අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.1.2.5.

ඒකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනේ මිගදායේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි “භික්ඛවෝ”ති. “භදන්තේ”ති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච:

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ බරණැස ඉසිපතනය නම් වූ මිගදායේ. එදා භාග්‍යවතුන් වහන්සේ ‘පින්වත් මහණෙනි’ කියලා භික්ෂූන් වහන්සේලා අමතා වදාළා. ‘එසේය ස්වාමීනී’ කියලා ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙම දෙසුම වදාළා.

භූතපුබ්බං භික්ඛවේ, රාජා අහෝසි පචේතනෝ නාම. අථ ඛෝ භික්ඛවේ, රාජා පචේතනෝ රථකාරං ආමන්තේසි: ‘ඉතෝ මේ සම්ම රථකාර, ඡන්නං මාසානං අච්චයේන සංගාමෝ භවිස්සති, සක්කසි මේ සම්ම රථකාර, නවං චක්කයුගං කාතුන්ති? ‘සක්කෝමි දේවා’ති ඛෝ භික්ඛවේ, රථකාරෝ රඤ්ඤෝ පචේතනස්ස පච්චස්සෝසි. අථ ඛෝ භික්ඛවේ, රථකාරෝ ඡහි මාසේහි ඡාරත්තූනේහි ඒකං චක්කං නිට්ඨාපේසි. අථ ඛෝ භික්ඛවේ, රාජා පචේතනෝ රථකාරං ආමන්තේසි: ‘ඉතෝ මේ සම්ම රථකාර, ඡන්නං දිවසානං අච්චයේන සංගාමෝ භවිස්සති, නිට්ඨිතං නවං චක්කයුගන්ති. ඉමේහි ඛෝ දේව, ඡහි මාසේහි ඡාරත්තූනේහි ඒකං චක්කං නිට්ඨිතන්ති. සක්ඛිස්සසි පන මේ සම්ම රථකාර, ඉමේහි ඡහි දිවසේහි දුතියං චක්කං නිට්ඨාපේතුන්ති? ‘සක්කෝමි දේවා’ති ඛෝ භික්ඛවේ, රථකාරෝ රඤ්ඤො පචේතනස්ස පච්චස්සෝසි. අථ ඛෝ භික්ඛවේ රථකාරෝ ඡහි දිවසෙහි දුතියං චක්කං නිට්ඨාපෙත්වා නවං චක්කයුගං ආදාය යෙන රාජා පචේතනෝ තේනුපසඞකමි. උපසංකමිත්වා රාජානං පචේතනං ඒතදවෝච: ‘ඉදං තේ දේව, නවං චක්කයුගං නිට්ඨිතන්ති. යඤ්ච තේ ඉදං සම්ම රථකාර, චක්කං ඡහි මාසේහි නිට්ඨිතං ඡාරත්තූනේහි, යඤ්ච තේ ඉදං චක්කං ඡහි දිවසේහි නිට්ඨිතං. ඉමේසං කිං නානාකරණං? නේසාහං කිඤ්චි නානාකරණං පස්සාමීති. ‘අත්ථේවේසං දේව, නානාකරණං, පස්සතු දේවෝ නානාකරණන්ති.

පින්වත් මහණෙනි, මේක ඉස්සර සිද්ධ වෙච්ච දෙයක්. පචේතන කියලා රජ කෙනෙක් හිටියා. ඉතින් පින්වත් මහණෙනි, ඒ පචේතන රජතුමා රාජකීය රථ හදන රථකාරයාව (බාසුන්නැහේ) අමතා මෙහෙම කිව්වා. ‘යහළු රථකාරය, මෙයින් මාස හයකට පස්සේ මට යුද්ධයක් තියෙනවා. මිත්‍ර රථකාරය, ඔබට පුළුවන්ද මට අළුත් රෝද දෙකක් හදලා දෙන්න.’ ‘පුළුවනි, දේවයන් වහන්ස’ කියලා ඒ රථකාරයා පචේතන රජුට පිළිතුරු දුන්නා. ඊට පස්සේ පින්වත් මහණෙනි, ඒ රථකාරයා මාස හයට දවස් හයක් ඉතිරිව තියෙද්දී, එක රෝදයක් සාදා නිම කළා. ඉතින් පින්වත් මහණෙනි, පචේතන රජතුමා රථකාරයාව ඇමතුවා. ‘යහළු රථකාරය, මෙයින් හය දවසකට පස්සේ මට යුද්ධයක් තියෙනවා. අලුත් රෝද දෙක හැදුවාද?’ ‘දේවයන් වහන්ස, මාස හයකට දවස් හයක් ඉතිරිව තියෙද්දී මේ එක රෝදයක් නම් හැදුවා.’ ‘එහෙනම්, යහළු රථකාරය, ඔබට පුළුවන්ද, ඉතිරි දවස් හයේදී දෙවෙනි රෝදය හදලා ඉවර කරන්න?’ ‘පුළුවනි දේවයන් වහන්ස’ කියලා ඒ රථකාරයා පචේතන රජුට පිළිතුරු දුන්නා. ඊට පස්සේ පින්වත් මහණෙනි, ඒ රථකාරයා දවස් හයකින් දෙවෙනි රෝදය හදලා ඉවර කරලා ඒ අලුත් රෝද දෙක අරගෙන පචේතන රජු ළඟට ගියා. ගිහිල්ලා පචේතන රජුට මෙය කිව්වා.

‘දේවයන් වහන්ස, මේ අලුත් රෝද දෙක හදලා ඉවරයි’ කියලා. ‘හැබෑටම යහළු රථකාරය, ඔබ එක රෝදයක් හදලා ඉවර කරන්න මාස හයකට දවස් හයක අඩු කාලයක් ගත කළා. අනිත් රෝදය හදලා ඉවර කරන්න ගියේ දවස් හයයි. මේ දෙකේ වෙනස මොකක්ද? මට නම් මේ දෙකේ කිසිම වෙනසක් දකින්න නැහැනේ.’ ‘දේවයන් වහන්ස, මේකෙ වෙනසක් තියෙනවා. දේවයන් වහන්ස, මෙන්න බලන්න වෙනස්කම.’

අථ ඛෝ භික්ඛවේ, රථකාරෝ යං තං චක්කං ඡහි දිවසේහි නිට්ඨිතං, තං පවත්තේසි. තං පවත්තිතං සමානං යාවතිකා අභිසංඛාරස්ස ගති, තාවතිකං ගන්ත්වා චිංගුලායිත්වා භූමියං පපති. යං පන තං චක්කං ඡහි මාසේහි නිට්ඨිතං ඡාරත්තූනේහි තං පවත්තේසි. තං පවත්තිතං සමානං යාවතිකා අභිසංඛාරස්ස ගති, තාවතිකං ගන්ත්වා අක්ඛාහතං මඤ්ඤෝ අට්ඨාසි.

ඊට පස්සේ ඒ රථකාරයා දවස් හයකින් හදලා ඉවර කරපු රෝදය තල්ලු කරලා ඇරියා. ඒක තල්ලු වෙලා, ඒකෙ ස්වභාවයට අනුව යන්න පුළුවන් දුර ගිහිල්ලා කැරකිලා බිම වැටුනා. ඊට පස්සේ හය මාසයකට දවස් හයක් තියෙද්දී හදලා ඉවර කරපු රෝදය තල්ලු කරලා ඇරියා. ඒක තල්ලු වෙලා, ඒකෙ ස්වභාවය අනුව යන්න පුළුවන් දුර ගිහිල්ලා, නිරුපද්‍රිතව (වැටෙන්නේ නැතුව) එහෙමම හිටලා නතර වුනා.

කෝ නු ඛෝ සම්ම රථකාර, හේතු, කෝ පච්චයෝ? යමිදං චක්කං ඡහි දිවසේහි නිට්ඨිතං, තං පවත්තිතං සමානං යාවතිකා අභිසංඛාරස්ස ගති, තාවතිකං ගන්ත්වා චිංගුලායිත්වා භූමියං පපති? කෝ පන සම්ම රථකාර, හේතු, කෝ පච්චයෝ? යමිදං චක්කං ඡහි මාසේහි නිට්ඨිතං ඡාරත්තූනේහි, තං පවත්තිතං සමානං යාවතිකා අභිසංඛාරස්ස ගති, තාවතිකං ගන්ත්වා අක්ඛාහතං මඤ්ඤේ අට්ඨාසීති? ‘යමිදං දේව, චක්කං ඡහි දිවසේහි නිට්ඨිතං. තස්ස නේමීපි සවංකා සදෝසා සකසාවා, අරාපි සවංකා සදෝසා සකසාවා. නාභීපි සවංකා සදෝසා සකසාවා. තං නේමියාපි සවංකත්තා සදෝසත්තා සකසාවත්තා, අරානම්පි සවංකත්තා සදෝසත්තා සකසාවත්තා, නාභියාපි සවංකත්තා සදෝසත්තා සකසාවත්තා පවත්තිතං සමානං යාවතිකා අභිසංඛාරස්ස ගති, තාවතිකං ගන්ත්වා චිංගුලායිත්වා භූමියං පපති. යං පන තං දේව, චක්කං ඡහි මාසේහි නිට්ඨිතං ඡාරත්තූනේහි. තස්ස නේමිපි අවංකා අදෝසා අකසාවා. අරාපි අවංකා අදෝසා අකසාවා. නාභිපි අවංකා අදෝසා අකසාවා. තං නේමියාපි අවංකත්තා අදෝසත්තා අකසාවත්තා, අරානම්පි අවංකත්තා අදෝසත්තා අකසාවත්තා, නාභියාපි අවංකත්තා අදෝසත්තා අකසාවත්තා පවත්තිතං සමානං යාවතිකා අභිසංඛාරස්ස ගති. තාවතිකං ගන්ත්වා අක්ඛාහතං මඤ්ඤේ අට්ඨාසීති.

“යහළු රථකාරය, දවස් හයෙන් හදලා ඉවර කරපු රෝදය තල්ලු වෙලා ගිහිල්ලා ඒකෙ ස්වභාවයට අනුව යන්න පුළුවන් දුර ගිහිල්ලා කැරකිලා බිම වැටුනා. මේකට හේතුව මොකක්ද? කාරණය මොකක්ද? යහළු රථකාරය, හය මාසයකට දවස් හයක් තියෙද්දී හදලා ඉවර කරපු රෝදය තල්ලු වෙලා ගිහිල්ලා ඒකෙ ස්වභාවයට අනුව යන්න පුළුවන් දුර ගිහිල්ලා කිසිම දෙයක් වෙන්නෙ නැතුව එහෙමම හිටල නතර වුනා. මේකට හේතුව මොකක්ද? කාරණය මොකක්ද?”

“දේවයන් වහන්ස, දවස් හයෙන් හදලා ඉවර කරපු රෝදයේ නිම්වළල්ල ඇද සහිතයි. දොස් සහිතයි. අඩුපාඩු සහිතයි. ගරාදිත් ඇද සහිතයි. දොස් සහිතයි. අඩුපාඩු සහිතයි. බොස් ගෙඩියත් ඇද සහිතයි. දොස් සහිතයි. අඩුපාඩු සහිතයි. ඒකේ නිම්වළල්ලත් ඇද සහිත නිසා, දොස් සහිත නිසා, අඩුපාඩු සහිත නිසා, ගරාදිත් ඇද සහිත නිසා, දොස් සහිත නිසා, අඩුපාඩු සහිත නිසා, බොස් ගෙඩියත් ඇද සහිත නිසා, දොස් සහිත නිසා, අඩුපාඩු සහිත නිසා තමයි පෙරළලා යැව්වට පස්සේ, ඒකෙ ස්වභාවයට අනුව යන්න පුළුවන් දුර ගිහිල්ලා කැරකිලා බිම වැටුනේ. දේවයන් වහන්ස, ඔය මාස හයකට දවස් හයක් ඉතුරු වෙලා තියෙද්දී හදපු රෝදය තියෙනවනෙ. ඒකෙ නිම්වළල්ලත් ඇද නෑ, දොස් සහිත නෑ, අඩුපාඩු නෑ. ගරාදිත් ඇද නෑ, දොස් සහිත නෑ, අඩුපාඩු නෑ. බොස්ගෙඩියත් ඇද නෑ, දොස් සහිත නෑ, අඩුපාඩු නෑ. ඒකෙ නිම්වළල්ලත් ඇද නැති නිසා, දොස් සහිත නැති නිසා, අඩුපාඩු සහිත නැති නිසා, ගරාදිත් ඇද නැති නිසා, දොස් සහිත නැති නිසා, අඩුපාඩු සහිත නැති නිසා, බොස්ගෙඩියත් ඇද නැති නිසා, දොස් සහිත නැති නිසා, අඩුපාඩු සහිත නැති නිසා තමයි පෙරළලා යැව්වට පස්සේ ඒකෙ ස්වභාවයට අනුව යන්න පුළුවන් දුර ගිහිල්ලා කිසි දෙයක් නොවී එහෙමම හිටලා නතර වුනේ.”

සියා ඛෝ පන භික්ඛවේ, තුම්හාකං ඒවමස්ස: ‘අඤ්ඤෝ නූන තේන සමයේන සෝ රථකාරෝ අහෝසීති. න ඛෝ පනේතං භික්ඛවේ, ඒවං දට්ඨබ්බං. අහං තේන සමයේන සෝ රථකාරෝ අහෝසිං. තදා පනාහං භික්ඛවේ, කුසලෝ දාරුවංකානං දාරුදෝසානං දාරුකසාවානං. ඒතරහි ඛෝ පනාහං භික්ඛවේ, අරහං සම්මාසම්බුද්ධෝ කුසලෝ කායවංකානං කායදෝසානං කායකසාවානං. කුසලෝ වචීවංකානං වචීදෝසානං වචීකසාවානං. කුසලෝ මනෝවංකානං මනෝදෝසානං මනෝකසාවානං.

පින්වත් මහණෙනි, දැන් ඔබට මේ විදිහට හිතෙන්න පුළුවනි. ඒ කාලයේ ඒ රථකරු වුනේ වෙනත් කවුරු හරි කියලා. පින්වත් මහණෙනි, ඒ විදිහට නොදැක්ක යුතුයි. ඒ කාලෙ මම තමයි ඒ රාජකීය රථ හදන රථකරු වෙලා හිටියේ. පින්වත් මහණෙනි, ඒ කාලේ මම ලීවල තිබුණු ඇදයන් ගැන, දොස් ගැන, අඩුපාඩු ගැන හොඳින් දන්නා දක්ෂ කෙනෙක්. පින්වත් මහණෙනි, දැන් මේ කාලයේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වූ මා කායික ක්‍රියාවල ඇදයන් (අකුසල්) ගැනත්, කායික ක්‍රියාවල දොස් ගැනත්, කායික ක්‍රියාවල අඩුපාඩු ගැනත් හොඳින් දන්නා දක්ෂ කෙනෙක්. වචනයේ ඇද ගැනත්, වචනයේ දොස් ගැනත්, වචනයේ අඩුපාඩු ගැනත් හොඳින් දන්නා දක්ෂ කෙනෙක්. මනසේ ඇදයන් ගැනත්, මනසේ දොස් ගැනත්, මනසේ අඩුපාඩු ගැනත් හොඳින් දන්නා දක්ෂ කෙනෙක්.

යස්ස කස්සචි භික්ඛවේ, භික්ඛුස්ස වා භික්ඛුනියා වා කායවංකෝ අප්පහීනෝ කායදෝසෝ කායකසාවෝ. වචීවංකෝ අප්පහීනෝ වචීදෝසෝ වචීකසාවෝ. මනෝවංකෝ අප්පහීනෝ මනෝදෝසෝ මනෝකසාවෝ. ඒවං පපතිතා තේ භික්ඛවේ, ඉමස්මා ධම්මවිනයා. සෙය්‍යථාපි තං චක්කං ඡහි දිවසේහි නිට්ඨිතං.

පින්වත් මහණෙනි, යම් භික්ෂුවකගේ වේවා, භික්ෂුණියකගේ වේවා, කායික ක්‍රියාවල ඇද ගති, කායික ක්‍රියාවල දොස්, කායික ක්‍රියාවල අඩුපාඩු ප්‍රහීණ වෙලා නැත්නම්, වචනයේ ඇද ගති, වචනයේ දොස්, වචනයේ අඩුපාඩු ප්‍රහීණ වෙලා නැත්නම්, සිතේ ඇද ගති, සිතේ දොස්, සිතේ අඩුපාඩු ප්‍රහීණ වෙලා නැත්නම්, ඔවුනුත් මේ ධර්ම විනයේ නොපිහිටා වැටුණු අය වෙනවා. ඒක හරියට අර දවස් හයෙන් හදලා ඉවර කරපු රෝදය වගෙයි.

යස්ස කස්සචි භික්ඛවේ, භික්ඛුස්ස වා භික්ඛුනියා වා කායවංකෝ පහීනෝ කායදෝසෝ කායකසාවෝ. වචීවංකෝ පහීනෝ වචීදෝසෝ වචීකසාවෝ. මනෝවංකෝ පහීනෝ මනෝදෝසෝ මනෝකසාවෝ. ඒවං පතිට්ඨිතා තේ භික්ඛවේ, ඉමස්මිං ධම්මවිනයේ. සෙය්‍යථාපි තං චක්කං ඡහි මාසේහි නිට්ඨිතං ඡාරත්තූනේහි.

පින්වත් මහණෙනි, යම් භික්ෂුවකගේ වේවා, භික්ෂුණියකගේ වේවා, මේ කායික ක්‍රියාවල ඇද ගති, කායික ක්‍රියාවල දොස්, කායික ක්‍රියාවල අඩුපාඩු ප්‍රහීණ වෙලා නම්, වචනයේ ඇද ගති, වචනයේ දොස්, වචනයේ අඩුපාඩු ප්‍රහීණ වෙලා නම්, සිතේ ඇද ගති, සිතේ දොස්, සිතේ අඩුපාඩු ප්‍රහීණ වෙලා නම්, ඔවුන් මේ විදිහට මේ ධර්ම විනයේ පිහිටා සිටිනවා. ඒක හරියට අර මාස හයකට දවස් හයක් තියෙද්දී හදලා ඉවර කරපු රෝදය වගෙයි.

තස්මාතිහ භික්ඛවේ, ඒවං සික්ඛිතබ්බං: ‘කායවංකං පජහිස්සාම, කායදෝසං කායකසාවං. වචීවංකං පජහිස්සාම, වචීදෝසං වචීකසාවං. මනෝවංකං පජහිස්සාම, මනෝදෝසං මනෝකසාවන්ති. ඒවං හි වෝ භික්ඛවේ, සික්ඛිතබ්බන්ති.

ඒ නිසා පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහට හික්මිය යුතුයි. ‘කායික ක්‍රියාවල වංක ගති, කායික ක්‍රියාවල දොස්, කායික ක්‍රියාවල අඩුපාඩු අත්හරිනවා කියලා. වචනයේ වංක ගති, වචනයේ දොස්, වචනයේ අඩුපාඩු අත්හරිනවා කියලා. සිතේ වංක ගති, සිතේ දොස්, සිතේ අඩුපාඩු අත්හරිනවා’ කියලා. පින්වත් මහණෙනි, ඔබ මෙන්න මේ විදිහටමයි හික්මිය යුත්තේ.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M