අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.1.1.2.

කම්මලක්ඛණෝ භික්ඛවේ, බාලෝ, කම්මලක්ඛණෝ පණ්ඩිතෝ, අපදානසෝභනී පඤ්ඤාති.

පින්වත් මහණෙනි, බාලයා හඳුනාගන්නා ලකුණ ලෙස තියෙන්නේ ක්‍රියාවයි. පණ්ඩිතයා හඳුනා ගන්නා ලකුණ ලෙස තියෙන්නෙත් ක්‍රියාවයි. ප්‍රඥාව සෝභමාන වන්නේ ඔහු ජීවත් වන ආකාරයෙනුයි.

තීහි භික්ඛවේ, ධම්මේහි සමන්නාගතෝ බාලෝ වේදිතබ්බෝ. කතමේහි තීහි? කායදුච්චරිතේන, වචීදුච්චරිතේන, මනෝදුච්චරිතේන. ඉමේහි ඛෝ භික්ඛවේ, තීහි ධම්මේහි සමන්නාගතෝ බාලෝ වේදිතබ්බෝ.

පින්වත් මහණෙනි, කරුණු තුනකින් යුතු වූ බාලයා ගැන දැන ගත යුතුයි. කවර කරුණු තුනකින්ද? කාය දුසිරිතෙනුත්, වචී දුසිරිතෙනුත්, මනෝ දුසිරිතෙනුත් ය. පින්වත් මහණෙනි, මෙන්න මේ කරුණු තුනෙන් යුතු කෙනෙක් හැටියටයි බාලයා ගැන දැනගත යුත්තේ.

තීහි භික්ඛවේ, ධම්මේහි සමන්නාගතෝ පණ්ඩිතෝ වේදිතබ්බෝ. කතමේහි තීහි? කායසුචරිතේන, වචීසුචරිතේන, මනෝසුචරිතේන. ඉමේහි ඛෝ භික්ඛවේ, තීහි ධම්මේහි සමන්නාගතෝ පණ්ඩිතෝ වේදිතබ්බෝ.

පින්වත් මහණෙනි, කරුණු තුනකින් යුතු වූ පණ්ඩිතයා ගැන දැන ගත යුතුයි. කවර කරුණු තුනකින්ද? කාය සුසිරිතෙනුත්, වචී සුසිරිතෙනුත්, මනෝ සුසිරිතෙනුත් ය. පින්වත් මහණෙනි, මෙන්න මේ කරුණු තුනෙන් යුතු කෙනෙක් හැටියටයි පණ්ඩිතයා ගැන දැනගත යුත්තේ.

තස්මාතිහ භික්ඛවේ, ඒවං සික්ඛිතබ්බං: “යේහි තීහි ධම්මේහි සමන්නාගතෝ බාලෝ වේදිතබ්බෝ, තේ තයෝ ධම්මේ අභිනිවජ්ජෙත්වා යේහි තීහි ධම්මේහි සමන්නාගතෝ පණ්ඩිතෝ වේදිතබ්බෝ, තේ තයෝ ධම්මේ සමාදාය වත්තිස්සාමා”ති. ඒවං හි වෝ භික්ඛවේ, සික්ඛිතබ්බන්ති.

ඒ නිසා පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහට හික්මිය යුතුයි. (කාය දුසිරිත, වචී දුසිරිත, මනෝ දුසිරිත යන) යම් කරුණු තුනකින් යුක්ත වූ බාලයා ගැන දැන ගත යුතු නම්, අන්න ඒ කරුණු තුන අත්හැර දමලා, (කාය සුසිරිත, වචී සුසිරිත, මනෝ සුසිරිත යන) යම් කරුණු තුනකින් යුක්ත වූ පණ්ඩිතයා ගැන දැන ගත යුතු නම්, අන්න ඒ කරුණු තුන සමාදන් වෙලා ඒ අනුව ජීවත් වෙනවා කියලා. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහටයි ඔබ හික්මිය යුත්තේ.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M