අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.1.2.8.

සචේ වෝ භික්ඛවේ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා ඒවං පුච්ඡෙය්‍යුං: ‘දේවලෝකූපපත්තියා ආවුසෝ, සමණේ ගෝතමේ බ්‍රහ්මචරියං වුස්සතීති? නනු තුම්හේ භික්ඛවේ, ඒවං පුට්ඨා අට්ටීයෙය්‍යාථ, හරායෙය්‍යාථ, ජිගුච්ඡෙය්‍යාථාති? “ඒවං භන්තේ. “ඉති කිර තුම්හේ භික්ඛවේ, දිබ්බේන ආයුනා අට්ටීයථ, හරායථ, ජිගුච්ඡථ. දිබ්බේන වණ්ණේන – දිබ්බේන සුඛේන – දිබ්බේන යසේන – දිබ්බේන අධිපතෙය්‍යේන, අට්ටීයථ, හරායථ, ජිගුච්ඡථ. පගේව ඛෝ පන භික්ඛවේ, තුම්හේහි කායදුච්චරිතේන අට්ටීයිතබ්බං, හරායිතබ්බං, ජිගුච්ඡිතබ්බං. වචීදුච්චරිතේන ….(පෙ)…. මනෝදුච්චරිතේන අට්ටීයිතබ්බං, හරායිතබ්බං, ජිගුච්ඡිතබ්බං.

පින්වත් මහණෙනි, ඉදින් අන්‍යාගමික වූ තාපසවරු ඔබගෙන් මේ විදිහට ඇහුවොත් “ආයුෂ්මත්නි, දෙව්ලොව උපතක් ලැබීම පිණිසද ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්නේ?” කියලා. පින්වත් මහණෙනි, මේ විදිහට ඇහුවොත් ඔබ ඒ ගැන කණස්සල්ලට පත්වෙන්නේ නැද්ද? ලැජ්ජාවට පත්වෙන්නේ නැද්ද? පිළිකුලට පත්වෙන්නේ නැද්ද?” “ස්වාමීනී, එසේ වෙනවාමයි.”

ඉතින් පින්වත් මහණෙනි, ඔබ මේ විදිහට දිව්‍ය ආයුෂය ගැන කණස්සල්ලට පත්වෙනවා නම්, ලැජ්ජාවට පත්වෙනවා නම්, පිළිකුලට පත්වෙනවා නම්, දිව්‍ය වර්ණයෙන් ….(පෙ)…. දිව්‍ය සැපයෙන් ….(පෙ)…. දිව්‍ය යසසින් ….(පෙ)…. දිව්‍ය අධිපතිබවෙන් කණස්සල්ලට පත්වෙනවා නම්, ලැජ්ජාවට පත්වෙනවා නම්, පිළිකුලට පත්වෙනවා නම්, පින්වත් මහණෙනි, ඉතින් එහෙම එකේ කාය දුසිරිත ගැන කණස්සල්ලට පත් විය යුතුමයි, ලැජ්ජාවට පත් විය යුතුමයි, පිළිකුලට පත් විය යුතුමයි යන කරුණ ගැන අමුතුවෙන් කිව යුතුද? වචී දුසිරිත ගැන ….(පෙ)…. මනෝ දුසිරිත ගැන කණස්සල්ලට පත් විය යුතුමයි, ලැජ්ජාවට පත් විය යුතුමයි, පිළිකුලට පත් විය යුතුමයි යන කරුණ ගැන අමුතුවෙන් කිව යුතුද?

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M