සැවැත් නුවරදී….
පින්වත් මහණෙනි, කරුණු තුනකින් යුතු වූ ප්‍රසිද්ධ භික්ෂුව බොහෝ ජනයාගේ අහිත පිණිස, බොහෝ ජනයාගේ සැප නැති වීම පිණිස, බොහෝ ජනයාගේත්, දෙව් මිනිසුන්ගේත්, අනර්ථය පිණිසම, අහිත පිණිසම, දුක පිණිසම පිළිපන් කෙනෙක් වෙනවා. කවර කරුණු තුනකින්ද? ධර්ම විනයට අනුකූල නොවූ කාය කර්මවල ජනයා සමාදන් කරනවා. ධර්ම විනයට අනුකූල නොවූ වචී කර්මවල ජනයා සමාදන් කරනවා. ධර්ම විනයට අනුකූල නොවූ දේවල්වල ජනයා සමාදන් කරනවා. පින්වත් මහණෙනි, මෙන්න මේ කරුණු තුනකින් යුතු වූ ප්‍රසිද්ධ භික්ෂුව බොහෝ ජනයාගේ අහිත පිණිස, බොහෝ ජනයාගේ සැප නැති වීම පිණිස, බොහෝ ජනයාගේත්, දෙව් මිනිසුන්ගේත්, අනර්ථය පිණිසම, අහිත පිණිසම, දුක පිණිසම පිළිපන් කෙනෙක් වෙනවා.
පින්වත් මහණෙනි, කරුණු තුනකින් යුතු වූ ප්‍රසිද්ධ භික්ෂුව බොහෝ ජනයාගේ හිත පිණිස, බොහෝ ජනයාගේ සැප පිණිස, බොහෝ ජනයාගේත්, දෙව් මිනිසුන්ගේත්, අර්ථය පිණිසම, හිත පිණිසම, සැප පිණිසම පිළිපන් කෙනෙක් වෙනවා. කවර කරුණු තුනකින්ද? ධර්ම විනයට අනුකූල වූ කාය කර්මවල ජනයා සමාදන් කරනවා. ධර්ම විනයට අනුකූල වූ වචී කර්මවල ජනයා සමාදන් කරනවා. ධර්ම විනයට අනුකූල වූ දේවල්වල ජනයා සමාදන් කරනවා. පින්වත් මහණෙනි, මෙන්න මේ කරුණු තුනකින් යුතු වූ ප්‍රසිද්ධ භික්ෂුව බොහෝ ජනයාගේ හිත පිණිස, බොහෝ ජනයාගේ සැප පිණිස, බොහෝ ජනයාගේත්, දෙව් මිනිසුන්ගේත්, අර්ථය පිණිසම, හිත පිණිසම, සැප පිණිසම පිළිපන් කෙනෙක් වෙනවා.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M