අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.1.4.4.

තීණි’මානි භික්ඛවේ, නිදානානි කම්මානං සමුදයාය. කතමානි තීණි? ලෝභෝ නිදානං කම්මානං සමුදයාය, දෝසෝ නිදානං කම්මානං සමුදයාය, මෝහෝ නිදානං කම්මානං සමුදයාය.

පින්වත් මහණෙනි, කර්මයන්ගේ හටගැනීමට මූලික වන මේ කරුණු තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? ලෝභය යනු කර්මයන්ගේ හටගැනීමට මූලික වන දෙයක්. ද්වේෂය යනු කර්මයන්ගේ හටගැනීමට මූලික වන දෙයක්. මෝහය යනු කර්මයන්ගේ හටගැනීමට මූලික වන දෙයක්.

යං භික්ඛවේ ලෝභපකතං කම්මං ලෝභජං ලෝභනිදානං ලෝභසමුදයං, යත්ථස්ස අත්තභාවෝ නිබ්බත්තති, තත්ථ තං කම්මං විපච්චති. යත්ථ තං කම්මං විපච්චති, තත්ථ තස්ස කම්මස්ස විපාකං පටිසංවේදේති දිට්ඨේ වා ධම්මේ, උපපජ්ජේ වා, අපරේ වා පරියායේ.

පින්වත් මහණෙනි, ලෝභයෙන් කරන ලද, ලෝභයෙන් උපන්, ලෝභය මූලික කාරණය වූ, ලෝභයෙන් හටගත් යම් කර්මයක් ඇද්ද, යම් තැනක ඔහුගේ ආත්මභාවය උපදිනවා නම්, අන්න එතැන අර කර්මය විපාක දෙනවා. යම් තැනකදී ඒ කර්මය විපාක දෙයිද, එතැනදී ඔහුගේ ඒ කර්මයේ විපාකය මේ ජීවිතය තුළ වේවා, ඊළඟ ආත්මභාවයේදී වේවා, ඉඩ ලැබෙන කවර ආත්මභාවයකදී හෝ වේවා ඔහු එය විඳවනවා.

යං භික්ඛවේ දෝසපකතං කම්මං දෝසජං දෝසනිදානං දෝසසමුදයං, යත්ථස්ස අත්තභාවෝ නිබ්බත්තති, තත්ථ තං කම්මං විපච්චති. යත්ථ තං කම්මං විපච්චති, තත්ථ තස්ස කම්මස්ස විපාකං පටිසංවේදේති දිට්ඨේ වා ධම්මේ, උපපජ්ජේ වා අපරේ වා පරියායේ.

පින්වත් මහණෙනි, ද්වේෂයෙන් කරන ලද, ද්වේෂයෙන් උපන්, ද්වේෂය මූලික කාරණය වූ, ද්වේෂයෙන් හටගත් යම් කර්මයක් ඇද්ද, යම් තැනක ඔහුගේ ආත්මභාවය උපදිනවා නම්, අන්න එතැන අර කර්මය විපාක දෙනවා. යම් තැනකදී ඒ කර්මය විපාක දෙයිද, එතැනදී ඔහුගේ ඒ කර්මයේ විපාකය මේ ජීවිතය තුළ වේවා, ඊළඟ ආත්මභාවයේදී වේවා, ඉඩ ලැබෙන කවර ආත්මභාවයකදී හෝ වේවා ඔහු එය විඳවනවා.

යං භික්ඛවේ මෝහපකතං කම්මං මෝහජං මෝහනිදානං මෝහසමුදයං, යත්ථස්ස අත්තභාවෝ නිබ්බත්තති, තත්ථ තං කම්මං විපච්චති. යත්ථ තං කම්මං විපච්චති, තත්ථ තස්ස කම්මස්ස විපාකං පටිසංවේදේති දිට්ඨේ වා ධම්මේ, උපපජ්ජේ වා අපරේ වා පරියායේ.

පින්වත් මහණෙනි, මෝහයෙන් කරන ලද, මෝහයන් උපන්, මෝහය මූලික කාරණය වූ, මෝහයෙන් හටගත් යම් කර්මයක් ඇද්ද, යම් තැනක ඔහුගේ ආත්මභාවය උපදිනවා නම්, අන්න එතැන අර කර්මය විපාක දෙනවා. යම් තැනකදී ඒ කර්මය විපාක දෙයිද, එතැනදී ඔහුගේ ඒ කර්මයේ විපාකය මේ ජීවිතය තුළ වේවා, ඊළඟ ආත්මභාවයේදී වේවා, ඉඩ ලැබෙන කවර ආත්මභාවයකදී හෝ වේවා ඔහු එය විඳවනවා.

සෙය්‍යථාපි භික්ඛවේ, බීජානි අඛණ්ඩානි අපූතීනි අවාතාතපහතානි සාරාදානි සුඛසයිතානි සුඛෙත්තේ සුපරිකම්මකතාය භූමියා නික්ඛිත්තානි, දේවෝ ච සම්මා ධාරං අනුප්පවෙච්ඡෙය්‍ය, ඒවස්සු තානි භික්ඛවේ, බීජානි වුද්ධිං විරුළ්හිං වේපුල්ලං ආපජ්ජෙය්‍යුං. ඒවමේව ඛෝ භික්ඛවේ, යං ලෝභපකතං කම්මං ලෝභජං ලෝභනිදානං ලෝභසමුදයං, යත්ථස්ස අත්තභාවෝ නිබ්බත්තති, තත්ථ තං කම්මං විපච්චති. යත්ථ තං කම්මං විපච්චති, තත්ථ තස්ස කම්මස්ස විපාකං පටිසංවේදේති දිට්ඨේ වා ධම්මේ, උපපජ්ජේ වා, අපරේ වා පරියායේ.

පින්වත් මහණෙනි, ඒක හරියට මෙන්න මේ වගේ දෙයක්. නොකැඩුණු, කුණු නොවුණු, අව්සුළංවලින් විනාශ නොවුණු, සාරවත් වූ, සැප සේ වැඩෙන බීජ තියෙනවා. ඒ බීජ ඉතා හොඳින් සකස් කරන ලද සාරවත් කුඹුරක වපුරනවා නම්, වැස්සත් හොඳින් ලැබෙනවා නම්, එතකොට පින්වත් මහණෙනි, අර වපුරන ලද බීජ වැඩෙනවා. හොඳින් දළු දා වැඩෙනවා. විපුල බවට පත්වෙනවා. පින්වත් මහණෙනි, ඔය ආකාරයෙන්ම ලෝභයෙන් කරන ලද, ලෝභයෙන් උපන්, ලෝභය මූලික කාරණය වූ, ලෝභයෙන් හටගත් යම් කර්මයක් ඇද්ද, යම් තැනක ඔහුගේ ආත්මභාවය උපදිනවා නම්, අන්න එතැන අර කර්මය විපාක දෙනවා. යම් තැනකදී ඒ කර්මය විපාක දෙයිද, එතැනදී ඔහුගේ ඒ කර්මයේ විපාකය මේ ජීවිතය තුළ වේවා, ඊළඟ ආත්මභාවයේදී වේවා, ඉඩ ලැබෙන කවර ආත්මභාවයකදී හෝ වේවා ඔහු එය විඳවනවා.

යං දෝසපකතං කම්මං ….(පෙ)…. යං මෝහපකතං කම්මං මෝහජං මෝහනිදානං මෝහසමුදයං, යත්ථස්ස අත්තභාවෝ නිබ්බත්තති, තත්ථ තං කම්මං විපච්චති. යත්ථ තං කම්මං විපච්චති, තත්ථ තස්ස කම්මස්ස විපාකං පටිසංවේදේති දිට්ඨේ වා ධම්මේ, උපපජ්ජේ වා, අපරේ වා පරියායේ. ඉමානි ඛෝ භික්ඛවේ, තීණි නිදානානි කම්මානං සමුදයාය.

පින්වත් මහණෙනි, ද්වේෂයෙන් කරන ලද, ….(පෙ)…. මෝහයෙන් කරන ලද, මෝහයන් උපන්, මෝහය මූලික කාරණය වූ, මෝහයෙන් හටගත් යම් කර්මයක් ඇද්ද, යම් තැනක ඔහුගේ ආත්මභාවය උපදිනවා නම්, අන්න එතැන අර කර්මය විපාක දෙනවා. යම් තැනකදී ඒ කර්මය විපාක දෙයිද, එතැනදී ඔහුගේ ඒ කර්මයේ විපාකය මේ ජීවිතය තුළ වේවා, ඊළඟ ආත්මභාවයේදී වේවා, ඉඩ ලැබෙන කවර ආත්මභාවයකදී හෝ වේවා ඔහු එය විඳවනවා.

තීණි’මානි භික්ඛවේ, නිදානානි කම්මානං සමුදයාය. කතමානි තීණි? අලෝභෝ නිදානං කම්මානං සමුදයාය, අදෝසෝ නිදානං කම්මානං සමුදයාය, අමෝහෝ නිදානං කම්මානං සමුදයාය.

පින්වත් මහණෙනි, කර්මයන්ගේ හටගැනීමට මූලික වන මේ කරුණු තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? අලෝභය යනු කර්මයන්ගේ හටගැනීමට මූලික වන දෙයක්. අද්වේෂය යනු කර්මයන්ගේ හටගැනීමට මූලික වන දෙයක්. අමෝහය යනු කර්මයන්ගේ හටගැනීමට මූලික වන දෙයක්.

යං භික්ඛවේ, අලෝභපකතං කම්මං අලෝභජං අලෝභනිදානං අලෝභසමුදයං, ලෝභේ විගතේ ඒවං තං කම්මං පහීණං හෝති උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවකතං ආයතිං අනුප්පාදධම්මං.

පින්වත් මහණෙනි, අලෝභයෙන් කරන ලද, අලෝභයෙන් උපන්, අලෝභය මූලික කාරණය වූ, අලෝභයෙන් හටගත් යම් කර්මයක් ඇද්ද, ලෝභය පහ වී ඇති නිසා මෙසේ ඒ ලෝභය මුල්කොට කරන කර්මය ප්‍රහීණ වෙයි. උදුරා දමන ලද මුල් ඇති වෙයි. කරටිය සිඳින ලද තල්ගසක් වැනි වෙයි. අභාවයට පත් කරන ලද්දේ වෙයි. යළි හට නොගන්නා ස්වභාවයෙන් යුක්ත වෙයි.

යං භික්ඛවේ, අදෝසපකතං කම්මං අදෝසජං අදෝසනිදානං අදෝසසමුදයං, දෝසේ විගතේ ඒවං තං කම්මං පහීණං හෝති උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවකතං ආයතිං අනුප්පාදධම්මං.

පින්වත් මහණෙනි, අද්වේෂයෙන් කරන ලද, අද්වේෂයෙන් උපන්, අද්වේෂය මූලික කාරණය වූ, අද්වේෂයෙන් හටගත් යම් කර්මයක් ඇද්ද, ද්වේෂය පහ වී ඇති නිසා මෙසේ ඒ ද්වේෂය මුල්කොට කරන කර්මය ප්‍රහීණ වෙයි. උදුරා දමන ලද මුල් ඇති වෙයි. කරටිය සිඳින ලද තල්ගසක් වැනි වෙයි. අභාවයට පත් කරන ලද්දේ වෙයි. යළි හට නොගන්නා ස්වභාවයෙන් යුක්ත වෙයි.

යං භික්ඛවේ, අමෝහපකතං කම්මං අමෝහජං අමෝහනිදානං අමෝහසමුදයං, මෝහේ විගතේ ඒවං තං කම්මං පහීණං හෝති උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවංකතං ආයතිං අනුප්පාදධම්මං.

පින්වත් මහණෙනි, අමෝහයෙන් කරන ලද, අමෝහයන් උපන්, අමෝහය මූලික කාරණය වූ, අමෝහයෙන් හටගත් යම් කර්මයක් ඇද්ද, මෝහය පහ වී ඇති නිසා මෙසේ ඒ මෝහය මුල්කොට කරන කර්මය ප්‍රහීණ වෙයි. උදුරා දමන ලද මුල් ඇති වෙයි. කරටිය සිඳින ලද තල්ගසක් වැනි වෙයි. අභාවයට පත් කරන ලද්දේ වෙයි. යළි හට නොගන්නා ස්වභාවයෙන් යුක්ත වෙයි.

සෙය්‍යථාපි භික්ඛවේ, බීජානි අඛණ්ඩානි අපූතීනි අවාතාතපහතානි සාරාදානි සුඛසයිතානි. තානි පුරිසෝ අග්ගිනා දහෙය්‍ය, අග්ගිනා දහිත්වා මසිං කරෙය්‍ය, මසිං කරිත්වා මහාවාතේ වා ඕපුනෙය්‍ය, නදියා වා සීඝසෝතාය පවාහෙය්‍ය, ඒවස්සු තානි භික්ඛවේ, බීජානි උච්ඡින්නමූලානි තාලාවත්ථුකතානි අනභාවකතානි ආයතිං අනුප්පාදධම්මානි. ඒවමේව ඛෝ, භික්ඛවේ, යං අලෝභපකතං කම්මං අලෝභජං අලෝභනිදානං අලෝභසමුදයං, ලෝභේ විගතේ ඒවං තං කම්මං පහීණං හෝති උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවකතං ආයතිං අනුප්පාදධම්මං.

පින්වත් මහණෙනි, ඒක හරියට මෙන්න මේ වගේ දෙයක්. නොකැඩුණු, කුණු නොවුණු, අව්සුළංවලින් විනාශ නොවුණු, සාරවත් වූ, සැප සේ වැඩෙන බීජ තියෙනවා. පුරුෂයෙක් ඒ බීජ ගින්නෙන් පුළුස්සනවා. ගින්නෙන් පුළුස්සා අළු බවට පත්කරනවා. ඒ අළු මහා සුළඟේ විසුරුවා හරිනවා. නැත්නම්, නදියේ සැඩ පහරේ පා කොට හරිනවා. පින්වත් මහණෙනි, එසේ ඇතිකල්හි අර බීජ සිඳුනු මුල් ඇතිවෙලා යනවා. කරටිය සිඳුනු තල්ගසක් මෙන් වෙනවා. අභාවයට පත්වෙනවා. යළි හට නොගන්නා ස්වභාවයට පත්වෙනවා. පින්වත් මහණෙනි, මෙකරුණත් ඒ වගේමයි. අලෝභයෙන් කරන ලද, අලෝභයෙන් උපන්, අලෝභය මූලික කාරණය වූ, අලෝභයෙන් හටගත් යම් කර්මයක් ඇද්ද, ලෝභය පහ වී ඇති නිසා මෙසේ ඒ ලෝභය මුල්කොට කරන කර්මය ප්‍රහීණ වෙයි. උදුරා දමන ලද මුල් ඇති වෙයි. කරටිය සිඳින ලද තල්ගසක් වැනි වෙයි. අභාවයට පත් කරන ලද්දේ වෙයි. යළි හට නොගන්නා ස්වභාවයෙන් යුක්ත වෙයි.

යං අදෝසපකතං කම්මං ….(පෙ)…. යං අමෝහපකතං කම්මං අමෝහජං අමෝහනිදානං අමෝහසමුදයං, මෝහේ විගතේ ඒවං තං කම්මං පහීණං හෝති උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවකතං ආයතිං අනුප්පාදධම්මං. ඉමානි ඛෝ භික්ඛවේ, තීණි නිදානානි කම්මානං සමුදයායාති.

පින්වත් මහණෙනි, අද්වේෂයෙන් කරන ලද කර්මයක්, ….(පෙ)…. අමෝහයෙන් කරන ලද, අමෝහයන් උපන්, අමෝහය මූලික කාරණය වූ, අමෝහයෙන් හටගත් යම් කර්මයක් ඇද්ද, මෝහය පහ වී ඇති නිසා මෙසේ ඒ මෝහය මුල්කොට කරන කර්මය ප්‍රහීණ වෙයි. උදුරා දමන ලද මුල් ඇති වෙයි. කරටිය සිඳින ලද තල්ගසක් වැනි වෙයි. අභාවයට පත් කරන ලද්දේ වෙයි. යළි හට නොගන්නා ස්වභාවයෙන් යුක්ත වෙයි.

ලෝභජං දෝසජං චේව මෝහජං චාපවිද්දසු
යං තේන පකතං කම්මං අප්පං වා යදි වා බහුං,
ඉධේව තං වේදනියං වත්ථු අඤ්ඤං න විජ්ජති.

අවිද්‍යා සහගත පුද්ගලයා ලෝභයෙන් හටගන්නා වූත්, ද්වේෂයෙන් හටගන්නා වූත්, මෝහයෙන් හටගන්නා වූත් යම් කර්මයක් කරයිද, ඔහු විසින් කරන ලද ස්වල්පයක් හෝ වේවා, බොහෝ හෝ වේවා යම් කර්මයක් ඇද්ද, එය මෙහිදීම විඳවිය යුතුයි. අන්‍ය වූ තැනක දක්නට නැත.

තස්මා ලෝභං ච දෝසං ච, මෝහජං චාපි විද්දසු,
විජ්ජං උප්පාදයං භික්ඛු සබ්බා දුග්ගතියෝ ජහේ’ති.

එහෙයින් විද්‍යාව උපදවාගත් භික්ෂුව ඒ විද්‍යාව උපදවා ගැනීම නිසා ලෝභයෙන් හටගත්, ද්වේෂයෙන් හටගත්, මෝහයෙන් හටගත්, යම් කර්මයක් ඇද්ද, එය ද, සියලු දුගතීන් ද දුරු කර දමයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-4-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M