අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.1.4.10.

තීණි’මානි භික්ඛවේ, ආධිපතෙය්‍යානි. කතමානි තීණි? අත්තාධිපතෙය්‍යං, ලෝකාධිපතෙය්‍යං, ධම්මාධිපතෙය්‍යං.

පින්වත් මහණෙනි, මූලිකව සිටීම් (අධිපතිකම්) තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? තමාවම මුල්කොට කල්පනා කිරීම හෙවත් අත්තාධිපත්‍යය, ලෝකයෙහි ස්වභාවය මුල්කොට කල්පනා කිරීම හෙවත් ලෝකාධිපත්‍යය, ධර්මය මුල්කොට කල්පනා කිරීම හෙවත් ධම්මාධිපත්‍යයයි.

කතමං ච භික්ඛවේ, අත්තාධිපතෙය්‍යං? ඉධ භික්ඛවේ, භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා ඉති පටිසඤ්චික්ඛති: ‘න ඛෝ පනාහං චීවරහේතු අගාරස්මා අනගාරියං පබ්බජිතෝ, න පිණ්ඩපාතහේතු ….(පෙ)…. න සේනාසනහේතු ….(පෙ)…. න ඉති භවාභවහේතු අගාරස්මා අනගාරියං පබ්බජිතෝ. අපි ච ඛොම්හි ඕතිණ්ණෝ ජාතියා ජරාමරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි, දුක්ඛෝතිණ්ණෝ දුක්ඛපරේතෝ, අප්පේව නාම ඉමස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායේථා’ති. අහඤ්චේව ඛෝ පන යාදිසකේ වා කාමේ ඕහාය අගාරස්මා අනගාරියං පබ්බජිතෝ, තාදිසකේ වා කාමේ පරියේසෙය්‍යං, තතෝ වා පාපිට්ඨතරේ, න මේ තං අස්ස පතිරූපන්ති. සෝ ඉති පටිසඤ්චික්ඛති: ‘ආරද්ධං ඛෝ පන මේ වීරියං භවිස්සති අසල්ලීනං, උපට්ඨිතා සති අසම්මුට්ඨා, පස්සද්ධෝ කායෝ අසාරද්ධෝ, සමාහිතං චිත්තං ඒකග්ගන්ති’. සෝ අත්තානංයේව අධිපතිං කරිත්වා අකුසලං පජහති, කුසලං භාවේති, සාවජ්ජං පජහති, අනවජ්ජං භාවේති, සුද්ධං අත්තානං පරිහරති. ඉදං වුච්චති භික්ඛවේ, අත්තාධිපතෙය්‍යං.

පින්වත් මහණෙනි, තමාවම මුල්කොට කල්පනා කිරීම හෙවත් අත්තාධිපත්‍යය යනු කුමක්ද? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව අරණ්‍යයකට ගියද, රුක්මුලකට ගියද, හිස් කුටියකට ගියද, මේ විදිහට නුවණින් කල්පනා කරනවා. ‘මම ගිහි ගෙයින් නික්මිලා අනගාරික පැවිදි ජීවිතයකට ආවේ වස්ත්‍ර නැතිකමට නොවෙයි. ආහාරපාන නැතිකමට නොවෙයි. ….(පෙ)…. ඉන්න හිටින්න තැනක් නැතිකමට නොවෙයි. ….(පෙ)…. මම ගිහි ගෙයින් නික්මිලා අනගාරික පැවිද්දකට ආවේ මේ මේ දේවල් ලබාගත යුතුයි කියලා හිතාගෙනත් නොවෙයි. ‘ඇත්තෙන්ම ඒ මම ජාති, ජරා, මරණ, ශෝක, වැළපීම්, දුක් දොම්නස්, උපායාසවලින් පීඩිත වෙලා, දුකටම වැටිලා දුකෙන්ම පෙළෙනවා. ඉතින් මම මේ මුළු මහත් දුක්ඛස්කන්ධයේම අවසානයක් දැකගන්නට ඇත්නම් කොයිතරම් දෙයක්ද?’ කියල හිතාගෙනයි යම් ඒ කාමයන් අත්හැර ගිහිගෙයින් නික්මිලා අනගාරික වූ බුදු සසුනේ පැවිදි වුනේ. ඉතින් මා එබඳු වූ කාමයන් සොයන්න ගියොත් එයිට වඩා ලාමක වූ දේවල් සොයන්න ගියොත්, එය මට කිසිසේත්ම ගැලපෙන්නේ නෑ. ඉතින් ඔහු ඔය අයුරින් නුවණින් මෙනෙහි කරනවා. ‘මාගේ වීරිය පටන්ගත් අයුරින්ම නොහැකිලී තියෙනවා. සිහි නුවණ මුළා නොවී මැනවින් පිහිටලා තියෙනවා. කය සැහැල්ලු වෙලා තියෙනවා. පීඩා සංසිඳිලා තියෙනවා. සිත සමාහිත වෙලා එකඟව තියෙනවා’ කියලා ඔහු තමාවම මුල් කරගෙන අකුසල් අත්හරිනවා. කුසල් වඩනවා. වැරදි දේ අත්හරිනවා. නිවැරදි දේ වඩනවා. පිරිසිදු ජීවිතයක් පරිහරණය කරනවා. පින්වත් මහණෙනි, මේකට තමයි අත්තාධිපත්‍යය කියල කියන්නේ.

කතමඤ්ච භික්ඛවේ, ලෝකාධිපතෙය්‍යං? ඉධ භික්ඛවේ, භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා ඉති පටිසඤ්චික්ඛති: ‘න ඛෝ පනාහං චීවරහේතු අගාරස්මා අනගාරියං පබ්බජිතෝ, න පිණ්ඩපාතහේතු ….(පෙ)…. න සේනාසනහේතු ….(පෙ)…. න ඉති භවාභවහේතු අගාරස්මා අනගාරියං පබ්බජිතෝ. අපි ච ඛොම්’හි ඕතිණ්ණෝ ජාතියා ජරාමරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි දුක්ඛෝතිණ්ණෝ දුක්ඛපරේතෝ. අප්පේවනාම ඉමස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායේථා’ති.

අහං චේව ඛෝ පන ඒවං පබ්බජිතෝ සමානෝ කාමවිතක්කං වා විතක්කෙය්‍යං, ව්‍යාපාදවිතක්කං වා විතක්කෙය්‍යං, විහිංසාවිතක්කං වා විතක්කෙය්‍යං, මහා ඛෝ පනායං ලෝකසන්නිවාසෝ, මහන්තස්මිං ඛෝ පන ලෝකසන්නිවාසේ සන්ති සමණබ්‍රාහ්මණා ඉද්ධිමන්තෝ දිබ්බචක්ඛුකා පරචිත්තවිදුනෝ. තේ දූරතෝපි පස්සන්ති, ආසන්නාපි න දිස්සන්ති, චේතසාපි චිත්තං පජානන්ති. තේපි මං ඒවං ජානෙය්‍යුං: ‘පස්සථ භෝ, ඉමං කුලපුත්තං සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතෝ සමානෝ වෝකිණ්ණෝ විහරති පාපකේහි අකුසලේහි ධම්මේහී’ති. දේවතාපි ඛෝ සන්ති ඉද්ධිමන්තිනියෝ දිබ්බචක්ඛුකා පරචිත්තවිදුනියෝ. තා දූරතෝපි පස්සන්ති, ආසන්නාපි න දිස්සන්ති, චේතසාපි චිත්තං පජානන්ති, තාපි මං ඒවං ජානෙය්‍යුං: ‘පස්සථ භෝ, ඉමං කුලපුත්තං, සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතෝ සමානෝ වෝකිණ්ණෝ විහරති පාපකේහි අකුසලේහි ධම්මේහී’ති. සෝ ඉති පටිසංචික්ඛති: ‘ආරද්ධං ඛෝ පන මේ වීරියං භවිස්සති අසල්ලීනං, උපට්ඨිතා සති අසම්මුට්ඨා, පස්සද්ධෝ කායෝ අසාරද්ධෝ, සමාහිතං චිත්තං ඒකග්ගන්ති. සෝ ලෝකංයේව අධිපතිං කරිත්වා අකුසලං පජහති, කුසලං භාවේති, සාවජ්ජං පජහති, අනවජ්ජං භාවේති, සුද්ධං අත්තානං පරිහරති. ඉදං වුච්චති භික්ඛවේ, ලෝකාධිපතෙය්‍යං.

පින්වත් මහණෙනි, ලෝකය මුල්කොට කල්පනා කිරීම හෙවත් ලෝකාධිපත්‍යය යනු කුමක්ද? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව අරණ්‍යයකට ගියද, රුක්මුලකට ගියද, හිස් කුටියකට ගියද, මේ විදිහට නුවණින් කල්පනා කරනවා. ‘මම ගිහි ගෙයින් නික්මිලා අනගාරික පැවිදි ජීවිතයකට ආවේ වස්ත්‍ර නැතිකමට නොවෙයි. ආහාරපාන නැතිකමට නොවෙයි. ….(පෙ)…. ඉන්න හිටින්න තැනක් නැතිකමට නොවෙයි. ….(පෙ)…. මම ගිහි ගෙයින් නික්මිලා අනගාරික පැවිද්දකට ආවේ මේ මේ දේවල් ලබාගත යුතුයි කියලා හිතාගෙනත් නොවෙයි. ‘ඇත්තෙන්ම ඒ මම ජාති, ජරා, මරණ, ශෝක, වැළපීම්, දුක් දොම්නස්, උපායාසවලින් පීඩිත වෙලා, දුකටම වැටිලා දුකෙන්ම පෙළෙනවා. ඉතින් මම මේ මුළු මහත් දුක්ඛස්කන්ධයේම අවසානයක් දැකගන්නට ඇත්නම් කොයිතරම් දෙයක්ද?’ කියල හිතාගෙනයි ගිහිගෙයින් නික්මිලා අනගාරික වූ බුදු සසුනේ පැවිදි වුනේ. ඔය අයුරින් පැවිදි වූ මා කාම විතර්ක සිත සිතා ඉන්න ගියොත් නම්, ව්‍යාපාද විතර්ක සිත සිතා ඉන්න ගියොත් නම්, විහිංසා විතර්ක සිත සිතා ඉන්න ගියොත් නම්, මේ ලෝකය සන්නිවාසය නම් මහවිශාලයි, මේ මහත් වූ ලෝක සන්නිවාසයේ අනුන්ගේ සිත් දැනගන්නා දිවැස්ලාභී වූ ඉර්ධිමත් ශ්‍රමණ බ්‍රාහ්මණවරුන් ඉන්නවා. ඔවුන් දුර සිටිද්දීම වුනත් මාව දකිනවා. ඔවුන් ළඟ සිටියත් මා ඉදිරියේ පෙනී සිටින්නේ නෑ. මගේ සිත වුනත් ඔවුන් දැනගන්නවා. ‘භවත්නි, මේ කුලපුත්‍රයා දෙස බලන්න. මොහු ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම අනගාරික බුදු සසුනේ පැවිදි වුනා තමයි. නමුත් පාපී අකුසල් සිතුවිලිවලින් ගැවසීගෙනයි මොහු ඉන්නේ.’ ඒ වගේම අනුන්ගේ සිත් දැනගන්නා දිවැස්ලාභී වූ ඉර්ධිමත් දෙවිවරුන් ඉන්නවා. ඔවුන් දුර සිටිද්දී වුනත් මාව දකිනවා. ඔවුන් ළඟ සිටියත් මා ඉදිරියේ පෙනී සිටින්නේ නෑ. මාගේ සිත වුනත් ඔවුන් දැනගන්නවා. ඉතින් ඔවුන් මං මෙබඳු සිතුවිලි සිතන කෙනෙක් වශයෙන් දැනගත්තොත්, ‘භවත්නි, මේ කුලපුත්‍රයා දෙස බලන්න. මොහු ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම අනගාරික බුදු සසුනේ පැවිදි වුනා තමයි. නමුත් පාපී අකුසල් සිතුවිලිවලින් ගැවසීගෙනයි මොහු ඉන්නේ.’ ඉතින් ඔහු ඔය අයුරින් නුවණින් මෙනෙහි කරනවා. ‘මාගේ වීරිය පටන්ගත් අයුරින්ම නොහැකිලී තියෙනවා. සිහි නුවණ මුළා නොවී මැනවින් පිහිටලා තියෙනවා. කය සැහැල්ලු වෙලා තියෙනවා. පීඩා සංසිඳිලා තියෙනවා. සිත සමාහිත වෙලා එකඟව තියෙනවා’ කියලා ඔහු ලෝකයම මුල් කරගෙන අකුසල් අත්හරිනවා. කුසල් වඩනවා. වැරදි දේ අත්හරිනවා. නිවැරදි දේ වඩනවා. පිරිසිදු ජීවිතයක් පරිහරණය කරනවා. පින්වත් මහණෙනි, මේකට තමයි ලෝකාධිපත්‍යය කියල කියන්නේ.

කතමඤ්ච භික්ඛවේ, ධම්මාධිපතෙය්‍යං? ඉධ භික්ඛවේ, භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා ඉති පටිසඤ්චික්ඛති: ‘න ඛෝ පනාහං චීවරහේතු අගාරස්මා අනගාරියං පබ්බජිතෝ ….(පෙ)…. න පිණ්ඩපාතහේතු ….(පෙ)…. න සේනාසනහේතු ….(පෙ)…. න ඉති භවාභවහේතු අගාරස්මා අනගාරියං පබ්බජිතෝ. අපි ච ඛොම්හි ඕතිණ්ණෝ ජාතියා ජරාමරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි දුක්ඛෝතිණ්ණෝ දුක්ඛපරේතෝ. අප්පේව නාම ඉමස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායේථා’ති. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති. සන්ති ඛෝ පන මේ සබ්‍රහ්මචාරී ජානං පස්සං විහරන්ති. අහං චේව ඛෝ පන ඒවං ස්වාක්ඛාතේ ධම්මවිනයේ පබ්බජිතෝ සමානෝ කුසීතෝ විහරෙය්‍යං පමත්තෝ, න මේ තං අස්ස පතිරූපන්ති’. සෝ ඉති පටිසඤ්චික්ඛති: ‘ආරද්ධං ඛෝ පන මේ වීරියං භවිස්සති අසල්ලීනං, උපට්ඨිතා සති අසම්මුට්ඨා, පස්සද්ධෝ කායෝ අසාරද්ධෝ, සමාහිතං චිත්තං ඒකග්ගන්ති’. සෝ ධම්මං යේව අධිපතිං කරිත්වා අකුසලං පජහති, කුසලං භාවේති, සාවජ්ජං පජහති, අනවජ්ජං භාවේති, සුද්ධං අත්තානං පරිහරති. ඉදං වුච්චති භික්ඛවේ, ධම්මාධිපතෙය්‍යං. ඉමානි ඛෝ භික්ඛවේ, තීණි ආධිපතෙය්‍යානී”ති.

පින්වත් මහණෙනි, ධර්මයම මුල්කොට කල්පනා කිරීම හෙවත් ධම්මාධිපත්‍යය යනු කුමක්ද? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව අරණ්‍යයකට ගියද, රුක්මුලකට ගියද, හිස් කුටියකට ගියද, මේ විදිහට නුවණින් කල්පනා කරනවා. ‘මම ගිහි ගෙයින් නික්මිලා අනගාරික පැවිදි ජීවිතයකට ආවේ වස්ත්‍ර නැතිකමට නොවෙයි. ආහාරපාන නැතිකමට නොවෙයි. ….(පෙ)…. ඉන්න හිටින්න තැනක් නැතිකමට නොවෙයි. ….(පෙ)…. මම ගිහි ගෙයින් නික්මිලා අනගාරික පැවිද්දකට ආවේ මේ මේ දේවල් ලබාගත යුතුයි කියලා හිතාගෙනත් නොවෙයි. ‘ඇත්තෙන්ම ඒ මම ජාති, ජරා, මරණ, ශෝක, වැළපීම්, දුක් දොම්නස්, උපායාසවලින් පීඩිත වෙලා, දුකටම වැටිලා දුකෙන්ම පෙළෙනවා. ඉතින් මම මේ මුළු මහත් දුක්ඛස්කන්ධයේම අවසානයක් දැකගන්නට ඇත්නම් කොයිතරම් දෙයක්ද?’ කියල හිතාගෙනයි ගිහිගෙයින් නික්මිලා අනගාරික වූ බුදු සසුනේ පැවිදි වුනේ. මේ ජීවිතයේදීම දැකිය හැකිවූත්, ඕනෑම කාලයක අවබෝධ කළ හැකි වූත්, නුවණ ඇත්තන් හට ඇවිත් බලන්නැයි කිව හැකි වූත්, තමා තුළට පමුණුවාගත යුතු වූත්, නුවණ ඇත්තන් හට වෙන් වෙන් වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගත හැකි වූත්, මේ ශ්‍රී සද්ධර්මය භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරලයි තියෙන්නේ. ඒ වගේම මා හා සමාන බඹසර වසන සබ්‍රහ්මචාරීන් වහන්සේලා වැඩඉන්නවා. උන්වහන්සේලා මේ ධර්මය දන්නවා, දකිනවා. ඉතින් මෙබඳු වූ මනාකොට දේශනා කරන ලද ධර්මය ඇති ශාසනයක පැවිදි වූ මා කුසීතව, ප්‍රමාදීව වාසය කළොත් එය මට ගැලපෙන්නේ නෑ. ඉතින් ඔහු මේ විදිහට කල්පනා කරනවා. මාගේ වීරිය පටන් ගත් අයුරින්ම නොහැකිලී තියෙනවා. සිහි නුවණ මුළා නොවී මැනැවින් පිහිටලා තියෙනවා. කය සැහැල්ලු වෙලා තියෙනවා. පීඩා සංසිඳිලා තියෙනවා. සිත සමාහිත වෙලා එකඟව තියෙනවා’ කියලා ඔහු ධර්මයම මුල් කරගෙන අකුසල් අත්හරිනවා. කුසල් වඩනවා. වැරදි දේ අත්හරිනවා. නිවැරදි දේ වඩනවා. පිරිසිදු ජීවිතයක් පරිහරණය කරනවා. පින්වත් මහණෙනි, මේකට තමයි ධම්මාධිපත්‍යය කියල කියන්නේ. පින්වත් මහණෙනි, මේ තමයි අධිපතිකම් තුන.

නත්ථි ලෝකේ රහෝ නාම පාපකම්මං පකුබ්බතෝ,
අත්තා තේ පුරිස ජානාති සච්චං වා යදි වා මුසා.

පව් කරන කෙනා හට මේ ලෝකයේ රහසක් නම් නෑ. එම්බා පුරුෂය, ඔබගේ සිත ‘ඔබ ලොවට පෙන්වන දෙය ඇත්තක්ද? බොරුවක්ද?’ කියලා ඔබ ගැන දන්නවා.

කල්‍යාණං වත භෝ සක්ඛි අත්තානං අතිමඤ්ඤසි,
යෝ සන්තං අත්තනි පාපං අත්තානං පරිගූහසි.

යම් කෙනෙක් තමා තුළ තිබෙන්නා වූ පාපය තමාට සඟවන්නද හිතන්නේ? භවත, තමාගේ ඇත්ත ස්වභාවය ඉක්මවා යන්නද හදන්නේ? ඒකාන්තයෙන්ම කල්‍යාණ වූ දෙයක් කියලද හිතන්නේ?

පස්සන්ති දේවා ච තථාගතා ච ලෝකස්මිං බාලං විසමං චරන්තං,
තස්මා හි අත්තාධිපකෝ සතෝ චරේ ලෝකාධිපෝ ච නිපකෝ ච ඣායී,
ධම්මාධිපෝ ච අනුධම්මචාරී න හීයති සච්චපරක්කමෝ මුනි.

ලෝකයෙහි විෂම ලෙස හැසිරෙන බාලයාව දෙවියොත්, තථාගතයන් වහන්සේලාත් දකිනවා. එහෙයින්ම තැනට සුදුසු නුවණ ඇති, ධ්‍යාන වඩන භික්ෂුව තමාව මුල්කරගෙනත්, ලෝක සන්නිවාසය මුල් කරගෙනත්, සිහි නුවණින් යුක්තව වාසය කරනවා. ඒ මුනිවරයා සත්‍යය වූ පරාක්‍රමයෙන් යුතු වූ ධර්මය මුල්කරගෙන අනුධම්මචාරීව හැසිරෙන නිසා පිරිහෙන්නේ නෑ.

පසය්හ මාරං අභිභුය්‍ය අන්තකං යෝ ච ඵුසී ජාතිඛයං පධානවා,
ස තාදිසෝ ලෝකවිදූ සුමේධෝ සබ්බේසු ධම්මේසු අතම්මයෝ මුනීති.

යම් රහත් භික්ෂුවක් අන්තක නම් වූ මාරයාව වීරියෙන් යුක්තව මැඬලමින් ඉපදීම ක්ෂය කොට අරහත්වය ස්පර්ශ කළේ වේද, එබඳු වූ ලෝකය දත් මනා නුවණැති සියලු ධර්මයන්හි තෘෂ්ණා රහිත වූ කෙනා තමයි මුනිවරයා වන්නේ.

දේවදූත වග්ගෝ චතුත්ථෝ.

හතරවෙනි දේවදූත වර්ගයයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-4-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M