අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.1.2.2.

තීණිමානි භික්ඛවේ, රඤ්ඤෝ ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස යාවජීවං සාරණීයානි භවන්ති. කතමානි තීණි? යස්මිං භික්ඛවේ, පදේසේ රාජා ඛත්තියෝ මුද්ධාවසිත්තෝ ජාතෝ හෝති. ඉදං භික්ඛවේ, පඨමං රඤ්ඤෝ ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස යාවජීවං සාරණීයං හෝති.

පින්වත් මහණෙනි, ඔටුණු පැළඳවීමෙන් අභිෂේක කරන ලද ක්ෂත්‍රිය රජුට ජීවිතාන්තය දක්වා සිහි කළ යුතු කරුණු තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? පින්වත් මහණෙනි, ඔටුණු පැළඳවීමෙන් අභිෂේක කරන ලද ඒ ක්ෂත්‍රිය රජතුමා යම් ප්‍රදේශයක ඉපදුනා නම්, පින්වත් මහණෙනි, ඔටුණු පැළඳවීමෙන් අභිෂේක කරන ලද ඒ රජතුමා විසින් දිවි ඇතිතෙක්ම සිහි කළ යුතු පළමු කරුණ මෙයයි.

පුනචපරං භික්ඛවේ, යස්මිං පදේසේ රාජා ඛත්තියෝ මුද්ධාවසිත්තෝ හෝති. ඉදං භික්ඛවේ, දුතියං රඤ්ඤෝ ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස යාවජීවං සාරණීයං හෝති.

ඒ ගැන තවදුරටත් කියනවා නම්, පින්වත් මහණෙනි, ඒ ක්ෂත්‍රිය රජතුමා යම් ප්‍රදේශයකදී ඔටුණු පැළඳීමෙන් අභිෂේක කළා නම්, පින්වත් මහණෙනි, ඔටුණු පැළඳවීමෙන් අභිෂේක කරන ලද ඒ ක්ෂත්‍රිය රජතුමා විසින් දිවි ඇතිතෙක්ම සිහි කළ යුතු දෙවෙනි කරුණ මෙයයි.

පුනචපරං භික්ඛවේ, යස්මිං පදේසේ රාජා ඛත්තියෝ මුද්ධාවසිත්තෝ සංගාමං අභිවිජිනිත්වා විජිතසංගාමෝ තමේව සංගාමසීසං අජ්ඣාවසති. ඉදං භික්ඛවේ, තතියං රඤ්ඤෝ ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස යාවජීවං සාරණීයං හෝති. ඉමානි ඛෝ භික්ඛවේ, තීණි රඤ්ඤෝ ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස යාවජීවං සාරණීයානි භවන්ති.

ඒ ගැන තවදුරටත් කියනවා නම්, පින්වත් මහණෙනි, ඔටුණු පැළඳවීමෙන් අභිෂේක කරන ලද ක්ෂත්‍රිය රජතුමා යම් ප්‍රදේශයකදී යුද්ධය දිනා, දිනන ලද සංග්‍රාම ඇතිව ඒ යුද්ධ භූමියේම ජය කඳවුරු බැඳ වාසය කරනවා නම්, පින්වත් මහණෙනි, ඔටුණු පැළඳවීමෙන් අභිෂේක කරන ලද ඒ ක්ෂත්‍රිය රජතුමා විසින් දිවි ඇතිතෙක්ම සිහි කළ යුතු තුන් වෙනි කරුණ මෙයයි. පින්වත් මහණෙනි, මේ කරුණු තුන ඔටුණු පැළඳවීමෙන් අභිෂේක කරන ලද ක්ෂත්‍රිය රජු විසින් දිවි ඇතිතෙක් සිහි කළ යුතුයි.

ඒවමේවං ඛෝ භික්ඛවේ, තීණිමානි භික්ඛුස්ස යාවජීවං සාරණීයානි භවන්ති. කතමානි තීණි? යස්මිං භික්ඛවේ, පදේසේ භික්ඛු කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතෝ හෝති. ඉදං භික්ඛවේ, පඨමං භික්ඛුස්ස යාවජීවං සාරණීයං හෝති.

අන්න ඒ අයුරින්ම පින්වත් මහණෙනි, භික්ෂුවටත් දිවි ඇති තුරාවට සිහි කළ යුතු කරුණු තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? පින්වත් මහණෙනි, යම් ප්‍රදේශයකදී භික්ෂුව කෙස් රැවුල් බා, කසාවත් පොරොවා, ගිහි ගෙයින් නික්ම, අනගාරිකව බුදු සසුනේ පැවිදි ජීවිතයට පත්වුනා නම්, පින්වත් මහණෙනි, භික්ෂුව විසින් දිවි ඇතිතෙක්ම සිහි කළ යුතු පළමු කරුණ මෙයයි.

පුනචපරං භික්ඛවේ, යස්මිං පදේසේ භික්ඛු ‘ඉදං දුක්ඛන්’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛසමුදයෝ’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරෝධෝ’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරෝධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති. ඉදං භික්ඛවේ, දුතියං භික්ඛුස්ස යාවජීවං සාරණීයං හෝති.

ඒ ගැන තවදුරටත් කියනවා නම්, පින්වත් මහණෙනි, යම් ප්‍රදේශයකදී භික්ෂුව ‘මේ තමයි දුක නම් වූ ආර්ය සත්‍යය’ කියල ඇති සැටියෙන්ම අවබෝධ කළා නම්, ‘මේ තමයි දුකේ හටගැනීම නම් වූ ආර්ය සත්‍යය’ කියල ඇති සැටියෙන්ම අවබෝධ කළා නම්, ‘මේ තමයි දුකේ නැතිවීම නම් වූ ආර්ය සත්‍යය’ කියල ඇති සැටියෙන්ම අවබෝධ කළා නම්, ‘මේ තමයි දුකේ නැතිවීම පිණිස ඇති ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය’ කියල ඇති සැටියෙන්ම අවබෝධ කළා නම්, පින්වත් මහණෙනි, භික්ෂුව විසින් දිවි ඇතිතෙක්ම සිහි කළ යුතු දෙවෙනි කරුණ මෙයයි.

පුනචපරං භික්ඛවේ, යස්මිං පදේසේ භික්ඛු ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. ඉදං භික්ඛවේ, තතියං භික්ඛුස්ස යාවජීවං සාරණීයං හෝති. ඉමානි ඛෝ භික්ඛවේ, තීණි භික්ඛුස්ස යාවජීවං සාරණීයානි භවන්තීති.

ඒ ගැන තවදුරටත් කියනවා නම්, පින්වත් මහණෙනි, යම් ප්‍රදේශයකදී භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය වීමෙන්, ආශ්‍රව රහිත වූ චේතෝ විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් තමන්ගේම විශේෂ නුවණින් සාක්ෂාත් කොට, මේ ජීවිතයේදීම අවබෝධ කර ගෙන වාසය කරනවා නම්, පින්වත් මහණෙනි, භික්ෂුව විසින් දිවි ඇතිතෙක්ම සිහි කළ යුතු තුන්වෙනි කරුණ මෙයයි. පින්වත් මහණෙනි, මේ කරුණු තුන භික්ෂුව විසින් දිවි ඇති තෙක් සිහි කළ යුතුයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M