අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.1.2.9.

තීහි භික්ඛවේ, අංගේහි සමන්නාගතෝ පාපණිකෝ අභබ්බෝ අනධිගතං වා භෝගං අධිගන්තුං, අධිගතං වා භෝගං ඵාතිකත්තුං. කතමේහි තීහි? ඉධ භික්ඛවේ, පාපණිකෝ පුබ්බණ්හසමයං න සක්කච්චං කම්මන්තං අධිට්ඨාති, මජ්ඣන්තිකං සමයං න සක්කච්චං කම්මන්තං අධිට්ඨාති, සායන්හසමයං න සක්කච්චං කම්මන්තං අධිට්ඨාති. ඉමේහි ඛෝ භික්ඛවේ, තීහි අංගේහි සමන්නාගතෝ පාපණිකෝ අභබ්බෝ අනධිගතං වා භෝගං අධිගන්තුං, අධිගතං වා භෝගං ඵාතිකත්තුං.

පින්වත් මහණෙනි, කාරණා තුනකින් යුතු වෙළෙන්දා නොලැබූ භෝග සම්පත් ලබන්නවත්, ලැබූ භෝගසම්පත් වැඩිදියුණු කරගන්නවත් සුදුස්සෙක් වෙන්නේ නෑ. කවර කාරණා තුනෙන්ද? පින්වත් මහණෙනි, මෙහි වෙළෙන්දා පෙරවරු කාලයේ ක්‍රමාණුකූලව තමන්ගේ කර්මාන්ත කටයුතුවල යෙදෙන්නේ නෑ. මධ්‍යාහ්න කාලයේ ක්‍රමාණුකූලව තමන්ගේ කර්මාන්ත කටයුතුවල යෙදෙන්නේ නෑ. සවස් කාලයේ ක්‍රමාණුකූලව තමන්ගේ කර්මාන්ත කටයුතුවල යෙදෙන්නේ නෑ. පින්වත් මහණෙනි, මෙන්න මේ කාරණා තුනෙන් යුතු වෙළෙන්දා නොලැබූ භෝග සම්පත් ලබන්නවත්, ලැබූ භෝගසම්පත් වැඩිදියුණු කරගන්නවත් සුදුස්සෙක් වෙන්නෙ නෑ.

ඒවමේවං ඛෝ භික්ඛවේ, තීහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛු අභබ්බෝ අනධිගතං වා කුසලං ධම්මං අධිගන්තුං, අධිගතං වා කුසලං ධම්මං ඵාතිකත්තුං. කතමේහි තීහි? ඉධ භික්ඛවේ, භික්ඛු පුබ්බණ්හසමයං න සක්කච්චං සමාධිනිමිත්තං අධිට්ඨාති. මජ්ඣන්තිකං සමයං න සක්කච්චං සමාධිනිමිත්තං අධිට්ඨාති. සායන්හසමයං න සක්කච්චං සමාධිනිමිත්තං අධිට්ඨාති. ඉමේහි ඛෝ භික්ඛවේ, තීහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛු අභබ්බෝ අනධිගතං වා කුසලං ධම්මං අධිගන්තුං, අධිගතං වා කුසලං ධම්මං ඵාතිකත්තුං.

අන්න ඒ වගේම තමයි පින්වත් මහණෙනි, කාරණා තුනකින් යුතු භික්ෂුවත් නොලැබූ කුසල් දහම් ලබන්නවත්, ලැබූ කුසල් දහම් වැඩිදියුණු කරගන්නටත් සුදුස්සෙක් වෙන්නේ නෑ. කවර කාරණා තුනකින්ද? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව පෙරවරු කාලයේ ක්‍රමාණුකූලව තමන්ගේ සමාධි නිමිත්තෙහි යෙදෙන්නේ නෑ. මධ්‍යාහ්න කාලයේ ක්‍රමාණුකූලව තමන්ගේ සමාධි නිමිත්තෙහි යෙදෙන්නේ නෑ. සවස් කාලයේ ක්‍රමාණුකූලව තමන්ගේ සමාධි නිමිත්තෙහි යෙදෙන්නේ නෑ. පින්වත් මහණෙනි, මෙන්න මේ කාරණා තුනකින් යුතු භික්ෂුවත් නොලැබූ කුසල් දහම් ලබන්නවත්, ලැබූ කුසල් දහම් වැඩිදියුණු කරගන්නටත් සුදුස්සෙක් වෙන්නේ නෑ.

තීහි භික්ඛවේ, අංගේහි සමන්නාගතෝ පාපණිකෝ භබ්බෝ අනධිගතං වා භෝගං අධිගන්තුං, අධිගතං වා භෝගං ඵාතිකත්තුං. කතමේහි තීහි? ඉධ භික්ඛවේ, පාපණිකෝ පුබ්බණ්හසමයං සක්කච්චං කම්මන්තං අධිට්ඨාති, මජ්ඣන්තිකං සමයං ….(පෙ)…. සායන්හසමයං සක්කච්චං කම්මන්තං අධිට්ඨාති. ඉමේහි ඛෝ භික්ඛවේ, තීහි අංගේහි සමන්නාගතෝ පාපණිකෝ භබ්බෝ අනධිගතං වා භෝගං අධිගන්තුං, අධිගතං වා භෝගං ඵාතිකත්තුං.

පින්වත් මහණෙනි, කාරණා තුනකින් යුතු වෙළෙන්දා නොලැබූ භෝග සම්පත් ලබන්නටත්, ලැබූ භෝගසම්පත් වැඩිදියුණු කරගන්නටත් සුදුස්සෙක් වෙනවා. කවර කාරණා තුනෙන්ද? පින්වත් මහණෙනි, මෙහි වෙළෙන්දා පෙරවරු කාලයේ ක්‍රමාණුකූලව තමන්ගේ කර්මාන්ත කටයුතුවල යෙදෙනවා මධ්‍යාහ්න කාලයේ ….(පෙ)…. සවස් කාලයේ ක්‍රමානුකූලව තමන්ගේ කර්මාන්ත කටයුතුවල යෙදෙනවා. පින්වත් මහණෙනි, මෙන්න මේ කාරණා තුනෙන් යුතු වෙළෙන්දා නොලැබූ භෝග සම්පත් ලබන්නටත්, ලැබූ භෝගසම්පත් වැඩිදියුණු කරගන්නටත් සුදුස්සෙක් වෙනවා.

ඒවමේව ඛෝ භික්ඛවේ, තීහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛු භබ්බෝ අනධිගතං වා කුසලං ධම්මං අධිගන්තුං, අධිගතං වා කුසලං ධම්මං ඵාතිං කාතුං. කතමේහි තීහි? ඉධ භික්ඛවේ, භික්ඛු පුබ්බණ්හසමයං සක්කච්චං සමාධිනිමිත්තං අධිට්ඨාති. මජ්ඣන්තිකං සමයං ….(පෙ)…. සායන්හසමයං සක්කච්චං සමාධිනිමිත්තං අධිට්ඨාති, ඉමේහි ඛෝ භික්ඛවේ, තීහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛු භබ්බෝ අනධිගතං වා කුසලං ධම්මං අධිගන්තුං, අධිගතං වා කුසලං ධම්මං ඵාතිකත්තුන්ති.

අන්න ඒ වගේම තමයි පින්වත් මහණෙනි, කාරණා තුනකින් යුතු භික්ෂුවත් නොලැබූ කුසල් දහම් ලබන්නටත්, ලැබූ කුසල් දහම් වැඩිදියුණු කරගන්නටත් සුදුස්සෙක් වෙනවා. කවර කාරණා තුනකින්ද? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව පෙරවරු කාලයේ ක්‍රමාණුකූලව තමන්ගේ සමාධි නිමිත්තෙහි යෙදෙනවා. මධ්‍යාහ්න කාලයේ ….(පෙ)…. සවස් කාලයේ ක්‍රමානුකූලව තමන්ගේ සමාධි නිමිත්තෙහි යෙදෙනවා. පින්වත් මහණෙනි, මෙන්න මේ කාරණා තුනකින් යුතු භික්ෂුවත් නොලැබූ කුසල් දහම් ලබන්නටත්, ලැබූ කුසල් දහම් වැඩිදියුණු කරගන්නටත් සුදුස්සෙක් වෙනවා.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M