අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.1.3.6.

තයෝ’මේ භික්ඛවේ, පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං. කතමේ තයෝ? අත්ථි භික්ඛවේ, පුග්ගලෝ න සේවිතබ්බෝ න භජිතබ්බෝ න පයිරුපාසිතබ්බෝ. අත්ථි භික්ඛවේ, පුග්ගලෝ සේවිතබ්බෝ භජිතබ්බෝ පයිරුපාසිතබ්බෝ. අත්ථි භික්ඛවේ, පුග්ගලෝ සක්කත්වා ගරුකත්වා සේවිතබ්බෝ භජිතබ්බෝ පයිරුපාසිතබ්බෝ.

පින්වත් මහණෙනි, මේ පුද්ගලයින් තුන් දෙනෙක් ලෝකයේ දකින්නට ලැබෙනවා. ඒ තුන් දෙනා කවුද? පින්වත් මහණෙනි, පුද්ගලයෙක් ඉන්නවා ආශ්‍රය නො කළ යුතුයි. භජනය නො කළ යුතුයි. එකතු වී නො සිටිය යුතුයි. පින්වත් මහණෙනි, පුද්ගලයෙක් ඉන්නවා ආශ්‍රය කළ යුතුයි. භජනය කළ යුතුයි. එකතු වී සිටිය යුතුයි. පින්වත් මහණෙනි, පුද්ගලයෙක් ඉන්නවා සත්කාර කොට, ගෞරව දක්වා ආශ්‍රය කළ යුතුයි. භජනය කළ යුතුයි. එකතු වී සිටිය යුතුයි.

කතමෝ ච භික්ඛවේ, පුග්ගලෝ න සේවිතබ්බෝ න භජිතබ්බෝ න පයිරුපාසිතබ්බෝ? ඉධ භික්ඛවේ, ඒකච්චෝ පුග්ගලෝ හීනෝ හෝති සීලේන සමාධිනා පඤ්ඤාය. ඒවරූපෝ භික්ඛවේ, පුග්ගලෝ න සේවිතබ්බෝ න භජිතබ්බෝ න පයිරුපාසිතබ්බෝ අඤ්ඤත්‍ර අනුද්දයාය අඤ්ඤත්‍ර අනුකම්පාය.

පින්වත් මහණෙනි, ආශ්‍රය නො කළ යුතු, භජනය නො කළ යුතු, එකතු වී නො සිටිය යුතු පුද්ගලයා කවුද? පින්වත් මහණෙනි, මෙහි එක්තරා පුද්ගලයෙක් සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් හීනයි. පින්වත් මහණෙනි, දයාවෙන් හැරෙන්න, අනුකම්පාවෙන් හැරෙන්න, මේ වගේ පුද්ගලයෙකු ආශ්‍රය නො කළ යුතුයි. භජනය නො කළ යුතුයි. එකතු වී නො සිටිය යුතුයි.

කතමෝ ච භික්ඛවේ, පුග්ගලෝ සේවිතබ්බෝ භජිතබ්බෝ පයිරුපාසිතබ්බෝ? ඉධ භික්ඛවේ, ඒකච්චෝ පුග්ගලෝ සදිසෝ හෝති සීලේන සමාධිනා පඤ්ඤාය. ඒවරූපෝ භික්ඛවේ, පුග්ගලෝ සේවිතබ්බෝ, භජිතබ්බෝ, පයිරුපාසිතබ්බෝ. තං කිස්ස හේතු? සීලසාමඤ්ඤගතානං සතං සීලකථා ච නෝ භවිස්සති, සා ච නෝ පවත්තනී භවිස්සති, සා ච නෝ ඵාසු භවිස්සති. සමාධිසාමඤ්ඤගතානං සතං සමාධිකථා ච නෝ භවිස්සති, සා ච නෝ පවත්තනී භවිස්සති, සා ච නෝ ඵාසු භවිස්සති. පඤ්ඤාසාමඤ්ඤගතානං සතං පඤ්ඤාකථා ච නෝ භවිස්සති, සා ච නෝ පවත්තනී භවිස්සති, සා ච නෝ ඵාසු භවිස්සතීති. තස්මා ඒවරූපෝ පුග්ගලෝ සේවිතබ්බෝ භජිතබ්බෝ පයිරුපාසිතබ්බෝ.

පින්වත් මහණෙනි, ආශ්‍රය කළ යුතු, භජනය කළ යුතු, එකතු වී සිටිය යුතු පුද්ගලයා කවුද? පින්වත් මහණෙනි, මෙහි එක්තරා පුද්ගලයෙක් සීලයෙනුත්, සමාධියෙනුත්, ප්‍රඥාවෙනුත් සමාන යි. පින්වත් මහණෙනි, මේ වගේ පුද්ගලයෙක් ආශ්‍රය කළ යුතුයි. භජනය කළ යුතුයි. එකතු වී සිටිය යුතුයි. එයට හේතුව කුමක් ද? සීලයෙන් සමාන බවට පත් වූ අප ගේ සීලය ගැන කතාබහ ඇතිවෙනවා. ඒ සීල කතාව අපේ යහපත පිණිස පවතිනවා. ඒ කතාව අපට පහසුවක් වෙනවා. සමාධියෙන් සමාන බවට පත් වූ අප ගේ සමාධිය ගැන කතාබහ ඇතිවෙනවා. ඒ සමාධි කතාව අපේ යහපත පිණිස පවතිනවා. ඒ කතාව අපට පහසුවක් වෙනවා. ප්‍රඥාවෙන් සමාන බවට පත් වූ අප ගේ ප්‍රඥාව ගැන කතාබහ ඇතිවෙනවා. ඒ ප්‍රඥා කතාව අපේ යහපත පිණිස පවතිනවා. ඒ කතාව අපට පහසුවක් වෙනවා. ඒ නිසා මේ වගේ පුද්ගලයා ආශ්‍රය කළ යුතුයි. භජනය කළ යුතුයි. එකතු වී සිටිය යුතුයි.

කතමෝ ච භික්ඛවේ, පුග්ගලෝ සක්කත්වා ගරුකත්වා සේවිතබ්බෝ භජිතබ්බෝ පයිරුපාසිතබ්බෝ? ඉධ භික්ඛවේ , ඒකච්චෝ පුග්ගලෝ අධිකෝ හෝති සීලේන සමාධිනා පඤ්ඤාය. ඒවරූපෝ භික්ඛවේ, පුග්ගලෝ සක්කත්වා ගරුකත්වා සේවිතබ්බෝ භජිතබ්බෝ පයිරුපාසිතබ්බෝ. තං කිස්ස හේතු? ඉති අපරිපූරං වා සීලක්ඛන්ධං පරිපූරෙස්සාමි, පරිපූරං වා සීලක්ඛන්ධං තත්ථ තත්ථ පඤ්ඤාය අනුග්ගහෙස්සාමි; අපරිපූරං වා සමාධික්ඛන්ධං පරිපූරෙස්සාමි, පරිපූරං වා සමාධික්ඛන්ධං තත්ථ තත්ථ පඤ්ඤාය අනුග්ගහෙස්සාමි. අපරිපූරං වා පඤ්ඤාක්ඛන්ධං පරිපූරෙස්සාමි, පරිපූරං වා පඤ්ඤාක්ඛන්ධං තත්ථ තත්ථ පඤ්ඤාය අනුග්ගහෙස්සාමීති. තස්මා ඒවරූපෝ පුග්ගලෝ සක්කත්වා ගරුකත්වා සේවිතබ්බෝ භජිතබ්බෝ පයිරුපාසිතබ්බෝ. ඉමේ ඛෝ භික්ඛවේ, තයෝ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින්ති.

පින්වත් මහණෙනි, සත්කාර කොට, ගෞරව දක්වා ආශ්‍රය කළ යුතු, භජනය කළ යුතු, එකතු වී සිටිය යුතු පුද්ගලයා කවුද? පින්වත් මහණෙනි, මෙහි එක්තරා පුද්ගලයෙක් සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් ඉතා දියුණු යි. පින්වත් මහණෙනි, මෙවැනි පුද්ගලයාව සත්කාර කොට, ගෞරව දක්වා ආශ්‍රය කළ යුතුයි. භජනය කළ යුතුයි. එකතු වී සිටිය යුතුයි. එයට හේතුව කුමක් ද? මේ විදිහට සම්පූර්ණ නො වූ සීලස්කන්ධය හෝ සම්පූර්ණ කරගන්නවා. සම්පූර්ණ වූ සීලස්කන්ධය හෝ ඒ ඒ තැන දී නුවණින් අනුග්‍රහ කරගන්නවා. සම්පූර්ණ නො වූ සමාධි ස්කන්ධය හෝ සම්පූර්ණ කරගන්නවා. සම්පූර්ණ වූ සමාධිස්කන්ධය හෝ ඒ ඒ තැන දී නුවණින් අනුග්‍රහ කරගන්නවා. සම්පූර්ණ නො වූ ප්‍රඥා ස්කන්ධය හෝ සම්පූර්ණ කරගන්නවා. සම්පූර්ණ වූ ප්‍රඥාස්කන්ධය හෝ ඒ ඒ තැන දී නුවණින් අනුග්‍රහ කරගන්නවා. ඒ නිසා මේ වගේ පුද්ගලයා සත්කාර කොට, ගෞරව දක්වා ආශ්‍රය කළ යුතුයි. භජනය කළ යුතුයි. එකතු වී සිටිය යුතුයි. පින්වත් මහණෙනි, මේ තමයි මේ ලෝකයේ දකින්නට ලැබෙන පුද්ගලයන් තුන් දෙනා.

නිහීයති පුරිසෝ නිහීනසේවී
න ච හායේථ කදාචි තුල්‍යසේවී,
සෙට්ඨමුපනමං උදේති ඛිප්පං
තස්මා අත්තනෝ උත්තරිං භජේථාති.

“තමන්ට වඩා ගුණයෙන් හීන අය ඇසුරු කරන පුද්ගලයා ගුණධර්මවලින් පිරිහී යනවා. තමාට සමාන වූ ගුණයෙන් යුත් පුද්ගලයන් ඇසුරු කරන කෙනා කිසි කලෙක පිරිහී යන්නේ නෑ. තමන්ට වඩා ගුණයෙන් ශ්‍රේෂ්ඨ වූ උතුමන් ගේ ඇසුරට නැඹුරු වන කෙනා වහා දියුණු වෙනවා. එනිසා තමාට වඩා ගුණයෙන් ශ්‍රේෂ්ඨ වූ උතුමන්වයි ඇසුරු කළ යුත්තේ.”

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M