අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.1.5.3.

තයෝ භික්ඛවේ, අත්ථවසේ සම්පස්සමානේන අලමේව පරේසං ධම්මං දේසේතුං. කතමේ තයෝ? යෝ ධම්මං දේසේති, සෝ අත්ථප්පටිසංවේදී ච හෝති ධම්මප්පටිසංවේදී ච. යෝ ධම්මං සුණාති, සෝ අත්ථපටිසංවේදී ච හෝති ධම්මප්පටිසංවේදී ච. යෝ චේව ධම්මං දේසේති, යෝ ච ධම්මං සුණාති, උභෝ අත්ථපටිසංවේදිනෝ ච හොන්ති ධම්මප්පටිසංවේදිනෝ ච. ඉමේ ඛෝ භික්ඛවේ, තයෝ අත්ථවසේ සම්පස්සමානේන අලමේව පරේසං ධම්මං දේසේතුන්ති.

පින්වත් මහණෙනි, මේ කාරණා තුනක යහපත දකින කෙනා විසින් අනුන්ට ධර්මය දේශනා කරන්නට සුදුසුයි. ඒ කාරණා තුන මොනවාද? යම් කෙනෙක් ධර්මය දේශනා කරනවා නම්, ඔහු අර්ථය දන්න කෙනෙක් වෙනවා. ධර්මයත් දන්න කෙනෙක් වෙනවා. යම් කෙනෙක් ධර්මයට ඇහුම්කන් දෙනවා නම්, ඔහුත් අර්ථය දන්න කෙනෙක් වෙනවා. ධර්මය දන්න කෙනෙක් වෙනවා. යම් කෙනෙක් ධර්මය දේශනා කරනවා වගේම, යම් කෙනෙක් ධර්මය අහනවා නම්, ඒ දෙදෙනාම අර්ථය දන්නා අය, ධර්මය දන්නා අය වෙනවා. පින්වත් මහණෙනි, මේ අර්ථ තුන දකින කෙනා විසින් අනුන්ට ධර්මය දේශනා කරන්නට සුදුසුයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-5-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M