අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.1.1.6.

තීහි භික්ඛවේ, ධම්මේහි සමන්නාගතෝ බාලෝ වේදිතබ්බෝ. කතමේහි තීහි? අකුසලේන කායකම්මේන, අකුසලේන වචීකම්මේන, අකුසලේන මනෝකම්මේන. ඉමේහි ඛෝ භික්ඛවේ, තීහි ධම්මේහි සමන්නාගතෝ බාලෝ වේදිතබ්බෝ.

පින්වත් මහණෙනි, කරුණු තුනකින් යුතු බාලයා ගැන දැනගත යුතුයි. කවර කරුණු තුනකින්ද යත්? අකුසල් සහගත කායික ක්‍රියාවලින් යුක්තයි. අකුසල් සහගත වාචසික ක්‍රියාවලින් යුක්තයි. අකුසල් සහගත මානසික ක්‍රියාවලින් යුක්තයි. පින්වත් මහණෙනි, මේ කරුණු තුනෙන් යුතු බාලයා ගැන දැනගත යුතුයි.

තීහි භික්ඛවේ, ධම්මේහි සමන්නාගතෝ පණ්ඩිතෝ වේදිතබ්බෝ. කතමේහි තීහි? කුසලේන කායකම්මේන , කුසලේන වචීකම්මේන, කුසලේන මනෝකම්මේන. ඉමේහි ඛෝ භික්ඛවේ, තීහි ධම්මේහි සමන්නාගතෝ පණ්ඩිතෝ වේදිතබ්බෝ. තස්මාතිහ ….(පෙ)…. එවං හි වෝ භික්ඛවේ සික්ඛිතබ්බන්ති.

පින්වත් මහණෙනි, කරුණු තුනකින් යුතු පණ්ඩිතයා ගැන දැනගත යුතුයි. කවර කරුණු තුනකින්ද යත්? කුසල් සහගත කායික ක්‍රියාවලින් යුක්තයි. කුසල් සහගත වාචසික ක්‍රියාවලින් යුක්තයි. කුසල් සහගත මානසික ක්‍රියාවලින් යුක්තයි. පින්වත් මහණෙනි, මේ කරුණු තුනෙන් යුතු පණ්ඩිතයා ගැන දැනගත යුතුයි. ඒ නිසා ….(පෙ)…. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහටයි ඔබ හික්මිය යුත්තේ.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M