අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.1.1.1.

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි, “භික්ඛවෝ”ති. “භදන්තේ”ති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියා භික්ෂූන් වහන්සේලා අමතා වදාළා. ඒ භික්ෂූන් වහන්සේලාත් “එසේය, ස්වාමීනී” කියලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙම දෙසුම වදාළා.

යානි කානිචි භික්ඛවේ, භයානි උප්පජ්ජන්ති. සබ්බානි තානි බාලතෝ උප්පජ්ජන්ති, නෝ පණ්ඩිතතෝ. යේ කේචි උපද්දවා උප්පජ්ජන්ති, සබ්බේ තේ බාලතෝ උප්පජ්ජන්ති, නෝ පණ්ඩිතතෝ. යේ කේචි උපසග්ගා උප්පජ්ජන්ති, සබ්බේ තේ බාලතෝ උප්පජ්ජන්ති, නෝ පණ්ඩිතතෝ.

පින්වත් මහණෙනි, යම් කිසි භයක් උපදිනවා නම්, ඒ සෑම භයක්ම උපදින්නේ (පින් පව් නොතකන පුහුදුන්) බාලයාගෙනි. (පින් පව් දන්නා ආර්ය ශ්‍රාවක වූ) ප්‍රඥාවන්තයාගෙන් නොවෙයි. යම්කිසි උවදුරක් උපදිනවා නම්, ඒ සෑම උවදුරක්ම උපදින්නේ (පින් පව් නොතකන පුහුදුන්) බාලයාගෙනි. (පින්පව් දන්නා ආර්ය ශ්‍රාවක වූ) ප්‍රඥාවන්තයාගෙන් නොවෙයි. යම්කිසි විපතක් උපදිනවා නම්, ඒ සෑම විපතක්ම උපදින්නේ (පින් පව් නොතකන පුහුදුන්) බාලයාගෙනි. (පින් පව් දන්නා ආර්ය ශ්‍රාවක වූ) ප්‍රඥාවන්තයාගෙන් නොවෙයි.

සෙය්‍යථාපි භික්ඛවේ, නළාගාරෝ වා තිණාගාරො වා අග්ගිමුක්කෝ කූටාගාරානිපි දහති උල්ලිත්තාවලිත්තානි නිවාතානි ඵුස්සිතග්ගලානි පිහිතවාතපානානි. ඒවමේව ඛෝ භික්ඛවේ, යානි කානිචි භයානි උප්පජ්ජන්ති, සබ්බානි තානි බාලතෝ උප්පජ්ජන්ති, නෝ පණ්ඩිතතෝ. යේ කේචි උපද්දවා උප්පජ්ජන්ති, සබ්බේ තේ බාලතෝ උප්පජ්ජන්ති, නෝ පණ්ඩිතතෝ. යේ කේචි උපසග්ගා උප්පජ්ජන්ති, සබ්බේ තේ බාලතෝ උප්පජ්ජන්ති, නෝ පණ්ඩිතතෝ.

පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. බට දඬුවලින් කළ ගෙයක් වේවා, තණකොල වලින් කළ ගෙයක් වේවා, ගිනි ඇවිලුණු විටදී ඇතුළත පිටත සුණු පිරියම් කළ, ජනෙල් කවුළු ඇති, හොඳින් යෙදූ දොර කවුළු ඇති කූටාගාර පවා පිච්චිලා යනවා. අන්න ඒ වගේම තමයි පින්වත් මහණෙනි, යම් කිසි භයක් උපදිනවා නම්, ඒ සෑම භයක්ම උපදින්නේ (පින් පව් නොතකන පුහුදුන්) බාලයාගෙනි. (පින් පව් දන්නා ආර්ය ශ්‍රාවක වූ) ප්‍රඥාවන්තයාගෙන් නොවෙයි. යම්කිසි උවදුරක් උපදිනවා නම්, ඒ සෑම උවදුරක්ම උපදින්නේ (පින් පව් නොතකන පුහුදුන්) බාලයාගෙනි. (පින්පව් දන්නා ආර්ය ශ්‍රාවක වූ) ප්‍රඥාවන්තයාගෙන් නොවෙයි. යම්කිසි විපතක් උපදිනවා නම්, ඒ සෑම විපතක්ම උපදින්නේ (පින් පව් නොතකන පුහුදුන්) බාලයාගෙනි. (පින් පව් දන්නා ආර්ය ශ්‍රාවක වූ) ප්‍රඥාවන්තයාගෙන් නොවෙයි.

ඉති ඛෝ භික්ඛවේ, සප්පටිභයෝ බාලෝ, අප්පටිභයෝ පණ්ඩිතෝ. සඋපද්දවෝ බාලෝ, අනුපද්දවෝ පණ්ඩිතෝ. සඋපසග්ගෝ බාලෝ, අනුපසග්ගෝ පණ්ඩිතෝ. නත්ථි භික්ඛවේ, පණ්ඩිතතෝ භයං, නත්ථි පණ්ඩිතතෝ උපද්දවෝ, නත්ථි පණ්ඩිතතෝ උපසග්ගෝ.

පින්වත් මහණෙනි, මේ විදිහට බාලයා භය සහිතයි. පණ්ඩිතයා භය රහිතයි. බාලයා උවදුරු සහිතයි. පණ්ඩිතයා උවදුරු රහිතයි. බාලයා විපත් සහිතයි. පණ්ඩිතයා විපත් රහිතයි. පින්වත් මහණෙනි, පණ්ඩිතයාගෙන් භයක් ඇති වෙන්නෙ නෑ. පණ්ඩිතයාගෙන් උවදුරක් ඇති වෙන්නෙ නෑ. පණ්ඩිතයා ගෙන් විපතක් ඇති වෙන්නෙ නෑ.

තස්මාතිහ භික්ඛවේ, ඒවං සික්ඛිතබ්බං: “යේහි තීහි ධම්මේහි සමන්නාගතෝ බාලෝ වේදිතබ්බෝ, තේ තයෝ ධම්මේ අභිනිවජ්ජෙත්වා, යේහි තීහි ධම්මේහි සමන්නාගතෝ පණ්ඩිතෝ වේදිතබ්බෝ, තේ තයෝ ධම්මේ සමාදාය වත්තිස්සාමා”ති. ඒවං හි වෝ භික්ඛවේ, සික්ඛිතබ්බන්ති.

ඒ නිසා පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහට හික්මිය යුතුයි. (භය සහිත බව, උවදුරු සහිත බව, විපත් සහිත බව යන) යම් කරුණු තුනකින් යුක්ත වූ බාලයා ගැන දැන ගත යුතු නම්, අන්න ඒ කරුණු තුන අත්හැර දමලා, (භය රහිත බව, උවදුරු රහිත බව, විපත් රහිත බව යන) යම් කරුණු තුනකින් යුක්ත වූ පණ්ඩිතයා ගැන දැන ගත යුතු නම්, අන්න ඒ කරුණු තුන සමාදන් වෙලා ඒ අනුව ජීවත් වෙනවා කියලා. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදහටයි ඔබ හික්මිය යුත්තේ.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M