත් වච්ඡ, මා කියන්නේ ඒ හේතුවෙන් ද පිනක් ලැබෙනවා කියලයි. මනුෂ්‍යයෙකුට දන් දීමෙන් ලැබෙන පින ගැන කවර කථාද? නමුත් පින්වත් වච්ඡ, මා කියන්නේ සිල්වතෙකුට දෙන දෙය මහත්ඵල සහිතයි කියලයි. දුස්සීලයෙකුට දුන්නා කියල එහෙම වෙන්නේ නෑ. ඒ සිල්වත් කෙනා අංග පහක් ප්‍රහීණ වෙලා, අංග පහකින් සමන්විත වෙලා නම් ඉන්නේ, ඒ කවර අංග පහක් ප්‍රහාණය වෙලාද යත්; කාමච්ඡන්දය ප්‍රහීණ වෙලා තියෙනවා. ව්‍යාපාදය ප්‍රහීණ වෙලා තියෙනවා. නිදිමත හා අලසබව ප්‍රහීණ වෙලා තියෙනවා. සිතේ විසිරීමත්, පසුතැවීමත් ප්‍රහීණ වෙලා තියෙනවා. සැකයත් ප්‍රහීණවෙලා තියෙනවා. මේ අංග පහ තමයි ප්‍රහාණය වෙලා තියෙන්නේ.

‍කතමේහි පඤ්චහි අංගේහි සමන්නාගතෝ හෝති? අසෙක්ඛේන සීලක්ඛන්ධේන සමන්නාගතෝ හෝති, අසෙක්ඛේන සමාධික්ඛන්ධේන සමන්නාගතෝ හෝති, අසෙක්ඛේන පඤ්ඤාක්ඛන්ධේන සමන්නාගතෝ හෝති, අසෙක්ඛේන විමුත්තික්ඛන්ධේන සමන්නාගතෝ හෝති, අසෙක්ඛේන විමුත්තිඤාණදස්සනක්ඛන්ධේන සමන්නාගතෝ හෝති; ඉමේහි පඤ්චහඩ්ගේහි සමන්නාගතෝ හෝති. ඉති පඤ්චඩ්ගවිප්පහීණේ පඤ්චඩ්ගසමන්නාගතේ දින්නං මහප්ඵලං වදාමීති.

කවර අංග පහකින්ද සමන්විත වෙලා ඉන්නේ? හික්මීමෙන් සම්පූර්ණ වූ සීලස්කන්ධයෙන් සමන්විත වෙලා ඉන්නේ. හික්මීමෙන් සම්පූර්ණ වූ සමාධිස්කන්ධයෙන් සමන්විත වෙලා ඉන්නේ. හික්මීමෙන් සම්පූර්ණ වූ ප්‍රඥාස්කන්ධයෙන් සමන්විත වෙලා ඉන්නේ. හික්මීමෙන් සම්පූර්ණ වූ විමුක්තිස්කන්ධයෙන් සමන්විත වෙලා ඉන්නේ. හික්මීමෙන් සම්පූර්ණ වූ විමුක්ති ඤාණදර්ශනස්කන්ධයෙන් සමන්විත වෙලා ඉන්නේ. ඔය අංග පහෙන් තමයි සමන්විත වෙලා ඉන්නේ. ඔය විදිහට අංග පහක් ප්‍රහීණ වූ, අංග පහකින් සමන්විත වූ කෙනෙකුට දෙන දානය මහත්ඵලයි කියලයි මා කියන්නේ.

6. ඉති කණ්හාසු සේතාසු රෝහිණීසු හරීසු වා,
කම්මාසාසු සරූපාසු ගෝසු පාරේවතාසු වා.

06. ඔය විදිහට කළුපාටින් හිටියත්. සුදු පාටින් හිටියත්, රතු පැහැයෙන් හිටියත්. පලා පැහැයෙන් හිටියත්, විචිත්‍ර පැහැයෙන් හිටියත්, සමාන පැහැයෙන් හිටියත්, පුල්ලි වැටිලා හිටියත් ඒ ගව දෙනුන් කෙරෙහි,

7. යාසු කාසු චි ඒතාසු දන්තෝ ජායති පුඩ්ගවෝ,
ධෝරය්හෝ බලසම්පන්නෝ කල්‍යාණජවනික්කමෝ.

07. ඒ ගව දෙනුන් අතුරින් හොඳින් දමනය වූ, බර උසුලන්නට පුළුවන් වූ, ශක්ති සම්පන්න වූ, කල්‍යාණ ජවයකින් යුක්ත වූ, වෘෂභයෙක් උපදිනවා නම්,

8. තමේව භාරේ යුඤ්ජන්ති නාස්ස වණ්ණං පරික්ඛරේ,
ඒවමේවං මනුස්සේසු යස්මිං කස්මිඤ්චි ජාතියේ.

08. ඒ වෘෂභයාවමයි බර උසුලන්නට යොදවන්නේ. ඔහුගේ ශරීර වර්ණය අදාළ වන්නේ නෑ. ඔය ආකාරයෙන් මනුෂ්‍යයින් අතර කොයියම්ම ජාතියක ඉපදුනත්,

9. ඛත්තියේ බ්‍රාහ්මණේ වෙස්සේ සුද්දේ චණ්ඩාලපුක්කුසේ,
යාසු කාසු චි ඒතාසු දන්තෝ ජායති සුබ්බතෝ.

09. ක්ෂත්‍රිය වේවා, බ්‍රාහ්මණ වේවා, වෛශ්‍ය වේවා, ශුද්‍ර වේවා, සැඩොල් වේවා, පුක්කුස වේවා, ඔය කොයියම්ම කුලයක වුනත්, ඉන්ද්‍රිය දමනය ඇති, මනා ව්‍රැත ඇති කෙනෙක් උපදිනවා නම්,

10. ධම්මට්ඨෝ සීලසම්පන්නෝ සච්චවාදී හිරීමනෝ,
පහීණජාතිමරණෝ බ්‍රහ්මචරියස්ස කේවලී.

10. ධර්මයේ පිහිටි සුසිල්වත්, සත්‍යවාදී වූ, පවෙහි බිය ඇති, ඉපදෙන මැරෙන සසර ප්‍රහාණය කළ බ්‍රහ්මචරිය වාසය සම්පූර්ණ කළ,

11. පන්නභාරෝ විසංයුත්තෝ කතකිච්චෝ අනාසවෝ,
පාරගූ සබ්බධම්මානං අනුපාදාය නිබ්බුතෝ.

11. කෙලෙස් බර වීසි කළ, කෙලෙසුන් සමඟ එක් නොවූ, කළ යුත්ත කරන ලද, ආශ්‍රව රහිත වූ, සියලු ධර්මයන්ගේ පරතෙරට වැඩි, කිසිවකට නොඇලී නිවී ගිය යම් රහතන් වහන්සේ නමක් ඇද්ද,

12. තස්මිඤ්ඤේව විරජේ ඛෙත්තේ විපුලා හෝති දක්ඛිණා,
බාලා ච අවිජානන්තා දුම්මේධා අස්සුතාවිනෝ.

12. ඒ නිකෙලෙස් කුඹුරෙහි වපුරන ලද දක්ෂිණාව මහත්ඵල ලබා දෙයි. නමුත් දුෂ්ප්‍රාඥ වූ අශ්‍රැතවත් පෘථග්ජන බාලයා මේ කුඹුර හඳුනන්නේ නෑ.

13. බහිද්ධා දදන්ති දානානි න හි සන්තේ උපාසරේ,
යෝ ච සන්තේ උපාසන්ති සප්පඤ්ඤේ ධීරසම්මතේ.

13. ගුණ ධර්මයන්ගෙන් බැහැර උදවියට දන් දෙනවා. නිකෙලෙස් උතුමන් වැඩසිටිද්දී පවා නොසළකා හරිනවා. යම් කෙනෙක් ප්‍රඥාවන්ත වූ නුවණැති උතුමන් යැයි සම්මත වූ සත්පුරුෂයන් හට සළකනවා නම්,

14. සද්ධා ච නේසං සුගතේ මූලජාතා පතිට්ඨිතා,
දේවලෝකඤ්ච තේ යන්ති කුලේ වා ඉධ ජායරේ,
අනුපුබ්බේන නිබ්බාණං අධිගච්ඡන්ති පණ්ඩිතාති.

14. සුන්දර නිවන් මගෙහි ගමන් කළ ඒ උතුමන් කෙරෙහි ඔවුන්ගේ ශ්‍රද්ධාව මුල් බැසගෙන පිහිටියා වෙනවා. ඔවුන් තමයි දෙව්ලොව උපදින්නේ. මේ මිනිස් ලොව හොඳ තැන්වල උපදින්නේ. ඒ නුවණැත්තෝ කෙමෙන් කෙමෙන් අමා නිවන කරාම යනවා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M