අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.1.4.5.

ඒකං සමයං භගවා ආළවියං විහරති ගෝමග්ගේ සිංසපාවනේ පණ්ණසන්ථරේ. අථ ඛෝ හත්ථකෝ ආළවකෝ ජංඝාවිහාරං අනුචංකමමානෝ අනුවිචරමානෝ අද්දස භගවන්තං ගෝමග්ගේ සිංසපාවනේ පණ්ණසන්ථරේ නිසින්නං. දිස්වා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ හත්ථකෝ ආළවකෝ භගවන්තං ඒතදවෝච: “කච්චි භන්තේ, භගවා සුඛමසයිත්ථා?”ති. “ඒවං කුමාර, සුඛමසයිත්ථං, යේ ච පන ලෝකේ සුඛං සෙන්ති, අහං තේසං අඤ්ඤතරෝ”ති.

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ අලව් නුවර අසළ ඇට්ටේරියා වනයෙහි ගවයන් යන මාර්ගය අසබඩ තණ ඇතිරියක් මත වැඩසිටියා. එදා හත්ථක ආළවක කුමරු ව්‍යායාම පිණිස සක්මන් කරමින් ඔබ මොබ ඇවිදිමින් සිටිද්දී ඇට්ටේරියා වනයෙහි ගවයන් යන මාර්ගය අසබඩ තණ ඇතිරියක් මත වැඩසිටින භාග්‍යවතුන් වහන්සේව දැක්කා. දැක භාග්‍යවතුන් වහන්සේ අසලට පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩිවුන හත්ථක ආළවක කුමරු භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ කිව්වා. “කෙසේද ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ සුවසේ සැතැපුන සේක්ද?” “එසේය කුමරුවෙනි, සුවසේ සැතැපුනා. මේ ලෝකයෙහි යම් කෙනෙක් සුවසේ සැතපෙනවා නම්, මාත් ඒ අය අතරින් කෙනෙක්.”

“සීතා භන්තේ, හේමන්තිකා රත්ති, අන්තරට්ඨකෝ හිමපාතසමයෝ, ඛරා ගෝකණ්ටකහතා භූමි, තනුකෝ පණ්ණසන්ථරෝ, විරලානි රුක්ඛස්ස පත්තානි, සීතානි කාසායානි වත්ථානි, සීතෝ ච වේරම්භවාතෝ වාති”. අථ ච පන භගවා ඒවමාහ: “ඒවං කුමාර, සුඛමසයිත්ථං. යේ ච පන ලෝකේ සුඛං සෙන්ති, අහං තේසං අඤ්ඤතරෝ”ති.

“ස්වාමීනී, හිම වැටෙන රාත්‍රිය සීතලයි නෙව. අට දවසක් ඇතුළත හිම වැටෙන කාලෙ නෙව. ගව කුරවලින් කැඩිච්ච පොළොවත් හරි කර්කශයි. තණ ඇතිරියත් තුනීයි. ගහේ කොළත් ඒතරම් නෑ. කසාවතත් සීතලයි. හමාගෙන එන වේරම්බ සුළඟත් සීතලයි. ඒත් භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට පවසනවා. ‘එසේය, කුමරුවෙනි, සුවසේ සැතපුනා. මේ ලෝකයෙහි යම් කෙනෙක් සුවසේ සැතපෙනවා නම්, මාත් ඒ අය අතරින් කෙනෙක්’ කියලා.”

“තේන හි කුමාර, තඤ්ඤේවෙත්ථ පටිපුච්ඡිස්සාමි. යථා තේ ඛමෙය්‍ය, තථා නං ව්‍යාකරෙය්‍යාසි. තං කිං මඤ්ඤසි කුමාර? ඉධස්ස ගහපතිස්ස වා ගහපතිපුත්තස්ස වා කූටාගාරං උල්ලිත්තාවලිත්තං නිවාතං ඵුසිතග්ගලං පිහිතවාතපානං; තත්‍රස්ස පල්ලංකෝ ගෝණකත්ථතෝ පටිකත්ථතෝ පටලිකත්ථතෝ කාදලිමිගපවර පච්චත්ථරණෝ සඋත්තරච්ඡදෝ උභතෝ ලෝහිතකූපධානෝ; තේලප්පදීපෝ චෙත්ථ ඣායෙය්‍ය; චතස්සෝ ච පජාපතියෝ මනාපාමනාපේන පච්චුපට්ඨිතාස්සු; තං කිං මඤ්ඤසි කුමාර, සුඛං වා සෝ සයෙය්‍ය, නෝ වා? කථං වා තේ එත්ථ හෝතී? ”ති.

“එසේනම් පින්වත් කුමරුනි, ඔය ගැන මා ඔබගෙන්ම අසන්නම්. යම් විදිහකට ඔබ කැමැති නම්, ඒ විදිහට උත්තර දෙන්න. පින්වත් කුමරුනි, මේ ගැන ඔබට කොහොමද හිතෙන්නේ? මෙහි එක්තරා ගෘහපතියෙකුට වේවා, ගෘහපති පුත්‍රයෙකුට වේවා, ඇතුළත පිටත හොඳින් සකසන ලද, සුළං රහිත වූ, වසන ලද අගුල් ඇති දොර ජනේල සහිත කූටාගාරයක් තියෙනවා. ඒ මන්දිරයෙහි කාලවර්ණ පළස් අතුරලා තියෙනවා. සුදු එළුලොමින් කළ පළස් අතුරලා තියෙනවා. ඝන එළුලොමින් කළ පළස් අතුරලා තියෙනවා. කදලි මුව සමින් කළ කලාල, හිස දෙපැත්තට රතු විල්ලුද කොට්ට තබා රතු උඩුවියන් බැඳ සෑදූ වටිනා යහන් ආදිය තියෙනවා. තෙල් පහනත් දැල්වෙනවා. සොඳුරු ලලනාවන් හතර දෙනෙක් ඉතා සිත් ගන්නා අයුරින් උපස්ථාන කරමින් ඉන්නවා. පින්වත් කුමරුනි, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? අර පුද්ගලයා සුවසේ නිදාගනීවිද? නැද්ද?මේ ගැන ඔබට සිතෙන්නේ කොහොමද?”

“සුඛං සෝ භන්තේ, සයෙය්‍ය. යේ ච පන ලෝකේ සුඛං සෙන්ති, සෝ තේසං අඤ්ඤතරෝ”ති.

“ස්වාමීනී, ඔහු සුවසේ නිදාගනීවි. ලෝකයෙහි යමෙක් සුවසේ නිදනවා නම්, ඒ පුද්ගලයා ඔවුන් අතර කෙනෙක්.”

“තං කිං මඤ්ඤසි කුමාර? අපි නු තස්ස ගහපතිස්ස වා ගහපතිපුත්තස්ස වා උප්පජ්ජෙය්‍යුං රාගජා පරිළාහා කායිකා වා චේතසිකා වා, යේහි සෝ රාගජේහි පරිළාහේහි පරිඩය්හමානෝ දුක්ඛං සයෙය්‍යා?”ති. “ඒවං භන්තේ”. “යේහි ඛෝ සෝ කුමාර, ගහපති වා ගහපතිපුත්තෝ වා රාගජේහි පරිළාහේහි පරිඩය්හමානෝ දුක්ඛං සයෙය්‍ය, සෝ රාගෝ තථාගතස්ස පහීණෝ උච්ඡින්නමූලෝ තාලාවත්ථුකතෝ අනභාවකතෝ ආයතිං අනුප්පාදධම්මෝ. තස්මාහං සුඛමසයිත්ථං. “තං කිං මඤ්ඤසි කුමාර? අපි නු තස්ස ගහපතිස්ස වා ගහපතිපුත්තස්ස වා උප්පජ්ජෙය්‍යුං දෝසජා පරිළාහා ….(පෙ)…. උප්පජ්ජෙය්‍යුං, මෝහජා පරිළාහා කායිකා වා චේතසිකා වා යේහි සෝ මෝහජේහි පරිළාහේහි පරිඩය්හමානෝ දුක්ඛං සයෙය්‍යා?”ති. “ඒවං භන්තේ”. “යේ හි ඛෝ සෝ කුමාර, ගහපති වා ගහපතිපුත්තෝ වා මෝහජේහි පරිළාහේහි පරිඩය්හමානෝ දුක්ඛං සයෙය්‍ය, සෝ මෝහෝ තථාගතස්ස පහීනෝ උච්ඡින්නමූලෝ තාලාවත්ථුකතෝ අනභාවකතෝ ආයතිං අනුප්පාදධම්මෝ. තස්මාහං සුඛමසයිත්ථං”ති.

“පින්වත් කුමරුනි, ඔබ මේ ගැන කුමක්ද සිතන්නේ? ඒ ගෘහපතියාට වේවා, ගෘහපති පුත්‍රයාට වේවා, රාගයෙන් හටගත් කායික හෝ මානසික හෝ දැවිලි ඇත්නම් එබඳු වූ රාගයෙන් හටගත් දැවිලිවලින් දැවි දැවී සිටින ඒ පුද්ගලයා නිදාගන්නේ දුකසේ නොවේද?” “එසේය, ස්වාමීනී.”

“පින්වත් කුමරුනි, යම් බඳු වූ රාගයෙන් හටගන්නා දැවිලිවලින් දැවි දැවී සිටිනා ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ දුක සේ නිදාගනී නම්, අන්න ඒ රාගය තථාගතයන් වහන්සේට ප්‍රහීණ වෙලා තියෙන්නේ. මුලින්ම උදුරා දමා තියෙන්නේ. කරටිය සිඳුණු තල් ගසක් මෙන් කරලයි තියෙන්නේ. අභාවයට පත්වෙලයි තියෙන්නේ. යළි හට නොගන්නා ස්වභාවයට පත්වෙලයි තියෙන්නේ. ඒ නිසයි මා සුවසේ සැතපුනේ. පින්වත් කුමරුනි, ඔබ මේ ගැන කුමක්ද සිතන්නේ? ඒ ගෘහපතියාට වේවා, ගෘහපති පුත්‍රයාට වේවා, ද්වේෂයෙන් හටගත් කායික හෝ මානසික හෝ දැවිලි ඇත්නම් ….(පෙ)…. පින්වත් කුමරුනි, ඔබ මේ ගැන කුමක්ද සිතන්නේ? ඒ ගෘහපතියාට වේවා, ගෘහපති පුත්‍රයාට වේවා, මෝහයෙන් හටගත් කායික හෝ මානසික හෝ දැවිලි ඇත්නම් එබඳු වූ මෝහයෙන් හටගත් දැවිලිවලින් දැවි දැවී සිටින ඒ පුද්ගලයා නිදාගන්නේ දුක්සේ නොවේද?” “එසේය, ස්වාමීනී.”

“පින්වත් කුමරුනි, යම් බඳු වූ මෝහයෙන් හටගන්නා දැවිලිවලින් දැවි දැවී සිටිනා ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ දුක සේ නිදාගනී නම්, අන්න ඒ මෝහය තථාගතයන් වහන්සේට ප්‍රහීණ වෙලයි තියෙන්නේ. මුලින්ම උදුරා දමා තියෙන්නේ. කරටිය සිඳුණු තල් ගසක් මෙන් කරලයි තියෙන්නේ. අභාවයට පත්වෙලයි තියෙන්නේ. යළි හටනොගන්නා ස්වභාවයට පත්වෙලයි තියෙන්නේ. ඒ නිසයි මා සුවසේ සැතපුනේ.

සබ්බදා වේ සුඛං සේති බ්‍රාහ්මණෝ පරිනිබ්බුතෝ,
යෝ න ලිම්පති කාමේසු සීතිභූතෝ නිරූපධි.

යමෙක් කාමයන්හි නොඇලෙයි නම්, නිවී සිහිල්වී ඇත්නම්, කෙලෙස් රහිත නම්, පිරිනිවී ගිය කෙලෙස් ඇති ඒ අරහත් බ්‍රාහ්මණයා ඒකාන්තයෙන්ම හැමකල්හිම සුවසේ සැතපෙනවා.

සබ්බා ආසත්තියෝ ඡෙත්වා විනෙය්‍ය හදයේ දරං,
උපසන්තෝ සුඛං සේති සන්තිං පප්පුය්‍ය චේතසෝ’ති.

සකලවිධ තණ්හාව සිඳ දමා හෘදයෙහි ඇති කෙලෙස් පීඩා බැහැර කොට සිටින චිත්ත ශාන්තියට පත් වූ ඒ උපශාන්ත මුනිඳු සුවසේම සැතපෙයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-4-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M