පින්වත් මහණෙනි, මෙය කලින් සිදු වූ දෙයක්. ශක්‍ර දේවේන්ද්‍රයා තව්තිසාවැසි දෙව්ලොව දෙවියන් සතුටු කරවමින් ඒ වෙලාවේ මේ ගාථාව පැවසුවා.
යම් මනුෂ්‍යයෙක් මා බඳු වෙනවා නම්, ඔහු කළ යුත්තේ අඩමාසයේ, තුදුස්වක, පසළොස්වක, අටවක, පාටිහාරිය කාලයෙත් අෂ්ටාංග උපෝසථ පෙහෙවස් සමාදන්ව විසීමයි.
පින්වත් මහණෙනි, සක්දෙව් රජ විසින් ඒ ගාථාව වැරදියටයි ගායනා කළේ. නිවැරදිව ගැයුවේ නෑ. වැරදියටයි කිව්වේ. නිවැරදිව කිව්වේ නෑ. එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි. සක්දෙව් රජ රාගය ප්‍රහාණය කරලා නෑ. ද්වේශය ප්‍රහාණය කරලා නෑ. මෝහය ප්‍රහාණය කරලා නෑ.
පින්වත් මහණෙනි, යම් ඒ භික්ෂුවක් ඉන්නවා. ඔහු රහතන් වහන්සේ නමක්. ආශ්‍රවයන් ක්ෂය කරලා. නිවන් මග සම්පූර්ණ කරලා. කළ යුත්ත කරලා. කෙලෙස් බර බැහැරින් තියලා. පිළිවෙලින් උතුම් නිවනට පැමිණිලා. භව බන්ධන ක්ෂය කරලා. මනා වූ අවබෝධයෙන්ම කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා ඉන්නේ. පින්වත් මහණෙනි, අන්න ඒ භික්ෂුව විසින් නම් ඔය කාරණය කියන්න සුදුසුයි.
යම් මනුෂ්‍යයෙක් මා බඳු වෙනවා නම්, ඔහු කළ යුත්තේ අඩමාසයේ, තුදුස්වක, පසළොස්වක, අටවක, පාටිහාරිය කාලයෙත් අෂ්ටාංග උපෝසථ පෙහෙවස් සමාදන්ව විසීමයි.
එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, ඒ භික්ෂුව රාගය ප්‍රහාණය කළ කෙනෙක්. ද්වේශය ප්‍රහාණය කළ කෙනෙක්. මෝහය ප්‍රහාණය කළ කෙනෙක්.
පින්වත් මහණෙනි, මෙය කලින් සිදු වූ දෙයක්. ශක්‍ර දේවේන්ද්‍රයා තව්තිසා දෙව්ලොව දෙවියන් සතුටු කරවමින් ඒ වෙලාවේ මේ ගාථාව පැවසුවා.
යම් මනුෂ්‍යයෙක් මා බඳු වෙනවා නම්, ඔහු කළ යුත්තේ අඩමාසයේ, තුදුස්වක, පසළොස්වක, අටවක, පාටිහාරිය කාලයෙත් අෂ්ටාංග උපෝසථ පෙහෙවස් සමාදන්ව විසීමයි.
පින්වත් මහණෙනි, සක්දෙව් රජ විසින් ඒ ගාථාව වැරදියටයි ගායනා කළේ. නිවැදිව ගැයුවේ නෑ. වැරදියටයි කිව්වේ. නිවැරදිව කිව්වේ නෑ. එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, සක්දෙව් රජ ඉපදීමෙන්, ජරාවෙන්, මරණයෙන්, ශෝක වැළපීම්වලින්, දුක් දොම්නස්වලින්, සුසුම් හෙළීම්වලින් නිදහස් වෙලා නෑ. දුකෙන් නිදහස් වුනේ නෑ කියලයි මා කියන්නේ.
පින්වත් මහණෙනි, යම් ඒ භික්ෂුවක් ඉන්නවා. ඔහු රහතන් වහන්සේ නමක්. ආශ්‍රවයන් ක්ෂය කරලා. නිවන් මග සම්පූර්ණ කරලා. කළ යුත්ත කරලා. කෙලෙස් බර බැහැරින් තියලා. පිළිවෙලින් උතුම් නිවනට පැමිණිලා. භව බන්ධන ක්ෂය කරලා. මනා වූ අවබෝධයෙන්ම කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා ඉන්නේ. පින්වත් මහණෙනි, අන්න ඒ භික්ෂුව විසින් නම් ඔය කාරණය කියන්න සුදුසුයි.
යම් මනුෂ්‍යයෙක් මා බඳු වෙනවා නම්, ඔහු කළ යුත්තේ අඩමාසයේ, තුදුස්වක, පසළොස්වක, අටවක, පාටිහාරිය කාලයෙත් අෂ්ටාංග උපෝසථ පෙහෙවස් සමාදන්ව විසීමයි.
එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, ඒ භික්ෂුව ඉපදීමෙන්, ජරාවෙන්, මරණයෙන්, ශෝක වැළපීම්වලින්, දුක් දොම්නස්වලින්, සුසුම් හෙළීම්වලින් නිදහස් වෙලා ඉන්නේ. දුකෙන් නිදහස් වෙලා ඉන්නවා කියලයි මා කියන්නේ.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-4-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M