පින්වත් මහණෙනි, කාරණා තුනකින් වීරිය ඇති කරගත යුතුයි. කවර කාරණා තුනකින්ද? නූපන් අකුසල් නූපදවීම පිණිස වීරිය ඇති කරගත යුතුයි. නූපන් කුසල් දහම් උපදවා ගැනීම පිණිස වීරිය ඇති කරගත යුතුයි. ඉතා තියුණු වූ, කර්කශ වූ, කටුක වූ, අමිහිරි වූ, අමනාප වූ, ජීවිතය අහිමි වන තරමේ වූත් ශාරීරික දුක් වේදනා ඉවසීම පිණිස වීරිය ඇති කරගත යුතුයි. පින්වත් මහණෙනි, මේ කාරණා තුනෙන් තමයි වීරිය ඇති කරගත යුත්තේ.
පින්වත් මහණෙනි, යම් වෙලාවක භික්ෂුව නූපන් අකුසල් නූපදවීම පිණිස වීරිය ඇති කරගන්නවා නම්, නූපන් කුසල් දහම් උපදවා ගැනීම පිණිස වීරිය ඇති කරගන්නවා නම්, ඉතා තියුණු වූ, කර්කශ වූ, කටුක වූ, අමිහිරි වූ, අමනාප වූ, ජීවිතය අහිමි වන තරමේ වූත් ශාරීරික දුක් වේදනා ඉවසීම පිණිස වීරිය ඇති කරගන්නවා නම්, පින්වත් මහණෙනි, මේ භික්ෂුවට තමයි කෙලෙස් තවා දමන වීරියෙන් යුතුයි, තැනට සුදුසු නුවණින් යුතුයි, සිහියෙන් යුතුයි, මනාකොට සියලු දුක් නැතිකර දැමීමටත් පැමිණියා කියලා කියන්නේ.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-5-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M