අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.1.5.4.

තීහි භික්ඛවේ, ඨානේහි කථා පවත්තිනී හෝති. කතමේහි තීහි? යෝ ධම්මං දේසේති, සෝ අත්ථප්පටිසංවේදී ච හෝති ධම්මප්පටිසංවේදී ච. යෝ ධම්මං සුණාති, සෝ අත්ථප්පටිසංවේදී ච හෝති ධම්මප්පටිසංවේදී ච. යෝ චේව ධම්මං දේසේති, යෝ ච ධම්මං සුණාති, උභෝ අත්ථප්පටිසංවේදිනෝ ච හොන්ති ධම්මප්පටිසංවේදිනෝ ච. ඉමේහි ඛෝ භික්ඛවේ, තීහි ඨානේහි කථා පවත්තිනී හෝතීති.

පින්වත් මහණෙනි, කාරණා තුනකිනුයි ධර්ම කථාව පවතින්නේ. ඒ කාරණා තුන මොනවාද? යම් කෙනෙක් ධර්මය දේශනා කරනවා නම්, ඔහු අර්ථය දන්න කෙනෙක් වෙනවා. ධර්මයත් දන්න කෙනෙක් වෙනවා. යම් කෙනෙක් ධර්මයට ඇහුම්කන් දෙනවා නම්, ඔහුත් අර්ථය දන්න කෙනෙක් වෙනවා. ධර්මය දන්න කෙනෙක් වෙනවා. යම් කෙනෙක් ධර්මය දේශනා කරනවා වගේම, යම් කෙනෙක් ධර්මය අහනවා නම්, ඒ දෙදෙනාම අර්ථය දන්නා අය, ධර්මය දන්නා අය වෙනවා. පින්වත් මහණෙනි, මේ කාරණා තුනෙන් තමයි ධර්ම කථාව පවතින්නේ.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-5-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M