අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.1.2.3.

තයෝ මේ භික්ඛවේ, පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං. කතමේ තයෝ? නිරාසෝ, ආසංසෝ, විගතාසෝ.

පින්වත් මහණෙනි, ලෝකයෙහි සිටින්නා වූ මේ පුද්ගලයින් තුන් දෙනෙක් දකින්නට ලැබෙනවා. ඒ තුන් දෙනා කවුද? නිරාස නම් වූ පුද්ගලයා, ආසංස නම් වූ පුද්ගලයා, විගතාස නම් වූ පුද්ගලයා ය.

කතමෝ ච භික්ඛවේ පුග්ගලෝ නිරාසෝ? ඉධ භික්ඛවේ, ඒකච්චෝ පුග්ගලෝ නීචේ කුලේ පච්චාජාතෝ හෝති, චණ්ඩාලකුලේ වා නේසාදකුලේ වා වේණකුලේ වා රථකාරකුලේ වා පුක්කුසකුලේ වා දලිද්දේ අප්පන්නපානභෝජනේ කසිරවුත්තිකේ, යත්ථ කසිරේන ඝාසච්ඡාදෝ ලබ්භති. සෝ ච හෝති, දුබ්බණ්ණෝ දුද්දසිකෝ ඕකෝටිමකෝ බව්හාබාධෝ කාණෝ වා කුණී වා ඛඤ්ජෝ වා පක්ඛහතෝ වා, න ලාභී අන්නස්ස පානස්ස වත්ථස්ස යානස්ස මාලාගන්ධවිලේපනස්ස සෙය්‍යාවසථපදීපෙය්‍යස්ස. සෝ සුණාති, “ඉත්ථන්නාමෝ කිර ඛත්තියෝ ඛත්තියේහි ඛත්තියාභිසේකේන අභිසිත්තෝ”ති. තස්ස න ඒවං හෝති: “කුදස්සු නාම මමම්පි ඛත්තියා ඛත්තියාභිසේකේන අභිසිඤ්චිස්සන්තී”ති. අයං වුච්චති භික්ඛවේ, පුග්ගලෝ නිරාසෝ.

පින්වත් මහණෙනි, නිරාස පුද්ගලයා යනු කවරෙක්ද? පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් පහත් කුලයක ඉපදිලා ඉන්නවා. ඒ කියන්නේ සැඩොල් කුලයේ වේවා, වැදි කුලයේ වේවා, කුළුපොතු කුලයේ වේවා, රථකාර කුලයේ වේවා, පුක්කුස කුලයේ වේවා උපදිනවා. ඔහු දුප්පත්. ආහාර පාන, භෝජන පවා දුකසේ තමයි ලැබෙන්නෙ. ඉතා දුක්සේමයි බඩගිනි නිවා ගන්නෙත්. ඒ වගේම ඔහු දුර්වර්ණයි. දැකීමට ප්‍රිය මනාප නෑ. මිටියි. බොහෝ ලෙඩ දුක් සහිතයි. එක්කෝ ඇස් පෙනීම දුර්වලයි. එක්කෝ අත් කොර වෙලා. නැත්නම් පා කොර වෙලා. නැත්නම් අත් පා කොර වෙලා. ඒ වගේම ආහාර පාන, වස්ත්‍ර, යාන වාහන, මල් සුවඳ විළවුන්, ඉන්න හිටින්න තැන්, පහන් ආලෝක ආදිය පවා ලැබෙන්නෙ නෑ. ඉතින් ඔහුට මේ විදිහට අසන්න ලැබෙනවා. ‘අසවල් ක්ෂත්‍රිය කෙනා ක්ෂත්‍රියයන් විසින්, අභිෂේකයෙන් ඔටුණු පළඳවා රජකමට පත් කළා’ කියලා. එහෙත් ඔහුට මෙවැනි සිතුවිලි ඇති වෙන්නේ නෑ. ‘අනේ, කවරදාක නම් ක්ෂත්‍රියයන් විසින් ක්ෂත්‍රිය අභිෂේකයෙන් ඔටුණු පළඳවලා මාවත් රජකමට පත් කරගනීවිද!’ කියලා. පින්වත් මහණෙනි, මේ පුද්ගලයාට තමයි නිරාස පුද්ගලයා කියන්නෙ.

කතමෝ ච භික්ඛවේ, පුග්ගලෝ ආසංසෝ? ඉධ භික්ඛවේ, රඤ්ඤෝ ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස ජෙට්ඨෝ පුත්තෝ හෝති, ආභිසේකෝ අනභිසිත්තෝ මචලප්පත්තෝ. සෝ සුණාති, “ඉත්ථන්නාමෝ කිර ඛත්තියෝ ඛත්තියේහි ඛත්තියාභිසේකේන අභිසිත්තෝ”ති. තස්ස ඒවං හෝති: “කුදස්සු නාම මමම්පි ඛත්තියා ඛත්තියාභිසේකේන අභිසිඤ්චිස්සන්තී”ති. අයං වුච්චති භික්ඛවේ, පුග්ගලෝ ආසංසෝ.

පින්වත් මහණෙනි, ආසංස පුද්ගලයා යනු කවරෙක්ද? පින්වත් මහණෙනි, මෙහි අභිෂේකයෙන් ඔටුණු පැළඳූ ක්ෂත්‍රිය රජෙකුගේ වැඩිමහල් පුතෙක් ඉන්නවා. ඔහුව අභිෂේක කරන්න සුදුසුයි. ස්ථිරවම රජකම ලැබීමට සුදුසු බවට පැමිණ සිටින ඔහු තවම රජකමට පත් කරලා නෑ. ඉතින් ඔහුට මේ විදිහට අසන්න ලැබෙනවා. ‘අසවල් ක්ෂත්‍රිය කෙනා ක්ෂත්‍රියයන් විසින්, අභිෂේකයෙන් ඔටුණු පළඳවා රජකමට පත් කළා’ කියලා. එතකොට ඔහුට මෙවැනි සිතුවිලි ඇති වෙනවා. ‘අනේ, කවරදාක නම් ක්ෂත්‍රියයන් විසින් ක්ෂත්‍රිය අභිෂේකයෙන් ඔටුණු පළඳවලා මාවත් රජකමට පත් කරගනීවිද!’ කියලා. පින්වත් මහණෙනි, මේ පුද්ගලයාට තමයි ආසංස පුද්ගලයා කියලා කියන්නෙ.

කතමෝ ච භික්ඛවේ, පුග්ගලෝ විගතාසෝ? ඉධ භික්ඛවේ, රාජා හෝති, ඛත්තියෝ මුද්ධාවසිත්තෝ. සෝ සුණාති: “ඉත්ථන්නාමෝ කිර ඛත්තියෝ ඛත්තියේහි ඛත්තියාභිසේකේන අභිසිත්තෝ”ති. තස්ස න ඒවං හෝති: “කුදස්සු නාම මමම්පි ඛත්තියා ඛත්තියාභිසේකේන අභිසිඤ්චිස්සන්තී”ති. තං කිස්ස හේතු? යා හිස්ස භික්ඛවේ, පුබ්බේ අනභිසිත්තස්ස අභිසේකාසා සාස්ස පටිප්පස්සද්ධා. අයං වුච්චති භික්ඛවේ, පුග්ගලෝ විගතාසෝ. ඉමේ ඛෝ භික්ඛවේ, තයෝ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං.

පින්වත් මහණෙනි, විගතාස පුද්ගලයා යනු කවරෙක්ද? පින්වත් මහණෙනි, මෙහි ඔටුණු පළඳවා අභිෂේක කරන ලද ක්ෂත්‍රිය රජෙක් ඉන්නවා. ඔහුටත් අසන්න ලැබෙනවා. ‘අසවල් ක්ෂත්‍රිය කෙනා ක්ෂත්‍රියයන් විසින්, අභිෂේකයෙන් ඔටුණු පළඳවා රජකමට පත් කළා’ කියලා. නමුත් ඔහුට මේ විදිහට හිතෙන්නෙ නෑ. ‘අනේ, කවරදාක නම් ක්ෂත්‍රියයන් විසින් ක්ෂත්‍රිය අභිෂේකයෙන් ඔටුණු පළඳවලා මාවත් රජකමට පත් කරගනීවිද!’ කියලා. එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, ඔහුට රජකමට පත්වීමට කලින් ඔටුණු පළඳවා ලබන අභිෂේකය ගැන යම් ආශාවක් තිබුනාද, එය සංසිඳිලයි තියෙන්නෙ. පින්වත් මහණෙනි, මෙයාට තමයි විගතාස පුද්ගලයා කියන්නෙ. පින්වත් මහණෙනි, ලෝකයෙහි සිටින්නා වූ මේ පුද්ගලයින් තුන් දෙනා තමයි දකින්නට ලැබෙන්නේ.

ඒවමේවං ඛෝ භික්ඛවේ, තයෝ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා භික්ඛූසු. කතමේ තයෝ? නිරාසෝ, ආසංසෝ, විගතාසෝ.

අන්න ඒ වගේ ම තමයි පින්වත් මහණෙනි, භික්ෂූන් අතරත් සිටින්නා වූ පුද්ගලයන් තුන් දෙනෙක් දකින්නට ලැබෙනවා. ඒ තුන් දෙනා කවුද? නිරාස නම් වූ පුද්ගලයා, ආසංස නම් වූ පුද්ගලයා, විගතාස නම් වූ පුද්ගලයා.

කතමෝ ච භික්ඛවේ, පුග්ගලෝ නිරාසෝ? ඉධ භික්ඛවේ, ඒකච්චෝ පුග්ගලෝ දුස්සීලෝ හෝති, පාපධම්මෝ අසුචි සංකස්සරසමාචාරෝ පටිච්ඡන්නකම්මන්තෝ අස්සමණෝ සමණපටිඤ්ඤෝ අබ්‍රහ්මචාරී බ්‍රහ්මචාරිපටිඤ්ඤෝ අන්තෝපූති අවස්සුතෝ කසම්බුජාතෝ. සෝ සුණාති: “ඉත්ථන්නාමෝ කිර භික්ඛු ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතී”ති. තස්ස න ඒවං හෝති: “කුදස්සු නාම අහම්පි ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සාමී”ති. අයං වුච්චති භික්ඛවේ, පුග්ගලෝ නිරාසෝ.

පින්වත් මහණෙනි, නිරාස පුද්ගලයා යනු කවරෙක්ද? පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් දුස්සීලව ඉන්නවා. පවිටු ගතිවලින් යුක්තයි. අපිරිසිදුයි. සැක කටයුතු පැවැත්මක් තමයි තියෙන්නෙ. සඟවා කරන අකටයුතුවලින් යුක්තයි. මහණකමෙන් තොරයි. ශ්‍රමණයෙක් ලෙස පෙනී සිටිනවා. අබ්‍රහ්මචාරී කෙනෙක්. නමුත් බ්‍රහ්මචාරී කෙනෙක් හැටියට පෙනී සිටිනවා. ඇතුළ කුණු වූ කෙනෙක්. කෙලෙස් වැගිරෙනවා. කෙලෙස් කසල වලින් යුක්තයි. ඉතින්, ඔහුට අසන්න ලැබෙනවා, ‘අසවල් භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කරලා, ආශ්‍රව රහිත වූ චේතෝ විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම, තමන්ගේම විශේෂ ඤාණයෙන් සාක්ෂාත් කරලා, එයට පැමිණ වාසය කරනවා’ කියලා. එහෙත් ඔහුට මේ විදිහට හිතෙන්නෙ නෑ. ‘අනේ! කවරදාක නම් මාත් ආශ්‍රවයන් ක්ෂය කරලා, ආශ්‍රව රහිත වූ ඒ චේතෝ විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම තමන්ගේම විශේෂ ඤාණයෙන් සාක්ෂාත් කරලා. එයට පැමිණ වාසය කරන්නද!’ කියලා. පින්වත් මහණෙනි, මෙයාට තමයි නිරාස පුද්ගලයා කියල කියන්නේ.

කතමෝ ච භික්ඛවේ, පුග්ගලෝ ආසංසෝ? ඉධ භික්ඛවේ, භික්ඛු සීලවා හෝති, කල්‍යාණධම්මෝ. සෝ සුණාති: ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතීති. තස්ස ඒවං හෝති: “කුදාස්සු නාම අහම්පි ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සාමී”ති. අයං වුච්චති භික්ඛවේ, පුග්ගලෝ ආසංසෝ.

පින්වත් මහණෙනි, ආසංස පුද්ගලයා යනු කවරෙක්ද? පින්වත් මහණෙනි, මෙහිලා සිල්වත් භික්ෂුවක් ඉන්නවා. යහපත් ගතිවලින් යුක්තයි. ඔහුට අසන්න ලැබෙනවා, ‘අසවල් භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කරලා, ආශ්‍රව රහිත වූ චේතෝ විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම, තමන්ගේම විශේෂ ඤාණයෙන් සාක්ෂාත් කරලා, එයට පැමිණ වාසය කරනවා’ කියලා. එතකොට ඔහුට මේ විදිහට හිතෙනවා ‘අනේ! කවරදාක නම් මාත් ආශ්‍රවයන් ක්ෂය කරලා, ආශ්‍රව රහිත වූ ඒ චේතෝ විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම, තමන්ගේම විශේෂ ඤාණයෙන් සාක්ෂාත් කරලා, එයට පැමිණ වාසය කරන්නද!’ කියලා. පින්වත් මහණෙනි, මෙයාට තමයි ආසංස පුද්ගලයා කියල කියන්නේ.

කතමෝ ච භික්ඛවේ, පුග්ගලෝ විගතාසෝ? ඉධ භික්ඛවේ, භික්ඛු අරහං හෝති ඛීණාසවෝ. සෝ සුණාති: “ඉත්ථන්නාමෝ කිර භික්ඛු ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතී”ති. තස්ස න ඒවං හෝති: “කුදාස්සු නාම අහම්පි ආසවානං ඛයා ….(පෙ)…. සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සාමී”ති. තං කිස්ස හේතු? යා හිස්ස භික්ඛවේ, පුබ්බේ අවිමුත්තස්ස විමුත්තාසා, සාස්ස පටිප්පස්සද්ධා. අයං වුච්චති භික්ඛවේ, පුග්ගලෝ විගතාසෝ. ඉමේ ඛෝ භික්ඛවේ, තයෝ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා භික්ඛූසූති.

පින්වත් මහණෙනි, විගතාස පුද්ගලයා යනු කවරෙක්ද? පින්වත් මහණෙනි, මෙහිලා ආශ්‍රව ක්ෂය කරපු, රහතන් වහන්සේ නමක් ඉන්නවා. ඔහුට මේ විදිහට අසන්න ලැබෙනවා, ‘අසවල් භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කරලා, ආශ්‍රව රහිත වූ චේතෝ විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම, තමන්ගේම විශේෂ ඤාණයෙන් සාක්ෂාත් කරලා, එයට පැමිණ වාසය කරනවා’ කියලා. එතකොට ඔහුට මේ විදිහට හිතෙන්නෙ නෑ. ‘අනේ! කවරදාක නම් මාත් ආශ්‍රවයන් ක්ෂය කරලා, ….(පෙ)…. සාක්ෂාත් කරලා, එයට පැමිණ වාසය කරන්නද!’ කියලා. එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, කෙලෙසුන්ගෙන් නිදහස් නොවී සිටි ඒ භික්ෂුව තුළ කෙලෙසුන්ගෙන් නිදහස් වී ලබන විමුක්තිය පිළිබඳව යම් ආශාවක් කලින් තිබුනා නම්, එය ඔහුට සංසිඳිලයි තියෙන්නෙ. පින්වත් මහණෙනි, මෙයාට තමයි විගතාස පුද්ගලයා කියල කියන්නේ. පින්වත් මහණෙනි, භික්ෂූන් අතරත් සිටින්නා වූ මේ පුද්ගලයන් තුන් දෙනා තමයි දකින්නට ලැබෙන්නේ.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M