අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.1.3.7.

තයෝ’මේ භික්ඛවේ, පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං. කතමේ තයෝ? අත්ථි භික්ඛවේ, පුග්ගලෝ ජිගුච්ඡිතබ්බෝ න සේවිතබ්බෝ, න භජිතබ්බෝ, න පයිරුපාසිතබ්බෝ. අත්ථි භික්ඛවේ, පුග්ගලෝ අජ්ඣුපෙක්ඛිතබ්බෝ, න සේවිතබ්බෝ, න භජිතබ්බෝ, න පයිරුපාසිතබ්බෝ. අත්ථි භික්ඛවේ, පුග්ගලෝ සේවිතබ්බෝ, භජිතබ්බෝ, පයිරුපාසිතබ්බෝ.

පින්වත් මහණෙනි, මේ පුද්ගලයින් තුන් දෙනෙක් ලෝකයේ දකින්නට ලැබෙනවා. ඒ තුන් දෙනා කවුද? පින්වත් මහණෙනි, පුද්ගලයෙක් ඉන්නවා පිළිකුල් කළ යුතුයි. ආශ්‍රය නො කළ යුතුයි. භජනය නො කළ යුතුයි. එකතු වී නො සිටිය යුතුයි. පින්වත් මහණෙනි, පුද්ගලයෙක් ඉන්නවා මධ්‍යස්ථව බැලිය යුතුයි. ආශ්‍රය නො කළ යුතුයි. භජනය නො කළ යුතුයි. එකතු වී නො සිටිය යුතුයි. පින්වත් මහණෙනි, පුද්ගලයෙක් ඉන්නවා ආශ්‍රය කළ යුතුයි. භජනය කළ යුතුයි. එකතු වී සිටිය යුතුයි.

කතමෝ ච භික්ඛවේ, පුග්ගලෝ ජිගුච්ඡිතබ්බෝ, න සේවිතබ්බෝ, න භජිතබ්බෝ, න පයිරුපාසිතබ්බෝ? ඉධ භික්ඛවේ, ඒකච්චෝ පුග්ගලෝ දුස්සීලෝ හෝති පාපධම්මෝ අසුචි සංකස්සරසමාචාරෝ පටිච්ඡන්නකම්මන්තෝ අස්සමණෝ සමණපටිඤ්ඤෝ අබ්‍රහ්මචාරී බ්‍රහ්මචාරිපටිඤ්ඤෝ අන්තෝපූති අවස්සුතෝ කසම්බුජාතෝ. ඒවරූපෝ භික්ඛවේ, පුග්ගලෝ ජිගුච්ඡිතබ්බෝ, න සේවිතබ්බෝ න භජිතබ්බෝ න පයිරුපාසිතබ්බෝ. තං කිස්ස හේතු? කිඤ්චාපි භික්ඛවේ, ඒවරූපස්ස පුග්ගලස්ස න දිට්ඨානුගතිං ආපජ්ජති, අථ ඛෝ නං පාපකෝ කිත්තිසද්දෝ අබ්භුග්ගච්ඡති පාපමිත්තෝ පුරිසපුග්ගලෝ පාපසහායෝ පාපසම්පවංකෝති. සෙය්‍යථාපි භික්ඛවේ, අහි ගූථගතෝ, කිඤ්චාපි න දංසති, අථ ඛෝ නං මක්බේති. ඒවමේව ඛෝ භික්ඛවේ, කිඤ්චාපි ඒවරූපස්ස පුග්ගලස්ස න දිට්ඨානුගතිං ආපජ්ජති, අථ ඛෝ නං පාපකෝ කිත්තිසද්දෝ අබ්භුග්ගච්ඡති පාපමිත්තෝ පුරිසපුග්ගලෝ පාපසහායෝ පාපසම්පවංකෝති. තස්මා ඒවරූපෝ පුග්ගලෝ ජිගුච්ඡිතබ්බෝ, න සේවිතබ්බෝ, න භජිතබ්බෝ, න පයිරුපාසිතබ්බෝ.

පින්වත් මහණෙනි, පිළිකුල් කළ යුතු, ආශ්‍රය නො කළ යුතු, භජනය නො කළ යුතු, එක් වී නො සිටිය යුතු පුද්ගලයා කවුද? පින්වත් මහණෙනි, මෙහි එක්තරා පුද්ගලයෙක් ඉන්නවා, දුස්සීල යි. පාපී ස්වභාවයෙන් යුක්ත යි. අපිරිසිදු යි. සැක සහගත හැසිරීමෙන් යුක්ත යි. සඟවා කරන කටයුතුවලින් යුක්ත යි. ශ්‍රමණ බවක් නැතුව සිටිය දී ‘ශ්‍රමණයෙක් වෙමි’ කියලා ප්‍රතිඥා දෙනවා. බ්‍රහ්මචාරී නැතුව සිටිය දී ‘බ්‍රහ්මචාරී වෙමි’ කියලා ප්‍රතිඥා දෙනවා. ඇතුළ කුණු වෙලා තියෙන්නේ. කෙලෙස් වැගිරෙනවා. කෙලෙස් කසලින් යුක්ත යි. පින්වත් මහණෙනි, මෙවැනි පුද්ගලයා පිළිකුල් කළ යුතුයි. ආශ්‍රය නො කළ යුතුයි. එක් වී නො සිටිය යුතුයි. එයට හේතුව කුමක් ද? පින්වත් මහණෙනි, කෙනෙක් මෙවැනි පුද්ගලයෙකු ගේ අදහස්වලට අනුව හැඩ නො ගැසුනත් ඔහු ඇසුරු කිරීමේ හේතුවෙන් ඇසුරු කරන තැනැත්තා ගැන ‘මේ පුද්ගලයා පාපී මිත්‍රයන් ඉන්න කෙනෙක්, පාපී සහයකයන් ඉන්න කෙනෙක්, පාපී අය ගේ පැත්තට නැමිච්ච කෙනෙක්’ කියලා පාපී වූ රාවයක් පැතිරෙනවා. පින්වත් මහණෙනි, ඒක හරියට මෙන්න මේ වගේ දෙයක්. අසුචි තැවැරුන සර්පයෙක් ඉන්නවා. ඌ දෂ්ට නො කළත් (ඌව අතින් ගන්න කෙනෙකු ගේ ඇඟේ) අසුචි තැවරෙනවා. අන්න ඒ වගේ තමයි පින්වත් මහණෙනි, කෙනෙක් මෙවැනි පුද්ගලයෙකු ගේ අදහස්වලට අනුව හැඩ නො ගැසුනත් ඔහු ඇසුරු කිරීමේ හේතුවෙන් ඇසුරු කරන තැනැත්තා ගැන ‘මේ පුද්ගලයා පාපී මිත්‍රයන් ඉන්න කෙනෙක්, පාපී සහයකයන් ඉන්න කෙනෙක්, පාපී අය ගේ පැත්තට නැමිච්ච කෙනෙක්’ කියලා පාපී වූ රාවයක් පැතිරෙනවා. ඒ නිසා මෙවැනි පුද්ගලයා පිළිකුල් කළ යුතුයි. ආශ්‍රය නො කළ යුතුයි. එක් වී නො සිටිය යුතුයි.

කතමෝ ච භික්ඛවේ, පුග්ගලෝ අජ්ඣුපෙක්ඛිතබ්බෝ, න සේවිතබ්බෝ, න භජිතබ්බෝ, න පයිරුපාසිතබ්බෝ? ඉධ භික්ඛවේ, ඒකච්චෝ පුග්ගලෝ කෝධනෝ හෝති ….(පෙ)…. සෙය්‍යථාපි භික්ඛවේ, දුට්ඨාරුකා කට්ඨේන වා කඨලෙන වා ඝට්ටිතා භිය්‍යෝසෝමත්තාය අස්සන්දති. ඒවමේව ඛෝ භික්ඛවේ ….(පෙ)…. සෙය්‍යථාපි භික්ඛවේ, තින්දුකාලාතං කට්ඨේන වා කඨලේන වා ඝට්ටිතං භිය්‍යෝසෝමත්තාය චිච්චිටායති, චිටිචිටායති. ඒවමේව ඛෝ භික්ඛවේ ….(පෙ)….ගූථකූපෝ කට්ඨේන වා කඨලේන වා ඝට්ටිතෝ භිය්‍යෝසෝමත්තාය දුග්ගන්ධෝ හෝති. ඒවමේව ඛෝ භික්ඛවේ, ඉධේකච්චෝ පුග්ගලෝ කෝධනෝ හෝති, උපායාසබහුලෝ, අප්පම්පි වුත්තෝ සමානෝ අභිසජ්ජති, කුප්පති, ව්‍යාපජ්ජති, පතිත්ථීයති, කෝපඤ්ච දෝසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරෝති, ඒවරූපෝ භික්ඛවේ, පුග්ගලෝ අජ්ඣුපෙක්ඛිතබ්බෝ, න සේවිතබ්බෝ, න භජිතබ්බෝ, න පයිරුපාසිතබ්බෝ. තං කිස්ස හේතු? අක්කෝසෙය්‍යපි මං, පරිභාසෙය්‍යපි මං, අනත්ථම්පි මං කරෙය්‍යාති. තස්මා ඒවරූපෝ පුග්ගලෝ අජ්ඣුපෙක්ඛිතබ්බෝ, න සේවිතබ්බෝ, න භජිතබ්බෝ, න පයිරුපාසිතබ්බෝ.

පින්වත් මහණෙනි, මධ්‍යස්ථව දැකිය යුතු ආශ්‍රය නො කළ යුතු, භජනය නො කළ යුතු, එක් වී නො සිටිය යුතු පුද්ගලයා කවුද? පින්වත් මහණෙනි, මෙහි සමහර පුද්ගලයෙක් ක්‍රෝධ කරන ස්වභාවයෙන් යුතුයි. ….(පෙ)…. පින්වත් මහණෙනි, ඒක හරියට මෙන්න මේ වගේ දෙයක්. නරක් වූ තුවාලයක් තියෙනවා. ඒක ලී කෝටුවකින් හරි ගල් කැටයකින් හරි පෑරුවොත් ගොඩක් සැරව ගලනවා. අන්න ඒ වගේ තමයි පින්වත් මහණෙනි, ….(පෙ)…. පින්වත් මහණෙනි, ඒක හරියට මේ වගේ දෙයක්. තිඹිරි ගිනිපෙණෙල්ලට කෝටුවකින් හරි ගල් කැටයකින් හරි ගැහැව්වොත් ඒක ‘චිටි චිටි, චිටි චිටි’ ගාලා හුඟක් සද්ද වෙනවා. අන්න ඒ වගේ තමයි පින්වත් මහණෙනි, ….(පෙ)…. පින්වත් මහණෙනි, අශුචි වළක් තියෙනවා. ඒකට කෝටුවකින් හරි ගල් කැටයකින් හරි ගැහැව්වොත් බොහෝ සෙයින් දුඟද පැතිරෙනවා. අන්න ඒ වගේ තමයි පින්වත් මහණෙනි, මෙහි ඇතැම් කෙනෙක් ක්‍රෝධ කරන ස්වභාවයෙන් යුක්තයි. බහුල වශයෙන් කෝපය නිසා පීඩා විඳිනවා. ස්වල්ප දෙයක් කියූ කල්හිත් ඒ වචනයේ ම ගැලෙනවා. කිපෙනවා. තරහා ගන්නවා. අයහපත කැමැති වෙනවා. කෝපයත්, ද්වේශයත්, නො සතුටත් පහළ කරනවා. පින්වත් මහණෙනි, මෙවැනි පුද්ගලයාව මධ්‍යස්ථව දැකිය යුතුයි. ආශ්‍රය නො කළ යුතුයි. භජනය නො කළ යුතුයි. එක් වී නො සිටිය යුතුයි. එයට හේතුව කුමක් ද? ‘මට ආක්‍රෝශ කළ හැකි වන්නේ ය, මට පරිභව කළ හැකි වන්නේ ය, මට අනර්ථයක් කළ හැකි වන්නේ ය’ කියලා. ඒ නිසා මෙවැනි පුද්ගලයා ගැන මැදහත්ව දැකිය යුතුයි. ආශ්‍රය නො කළ යුතුයි. භජනය නො කළ යුතුයි. එකට එක් වී නො සිටිය යුතුයි.

කතමෝ ච භික්ඛවේ, පුග්ගලෝ සේවිතබ්බෝ, භජිතබ්බෝ, පයිරුපාසිතබ්බෝ? ඉධ භික්ඛවේ, ඒකච්චෝ පුග්ගලෝ සීලවා හෝති කල්‍යාණධම්මෝ. ඒවරූපෝ භික්ඛවේ, පුග්ගලෝ සේවිතබ්බෝ, භජිතබ්බෝ, පයිරුපාසිතබ්බෝ. තං කිස්ස හේතු? කිඤ්චාපි භික්ඛවේ, ඒවරූපස්ස පුග්ගලස්ස න දිට්ඨානුගතිං ආපජ්ජති. අථ ඛෝ නං කල්‍යාණෝ කිත්තිසද්දෝ අබ්භුග්ගච්ඡති: “කල්‍යාණමිත්තෝ පුරිසපුග්ගලෝ, කල්‍යාණසහායෝ, කල්‍යාණසම්පවංකෝ”ති. තස්මා ඒවරූපෝ පුග්ගලෝ සේවිතබ්බෝ, භජිතබ්බෝ, පයිරුපාසිතබ්බෝ. ඉමේ ඛෝ භික්ඛවේ, තයෝ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින්ති.

පින්වත් මහණෙනි, ආශ්‍රය කළ යුතු, භජනය කළ යුතු, එක් වී සිටිය යුතු පුද්ගලයා කවුද? පින්වත් මහණෙනි, මෙහි මේ ඇතැම් පුද්ගලයෙක් ඉන්නවා. සිල්වත්. යහපත් ස්වභාවයෙන් යුක්ත යි. පින්වත් මහණෙනි, මෙවැනි පුද්ගලයා ආශ්‍රය කළ යුතුයි. භජනය කළ යුතුයි. එක් වී සිටිය යුතුයි. එයට හේතුව කුමක් ද? පින්වත් මහණෙනි, යම් විදිහකින් මෙවැනි පුද්ගලයෙකු ගේ අදහසට අනුව පත් වුණේ නැතත්, ඔහු ගැන මෙන්න මේ වගේ කීර්ති රාවයක් පැතිරෙනවා. ‘මේ පුද්ගලයා කල්‍යාණ මිතුරන් ඉන්න කෙනෙක්. යහපත් සහායකයන් ඉන්න කෙනෙක්. යහපත් අය ගේ පැත්තට නැඹුරු වූ කෙනෙක්’ කියලා. ඒ නිසා මෙවැනි පුද්ගලයාව ආශ්‍රය කළ යුතුයි, භජනය කළ යුතුයි. එක් වී සිටිය යුතුයි. පින්වත් මහණෙනි, මේ තමයි ලෝකයේ දකින්නට ලැබෙන පුද්ගලයන් තුන් දෙනා.

නිහීයති පුරිසෝ නිහීනසේවී
න ච හායේථ කදාචි තුල්‍යසේවී,
සෙට්ඨමුපනමං උදේති ඛිප්පං
තස්මා අත්තනෝ උත්තරිං භජේථාති.

“තමන්ට වඩා ගුණයෙන් හීන අය ඇසුරු කරන පුද්ගලයා ගුණ ධර්මවලින් පිරිහී යනවා. තමා සමාන වූ ගුණයෙන් යුත් පුද්ගලයන් ඇසුරු කරන කෙනා කිසිකලෙක පිරිහී යන්නේ නෑ. තමන්ට වඩා ගුණයෙන් ශ්‍රේෂ්ඨ වූ උතුමන් ගේ ඇසුරට නැඹුරු වන කෙනා වහා දියුණු වෙනවා. එනිසා තමාට වඩා ගුණයෙන් ශ්‍රේෂ්ඨ වූ උතුමන්වයි ඇසුරු කළ යුත්තේ.”

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M