පින්වත් මහණෙනි, කරුණු තුනකින් යුතු බාලයා ගැන දැනගත යුතුයි. කවර කරුණු තුනකින්ද යත්? වැරදි සහගත කායික ක්‍රියාවලින් යුක්තයි. වැරදි සහගත වාචසික ක්‍රියාවලින් යුක්තයි. වැරදි සහගත මානසික ක්‍රියාවලින් යුක්තයි. පින්වත් මහණෙනි, මේ කරුණු තුනෙන් යුතු බාලයා ගැන දැනගත යුතුයි.
පින්වත් මහණෙනි, කරුණු තුනකින් යුතු පණ්ඩිතයා ගැන දැනගත යුතුයි. කවර කරුණු තුනකින්ද යත්? නිවැරදි කායික ක්‍රියාවලින් යුක්තයි. නිවැරදි වාචසික ක්‍රියාවලින් යුක්තයි. නිවැරදි මානසික ක්‍රියාවලින් යුක්තයි. පින්වත් මහණෙනි, මේ කරුණු තුනෙන් යුතු පණ්ඩිතයා ගැන දැනගත යුතුයි. ඒ නිසා ….(පෙ)…. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට යි ඔබ හික්මිය යුත්තේ.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M