☰
සැවැත් නුවරදී………….
පින්වත් මහණෙනි, කාරණා තුනක් මුණගැසීම නිසා ශ්‍රද්ධාවන්ත පින්වතා බොහෝ පින් රැස්කර ගන්නවා. කවර කාරණා තුනක්ද? පින්වත් මහණෙනි, ශ්‍රද්ධාව මුණගැසීමෙන් ශ්‍රද්ධාවන්ත පින්වතා බොහෝ පින් රැස්කර ගන්නවා. පරිත්‍යාග කිරීමට දෙයක් හමුවීමෙන් ශ්‍රද්ධාවන්ත පින්වතා බොහෝ පින් රැස් කරගන්නවා. දන් පැන් පිදීමට සුදුසු උතුමන් හමුවීමෙන් ශ්‍රද්ධාවන්ත පින්වතා බොහෝ පින් රැස්කර ගන්නවා. පින්වත් මහණෙනි, මේ කාරණා තුනේ හමුවීමෙන් ශ්‍රද්ධාවන්ත පින්වතා බොහෝ පින් රැස්කර ගන්නවා.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-5-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M