අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.1.1.3.

තීණිමානි භික්ඛවේ, බාලස්ස බාලලක්ඛණානි බාලනිමිත්තානි බාලාපදානානි. කතමානි තීණි? ඉධ භික්ඛවේ, බාලෝ දුච්චින්තිතචින්තී ච හෝති, දුබ්භාසිතභාසී, දුක්කතකම්මකාරී. නෝ චේදං භික්ඛවේ, බාලෝ දුච්චින්තිතචින්තී ච අභවිස්ස, දුබ්භාසිතභාසී, දුක්කතකම්මකාරී. කේන නං පණ්ඩිතා ජානෙය්‍යුං, ‘බාලෝ අයං භවං අසප්පුරිසෝ’ති. යස්මා ච ඛෝ භික්ඛවේ, බාලෝ දුච්චින්තිතචින්තී ච හෝති, දුබ්භාසිතභාසී, දුක්කතකම්මකාරී. තස්මා නං පණ්ඩිතා ජානන්ති, ‘බාලෝ අයං භවං අසප්පුරිසෝ’ති. ඉමානි ඛෝ භික්ඛවේ, තීණි බාලස්ස බාලලක්ඛණානි බාලනිමිත්තානි බාලාපදානානි.

පින්වත් මහණෙනි, බාලයා ගේ මේ බාලයා හඳුනාගන්නා ලකුණු, බාලයා හඳුනාගන්නා නිමිති, බාලයාගේ ජීවත් වන ආකාර තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? පින්වත් මහණෙනි, මෙහි මේ බාලයා දුෂ්චරිතවත් සිතුවිලි සිතනවා. දුෂ්චරිතවත් වචන කියනවා. දුෂ්චරිතවත් දේවල් කරනවා. පින්වත් මහණෙනි, මේ බාලයා දුෂ්චරිතවත් සිතුවිලි සිතන්නේ නැත්නම්, දුෂ්චරිතවත් වචන කියන්නෙ නැත්නම්, දුෂ්චරිතවත් දේවල් කරන්නෙ නැත්නම්, ‘මේ බාලයෙක්, මේ තැනැත්තා අසත්පුරුෂයෙක්’ කියලා පණ්ඩිතයන් ඔහුව දැනගන්නේ කොහොමද? පින්වත් මහණෙනි, යම් විදිහකින් බාලයා දුෂ්චරිතවත් සිතුවිලි සිතන නිසාමයි, දුෂ්චරිතවත් වචන කියන නිසාමයි, දුෂ්චරිතවත් දේවල් කරන නිසාමයි පණ්ඩිතයන් ඔවුන් ගැන දැනගන්නෙ ‘මේ තමයි බාලයා, මේ තමයි අසත්පුරුෂයා’ කියලා. පින්වත් මහණෙනි, මේ කරුණු තුන තමයි බාලයාගේ බාල බව දැනගන්නා ලකුණු. බාල බව දැනගන්නා නිමිති. බාලයාගේ ජීවත් වන ආකාර.

තීණිමානි භික්ඛවේ, පණ්ඩිතස්ස පණ්ඩිතලක්ඛණානි පණ්ඩිතනිමිත්තානි පණ්ඩිතාපදානානි. කතමානි තීණි? ඉධ භික්ඛවේ, පණ්ඩිතෝ සුචින්තිතචින්තී ච හෝති, සුභාසිතභාසී, සුකතකම්මකාරී. නෝ චේදං භික්ඛවේ, පණ්ඩිතෝ සුචින්තිතචින්තී ච අභවිස්ස සුභාසිතභාසී, සුකතකම්මකාරී, කේන නං පණ්ඩිතා ජානෙය්‍යුං, ‘පණ්ඩිතෝ අයං භවං සප්පුරිසෝ’ති. යස්මා ච ඛෝ භික්ඛවේ, පණ්ඩිතෝ සුචින්තිතචින්තී ච හෝති, සුභාසිතභාසී, සුකතකම්මකාරී. තස්මා නං පණ්ඩිතා ජානන්ති, ‘පණ්ඩිතෝ අයං භවං සප්පුරිසෝ’ති. ඉමානි ඛෝ භික්ඛවේ, තීණි පණ්ඩිතස්ස පණ්ඩිතලක්ඛණානි පණ්ඩිතනිමිත්තානි පණ්ඩිතාපදානානි. තස්මාතිහ ….(පෙ)…. ඒවං හි වෝ භික්ඛවේ සික්ඛිතබ්බන්ති.

පින්වත් මහණෙනි, පණ්ඩිතයාගේ මේ පණ්ඩිතයා හඳුනාගන්නා ලකුණු, පණ්ඩිතයා හඳුනාගන්නා නිමිති, පණ්ඩිතයාගේ ජීවත් වන ආකාර තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? පින්වත් මහණෙනි, මෙහි මේ පණ්ඩිතයා සුචරිතවත් සිතුවිලි සිතනවා. සුචරිතවත් වචන කියනවා. සුචරිතවත් දේවල් කරනවා. පින්වත් මහණෙනි, මේ පණ්ඩිතයා සුචරිතවත් සිතුවිලි සිතන්නෙ නැත්නම්, සුචරිතවත් වචන කියන්නෙ නැත්නම්, සුචරිතවත් දේවල් කරන්නෙ නැත්නම්, ‘මේ පණ්ඩිතයෙක්. මේ තැනැත්තා සත්පුරුෂයෙක්’ කියලා පණ්ඩිතයන් ඔහුව දැනගන්නෙ කොහොමද? පින්වත් මහණෙනි, යම් විදිහකින් පණ්ඩිතයා සුචරිතවත් සිතුවිලි සිතන නිසාමයි, සුචරිතවත් වචන කියන නිසාමයි, සුචරිතවත් දේවල් කරන නිසාමයි පණ්ඩිතයන් ඔහු ගැන දැන ගන්නේ ‘මේ තමයි පණ්ඩිතයා, මේ තමයි සත්පුරුෂයා’ කියලා. පින්වත් මහණෙනි, මේ කරුණු තුන තමයි පණ්ඩිතයාගේ පණ්ඩිත බව දැනගන්නා ලකුණු. පණ්ඩිත බව දැනගන්නා නිමිති. පණ්ඩිතයාගේ ජීවත් වන ආකාරය. ඒ නිසා ….(පෙ)…. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහටයි ඔබ හික්මිය යුත්තේ.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M