අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.1.4.3.

අථ ඛෝ ආයස්මා සාරිපුත්තෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ ආයස්මන්තං සාරිපුත්තං භගවා ඒතදවෝච: සංඛිත්තේනපි ඛෝ අහං සාරිපුත්ත, ධම්මං දේසෙය්‍යං, විත්ථාරේනපි ඛෝ අහං සාරිපුත්ත, ධම්මං දේසෙය්‍යං, සංඛිත්තවිත්ථාරේනපි ඛෝ අහං සාරිපුත්ත, ධම්මං දේසෙය්‍යං, අඤ්ඤාතාරෝ ච දුල්ලභාති. ඒතස්ස භගවා, කාලෝ, ඒතස්ස සුගත, කාලෝ, යං භගවා සංඛිත්තේනපි ධම්මං දේසෙය්‍ය, විත්ථාරේනපි ධම්මං දේසෙය්‍ය, සංඛිත්තවිත්ථාරේනපි ධම්මං දේසෙය්‍ය. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝති.

එදා ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩිවුන ආයුෂ්මත් සැරියුත් තෙරුන් හට භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ වදාළා. “පින්වත් සාරිපුත්ත, මා කරුණු ගොනුකොට හකුළුවමින් දහම් දෙසනවා. පින්වත් සාරිපුත්ත, මා විස්තර වශයෙනුත් දහම් දෙසනවා. ඒ වගේම පින්වත් සාරිපුත්ත, මා කරුණු ගොනුකොට හකුළුවමිනුත්, විස්තර වශයෙනුත් දහම් දෙසනවා. නමුත් අවබෝධ කරගන්නා අය දුර්ලභයි.”

“භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයක් කරුණු ගොනුකොට හකුළුමිනුත් දේශනා කරන සේක් නම්, විස්තර වශයෙනුත් දේශනා කරන සේක් නම්, කරුණු ගොනුකොට හකුළුවමිනුත්, විස්තර වශයෙනුත් දේශනා කරන සේක් නම්, භාග්‍යවතුන් වහන්ස, මේ එයට කාලයයි. සුගතයන් වහන්ස, මේ එයට කාලයයි. ධර්මය අවබෝධ කරන අය ඇතිවෙනවාමයි.”

තස්මාතිහ සාරිපුත්ත, ඒවං සික්ඛිතබ්බං: ‘ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකේ කායේ අහිංකාරමමිංකාරමානානුසයා න භවිස්සන්ති, බහිද්ධා ච සබ්බනිමිත්තේසු අහිංකාරමමිංකාරමානානුසයා න භවිස්සන්ති, යඤ්ච චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං උපසම්පජ්ජ විහරතෝ අහිංකාරමමිංකාරමානානුසයා න හොන්ති, තඤ්ච චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං උපසම්පජ්ජ විහරිස්සාමා’ති. ඒවං හි වෝ සාරිපුත්ත, සික්ඛිතබ්බං.

“එසේ වී නම් පින්වත් සාරිපුත්තයෙනි, මේ අයුරින් හික්මිය යුතුයි. මේ විඤ්ඤාණය සහිත කය පිළිබඳව ‘මමය, මාගේය’ යන දෝංකාරය පවතින මාන අනුසය ඇති නොවන්නේ නම්, බාහිර සෑම නිමිත්තක් තුළම ‘මමය, මාගේය’ යන දෝංකාරය පවතින මාන අනුසය ඇතිනොවන්නේ නම්, එබඳු වූ චිත්ත විමුක්තියටත්, ප්‍රඥා විමුක්තියටත් පැමිණ වාසය කරනවා යන කරුණයි. පින්වත් සාරිපුත්තයෙනි, ඔබ හික්මිය යුත්තේ ඔන්න ඔය විදිහටයි.

යතෝ ච ඛෝ සාරිපුත්ත, භික්ඛුනෝ ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකේ කායේ අහිංකාරමමිංකාරමානානුසයා න හොන්ති, බහිද්ධා ච සබ්බනිමිත්තේසු අහිංකාරමමිංකාරමානානුසයා න හොන්ති, යඤ්ච චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං උපසම්පජ්ජ විහරතෝ අහිංකාරමමිංකාරමානානුසයා න හොන්ති, තඤ්ච චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති සාරිපුත්ත, භික්ඛු අච්ඡෙච්ඡි, තණ්හං, වාවත්තයී සංයෝජනං, සම්මා මානාභිසමයා අන්තමකාසි දුක්ඛස්ස. ඉදඤ්ච පන මේතං සාරිපුත්ත, සන්ධාය භාසිතං පාරායණේ උදයපඤ්හේ.

පින්වත් සාරිපුත්ත, යම් අවස්ථාවක දී භික්ෂුවට මේ විඤ්ඤාණය සහිත කය පිළිබඳව ‘මමය, මාගේය’ යන දෝංකාරය පවතින මාන අනුසය ඇති නොවන්නේ නම්, බාහිර සෑම නිමිත්තක් තුළම ‘මමය, මාගේය’ යන දෝංකාරය පවතින මාන අනුසය ඇතිනොවන්නේ නම්, එබඳු වූ චිත්ත විමුක්තියටත්, ප්‍රඥා විමුක්තියටත් පැමිණ වාසය කරද්දී ‘මමය, මාගේය’ යන දෝංකාරය පවතින මාන අනුසය ඇති නොවේ නම් එබඳු වූ චිත්ත විමුක්තියටත්, ප්‍රඥා විමුක්තියටත් පැමිණ වාසය කරයි නම්, පින්වත් සාරිපුත්ත, මේ භික්ෂුවට තමයි කියන්නේ ‘තණ්හාව සිඳ දැම්මා, සංයෝජන ඉක්මවා ගියා, මනාකොට අවබෝධ වීමෙන් මාන්නය දුරුවුනා, දුකෙහි කෙළවරට පැමිණියා’ කියලා. පින්වත් සාරිපුත්ත, ඔය කරුණ උදෙසා තමයි මා විසින් පාරායන වර්ගයේ උදය ප්‍රශ්නයේදී මෙය වදාරණ ලද්දේ.

පහානං කාමසඤ්ඤානං දෝමනස්සානචූභයං,
ථිනස්ස ච පනූදනං කුක්කුච්චානං නිවාරණං.

කාම සඤ්ඤාවන්ගේත්, දොම්නසේත් යන මේ කරුණු දෙකේ ප්‍රහාණයත් ඒ වගේම ථීනමිද්ධය බැහැර කිරීමත්, සැකය වළක්වාලීමත්,

උපෙක්ඛාසතිසංසුද්ධං ධම්මතක්කපුරේජවං,
අඤ්ඤාවිමොක්ඛං පබ්‍රෑමි අවිජ්ජායප්පභේදනං’ති.

උපේක්ෂා සහගත පාරිශුද්ධ සිහියෙන් යුතු හතරවෙනි ධ්‍යානයෙන්ද, ධර්මය නුවණින් විමසීම නැමැති ජවය මුලට ගැනීමෙන්ද, අවිද්‍යාව සිඳබිඳ දමමින් අරහත්ඵල විමෝක්ෂය ඇතිවෙනවා කියලයි මා කියන්නේ.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-4-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M