අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.1.5.2.

තීහි භික්ඛවේ, ඨානේහි සද්ධෝ පසන්නෝ වේදිතබ්බෝ. කතමේහි තීහි? සීලවන්තානං දස්සනකාමෝ හෝති, සද්ධම්මං සෝතුකාමෝ හෝති , විගතමලමච්ඡේරේන චේතසා අගාරං අජ්ඣාවසති මුත්තචාගෝ පයතපාණි වොස්සග්ගරතෝ යාචයෝගෝ දානසංවිභාගරතෝ. ඉමේහි ඛෝ භික්ඛවේ, තීහි ඨානේහි සද්ධෝ පසන්නෝ වේදිතබ්බෝති.

පින්වත් මහණෙනි, කාරණා තුනකින් පැහැදීමට පත් ශ්‍රද්ධාවන්ත පින්වන්තයාව දැනගන්න ඕන. කවර කාරණා තුනකින්ද? සිල්වතුන් දකින්න කැමැතියි. සද්ධර්මය අසන්න කැමතියි. මසුරුමල දුරු කළ සිතින් ගිහි ගෙයි වාසය කරනවා. ඔහු යමක් පරිත්‍යාග කරන්නේ නිදහස් සිතිනුයි. දන්දීම පිණිසම සෝදාගත් අතින් යුතුව ඉන්නවා. දීම පිණිස අත්හැරීමෙහි ඇලී ඉන්නවා. ඔහුගෙන් යමක් ඉල්ලීම සුදුසුයි. දන් බෙදාහදා දීමෙහි ඇලී ඉන්නවා. පින්වත් මහණෙනි, මෙන්න මේ කාරණා තුනෙන් පැහැදීමට පත් ශ්‍රද්ධාවන්තයාව දැනගන්නට ඕන.

දස්සනකාමෝ සීලවතං සද්ධම්මං සෝතුමිච්ඡති,
විනයේ මච්ඡේරමලං ස වේ සද්ධෝති වුච්චතීති.

සිල්වතුන් දකින්න කැමතියි. සද්ධර්මය අසන්නත් කැමැතියි. මසුරුමල දුරු කළ සිතින් ජීවත් වෙනවා. සැබැවින්ම ඔහුට තමයි ශ්‍රද්ධාවන්තයා කියන්නේ.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-5-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M