අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.1.1.5.

තීහි භික්ඛවේ, ධම්මේහි සමන්නාගතෝ බාලෝ වේදිතබ්බෝ. කතමේහි තීහි? අයෝනිසෝ පඤ්හං කත්තා හෝති, අයෝනිසෝ පඤ්හං විස්සජ්ජේතා හෝති, පරස්ස ඛෝ පන යෝනිසෝ පඤ්හං විස්සජ්ජිතං පරිමණ්ඩලේහි පදබ්‍යඤ්ජනේහි සිලිට්ඨේහි උපගතේහි නාබ්භනුමෝදිතා හෝති. ඉමේහි ඛෝ භික්ඛවේ, තීහි ධම්මේහි සමන්නාගතෝ බාලෝ වේදිතබ්බෝ.

පින්වත් මහණෙනි, කරුණු තුනකින් යුතු බාලයා ගැන දැනගත යුතුයි. කවර කරුණු තුනකින්ද යත්? වැරදි ලෙස හිතමින්මයි ප්‍රශ්න සකස් කරන්නේ. වැරදි ලෙස හිතමින්මයි ප්‍රශ්නවලට විසඳුම් දෙන්නේ. මනා නුවණින් යුතුව අනුන් විසින් ඉතා පිරිපුන් ලෙස, අර්ථ මතුවෙන ලෙස මටසිලිටු බස් වහරින් යුතුව නිවැරදි ලෙස ප්‍රශ්නයක් විසඳූ විට එය අනුමෝදන් වෙන්නේ නෑ. පින්වත් මහණෙනි, මේ කරුණු තුනෙන් යුතු බාලයා ගැන දැනගත යුතුයි.

තීහි භික්ඛවේ, ධම්මේහි සමන්නාගතෝ පණ්ඩිතෝ වේදිතබ්බෝ. කතමේහි තීහි? යෝනිසෝ පඤ්හං කත්තා හෝති, යෝනිසෝ පඤ්හං විස්සජ්ජේතා හෝති, පරස්ස ඛෝ පන යෝනිසෝ පඤ්හං විස්සජ්ජිතං පරිමණ්ඩලේහි පදබ්‍යඤ්ජනේහි සිලිට්ඨේහි උපගතේහි අබ්භනුමෝදිතා හෝති. ඉමේහි ඛෝ භික්ඛවේ, තීහි ධම්මේහි සමන්නාගතෝ පණ්ඩිතෝ වේදිතබ්බෝ. තස්මාතිහ ….(පෙ)…. එවං හි වෝ භික්ඛවේ සික්ඛිතබ්බන්ති.

පින්වත් මහණෙනි, කරුණු තුනකින් යුතු පණ්ඩිතයා ගැනද දැනගත යුතුයි. කවර කරුණු තුනකින්ද යත්? නුවණින් හිතමින්මයි ප්‍රශ්න සකස් කරන්නේ. නුවණින් හිතමින්මයි ප්‍රශ්නවලට විසඳුම් දෙන්නේ. මනා නුවණින් යුතුව අනුන් විසින් ඉතා පිරිපුන් ලෙස, අර්ථ මතුවෙන ලෙස මටසිලිටු බස් වහරින් යුතුව නිවැරදි ලෙස ප්‍රශ්නයක් විසඳූ විට එය සතුටින් අනුමෝදන් වෙනවා. පින්වත් මහණෙනි, මේ කරුණු තුනෙන් යුතු පණ්ඩිතයා ගැන දැනගත යුතුයි. ඒ නිසා ….(පෙ)…. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහටයි ඔබ හික්මිය යුත්තේ.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M