අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.1.1.9.

තීහි භික්ඛවේ, ධම්මේහි සමන්නාගතෝ බාලෝ අබ්‍යත්තෝ අසප්පුරිසෝ ඛතං උපහතං අත්තානං පරිහරති, සාවජ්ජෝ ච හෝති සානුවජ්ජෝ ච විඤ්ඤූනං, බහුඤ්ච අපුඤ්ඤං පසවති. කතමේහි තීහි? කායදුච්චරිතේන, වචීදුච්චරිතේන, මනෝදුච්චරිතේන. ඉමේහි ඛෝ භික්ඛවේ, තීහි ධම්මේහි සමන්නාගතෝ බාලෝ අව්‍යත්තෝ අසප්පුරිසෝ ඛතං උපහතං අත්තානං පරිහරති, සාවජ්ජෝ ච හෝති, සානුවජ්ජෝ ච විඤ්ඤූනං, බහුඤ්ච අපුඤ්ඤං පසවති.

පින්වත් මහණෙනි, කරුණු තුනකින් යුතු මේ බාල වූ අව්‍යක්ත වූ අසත්පුරුෂයා (අනුන්ගේ) යහපත් ගුණ උදුරා දමා, එමෙන්ම යහපත් ගුණ නසා තමයි තම ජීවිතය පරිහරණය කරන්නෙ. වැරදි ලෙස ජීවත් වෙනවා. ප්‍රඥාවන්තයින්ගේ ගර්හාවටත් ලක්වෙනවා. බොහෝ පව්ත් රැස් කර ගන්නවා. කවර කරුණු තුනකින්ද? කාය දුසිරිතෙනුත්, වචී දුසිරිතෙනුත්, මනෝ දුසිරිතෙනුත් ය. පින්වත් මහණෙනි, මේ කාරණා තුනෙන් යුතු බාල වූ අව්‍යක්ත වූ අසත්පුරුෂයා (අනුන්ගේ) යහපත් ගුණ උදුරා දමා, එමෙන්ම යහපත් ගුණ නසා තමයි තම ජීවිතය පරිහරණය කරන්නෙ. වැරදි ලෙස ජීවත් වෙනවා. ප්‍රඥාවන්තයින්ගේ ගර්හාවටත් ලක්වෙනවා. බොහෝ පව්ත් රැස් කර ගන්නවා.

තීහි භික්ඛවේ, ධම්මේහි සමන්නාගතෝ පණ්ඩිතෝ වියත්තෝ සප්පුරිසෝ අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති, අනවජ්ජෝ ච හෝති අනනුවජ්ජෝ ච විඤ්ඤූනං, බහුඤ්ච පුඤ්ඤං පසවති. කතමේහි තීහි? කායසුචරිතේන, වචීසුචරිතේන, මනෝසුචරිතේන. ඉමේහි ඛෝ භික්ඛවේ, තීහි ධම්මේහි සමන්නාගතෝ පණ්ඩිතෝ ව්‍යත්තෝ සප්පුරිසෝ අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති, අනවජ්ජෝ ච හෝති අනනුවජ්ජෝ ච විඤ්ඤූනං, බහුඤ්ච පුඤ්ඤං පසවතීති.

පින්වත් මහණෙනි, කරුණු තුනකින් යුතු පණ්ඩිත වූ ව්‍යක්ත වූ සත්පුරුෂයා (කිසිවෙකුගේ) යහපත් ගුණ උදුරා නොදමා, එමෙන්ම යහපත් ගුණ නොනසා තමයි තම ජීවිතය පරිහරණය කරන්නෙ. නිවැරදි ලෙස ජීවත් වෙනවා. ප්‍රඥාවන්තයින්ගේ ගර්හාවට ලක්වෙන්නෙ නෑ. බොහෝ පිනුත් රැස් කර ගන්නවා. කවර කරුණු තුනකින්ද? කාය සුසිරිතෙනුත්, වචී සුසිරිතෙනුත්, මනෝ සුසිරිතෙනුත් ය. පින්වත් මහණෙනි, මේ කාරණා තුනෙන් යුතු පණ්ඩිත වූ ව්‍යක්ත වූ සත්පුරුෂයා (කිසිවෙකුගේ) යහපත් ගුණ උදුරා නොදමා, එමෙන්ම යහපත් ගුණ නොනසා තමයි තම ජීවිතය පරිහරණය කරන්නෙ. නිවැරදි ලෙස ජීවත් වෙනවා. ප්‍රඥාවන්තයින්ගේ ගර්හාවට ලක්වෙන්නෙ නෑ. බොහෝ පිනුත් රැස් කර ගන්නවා.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M