අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.1.2.4.

යෝපි සෝ භික්ඛවේ, රාජා චක්කවත්තී ධම්මිකෝ ධම්මරාජා. සෝපි න අරාජකං චක්කං වත්තේතීති. ඒවං වුත්තේ අඤ්ඤතරෝ භික්ඛු භගවන්තං ඒතදවෝච: “කෝ පන, භන්තේ, රඤ්ඤෝ චක්කවත්තිස්ස ධම්මිකස්ස ධම්මරඤ්ඤෝ රාජාති? “ධම්මෝ භික්ඛූ”ති භගවා අවෝච. ඉධ භික්ඛු, රාජා චක්කවත්තී ධම්මිකෝ ධම්මරාජා ධම්මංයේව නිස්සාය ධම්මං සක්කරොන්තෝ ධම්මං ගරුකරොන්තෝ ධම්මං අපචායමානෝ ධම්මද්ධජෝ ධම්මකේතු ධම්මාධිපතෙය්‍යෝ ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිදහති අන්තෝ ජනස්මිං.

පින්වත් මහණෙනි, ධාර්මික වූ, ධර්මරාජ වූ, යම් ඒ සක්විති රජකෙනෙක් ඇද්ද, ඔහු පවා රජෙකුගෙන් තොරව අණසක පතුරුවන්නේ නෑ. මෙසේ වදාළ විට එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, ධාර්මික වූ, ධර්මරාජ වූ සක්විති රජුගේ රජතුමා කවුරුද?” කියලා. “පින්වත් භික්ෂුව, මෙහි ධාර්මික වූ ධර්මරාජ වූ සක්විති රජු, ධර්මයම ආශ්‍රය කරගෙන, ධර්මයටම සත්කාර කරමින්, ධර්මයටම ගරු කරමින්, ධර්මයටම පුදමින්, ධර්මයම ධජය කරගෙන, ධර්මයම සළකුණු කර ගෙන, ධර්මයම අධිපති කරගෙන තමයි රට තුළ ජනයාට ධාර්මික වූ ආරක්ෂාවත්, රැකවරණයත් ලබා දෙන්නෙ.

පුන ච පරං භික්ඛු, රාජා චක්කවත්තී ධම්මිකෝ ධම්මරාජා ධම්මංයේව නිස්සාය ධම්මං සක්කරොන්තෝ ධම්මං ගරුං කරොන්තෝ ධම්මං අපචායමානෝ ධම්මද්ධජෝ ධම්මකේතු ධම්මාධිපතෙය්‍යෝ ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිදහති ඛත්තියේසු අනුයුත්තේසු බලකායස්මිං බ්‍රාහ්මණගහපතිකේසු , නේගමජානපදේසු, සමණබ්‍රාහ්මණේසු, මිගපක්ඛීසු. ස ඛෝ සෝ භික්ඛු රාජා චක්කවත්තී ධම්මිකෝ ධම්මරාජා ධම්මඤ්ඤේව නිස්සාය ධම්මං සක්කරොන්තෝ ධම්මං ගරුකරොන්තෝ ධම්මං අපචායමානෝ ධම්මද්ධජෝ ධම්මකේතු ධම්මාධිපතෙය්‍යෝ ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිදහිත්වා අන්තෝජනස්මිං, ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිදහිත්වා ඛත්තියේසු අනුයුත්තේසු බලකායස්මිං බ්‍රාහ්මණගහපතිකේසු, නේගමජානපදේසු සමණබ්‍රාහ්මණේසු මිගපක්ඛීසු ධම්මේනේව චක්කං වත්තේති. තං හෝති චක්කං අප්පතිවත්තියං කේනචි මනුස්සභූතේන පච්චත්ථිකේන පාණිනා.

ඒ ගැන තවදුරටත් කියනවා නම්, පින්වත් භික්ෂුව, ධාර්මික වූ, ධර්මරාජ වූ සක්විති රජු ධර්මයම ආශ්‍රය කරගෙන, ධර්මයටම සත්කාර කරමින්, ධර්මයටම ගරු කරමින්, ධර්මයටම පුදමින්, ධර්මයම ධජය කරගෙන, ධර්මයම සළකුණු කරගෙන, ධර්මයම අධිපති කරගෙන තමයි වැඩ කටයුතුවල යෙදී සිටින ක්ෂත්‍රියයන්ටත්, බල සේනාවටත්, බ්‍රාහ්මණ ගෘහපතියන්ටත්, නියම්ගම් වැසියන්ටත්, ජනපද වැසියන්ටත්, ශ්‍රමණ-බ්‍රාහ්මණයින්ටත්, සතුන්ට හා පක්ෂීන්ට පවා ආරක්ෂාවත්, රැකවරණයත් ලබා දෙන්නෙ. පින්වත් භික්ෂුව, ඒ ධාර්මික වූ, ධර්මරාජ වූ සක්විති රජු ධර්මයම ආශ්‍රය කරගෙන, ධර්මයටම සත්කාර කරමින්, ධර්මයටම ගරු කරමින්, ධර්මයම පුදමින්, ධර්මයම ධජය කරගෙන, ධර්මයම සළකුණු කරගෙන, ධර්මයම අධිපති කරගෙන රට තුළ ජනයාට ධාර්මික වූ ආරක්ෂාවත් රැකවරණයත් ලබා දෙනවා. වැඩ කටයුතුවල යෙදී සිටින ක්ෂත්‍රියයන්ටත්, බල සේනාවටත්, බ්‍රාහ්මණ ගෘහපතියන්ටත්, නියම්ගම් වැසියන්ටත්, ජනපද වැසියන්ටත්, ශ්‍රමණ-බ්‍රාහ්මණයින්ටත්, සතුන්ට හා පක්ෂීන්ට පවා ආරක්ෂාවත්, රැකවරණයත් සළසලා ධර්මයෙන්ම අණසක පතුරුවනවා. ඒ ධාර්මික අණසක වළක්වන්න කිසිම මනුෂ්‍යයෙකුටවත්, කිසිම සතුරෙකුටවත් ප්‍රාණියෙකුටවත් බැහැ.

ඒවමේවං ඛෝ භික්ඛු, තථාගතෝ අරහං සම්මාසම්බුද්ධෝ ධම්මිකෝ ධම්මරාජා ධම්මංයේව නිස්සාය ධම්මං සක්කරොන්තෝ ධම්මං ගරුකරොන්තෝ ධම්මං අපචායමානෝ ධම්මද්ධජෝ ධම්මකේතු ධම්මාධිපතෙය්‍යෝ ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිදහති කායකම්මස්මිං, ‘ඒවරූපං කායකම්මං සේවිතබ්බං, ඒවරූපං කායකම්මං න සේවිතබ්බන්’ති.

අන්න ඒ වගේ තමයි පින්වත් භික්ෂුව, ධාර්මික වූ, ධර්මරාජ වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේත් ධර්මයම ආශ්‍රය කරගෙන, ධර්මයටම සත්කාර කරමින්, ධර්මයටම ගරු කරමින්, ධර්මයම පුදමින්, ධර්මයම ධජය කරගෙන, ධර්මයම සළකුණු කරගෙන, ධර්මයම අධිපති කරගෙන ‘මේ විදිහේ කාය කර්මයන් කළ යුතුයි, මේ විදිහේ කාය කර්මයන් නොකළ යුතුයි’ කියලා ධාර්මික ආරක්ෂාවත්, රැකවරණයත් සපයනවා.

පුන ච පරං භික්ඛු, තථාගතෝ අරහං සම්මාසම්බුද්ධෝ ධම්මිකෝ ධම්මරාජා ධම්මංයේව නිස්සාය ධම්මං සක්කරොන්තෝ ධම්මං ගරුකරොන්තෝ ධම්මං අපචායමානෝ ධම්මද්ධජෝ ධම්මකේතු ධම්මාධිපතෙය්‍යෝ ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිදහති වචීකම්මස්මිං, ‘ඒවරූපං වචීකම්මං සේවිතබ්බං, ඒවරූපං වචීකම්මං න සේවිතබ්බන්’ති ….(පෙ)…. මනෝකම්මස්මිං, ‘ඒවරූපං මනෝකම්මං සේවිතබ්බං, ඒවරූපං මනෝකම්මං න සේවිතබ්බන්’ති.

ඒ ගැන තවදුරටත් කියනවා නම්, පින්වත් භික්ෂුව, ධාර්මික වූ, ධර්මරාජ වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේත් ධර්මයම ආශ්‍රය කරගෙන, ධර්මයටම සත්කාර කරමින්, ධර්මයටම ගරු කරමින්, ධර්මයම පුදමින්, ධර්මයම ධජය කරගෙන, ධර්මයම සළකුණු කරගෙන, ධර්මයම අධිපති කරගෙන ‘මේ විදිහේ වචී කර්මයන් කළ යුතුයි, මේ විදිහේ වචී කර්මයන් නොකළ යුතුයි’ කියලා ධාර්මික ආරක්ෂාවත්, රැකවරණයත් සපයනවා. ….(පෙ)…. ‘මේ විදිහේ මනෝ කර්මයන් කළ යුතුයි, මේ විදිහේ මනෝ කර්මයන් නොකළ යුතුයි’ කියලා ධාර්මික ආරක්ෂාවත්, රැකවරණයත් සපයනවා.

ස ඛෝ සෝ භික්ඛු, තථාගතෝ අරහං සම්මාසම්බුද්ධෝ ධම්මිකෝ ධම්මරාජා ධම්මං යේව නිස්සාය ධම්මං සක්කරොන්තෝ ධම්මං ගරුකරොන්තෝ ධම්මං අපචායමානෝ ධම්මද්ධජෝ ධම්මකේතු ධම්මාධිපතෙය්‍යෝ ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිදහිත්වා කායකම්මස්මිං, ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිදහිත්වා වචීකම්මස්මිං, ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිදහිත්වා මනෝකම්මස්මිං, ධම්මේනේව අනුත්තරං ධම්මචක්කං පවත්තේති. තං හෝති චක්කං අප්පටිවත්තියං සමණේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්ති.

පින්වත් භික්ෂුව, ඒ ධාර්මික වූ, ධර්මරාජ වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේත් ධර්මයම ආශ්‍රය කරගෙන, ධර්මයටම සත්කාර කරමින්, ධර්මයටම ගරු කරමින්, ධර්මයම පුදමින්, ධර්මයම ධජය කරගෙන, ධර්මයම සළකුණු කරගෙන, ධර්මයම අධිපති කරගෙන කාය කර්ම ගැන ධාර්මික ආරක්ෂාවත්, රැකවරණයත් සපයලා, වචී කර්ම ගැන ධාර්මික ආරක්ෂාවත්, රැකවරණයත් සපයලා, මනෝ කර්ම ගැන ධාර්මික ආරක්ෂාවත්, රැකවරණයත් සපයලා, ධර්මයෙන්ම උත්තරීතර වූ දහම් අණසක පතුරුවනවා. ඒ දහම් අණසක වළක්වන්න කිසිම ශ්‍රමණයෙකුටවත්, බ්‍රාහ්මණයෙකුටවත්, දෙවියෙකුටවත්, මාරයෙකුටවත්, බ්‍රහ්මයෙකුටවත් ලෝකයේ කිසිම කෙනෙකුටවත් බැහැ.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M