අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.1.4.9.

සුඛුමාලෝ අහං භික්ඛවේ, පරමසුඛුමාලෝ. අච්චන්තසුඛුමාලෝ. මම සුදං භික්ඛවේ, පිතු නිවේසනේ පොක්ඛරණියෝ කාරිතා හොන්ති. ඒකත්ථ සුදං භික්ඛවේ, උප්පලං පුප්ඵති, ඒකත්ථ පදුමං, ඒකත්ථ පුණ්ඩරීකං, යාවදේව මමත්ථාය . න ඛෝ පනස්සාහං භික්ඛවේ, අකාසිකං චන්දනං ධාරේමි. කාසිකං සු මේ තං භික්ඛවේ වේඨනං හෝති. කාසිකා කඤ්චුකා, කාසිකං නිවාසනං, කාසිකෝ උත්තරාසංගෝ. රත්තින්දිවං ඛෝ පනස්සු මේතං භික්ඛවේ, සේතච්ඡත්තං ධාරීයති, මා නං ඵුසි සීතං වා උණ්හං වා තිණං වා රජෝ වා උස්සාවෝ වාති.

පින්වත් මහණෙනි, (එකල) මා සියුමැලියි. ඉතාමත්ම සියුමැලියි. හැම අතින්ම සියුමැලියි. පින්වත් මහණෙනි, මාගේ පියාණන්ගේ මාළිගයෙහි පොකුණු කරවලා තිබුනා. එක් පොකුණක නිල් මහනෙල් පිපෙනවා. එක් පොකුණක රතු නෙළුම් පිපෙනවා. එක් පොකුණක සුදු නෙළුම් පිපෙනවා. ඒ සෑම දෙයක්ම තිබුනේ මා වෙනුවෙන්මයි. පින්වත් මහණෙනි, ඒ මම සියුම් නැති සඳුන් පාවිච්චි කරන්නේ නෑ. පින්වත් මහණෙනි, මාගේ හිස් වෙළුම පවා ඉතා සියුම්. මා පෙරවූ කංචුකයත් සියුමැලියි. මාගේ කුර්තාවත් සියුමැලියි. මා පොරවන උතුරු සළුවත් සියුමැලියි. පින්වත් මහණෙනි, දිවා රාත්‍රී දෙකෙහිම මා හිසට උඩින් සුදු කුඩයක් දරාගෙන ඉන්නවා. ඒ සීත හෝ උණුසුම හෝ දුහුවිලි හෝ තණරොඩු හෝ පින්න හෝ මාව පෙළන්න එපා කියලයි.

තස්ස මය්හං භික්ඛවේ, තයෝ පාසාදා අහේසුං, ඒකෝ හේමන්තිකෝ, ඒකෝ ගිම්හිකෝ, ඒකෝ වස්සිකෝ. සෝ ඛෝ අහං භික්ඛවේ, වස්සිකේ පාසාදේ වස්සිකේ චත්තාරෝ මාසේ නිප්පුරිසේහි තූරියේහි පරිචාරියමානෝ න හෙට්ඨාපාසාදං ඕරෝහාමි. යථා ඛෝ පන භික්ඛවේ, අඤ්ඤේසං නිවේසනේසු දාසකම්මකරපෝරිසස්ස කණාජකං භෝජනං දීයති බිලංගදුතියං. ඒවමේවස්සු මේ භික්ඛවේ, පිතු නිවේසනේ දාසකම්මකරපෝරිසස්ස සාලිමංසෝදනෝ දීයති.

පින්වත් මහණෙනි, ඒ මට මාළිගා තුනක් තිබුනා. එකක් සීත ඍතුවටයි. එකක් ග්‍රීෂ්ම ඍතුවටයි. එකක් වස්සාන ඍතුවටයි. පින්වත් මහණෙනි, වස්සාන කාලයේ වැසිවසිනා මාස හතරේම පුරුෂයන් රහිත වූ (ස්ත්‍රීන් විසින් පමණක් වයන) තූර්ය වාදනයෙන් සතුටු වෙමින් සිටි ඒ මම යට මහලටවත් බැස්සේ නෑ. පින්වත් මහණෙනි, යම් අයුරකින් අනෙක් මාළිගාවල්වල දාස, කම්කරු ආදී පුරුෂයන්ට නිවුඩු හාලේ බත් සමඟ ඇඹුල් හොද්දක් ලැබෙන නමුත් පින්වත් මහණෙනි, මාගේ පියාණන්ගේ මාළිගයෙහි දාස, කම්කරු ආදී පුරුෂයන්ටත් මස් වෑංජන සමඟ ඇල් හාලේ බත් ලැබෙනවා.

තස්ස මය්හං භික්ඛවේ, ඒවරූපාය ඉද්ධියා සමන්නාගතස්ස ඒවරූපේන ච සුඛුමාලේන ඒතදහෝසි: ‘අස්සුතවා ඛෝ පුථුජ්ජනෝ අත්තනා ජරාධම්මෝ සමානෝ ජරං අනතීතෝ පරං ජිණ්ණං දිස්වා අට්ටීයති, හරායති, ජිගුච්ඡති, අත්තානංයේව අතියිත්වා. අහම්පි ඛොම්හි ජරාධම්මෝ ජරං අනතීතෝ, අහං චේව ඛෝ පන ජරාධම්මෝ සමානෝ ජරං අනතීතෝ, පරං ජිණ්ණං දිස්වා අට්ටීයෙය්‍යං, හරායෙය්‍යං, ජිගුච්ඡෙය්‍යං, න මේ තං අස්ස පතිරූපන්ති. තස්ස මය්හං භික්ඛවේ, ඉති පටිසඤ්චික්ඛතෝ යෝ යොබ්බනේ යොබ්බනමදෝ සෝ සබ්බසෝ පහීයි.

පින්වත් මහණෙනි, මේ තරම් වූ ඉර්ධියකින් යුක්තව සිටි, මේ තරම් වූ සියුමැලි බවකින් සිටි, මා හට මේ අදහස ඇතිවුනා. “අශ්‍රැතවත් පෘථග්ජනයා තමාත් ජරාවට පත්වෙන ස්වභාවයෙන් ඉඳගෙන, ජරාව නොඉක්මවා ගිය ස්වභාවයෙන් ඉඳගෙන, දිරාගිය කෙනෙක් දැකලා ඒ උදවියගේ ස්වභාවයට තමාත් පත්වෙන බව නොසිතා පීඩාවට පත්වෙනවා. ලැජ්ජාවට පත්වෙනවා. පිළිකුල් කරනවා. ඇත්තෙන්ම මමද ජරාවට පත්වීම ස්වභාවය කොටයි සිටින්නේ. ජරාව නොඉක්මවායි සිටින්නේ. ඉතින් ජරාවට පත්වීම ස්වභාවය කොට සිටින, ජරාව නොඉක්මවා සිටින මා දිරා ගිය කෙනෙකු දැක, පීඩාවට පත්වෙනවා නම්, ලැජ්ජාවට පත්වෙනවා නම්, පිළිකුල් කරනවා නම්, එය මා හට ගැලපෙන දෙයක් නම් නොවේ” පින්වත් මහණෙනි, ඔය විදිහට නුවණින් විමස විමසා බලද්දී යෞවන කාලයේදී ඇතිවෙන යම් යෞවන මදයක් මා තුළ තිබුනා නම්, එය මුළුමනින්ම නැතිවෙලා ගියා.

අස්සුතවා ඛෝ පුථුජ්ජනෝ අත්තනා ව්‍යාධිධම්මෝ සමානෝ ව්‍යාධිං අනතීතෝ, පරං ව්‍යාධිතං දිස්වා අට්ටීයති, හරායති, ජිගුච්ඡති, අත්තානංයේව අතියිත්වා, අහම්පි ඛොම්හි ව්‍යාධිධම්මෝ, ව්‍යාධිං අනතීතෝ, අහං චේව ඛෝ පන ව්‍යාධිධම්මෝ සමානෝ ව්‍යාධිං අනතීතෝ, පරං ව්‍යාධිතං දිස්වා අට්ටීයෙය්‍යං හරායෙය්‍යං ජිගුච්ඡෙය්‍යං, න මේ තං අස්ස පතිරූපන්ති. තස්ස මය්හං භික්ඛවේ, ඉති පටිසඤ්චික්ඛතෝ යෝ ආරෝග්යේ ආරෝග්‍යමදෝ, සෝ සබ්බසෝ පහීයි.

“අශ්‍රැතවත් පෘතග්ජනයා තමාත් රෝගී වෙන ස්වභාවයෙන් ඉඳගෙන, රෝගී වීම නොඉක්මවා ගිය ස්වභාවයෙන් ඉඳගෙන, රෝගියෙක් දැකලා ඒ උදවියගේ ස්වභාවයට තමාත් පත්වෙන බව නොසිතා පීඩාවට පත්වෙනවා. ලැජ්ජාවට පත්වෙනවා. පිළිකුල් කරනවා. ඇත්තෙන්ම මමද රෝගී වීම ස්වභාවය කොටයි සිටින්නේ. රෝගී වීම නොඉක්මවායි සිටින්නේ. ඉතින් රෝගීවීම ස්වභාවය කොට සිටින, රෝගී වීම නොඉක්මවා සිටින මා රෝගියෙකු දැක, පීඩාවට පත්වෙනවා නම්, ලැජ්ජාවට පත්වෙනවා නම්, පිළිකුල් කරනවා නම්, එය මා හට ගැලපෙන දෙයක් නම් නොවේ” පින්වත් මහණෙනි, ඔය විදිහට නුවණින් විමස විමසා බලද්දී නීරෝග කාලයේදී ඇතිවෙන යම් ආරෝග්‍ය මදයක් මා තුළ තිබුනා නම්, එය මුළුමනින්ම නැතිවෙලා ගියා.

අස්සුතවා ඛෝ පුථුජ්ජනෝ අත්තනා මරණධම්මෝ සමානෝ මරණං අනතීතෝ පරං මතං දිස්වා අට්ටීයති හරායති ජිගුච්ඡති, අත්තානංයේව අතියිත්වා. අහම්පි ඛොම්හි මරණධම්මෝ මරණං අනතීතෝ, අහං චේව ඛෝ පන මරණධම්මෝ සමානෝ මරණං අනතීතෝ පරං මතං දිස්වා අට්ටීයෙය්‍යං හරායෙය්‍යං ජිගුච්ඡෙය්‍යං, න මේ තං අස්ස පතිරූපන්ති. තස්ස මය්හං භික්ඛවේ, ඉති පටිසඤ්චික්ඛතෝ යෝ ජීවිතේ ජීවිතමදෝ, සෝ සබ්බසෝ පහීයීති.

“අශ්‍රැතවත් පෘතග්ජනයා තමාත් මැරී යන ස්වභාවයෙන් ඉඳගෙන, මරණය නොඉක්මවා ගිය ස්වභාවයෙන් ඉඳගෙන, මළකුණක් දැකලා ඒ උදවියගේ ස්වභාවයට තමාත් පත්වෙන බව නොසිතා පීඩාවට පත්වෙනවා. ලැජ්ජාවට පත්වෙනවා. පිළිකුල් කරනවා. ඇත්තෙන්ම මමද මැරීයාම ස්වභාවය කොටයි සිටින්නේ. මරණය නොඉක්මවායි සිටින්නේ. ඉතින් මරණයට පත්වීම ස්වභාවය කොට සිටින, මරණය නොඉක්මවා සිටින මා මළකුණක් දැක, පීඩාවට පත්වෙනවා නම්, ලැජ්ජාවට පත්වෙනවා නම්, පිළිකුල් කරනවා නම්, එය මා හට ගැලපෙන දෙයක් නම් නොවේ” පින්වත් මහණෙනි, ඔය විදිහට නුවණින් විමස විමසා බලද්දී ජීවත් වෙන කාලයේදී ඇතිවෙන යම් ජීවිත මදයක් මා තුළ තිබුනා නම්, එය මුළුමනින්ම නැතිවෙලා ගියා.

තයෝ’මේ භික්ඛවේ, මදා. කතමේ තයෝ? යොබ්බනමදෝ, ආරෝග්‍යමදෝ, ජීවිතමදෝ. යොබ්බනමදමත්තෝ වා භික්ඛවේ, අස්සුතවා පුථුජ්ජනෝ කායේන දුච්චරිතං චරති, වාචාය දුච්චරිතං චරති, මනසා දුච්චරිතං චරති. සෝ කායේන දුච්චරිතං චරිත්වා, වාචාය දුච්චරිතං චරිත්වා, මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. ආරෝග්‍යමදමත්තෝ වා භික්ඛවේ, අස්සුතවා පුථුජ්ජනෝ ….(පෙ)…. ජීවිතමදමත්තෝ වා භික්ඛවේ, අස්සුතවා පුථුජ්ජනෝ කායේන දුච්චරිතං චරති, වාචාය දුච්චරිතං චරති, මනසා දුච්චරිතං චරති. සෝ කායේන දුච්චරිතං චරිත්වා, වාචාය දුච්චරිතං චරිත්වා, මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.

පින්වත් මහණෙනි, මේ මත්වීම් තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? යෞවන මදයත්, ආරෝග්‍ය මදයත්, ජීවිත මදයත් යන තුනයි. පින්වත් මහණෙනි, යෞවන මදයෙන් මත් වූ අශ්‍රැතවත් පෘථග්ජනයා කයෙන් දුසිරිත් කරනවා. වචනයෙන් දුසිරිත් කරනවා. මනසින් දුසිරිත් කරනවා. ඔහු කයෙන් දුසිරිත් කොට, වචනයෙන් දුසිරිත් කොට, මනසින් දුසිරිත් කොට, කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයේ උපදිනවා. පින්වත් මහණෙනි, ආරෝග්‍ය මදයෙන් මත් වූ අශ්‍රැතවත් පෘථග්ජනයා ….(පෙ)…. ජීවිත මදයෙන් මත් වූ අශ්‍රැතවත් පෘථග්ජනයා කයෙන් දුසිරිත් කරනවා. වචනයෙන් දුසිරිත් කරනවා. මනසින් දුසිරිත් කරනවා. ඔහු කයෙන් දුසිරිත් කොට, වචනයෙන් දුසිරිත් කොට, මනසින් දුසිරිත් කොට, කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයේ උපදිනවා.

යොබ්බනමදමත්තෝ වා භික්ඛවේ, භික්ඛු සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. ආරෝග්‍යමදමත්තෝ වා භික්ඛවේ, භික්ඛු සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති, ජීවිතමදමත්තෝ වා භික්ඛවේ, භික්ඛු සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තතීති.

පින්වත් මහණෙනි, යෞවන මදයෙන් මත් වූ භික්ෂුව තමයි ශික්ෂාව (ධර්ම විනයෙහි හික්මීම) ප්‍රතික්ෂේප කරලා, හීන වූ ගිහි ජීවිතයට වැටෙන්නේ. පින්වත් මහණෙනි, ආරෝග්‍ය මදයෙන් මත් වූ භික්ෂුව තමයි ශික්ෂාව ප්‍රතික්ෂේප කරලා, හීන වූ ගිහි ජීවිතයට වැටෙන්නේ. පින්වත් මහණෙනි, ජීවිත මදයෙන් මත් වූ භික්ෂුව තමයි ශික්ෂාව ප්‍රතික්ෂේප කරලා, හීන වූ ගිහි ජීවිතයට වැටෙන්නේ.

ව්‍යාධිධම්මා ජරාධම්මා අථෝ මරණධම්මිනෝ,
යථා ධම්මා තථාසන්තා ජිගුච්ඡන්ති පුථුජ්ජනා.

රෝගී වීම උරුම කරගෙන ඉන්න, ජරාවට පත්වීම උරුම කරගෙන ඉන්න, මරණයට පත්වීම උරුම කරගෙන ඉන්න, පෘථග්ජනයෙක් තමන්ද ඒ ස්වභාවය ඉක්මවා නොසිටිද්දී ඒ ස්වභාවයට පත්වුන අන්‍යයන්වද පිළිකුල් කරනවා.

අහං චේතං ජිගුච්ඡෙය්‍යං ඒවං ධම්මේසු පාණිසු,
න මේ තං පතිරූපස්ස මම ඒවං විහාරිනෝ.

මෙම ස්වභාවයෙන් යුතු සත්වයන් කෙරෙහි මම ඉදින් පිළිකුල් කරනවා නම්, මේ ආකාර වූ ම පෘථග්ජනයාගේ පිළිකුලට ලක්වෙන ස්වභාවයෙන් යුතු මට එසේ පිළිකුල් කිරීම නොගැලපෙයි.

සෝහං ඒවං විහරන්තෝ ඤත්වා ධම්මං නිරූපධිං,
ආරෝගය්‍යේ යොබ්බනස්මිං ච ජීවිතස්මිං ච යේ මදා.

ඒ මම කෙලෙස් රහිත වූ ධර්මය අවබෝධ කරගෙන වාසය කරද්දී නිරෝගීකම ගැනත්, තරුණකම ගැනත්, ජීවිතය ගැනත් යම් මත්වීමක් තිබුනා නම්,

සබ්බේ මදේ අභිභොස්මි නෙක්ඛම්මේ දට්ඨු ඛේමතං,
තස්ස මේ අහු උස්සාහෝ නිබ්බාණං අභිපස්සතෝ.

කෙලෙසුන්ගෙන් නික්මීම තුළ තිබෙන ආරක්ෂාව දැකලා, සියලුම මත්වීම් මැඬලුවා. හැම අතින්ම මා තුළ උත්සාහය තිබුනේ නිවන් අවබෝධය පිණිසමයි.

නාහං භබ්බෝ ඒතරහි කාමානි පතිසේවිතුං,
අනිවත්තී භවිස්සාමි බ්‍රහ්මචරියපරායනෝති.

දැන් කාම සැපය සෙවීම යනු මා තුළින් සිදුවෙන දෙයක් නොවෙයි. බඹසරෙහි මනාව පිහිටා සිටින මා කාමය පිණිස නොපෙරලී යන කෙනෙක් වෙමි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-4-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M