පින්වත් මහණෙනි, මේ කාරණා තුනක් තමන්ට පීඩා පිණිසත් හේතු වෙනවා. අනුන්ට පීඩා පිණිසත් හේතු වෙනවා. දෙපැත්තටම පීඩා පිණිස හේතු වෙනවා. ඒ තුන මොනවාද? කාය දුසිරිතත්, වචී දුසිරිතත්, මනෝ දුසිරිතත් ය. පින්වත් මහණෙනි, මේ කාරණා තුන තමන්ට පීඩා පිණිසත් හේතු වෙනවා. අනුන්ට පීඩා පිණිසත් හේතු වෙනවා. දෙපැත්තටම පීඩා පිණිස හේතු වෙනවා.
පින්වත් මහණෙනි, මේ කාරණා තුනක් තමන්ට පීඩා පිණිස හේතු වෙන්නෙත් නෑ. අනුන්ට පීඩා පිණිස හේතු වෙන්නෙත් නෑ. දෙපැත්තටම පීඩා පිණිස හේතු වෙන්නෙත් නෑ. ඒ තුන මොනවාද? කාය සුචරිතයත්, වචී සුචරිතයත්, මනෝ සුචරිතයත් ය. පින්වත් මහණෙනි, මේ කාරණා තුන තමන්ට පීඩා පිණිස හේතු වෙන්නෙත් නෑ. අනුන්ට පීඩා පිණිස හේතු වෙන්නෙත් නෑ. දෙපැත්තටම පීඩා පිණිස හේතු වෙන්නෙත් නෑ.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M