අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.1.1.8.

තීහි භික්ඛවේ, ධම්මේහි සමන්නාගතෝ බාලෝ වේදිතබ්බෝ. කතමේහි තීහි? සබ්‍යාපජ්ඣේන කායකම්මේන, සබ්‍යාපජ්ඣේන වචීකම්මේන, සබ්‍යාපජ්ඣේන මනෝකම්මේන. ඉමේහි ඛෝ භික්ඛවේ, තීහි ධම්මේහි සමන්නාගතෝ බාලෝ වේදිතබ්බෝ. අබ්‍යාපජ්ඣේන කායකම්මේන, අබ්‍යාපජ්ඣේන වචීකම්මේන , අබ්‍යාපජ්ඣේන මනෝකම්මේන. ඉමේහි ඛෝ භික්ඛවේ, තීහි ධම්මේහි සමන්නාගතෝ පණ්ඩිතෝ වේදිතබ්බෝ. තස්මාතිහ භික්ඛවේ, ඒවං සික්ඛිතබ්බං, ‘යේහි තීහි ධම්මේහි සමන්නාගතෝ බාලෝ වේදිතබ්බෝ, තේ තයෝ ධම්මේ අභිනිවජ්ජෙත්වා යේහි තීහි ධම්මේහි සමන්නාගතෝ පණ්ඩිතෝ වේදිතබ්බෝ, තේ තයෝ ධම්මේ සමාදාය වත්තිස්සාමාති. ඒවං හි වෝ භික්ඛවේ, සික්ඛිතබ්බන්ති.

පින්වත් මහණෙනි, කරුණු තුනකින් යුතු බාලයා ගැන දැනගත යුතුයි. කවර කරුණු තුනකින්ද යත්? දෝෂ සහගත කායික ක්‍රියාවලින් යුක්තයි. දෝෂ සහගත වාචසික ක්‍රියාවලින් යුක්තයි. දෝෂ සහගත මානසික ක්‍රියාවලින් යුක්තයි. ….(පෙ)…. නිදොස් කායික ක්‍රියාවලින් යුක්තයි. නිදොස් වාචසික ක්‍රියාවලින් යුක්තයි. නිදොස් මානසික ක්‍රියාවලින් යුක්තයි. මේ කරුණු තුනෙන් යුතු පණ්ඩිතයා ගැන දැනගත යුතුයි. ඒ නිසා පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහට හික්මිය යුතුයි. (සදොස් වූ කායික ක්‍රියා, සදොස් වූ වාචසික ක්‍රියා, සදොස් වූ මානසික ක්‍රියා යන) යම් කරුණු තුනකින් යුක්ත වූ බාලයා ගැන දැන ගත යුතු නම්, අන්න ඒ කරුණු තුන අත්හැර දමලා, (නිදොස් වූ කායික ක්‍රියා, නිදොස් වූ වාචසික ක්‍රියා, නිදොස් වූ මානසික ක්‍රියා යන) යම් කරුණු තුනකින් යුක්ත වූ පණ්ඩිතයා ගැන දැන ගත යුතු නම්, අන්න ඒ කරුණු තුන සමාදන් වෙලා ඒ අනුව ජීවත් වෙනවා කියලා. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහටයි ඔබ හික්මිය යුත්තේ.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M