අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.1.1.4.

තීහි භික්ඛවේ, ධම්මේහි සමන්නාගතෝ බාලෝ වේදිතබ්බෝ. කතමේහි තීහි? අච්චයං අච්චයතෝ න පස්සති, අච්චයං අච්චයතෝ දිස්වා යථාධම්මං න පටිකරෝති, පරස්ස ඛෝ පන අච්චයං දේසෙන්තස්ස යථාධම්මං න පතිග්ගණ්හාති. ඉමේහි ඛෝ භික්ඛවේ, තීහි ධම්මේහි සමන්නාගතෝ බාලෝ වේදිතබ්බෝ.

පින්වත් මහණෙනි, කරුණු තුනකින් යුතු බාලයා ගැන දැනගත යුතුයි. කවර කරුණු තුනකින්ද යත්? තමාගෙන් වරදක් සිදු වූ විට එය වරදක් ලෙස දකින්නෙ නෑ. වරද වරද හැටියට දැකලා, එයට අදාළ (විනයානුකූල) පිළියම් කරන්නෙ නෑ. වෙන කෙනෙකුගේ වරද නිවැරදි වීම පිණිස ඒ කෙනා තම වරදට ධර්මානුකූල පිළියම් කරන කල්හිද (බාලයා) එම විසඳුම පිළිගන්නේ නෑ. පින්වත් මහණෙනි, මේ කරුණු තුනෙන් යුතු බාලයා ගැන දැනගත යුතුයි.

තීහි භික්ඛවේ, ධම්මේහි සමන්නාගතෝ පණ්ඩිතෝ වේදිතබ්බෝ. කතමේහි තීහි? අච්චයං අච්චයතෝ පස්සති, අච්චයං අච්චයතෝ දිස්වා යථාධම්මං පටිකරෝති, පරස්ස ඛෝ පන අච්චයං දේසෙන්තස්ස යථාධම්මං පතිග්ගණ්හාති. ඉමේහි ඛෝ භික්ඛවේ, තීහි ධම්මේහි සමන්නාගතෝ පණ්ඩිතෝ වේදිතබ්බෝ. තස්මාතිහ ….(පෙ)…. එවං හි වෝ භික්ඛවේ සික්ඛිතබ්බන්ති.

පින්වත් මහණෙනි, කරුණු තුනකින් යුතු පණ්ඩිතයා ගැන දැනගත යුතුයි. කවර කරුණු තුනකින්ද යත්? තමාගෙන් වරදක් සිදු වූ විට එය වරදක් ලෙස දකිනවා. වරද වරද හැටියට දැකලා, එයට අදාළ (විනයානුකූල) පිළියම් කරනවා. වෙන කෙනෙකුගේ වරද නිවැරදි වීම පිණිස ඒ කෙනා තම වරදට ධර්මානුකූල පිළියම් කරන කල්හිද (පණ්ඩිතයා) එම විසඳුම පිළිගන්නවා. පින්වත් මහණෙනි, මේ කරුණු තුනෙන් යුතු පණ්ඩිතයා ගැන දැනගත යුතුයි. ඒ නිසා ….(පෙ)…. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහටයි ඔබ හික්මිය යුත්තේ.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M